Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
බූන්දි, 17:52:09
මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින බව ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) පවසනවා. මිනිස් සබඳතා වෙනුවට, මිනිසා භාවිතා කොට අමතක කර දමන 'දත්ත' අධිනිශ්චය වී එම දත්ත විශ්ලේෂණය මගින් මානව සමාජය පාලනය කරන යුගය වැඩි ඈතක නොවන බවයි ඔහු කියන්නේ. ඔහු මේ අළුත් යුගය ඔහු හදුන්වන්නේ 'දත්තවාදය' (Dataism) ලෙසින්. දත්තවාද යුගයේ දේශපාලනය සදහා අළුතින් නිර්වචන සොයාගත යුතු බවත්, එහි සීමා නිර්ණය කරගත යුතු බවත් ඔහුගේ නවතම කෘතිය වන Homo Deus තුළින් කථා කරනවා. මේ පොතේ එකොළොස්වන පරිච්චේදය වෙනකොට ඇත්තේ දත්තවාදය වෙනුවෙන්. පහත දැක්වෙන්නේ එහි සංක්ෂිප්ත අනුවර්තනයක්.

'දත්ත' නම්වූ ආගම

මිනිස් සබඳතා කියන්නේ දත්ත රාශියක එකතුවක්. දත්තවාදයට අනුව මනුෂ්‍ය සමාජය පිරිලා තියෙන්නේ මානව සබඳතා වලින් නොව දත්ත වලින්. මෙම දත්ත විශ්ලේෂණය කිරීමේ ප්‍රමාණය සහ හැකියාව මත තමයි එම සමාජයේ දිශානතිය නැතිනම් එහි අගය තීරණය කරන්නේ. මේ ප්‍රකාශය සමහරවිට ඔබ සමාජය ගැන නැතිනම් සමාජ සබඳතා ගැන දරන අදහස් සමග ගැටෙන්න පුළුවන්. නමුත් දත්තවාදය දැනටමත් බොහෝ සම්ප්‍රදායික සමාජ විද්‍යා පදනම් අභියෝගයට ලක්කිරීමේ අබියස සිටිනවා.

දත්තවාදය ආරම්භ වෙන්නේ එක්තරා විද්‍යාත්මක 'සුනාමි' දෙකක් එකිනෙක ගැටීමෙන්. වසර 150කට පෙර ලියැවුණු, චාල්ස් ඩාවින්ගේ ඉතා ජනප්‍රිය කෘතිය On the Origin of Species, ජිව විද්‍යාත්මක ඇල්ගරිදම් විශ්ලේෂණයක් ලෙසට අද අපිට යළිත් අර්ථ දක්වන්න පුළුවන්. මේ කෘතියට දශක අටකට පමණ පසුව ඉංග්‍රීසි ජාතික ගණිතඥයෙකු වන ඇලන් ටියුරින් විසින් Cryptographer මැෂිම හැදුවට පස්සේ ඉන් පරිගණක විද්‍යාවට මුලික පදනම වැටෙනවා. එසේත් නැතිනම් Cryptographer යන්ත්‍රයේ දත්ත විශ්ලේෂණ ක්‍රියාවලිය දියුණු වී පරිගණක විද්‍යාව ආශ්‍රයෙන් ඉලෙක්ට්‍රොනික් ඇල්ගරිදම් හදන්න පටන් ගන්නවා.

මේ ක්‍රියාවලි දෙකටම පදනම වන්නේ එකම නීති රීති. එකම සිතුවිලි. අද වෙනකොට දත්තවාදය විසින් මේ ක්‍රියාවලි දෙකම එකට එකතු කරලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට මේ ක්‍රියාවලි දෙක අතර තියෙන විසංවාදය නැතිවෙලා තියෙනවා. එසේත් නැතිනම් දත්තවාදය විසින් සතුන් සහ යන්ත්‍ර අතර පරතරය කඩල තියනවා. වර්තමානයේදී ඩාවින්ගේ පරිණාමවාදී ජිව විද්‍යාත්මක ඇල්ගරිදම් විග්‍රහයට වඩා වේගයෙන් ඇලන් ටියුරින්ගෙන් විකාශනය වුන ඉලෙක්ට්‍රොනික ඇල්ගරිදම් වඩාත් ක්‍රියාශීලිව සහ වේගයෙන් විකාශනය වෙනවා. අප මේ පසුකරමින් සිටින්නේ ඉලෙක්ට්‍රොනික ඇල්ගරිදම් විසින් මිනිස් ක්‍රියාවන්, එසේත් නැතිනම් මිනිසාව පරාජය කරමින් සිටින යුගයක.

දත්ත විශ්ලේෂණ ක්‍රියාවලිය ආරම්භයත් සමගම මානව සමාජයට අළුත් මානයක් ලැබිල තියනවා. සාමාන්‍ය මිනිසාගේ සිට දේශපාලකයා දක්වාත්, කලාකරුවාගේ සිට පර්යේෂකයා දක්වා සියළුදෙනාටම දත්ත විශ්ලේෂණය කියන්නේ අමතර උත්තේජනයක්. මානව ඉතිහාසයේ එකිනෙකට දුරස්ථ අධ්‍යනාංශ දත්තවාදය නම් කොරිඩෝව මතදී හරි අපුරු ලෙස එකිනෙක මුණගැහෙනවා. ආර්ථික විද්‍යාව සහ සංගීත ගුරුකුල එකම වේදිකාවකට ගොඩවෙනවා. ජිව විද්‍යා ඇකඩමියා තුල සාහිත්‍යය හමුවෙනවා. මීට පෙර විවිධ තාරතාවයන් වලින් අධිනිශ්චය වෙලා තිබුණු මේ ගුරුකුල දැන් දත්තවාදයේ නීති රීති වලට අනුකුලව එකට එකතු වෙනවා. එසේත් නැතිනම් හැම පර්යේෂකයෙකුටම, නිර්මාපකයෙකුටම, ව්‍යාපාරිකයෙකුටම, පාලකයෙකුටම සන්නිවේදනය සදහා දත්තවාදය විසින් එකම භාෂාවක් හොයල දෙනවා.



දත්තවාදය විසින් පාලම් හදනවා. අධිපතිවාදී අහංකාර ඇකඩමියාවන් දත්තවාදය විසින් ඉදිකර ඇති පාලම් මතින් ඔබ මොබ ගමන්කරනවා. ඇකඩමියා සිමා මායිම් කැඩී බිඳී බිදී යනවා. ඒ විතරක් නොවෙයි, එකිනෙකට කවදාවත් හමු නොවෙන අතීතයන් දත්තවාදයේ සංස්කෘතිය මගින් එකිනෙක නැවත හමුවෙනවා. ආර්මේනියාවේ කඳුවලට අධිපති ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ලියෝ රජතුමා සහ වර්තමානයේ මානව සමාජයේ තැන තැන සැරිසරන Flu Virus එකම සංස්කෘතික දත්තවාදයක් ඇතුලෙදි එකට හමුවෙනවා.

දත්තවාදය නිසා අර්බුදයට යන තවත් එක ආයතනයක් තමයි සම්ප්‍රදායික අධ්‍යාපනය. මෙතෙක් කලක් අප ඇසුරු කළ අධ්‍යාපන ක්‍රියාවලිය සැකසී තිබෙන්නේ, සාමාන්‍ය දත්ත අධ්‍යනය කිරීම මගින් තොරතුරු උකහා ගන්නා අතර තොරතුරු මගින් දැනුම ලබා ගැනීමෙන්. බුද්ධිය උකහා ගැනෙන්නේ, මෙම දැනුම විශ්ලේෂණය කිරීම මගින්. එහෙත් වර්තමානයේ මිනිසා හැම මොහොතකම දත්ත නිෂ්පාදන කරමින් ඒවා හැම මොහොතකම ජාලගත කරමින් සිටින නිසා මේ සම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රියාදාමය අර්බුදයට ගොස් තිබෙනවා.

මිනිස් සමාජය තොග වශයෙන් දත්ත නිෂ්පාදනය කරමින් සිටිමේ ප්‍රතිඑලයක් වශයෙන් දත්ත වනාන්තරයක මිනිසා අතරමං වී සිටිනවා. මේ දත්ත, තොරතුරු සහ අවසාන දැනුම බවට පත්කිරීමේ නොහැකියාව හුදකලා මිනිසා මුහුණදෙන ප්‍රශ්නයක්. මෙහි ප්‍රතිඑලයක් ලෙස හුදකලා මිනිසාගේ බුද්ධියට වඩා ක්‍රියාකාරී ලෙස ඉලෙක්ට්‍රොනික ඇල්ගරිදම් මගින් බුද්ධිය නිපදවමින් සිටිනවා. මනුෂ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට විශාල දත්ත ගොනු (Big Data) සහ ඇල්ගරිදම් මගින්, මිනිස් ක්‍රියාකාරිකම් පරදවමින් සිටිනවා.

දත්තවාදය තුළ ප්‍රධාන වශයෙන් පදනම් දෙකක් පවතිනවා. එනම් පරිගණක විද්‍යාව සහ ජිව විද්‍යාව. මේ ක්ෂේත්‍ර දෙක හරහා දත්තවාදී පාලමක් ඉදිවීම නිසා සමාජයට ඇතිවන මීළඟ බලපෑම නම්, පරිගණක විද්‍යාවේ ඇති සීමාන්තික බව බිඳී යාමයි. එනම් පරිගණකයට සිතීමේ ශක්තිය නැතහොත් ස්වයංව තීරණ ගැනීමේ හැකියාව ආරෝපණය වීමයි. සමහරවිට ඔබ මේ අදහසට එකග නොවෙන්න පුළුවන්. නමුත් මිනිස් මනසට වඩා පුළුල් සහ සංකීර්ණ ලෙස දත්තවාදය මගින් තීරණ ගැනීමේ ශක්තිය වැඩිවෙන අතර මේ තත්ත්වය වර්තමාන මිනිස් සමාජයේ ස්භාවය වෙනස් කිරීමට බලපානවා.

ඉන්ද්‍රියයන් (organism) කියන්නේ එක්තරා ආකාරයක දත්තවාදී විග්‍රහයක් කියල මං කිවොත් අනිවාර්යයෙන්ම් ඔබ ඊට එකග නොවෙනවා ඇති. ඒත් එකිනෙකට වෙනස් සංඝටක, උදාහරණයක් වශයෙන් ජිරාෆ්, තක්කාලි සහ මිනිස්සු කියන්නේ එකම සංඝටක වලට එල්ල වුනු විවිධ දත්තවාදී විශ්ලේෂණ පමණයි. වර්තමාන විද්‍යාවේ දත්තවාදී භාෂාව එයයි. මේක තමයි වර්තමාන විද්‍යාවේ dogma එක. ඒක අපේ ලෝකය වෙනස්කරනවා. අපිට අඳුරගන්න බැරිවෙන විදිහට.

හුදකලා මිනිස්සු හෝ සතුන් විතරක් නොවේ, සමාජ පද්ධති වල පැවත්මේ තර්කනුකුලභාවය රැදී තියෙන්නේ දත්තවාදය මත. මීමැසි රංචු, බැක්ටීරියා හෝ මනුෂ්‍ය ජනාවාස වල වර්තමාන වෙනස්කම් සලකා බලන්න කියල මං ඔබට යෝජනා කරනවා.

ආර්ථික විද්‍යා ඇකඩමියාවක් ඉදිරියේ මා දත්තවාදය ගැන කතාකළ එක් අවස්ථාවකදී ඔවුන් ප්‍රකාශ කළා, ආර්ථික විද්‍යාව දත්තවාදයේ නීතියට අනුකුල නොවන බවත් එය හුස්ම ගන්නේ වෙළෙඳපොලේ උච්චාවචයනයන් සහ සමාජයේ අසංතෘප්ත ආශාව පදනම් කරගෙන බවත්. ඒත් මං යෝජනා කරන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ දත්ත විශ්ලේෂණයක් කියලා. හුදකලා මිනිසෙකුගේ රුචිකම් සහ අවශ්‍යතා කියන්නේ පුංචි දත්ත ගොනුවක්. දත්තවාදය කරන්නේ මේ දත්තවල හුදකලාභාවය නැතිකරලා දැමීමක්. අන්තර් සම්බන්ධයක් ඇතිකිරීමක්. දත්තවාදය ඉදිරියේ තනි මිනිසුන්ගේ දත්ත ගිලී නොපෙනී යනවා. මේ ක්‍රියාවලිය අපට පේන්නේ ආර්ථික දත්ත විශ්ලේෂණය කොට නිර්මාණය කරන ආර්ථික සංකල්ප පස්සේ මිනිස් සමාජය අන්ධ ලෙස ගමන්කරන ලෙසටයි.

කොටස් වෙළඳපොල කියන්නේ දත්තවාදයේ මහගෙදර කිව්වොත් නිවැරදියි. දැනට දත්තවාදයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ ලෝකය පුරා ඇති කොටස් වෙළඳපොල ජාලයයි. මෙම ජාලයට ලෝකයේ හැම ජිවියෙක්ම අජිවියෙක්ම සහභාගී වෙනවා. සෘජුව හෝ වක්‍රව. ලෝකයේ හැම චලනයකටම දත්තවාදය විසින් දත්ත විශ්ලේෂණයක් සහ ආර්ථික වටිනාකමක් ලබා දෙනවා.

පරම පිවිතුරු ආදරය, අහිංසකකම්, මානවවාදය, ලිංගිකත්වය වගේ දේවල් තවමත් ලෝකයේ ඉතිරිවෙලා තියෙන නිසා මනුෂ්‍යත්වය හුස්ම ගන්නවා වගේ හැඟීමක් සමහරවිට ඔබට හැගෙනවා ඇති. ඒත් අපි කැමති උනත් අකමැති උනත් මේ හැම හැඟීමක්ම, ක්‍රියාවක්ම පස්සේ දත්ත ගොඩක් ගොඩගැහෙනවා. මේවා දත්තවාදයේ නියමයන්ට අනුව විශ්ලේෂණය වී හොඳ- නරක- සෙක්ස්- ආදරය ගැන අලුත් පණිවිඩ අපට ලබා දෙනවා. ඊට පස්සේ අපි දත්තවාදය ලබාදෙන අලුත් නියෝග වලට අවනත වී ජිවත් වෙනවා.


Yuval Noah Harari

(දෙවන කොටස- 'සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම') |
(තෙවන කොටස- 'දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!')
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Introduction to Homo Deus: A Brief History of Tomorrow, Yuval Noah Harari, Dataism, Data, Information, Civilization, Technology
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
වෙසෙස්
පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?
තවත් වෙසෙස් බූන්දි
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
හර්මන් ගෝරිං (නියුරම්බර්ග් නඩුවේ දී) කියයි.
ස්වභාවිකවම සාමාන්‍ය මිනිසුන් යුද්ධයට අකමැතිය. මෙය රුසියාවටත්, එංගලන්තයටත් එසේම ජර්මනියටත් එකසේ අදාලය. මේ අපේ අවබෝධයයි. එසේ වුවත් අවසානයේ දී ප්‍රතිපත්තිමය තීරණ ඇත්තේ රටක නායකත්වය අත... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook