Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
බූන්දි, 18:07:20
සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස සරීරය තැනී ඇති ලෙය මසට එහා ගිය යමක් ඔවුන්ගේ ජීවිතාභ්‍යන්තරයේ තිබේ. රූපී කෞවුර් නම් සුන්දර කළු කෙල්ල එබඳු පොතක් වැනි- කවියක් වැනි යෞවනියකි.

ඈ මට මුණ ගැසුණේ අහම්බෙන් ය. ඈ අන්තර්ජාල ලියන්නියකි. ඉන්දියානු- කැනේඩියානු සම්භවයක් සහිත තරුණ චිත්‍ර ශිල්පිනියකි. Milk and Honey, මිලියන 2.5ක අළෙවි වාර්තාවක් තබමින් අතිශය ජනප්‍රිය වූ ඇගේ පළමු කෘතියයි. මේ සටහන Milk and Honey නම් සුන්දර අක්ෂර බන්ධනයෙහි එන වඩාත්ම දැණුනු වචන පිළිබඳව ය.

රූපීගේ කවි යුනික් ය. ඒවායෙහි ඇති සජීවි බවත්- නිර්මාණශීලිත්වයත් පහසුවෙන් වෙන බසකට පෙරළන්නට නොහැකි ය. එහෙයින් මා අතින් වන සිංහල පෙරැලුම්වලින් ඇගේ අපූර්ව කාව්‍යාත්මයට හානි වනු ඇතැයි යන සාධාරණ සැකය මා තුළ තිබේ. එහෙයින් ඒ වචන පරිවර්තනය කරන්නට උත්සාහ නොකරමි.

බොහෝ දෙනෙකුට රූපී පෙනෙන්නේ ස්ත්‍රීවාදිනියක ලෙස විය හැකි ය. විවාදයක් නැත. ඈ ඉතා ගැඹුරින් ස්ත්‍රීත්වය වචනයට පෙරළන්නීය. එහෙත් ඈ පිරිමින් හෙළා දකිමින් ගැහැණුන් පමණක් වැජඹිය යුතු යැයි සිතන අන්දමේ ඇතැම් අන්තවාදී ස්ත්‍රීවාදි කුලකයටද- ගැහැණුන් පහත් කොට සලකමින් පිරිමින් ගරු සැලකිලි ලැබිය යුතු යැයි සිතන අන්දමේ අන්තවාදී පුරුෂෝත්තමාවදී කුලකයට ද අයත් නොවේ. මා විශ්වාස කරන අන්දමට ඈ මනුෂ්‍යත්වය උදෙසා ලියන්නියකි; ගැහැණුන්ටත්- පිරිමින්ටත් සියලු කාරණා පිළිබඳව සමාන අයිතියක් ඇති වග විශ්වාස කරමින් එබඳු සමානාත්මතාවෙන් පිරුණු ලෝකයක් උදෙසා ලියන්නියකි. රූපීගේ කවි ස්ත්‍රීවාදිනියකගේ සිතුවිලි ලෙස නොව මනුස්ස දුවකගේ සිතුවිලි ලෙස මට දැනෙන්නේ මාද පුරුෂෝත්තමවාදය හෝ ස්ත්‍රීඋත්තමවාදය වෙනුවට ගැහැණුන්ට- පිරිමින්ට සමානව ජීවත් විය හැකි ලෝකයක් බිහි විය යුතු යැයි විශ්වාස කරන නිසා විය හැකිය.

ඒ මනුෂ්‍යවාදී හස්තයෙන් රූපී වරෙක මෙසේ ලියයි:

What's the greatest lesson a woman should learn?

That since day one. She's already had everything she needs within herself. It's the world convinced her she did not.

රූපී මෙහි කියා ඇති පරිදිම මේ ලෝකයේ උපදින ඕනෑම ගැහැණියකට ඕනෑම ඉහළකට නැගීමේ සවිය තිබේ. එහෙත් Gender Stereo-typing අදටත් ඇතැම් තැනක අවි අමෝරා නැගෙනු පෙනෙයි. සරල නිදසුනක් ලෙස ඉවීම ගැහැණුන්ට පමණක් අයත් කාර්යයක් වග කියන්නෝ මේ විසි එක් වන සියවසෙදීත් මෙරට වෙසෙති. ඈ පවසන්නේ ඒ ස්ත්‍රී පුරුෂ බෙදීම වෙනස් විය යුතු වග ය. ඉතා සරලව කියන්නේ නම් ගැහැණුන් ද පිරිමින් මෙන් ම මනුස්ස ප්‍රාණීන් බව ය.

අවුරුදු විසි පහක තරුණියක ලෙස රූපී ආදරය විවරණය කරන අන්දමද කදිමය. ඈ යොවුන් ආදරය ගැන ලියන්නීය. එහෙත් එතැනින් නොනවතින්නීය. ඇගේ කවිවල බොහෝ විට ඇත්තේ අතිශය පවිත්‍ර වූ සමාජ ආදරයකි.

how is it so easy for you
to be kind to people he asked?

milk and honey dripped
from my lips as I learned

cause people have not
been kind to me!

මේ වචන කියන්නේ ඉතා සුන්දර කරුණකි. ලෝකය කෙරෙහි පෙරළා කරුණාවන්ත වන්නට අපට ද ලෝකයෙහි කරුණාව පමණක් ලැබී තිබිය යුතු නැත. අපට ලෝකයෙන් කරුණාව නොලැබුණ ද ලෝකයට ආදරය කිරීමේ සුවිසල් වගකීමක් අප සතුව පවතියි. ලෝකය අපට නපුරු වන තරමට අපි ඒ නපුරුකම සෝදා හළ යුතුය. මනුෂ්‍යත්වය ද - සුන්දරත්වය ද ඒ වෙනුවට ආදේශ කළ යුතුය. මා වැඩියත්ම ආශා කරන්නේ රූපී ඒ බව ප්‍රකාශ කරන මඳ- මුදු- සියුමැලි රටාවටය.

රූපී කෞවුර් නමැති සුන්දර හදවතක් ඇති යෞවනිය ගැන කියනවා නම් කියන්නට හුඟක් දේවල් තිබේ. එහෙත් ඇගේ කවි ගැන ලියනවාට වඩා කියවන ඔබටත් ඈව සොයා ගොස් ඒ මධුර වචන විඳින්නට ඉඩක් තැබිය යුතු යැයි හඟිමි. අවුරුදු විසි පහක තරුණියකට ලෝකය වෙනස් කළ හැකි වග- තාරුණ්‍යයට ආදර්ශයක් සැපයිය හැකි වග ඈ මහපොළොවේ ඔප්පු කර පෙන්වන සුන්දර වූත්- ශක්තිමත් වූත් විලාසය ඔබ ඔබේ දෑසින්ම දැක- හදවතින් විඳ ගැනුම වඩා සුන්දර වනු ඇති බැවිනි.
වෙනත් සබැඳි |
rupikaur.com
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rupi Kaur, Writer, Illustrator, Performer, Milk and Honey (2014)
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සදර්ශී කුසුම්වර්ෂා රණසිංහගෙන් තවත් වියමන්
කවි
මල් පිපුණු තුරු කවිය
කවි
එපා
කරන්ට්ස්
මගේ ගෙල රිදෙන තැන?
කවි
උස්..!
කවි
අම්මා
තවත් වෙසෙස් බූන්දි
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook