Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ඒ ඇගේ අහසයි!
බූන්දි, 16:47:53
ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female sexuality) යැයි කිව හැකිය. ස්වභාවයෙන්ම වික්ටෝරියානු සුචරිතවාදය විසින් පෝෂණය කළ ඊනියා සදාචාරයකින් හෙබි ශ්‍රී ලංකාව වැනි රටක පොදුවේ "ලිංගිකත්වය" යන්නම taboo ප්‍රස්තුතයක් වන විට ස්ත්‍රී ලිංගිකත්වය යන්න ඉනුත් ඔබ්බට සීමාකරණය වීම අරුමයක් නොවේ.

පුරුෂමූලික සන්දර්භය තුළ ස්ත්‍රියගෙ ලිංගිකත්වය යනු නිරතුරු පාලනයට, මැඩීමට නතු වූ දෙයක් බව අප දනිමු. මූලිකවම මෙය සිදු වූයේ අතීතයේ තිබූ මාතෘ මූලික සමාජය, පීතෘ මූලික සමාජයක් වෙත රූපාන්තරණය වීමේදී නැඟුනු පීතෘත්වය පිළිබඳ අයිතිය යන කාරණාවේදී බව කිව හැකිය. (දේපළ පැවරීම යන කාරණය හේතුවෙන්) පිය උරුමයෙහි පාරිශුද්ධ බව රැක ගැනීමට දරුවන්ගේ සුජාත බව වැදගත් වූ අතර, ඒ උදෙසා ස්ත්‍රීයගේ ලිංගිකත්වය සමාජය විසින් පාලනයට නතු කෙරිණි.(මෙහි විලෝමයක් ලෙස අදටත් බොහෝ මාතෘ මූලික සමාජ කාණ්ඩ තුළ ලිංගිකත්වය පිළිබඳ ඇති වඩා නිදහස් ආස්ථානය සලකන්න). ලොව පුරා විසිරී සිටි ඉපැරණි ග්‍රීක, රෝම, ඉන්දියානු, චීන යන ශිෂ්ඨාචාර දෙස බැලීමේදී ඒ සියල්ලෙහි තිබූ පොදු කරුණක් ලෙස ස්ත්‍රිය ලිංගික වශයෙන් බෙලහීනකොට, සදාචාරත්මක, ආගමික, දේශපාලනික සීමාවන් යොදා ඇයගෙ ලිංගික අයිතීන් මඩින ලද අයුරු පැහැදිලි ලෙස දිස්වෙයි. මේ සියළුම සමාජ තුළ ලිංගිකත්වය අර්ථ නිරූපණය වූයේ පුරුෂයා සහ ඔහුගේ තෘප්තිය වටා කේන්ද්‍රගත වූවක් ලෙසටය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමඟ පැන නඟින මෙම ලිංගිකත්වය පිළිබඳ අසමමිතිකත්වය පිළිබඳ හෝමර්ගේ (ආසන්න ලෙස ක්‍රි.පූ. 8 වන සිය වසේ රචිතයැයි සැලකෙන) "Odyssey" කෘතියෙහි සිත් ගන්නා සුළු විවේචනයක් හමුවේ. එහිදී කැලිප්සෝ (Calipso) නම් දෙවඟන හර්මීස් (Hermes) දෙවියා වෙත චෝදනා මුඛයෙන් පවසන්නේ දෙවිවරු ස්ත්‍රීන්ගේ ලිංගික නිදහස කප්පාදු කලත් ඔවුන් (පුරුෂ දෙවිවරුන්) රිසිසේ එය භුක්ති විඳින බවකි.

ඉන් පසු පවා ඇතිවන ආගමික බලපෑම් හේතුවෙන් සමාජය විසින් ස්ත්‍රිය සලකනු ලැබූවේ අලිංගික (asexual) ජීවියෙකු ලෙසටය. ලිංගික හැඟීම් යනු ඇයට කැප නොවන දෙයක් වන අතර ඇය පැවතිය යුත්තේ දරුවන් ප්‍රජනනය කිරීම සඳහා සහ පුරුෂයාගේ තෘප්තිය සපයන්නිය වශයෙන් පමණකි යන අදහස සමාජයෙහි මුල් බැස ගති. (කොටින්ම ඉතා විවෘත ලෙස ස්ත්‍රියගේ ලිංගිකත්වය පවා සාකච්ඡාවට බඳුන් කල කාම සූත්‍රය ලියවුණු, කජුරාහෝ කැටයම් නිර්මාණය වුනු ඉන්දියාවෙහි පවා ආගමික මතවාද ඔස්සේ කාන්තාවට අත් වූයේද එවැනිම ඉරණමකි.) අද වන තුරුත් තම ලිංගික තෘප්තිය පිළිබඳ සිතන, කතාකරන ස්ත්‍රිය පිළිබඳ නරක- අසුභවාදී ආකල්පයකුත්, ඒ පිළිබඳ කිසිඳු හෝ දැනුවත් බාවයක් හෝ සංවේදී බාවයක් නොමැති ව සිටින ස්ත්‍රිය පිළිබඳ යහපත්- සුභවාදී (පරමාදර්ශී ස්ත්‍රියක ලෙස- a paragon of virtue) ආකල්පයකුත් සමාජ ගත කිරීමට ඉහත කී ආගමික සංකල්ප බොහෝ සේ ඉවහල් විය.

ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ සිතියම වෙනස් කිරීමෙහි ප්‍රබල පියවරක් ගැනෙනුයේත්, ඒ පිළිබඳ පුළුල් ලෙස සමාජීය අවධානයක් යොමු වූයේත් හැටේ දශකයේ බටහිර ලෝකයේ නැඟි දෙවැනි රැල්ලෙහි ස්ත්‍රීවාදයත් (Second Wave Feminism) සමඟිනි. ඊට පෙර Simone de Beauvoir විසින් රචිත "The Second Sex", Betty Friedan විසින් රචිත "The Feminine Mystique" වැනි කෘති වලින් ප්‍රකාශිත විප්ලවකාරී අදහස් වලින් කුළුගැන්වුනු 60 දශකයේ ඇති වූ දෙවන ස්ත්‍රීවාදී රැල්ලෙහි වැඩි අවධානයක් යොමු වූ අංගයක් වූයේ ස්ත්‍රී ලිංගිකත්වයයි. Sigmund Freud ආදීන්ගේ නව මනෝ විශ්ලේෂණයන්ද ඒ සඳහා උත්ප්‍රේරකයන් සැපයීය.

එලෙස පැන නැඟුනු සමාජ ව්‍යාපාරය පුළුල් ලෙස පැතිරීමට 60, 70 දශකයේ ඇති වූ හිපි රැල්ල සහ උපත් පාලන පෙති නිෂ්පාදනය ද රුකුලක් විය. එසේ ආරම්භ වූ ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ කතිකාවත අද වන තුරු ලොව පුරා විවිධ මති මතාන්තර, නව අදහස් සහ සංවාද විසංවාද ඔස්සේ විකාශය වෙමින් පැතිර යයි. එදා සිට අද දක්වා තම කෘති, නිර්මාණයන්, අදහස් හා දැනුම දායක කරමින් එම සංවාදයෙහි රැඳී සිටින ක්‍රියාකාරින් බොහෝමයකි.

වර්ථමාන ලාංකික සමාජය වෙතට යොමු වුවහොත් අපට අවබෝධ වනුයේ වත්මන් ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ ඇත්තේ ‍යටත් විජිත සමයෙහි මෙහි මුල් බැසගත් වික්ටෝරියානු සුචරිතවාදී අදහස් මිස ඊට පෙර මෙහි පැවති අව්‍යාජ සහ වඩා නිදහස් ආකල්ප නොවන බවයි. අද වන විට ලාංකික සමාජය තුළ ස්ත්‍රීයගේ ලිංගිකත්වය යනු නිවැරදි අවබෝධයකින් තොර වූවක් පමණක් නොව ඉතා වැරදි සහගත අදහස් වලින් පිරී ගිය ප්‍රස්තුතයක් බවට පත්ව ඇත.



විශේෂයෙන්ම සමාජ ජාලා ආදියෙහි ජන විඥාන හැසිරීම් නීරීක්ෂණයේදී නිර්දය ලෙස ගැහැණියගේ ලිංගිකත්වය පාගා දමමින් පුරුෂ ලිංගිකත්වය සහ ලිංගික ආශයන් උත්කර්ෂයට නන්වන අයුරු අප දකිමු. උදාහරණයක් ලෙස විවාහයට පෙර ලිංගික අත්දැකීම් ලැබීම, අසභ්‍ය චිත්‍රපට නැරඹීම පිරිමි ජීවිතයේ අත්‍යාවශ්‍ය කරුණක් ලෙස default එකක් බවට පත්වෙද්දී එවන් දේ ගැහැණියකට කිරීමට තබා සිතීමටවත් බැරි දේවල් බවට මෙම සමාජය විසින් තීරණය කර ඇත.

ලාංකික සමාජයට අනුව ස්ත්‍රියගෙ වටිනාකම රැඳෙනුයේ ඇයගේ චරිතයෙහිය. මෙහිදී සමාජයට ස්ත්‍රියගේ චරිතය යනු මානුෂික බව, කාරුණික බව, බුද්ධිමත් බව, සංවේදී බව, ස්වාධීන බව, අවංකබව යන ගුණාංග වලින් හෙබි එකක් නොව එය මුළුමනින්ම ඇයගේ කන්‍යාභාවය සහ සංවෘත ලිංගික ජීවිතය මත පදනම් වූවකි. තම කන්‍යාභාවය රැක ගැනීම ඇය සතු උදාරම සහ වැදගත්ම කාර්යයයි. කෙතරම් උගත්, බුද්ධිමත් වුවද, වෘත්තීය මට්ටමෙන් ඉහළට ගියද, යහපත් මානුෂික අදහස් වලින් හෙබි වුවද, ඇයගේ ලොකුම වටිනාකම ඒ කිසිවක් නොව මේ කියන "පිවිතුරු" බවයි. බහුතරයක් කලා කෘති, සංස්කෘතික මතවාද, ආගමික සංකල්ප වලින්ද නිරතුරුව සමාජගත කෙරෙණුයේ ස්ත්‍රිය පිළිබඳ මෙවන් පසුගාමී ආකල්පයකි. නමුත් පොදුවේ ගත් කළ, සමාජය තුළ පවතින සංකල්පයක් ලෙස, පුරුෂයාගේ ගෞරවය හෝ යහපත් බව අරභයා මෙවන් සදාචාරමය මිනුම් දඬු භාවිතා වීමක් අප දකින්නේ නැත. අප භාවිතාකරන භාෂාවෙන් පවා මෙම ප්‍රතිගාමීත්වය පිළිඹිබු වෙන අයුරු සලකා බලන්න. උදාහරණයක් ලෙස විවාහයට පෙර ගැහැණියක් ලිංගිකව හැසිරීම වර නැඟෙනුයේ "අනාථ"වීමක් ලෙසය. ඇය අනාථ වන්නේ ඇය කළ ක්‍රියාව නිසා නොව, ඒ පිළිබඳ සමාජයෙහි පවතින අසාධාරණ, අසමාන අදහස් (double standards) සහ ඒ සම්බන්ධව ඇතිවන පසුගාමී සමාජ ප්‍රතික්‍රියාව නිසයි. මෙවන් පටු සංකල්ප මත ඇගේ ඉරණම තීරණය කරන සමාජයක් තුළ ගැහැණියකට තම ලිංගිකත්වය නිදහසේ ප්‍රකාශ කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙවන් වපසරියකදී ඒ අරභයා නිවැරදි දැනුම පිළිබඳ කතිකාවත ඇරඹිය යුත්තේ කාන්තාවගේම පාර්ශ්වයෙනි. මන්ද තම සිරුර, තම ලිංගික ආශයන් සහ අවශ්‍යතාවයන් පිළිබඳ වැඩිම දැනීමක් ඇත්තේ ඇයට බැවිනි. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට ද මෙහිදී විශාල වගකීමක් ඇති බව බැහැර කළ නොහැක. ස්ත්‍රී ලිංගිකත්වයට පෙර ලිංගිකත්වය පිළිබඳ නිවැරදි, ව්ද්‍යානූකූල දැනුවත් බවක් කුඩා කල සිට දරුවන්ට ලබාදීම ඉතාම කාලෝචිත ක්‍රියාවකි. එමඟින් මේ පිලිබඳ හරවත්, විවෘත සංවාදයක් සමාජය තුළ ඇති කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

මේ සම්බන්ධව වර්තමාන ස්ත්‍රියට ඇති අභියෝග බොහෝමයකි. ඇයගේ නිදහස් ප්‍රකාශනය විසින් පවතින සංස්කෘතියට හානියක් වේයැයි සමාජය දරන අති අසාධාරණ ආකල්පය ඉන් එකකි. නමුත් මෙය පුරුෂෝත්තමවාදී සමාජය විසින් ඇයගේ නිදහස සීමාකිරීමට ඇති කරගත් පටු අගතිගාමී අදහසක් බව අප තෙරුම් ගත යුතුව ඇත. රටක සංස්කෘතිය හෝ වේවා වෙනයම්ම ප්‍රපංචයක් හෝ වේවා එය ඒ දේශය තුළ සිටින ස්ත්‍රී පුරුෂ සියළු පුරවැසියන්ගේ වගකීමක් විනා එක් කාණ්ඩයක පමණක් වගකීමක් නොවේ. එබැවින් එය ස්ත්‍රී භූමිකාවට සීමා වුනු වගකීමක් ලෙස හුවා දැක්වීම හුදු කපටිකමකි.

ඇයට ඇති අනෙක් ප්‍රභලම අභියෝගයනම් ඇය කොටු කර බැඳ ඇති මෙම සාම්ප්‍රදායික සීමාවන්ගෙන් එළියට එද්දීම, සිල්ලා හා චැරිබ්ඩිස් යන මුහුදු රකුසන් දෙදෙනාට හසු වූ නැවක් මෙන්, පාරිභෝගිකවාදී ධනවාදය තුළ "නිදහස" යන වේශයෙන් එන ලිංගිකකරණය තුළ භාණ්ඩයක් බවට ඇය පත්වීමයි (sexual objectification). බටහිර ස්ත්‍රියට එම තත්ත්වය අත්වුනු අයුරු අපි දකිමු. මෙම සමාජ ක්‍රමය තුළ එයින් ගැළවීම ඉතා දුෂ්කර බව සැබැවි. එබැවින් ඇය තම විචක්ෂණ බුද්ධිය මෙහෙයවා ඒ පිළිබඳ මනා වැටහීමෙන් සිටිය යුතුය. ඇය තම සිරුරෙහි අයිතියත්, එය හැසිරවීමේ, තෘප්තිමත් කිරීමේ අයිතියත් සමාජයට භාර නොදී එය තමා විසින් භාර ගත යුතුව ඇත. මේ සඳහා වඩාත් වැදගත් වන්නේ ඒ පිළිබඳ ඇය තුළ නිවැරදි අවබෝධයක් ඇතිකිරීම (consciousness raising) සහ ඇතිකරගැනීමයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sex, Women, Sri Lankan Women, Sexual Harassment, Simone de Beauvoirm, Feminism, Women's rights, Human Rights, Equality of the Sex, Gender Inequality
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂි බී. වීරකෝන්ගෙන් තවත් වියමන්
අදහස්
කාලෝ අයංතේ
වෙසෙස්
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
රංග
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
කවි
මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය
තවත් අදහස් බූන්දි
සිංහලයා වඳ වෙමින් යනවද?
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
පැ ර දු නේ ක වු ද ?
[සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook