Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
බූන්දි, 18:18:34
ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ ඉතිහාසය' කෘතියේ ඔහු දත්තවාදය (Dataism) පිළිබඳ ඉතා නැවුම් හා ඉදිරිගාමී අදහස් රැසක් ඉදිරිපත් කරයි. එම කෘතියේ උපුටනයන් ඇසුරෙන් ලියවුනු ලිපි දෙකක් [මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද? | සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම] මිට ඉහතදී පළවූ අතර මේ එම ලිපි පෙළේ අවසන් ලිපියයි.

**********

ඇමරිකානු ජාතික ආරොන් ස්වාර්ට්ස් (Aaron Swartz) යනු විසි හය හැවිරිදි පරිගණක ජාල හැකර් කෙනෙකි. වසර 2013 ජනවාරි 13 වෙනිදා, ඔහු තම නවාතැනේදී බඳ පටියෙන් බෙල්ල වැලදාගෙන සියදිවි නසාගන්නවා. මිය යනවිට ඔහු ඇමරිකානු අධිකරණයක් මගීන් වැරදිකරුවෙක් වී සිර දඬුවම් ලැබීමට නියමිතවයි සිටින්නේ. ඔහුට එල්ලවූ චෝදනාව නම්, එරට විද්‍යා පර්යේෂණ දත්ත ගබඩා පද්ධතියක් වන JSTOR නම් වූ පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී, එහි ඇති පර්යේෂණ පත්‍රිකා සියළුදෙනාටම බලාගත හැකි පරිදි අන්තර්ජාලයට මුදා හැරීමයි.

සාමාන්‍යයෙන් මෙවැනි වටිනා දත්ත පද්ධති වල ආරක්ෂක උපක්‍රම බිඳ දමා ඒවා වලට හොරෙන් පිවිසෙන්නන් (හැකරුන්) කරන්නේ ඒවාවල අඩංගු දත්ත විවිධ සමාගම් සහ විරුද්ධවාදීන්ට විකුණා මුදල් ඉපයීමයි. එහෙත් ආරොන් ස්වාර්ට්ස් එවැන්නෙක් නොවේ. ඔහු ගැන කථා කිරීමට සිදුවන්නේ මේ නිසයි.

ආරොන් ඉතා දැඩි ලෙස සන්නිවේදනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිය අයෙක්. වසර 2008 දී ඔහු කෘතියක් එළිදක්වනවා Guerrilla Open Access Manifesto නමින්. එහිදී ඔහු යෝජනා කරන්නේ ලෝකය පුරා මිනිසුන්, සමාගම් සහ විවිධ පර්යේෂණ ආයතන විසින් නිෂ්පාදනය කරන දත්ත නිදහසේ ජනතාව අතර ගැවසීමට සැලැස්විය යුතුයි යන්නයි. දත්ත සන්නිවේදනයට ඇති සියළු බාධා ඉවත් කිරීම මගින් මානව සමාජයේ විෂමතා අවම වී ලෝකය මිට වඩා මනුෂ්‍ය වාසයට හිතකර තැනක් විය හැකි බව ඔහු කියා සිටියා.

ඉතා ප්‍රායෝගික මිනිසෙකු වූ ආරොන් ස්වාර්ට්ස් තම සුවිශේෂී පරිගණක දැනුම යොදාගෙන විවිධ ආයතන වල රහස් දත්ත අන්තර් ජාලයට මුදා හැරීමට පටන්ගන්නවා. අවසානයේ ඔහු JSTOR ආයතනයේ පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාලයට මුදාහල පසු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන නඩු දානවා. ඔහු වැරදිකරුවෙක් බවට තීන්දු වූ පසු බලවත් සිත් තැවුලට පත්ව සියදිවි නසාගන්නවා. ඔහුගේ මරණයෙන් පසුව Guerrilla Open Access Manifesto ගැන ලෝකය කථාකරන්න පටන්ගන්නවා. සමහරුන් ඔහුව හදුන්වනු ලැබුවේ 'දත්තවාදී ලෝකයේ වෙලාවට කලින් පැමිණි අරගලකරුවා' යන අන්වර්ථ නාමයෙන්.

ඔහු මිය යන්නේ ඉතා වැදගත් දෙයක් ලෝකෙට ඉතිරි කරලා. ඒ තමයි සන්නිවේදනයේ නිදහස යනුවෙන් ලිබරල් සමාජය තුල බලගැන්වුණු නිදහස අභියෝගයට ලක්කිරීම. එහෙමත් නැතිනම් සන්නිවේදනයේ නිදහසේ සිමා මායිම් වලට දත්තවාදී රොකට් ප්‍රහාරයක් එල්ලකිරීමයි.


ආරොන් ස්වාර්ට්ස්

ඉතා නිදහසේ දත්ත සැරිසරන සමාජයක් ගැන ඔබ හිතල තියනවද? ඔබ, එහෙමත් නැතිනම් ඔබගේ මීළඟ පරම්පරාව අත්විඳින්න නියමිත දත්තවාදී සමාජයේ දේවල් වැඩ කරන හැටි ගැන ඔබ හිතල තියනවද? ලෝකයේ හැම මනුස්සයෙක්ම නිපදවන සහ පරිහරණය කරන දත්ත කිසිම පෙරණයන් (filtering) හෝ කිසිදු බාධා කිරීමකින් තොරව හැම දෙනෙකුටම නොමිලයේ සහ නිදහසේ පරිහරණය කිරීමට අවස්ථාවක් උදාවන පරිසරයක් ගැන හිතන්න පුලුවන්ද?

එවන් පරිසරයකදී ගූගල් වගේ විශාල දත්ත ගොනු අයිති සමාගම් විසින් මිනිසාව පරාජය කරනවා. විසිවන සියවසේ මිනිසුන් ඉතා ආයාසයෙන් සමාජයට දායාද කරන ජීව විද්‍යාත්මක පර්යේෂණ සහ ඉංජිනේරුමය දායාද, දත්තවාදී යුගයේදී පරිගණක තිරයක් මත ඉතා පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. අප්‍රිකාවේ ඉතා දුබල රාජ්‍යයක සිදුවෙන ඉතා සියුම් චලනයන් පවා, එරට නිශ්චිත ගමක ජිවත්වන ගෝත්‍රිකයන්ගේ සිතුවිලි, ඔවුන් අනාගතයේ මුහුණ දෙන ප්‍රශ්න, එහෙමත් නැතිනම් ඔවුන් වසංගත උවදුරකට මුහුණ දීමට ඇති ඉඩ ප්‍රස්තා ගැන එරට රාජ්‍ය තන්ත්‍රයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට, එසේත් නැතිනම් ලෝක සෞඛ්‍ය සංවිධානයට වඩා හොදින් ඇමරිකාවේ සිලිකන් වැලිහි ගූගල් සමාගමට දැනගන්න ලැබෙනවා.

බංගලිදේශය වැනි රටක සංවර්ධනයේ දිශානතිය මොකක්ද, එහෙමත් නැතිනම් අරාබි රටවල සංස්කෘතික පරිවර්තනයන් වල මීලඟ අදියර කුමක්ද වැනි එකී රටවල ප්‍රතිපත්ති සම්පාදකයන්ට පවා නිශ්චචිත උත්තර නැති ප්‍රශ්න වලට උත්තර ලබා දීමට දත්තවාදී ලෝකයේදී ගුගල් සමාගමට හැකිවෙනව. මිට වසර කිහිපයකට ඉහත දත්ත විශ්ලේෂණය යනු පරිගණක විද්‍යා ඇකඩමියාව සතු තවත් එක් ක්‍රියාවලියක්. එහෙත් දැන් එය ලෝකයේ හැම මනුෂ්‍ය ජිවියෙකුගේම ජිවිතයට බලපාන සංවේදී ක්‍රියාවක්.

ලෝකයේ හැම මිනිසෙකුම නිෂ්පාදනය කරන දත්ත කිසිම අවහිරයකින් තොරව අන්තර් සම්බන්ධතා ජාලයක් ඇතිවීමේ ක්‍රියාවලිය කරා ලෝකය දැන් හැඩගැසෙමින් තියනවා. ඒත් මේ සැකසීම නිරුපද්‍රිතව ඉදිරියට යන්නේ නෑ. පරණ ලෝකයේ ඒකාධිපති පාලන තන්ත්‍රයන් සහ විසිවන සියවසේ ගොඩනැගු අතැම් සම්ප්‍රදායක ප්‍රජාතන්ත්‍රවාදී ආයතන රාමු වගේ දේවල් අළුත් ලෝකයේ දත්ත ගලායාමට එරෙහිව ඇතැම් වෙලාවට පවුරක් වගේ හරහට හිටිනවා. ඒත් මේ අවහිරය කාලය පිළිබද ප්‍රශ්නයක් පමණයි. මේ සියවසේ ආරම්භයේදී ඇතැම් චින්තකයන් විසින් දකින ලද සිහිනය වූ ලෝකයම එක පද්ධතියක් බවට පත්වෙන ‘සාර්ව අන්තර්ජාලය’ (internet of everything) බිහිවෙන දිනය වැඩි ඈතක නොවේ.

සාර්ව අන්තර්ජාල යුගය යනු දත්තවාදයේ ස්වර්ණමය යුගයයි. එසේත් නැතිනම් දත්තවාදය ඉතාමත් ශක්තිමත් ලෙස වැඩකරන යුගයයි. මේ යුගයේ ඔබ මා වැනි සාමාන්‍ය මිනිසුන්ගේ ‘දිනපතා දවස්’ ගෙවී යන්නේ කොහොමදැයි බලමු. ඔබ මහන්සියෙන් වැඩකරලා කාර් එකක් මිලදී ගන්නව. දැන් ඔබට ගමන් බිමන් යන්න ලේසියි. ඔබ ඒ කාර් එක මිලදී ගැනීමට කොපමණ මුදලක් වැය කළත්, දවසේ බොහෝ කාලයක් ඒ වාහනය ඔබේ ගරාජයේ හෝ වෙනත් තැනක හුදකලා වී තනිවෙනවා. එක් දවසකට ඔබ ඒ වාහනය පාවිච්චි කරන්නේ කාලයේ ප්‍රතිශතයක් ලෙස ගත්තම ඉතාම සුළු වෙලාවක්. නමුත් ඔබ ඒ වෙනුවෙන් වැයකරන කාලය (කාරය ගැනීම සදහා මුදල් සෙවීමට, ණය ගෙවීමට) ඇති විශාලයි. දත්තවාදී සමාජයකදී ඔබගේ කාරය ඔබ එනතෙක් හුදකලාවේ බලා සිටින්නේ නෑ. ඔබට සේවය කොට අවසන් වූ පසු එය වෙන අයෙකුගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරනවා. ඔබ සහ අනෙකා කිසිදිනෙක හමුවී නැති ආගන්තුකයන් උනත් එකිනෙකා දත්ත මගින් සම්බන්ධ වෙලා තියනව. ඒ නිසා ඔබලා භාණ්ඩ සහ සේවා හුවමාරු කරගන්නවා. ඔබ පාවිච්චි කරන ගෙදර, ඔබේ වතු පිටි වගේ ඔබ සතු අනර්ඝ වස්තුන් සියල්ලම අනාගතයේදී අනෙකා සමග හුවමාරු කරගන්නා ලෙස දත්තවාදය විසින් ඔබට බලකර සිටිනවා.



රියදුරන් රහිත වාහනයක් ඔබේ දුරකථනයේ 'ඇප්' එකක් මගින් ඇණවුම් කිරීම වැනි ක්‍රියාවලි, ඌබර් සහ ගුගල් සමාගම් මගින් දැන් නියමු තත්වයෙන් ක්‍රියාත්මක කරමින් යනවා. ඔබ ඔබේ නිවාස පාවිච්චි කරන්නේ නැති අවස්ථාවල, Air B and B (Airbnb) වැනි සමාගම් වලට ඇතුළු වීමට හැකි වෙන පරිදි අනාගතයේදී ඔබ ඔබේ නිවසේ දොර ඇර තබා යනවා.

ඔබ ගැන ඔබ දන්නේ මොනවාද? මේ ප්‍රශ්නය මිට වසර ගණනාවකට පෙර යමෙක් ඔබෙන් විමසුවහොත් උත්තරය හම්බ වෙන්නේ මනෝ විද්‍යා ක්ෂේත්‍රයක හෝ එසේත් නැත්නම් වෙනත් නොපෙනෙන බලවේගයක් මත යැපෙමින්. එහෙත් දත්තවාදී යුගයේදී ඔබ ගැන අඩුවෙන්ම දන්නේ ඔබ වන අතර ඔබේ දත්ත පරිහරණය කරන අනෙකා ඔබට වඩා ඔබ ගැන දනී. උදාහරණයක් වශයෙන් ඔබේ දත්ත බොහෝ ප්‍රමාණයක් පරිහරණය කරන ෆේස්බුක් සහ ගුගල් සමාගම් ඔබට වඩා ඔබ ගැන දනී. ඔබේ අතීත දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඔවුන්ට ඔබේ අනාගතය ගැන අනාවැකි පවා කිව හැකිය. ඔවුන්ට පුළුවන් ඉතා සියුම් ලෙස ඔබව මෙහෙයවන්න.

අපි මේ ගෙවාදමමින් ඉන්න දත්තවාදයේ මුලික අවදිය නොහොත් එය සමාජගත වීමට පටන්ගෙන ඇති අවදියේ ලිබරල්වාදය සමග එය සසදා බලන්නේ කොහොමද? දත්තවාදය විසින් සමාජය තවත් ලිබරල්කරණය කොට බොහෝ නිදහස් මිනිසුන් සහිත සමාජ බිහිවෙනවා යයි බොහෝ දෙනෙක් අනාවැකි කියමින් සිටී. බලු බැල්මට එය එසේ විය හැකියි. දත්තවාදය විසින් මනුෂ්‍යත්වයට තල්ලුවක් දෙන බව බොහෝ දෙනා පවසනවා. එහෙත් මගේ අදහස නම් දත්තවාදය විසින් මානව සමාජයේ ස්වරුපය වෙනස් කරමින් සිටින බවයි. එසේත් නැතිනම් දත්තවාදය ඉදිරියේ මිනිසා පරාද වීමට නියමිත බවයි.

මානව ඉතිහාසයේ මිනිසා අශ්වයන් පිටේ නැගී ප්‍රවාහන පහසුකම් සපයාගත් යුගයේදී මෝටර් එන්ජිම සොයාගත් පසු ඉතා පහසුවෙන් ගමනාගමනය සපයාගත හැකි මෝටර් රථය නිපදවා අශ්වයා අමතක කර දැම්මා. තමන්ට මෙතෙක් සේවය කළ අශ්වයා සමග ඔවුන් අනුරාගිකව බැඳෙන්න ගියේ නෑ. මේ අර්ථයෙන් විසිවන සියවසේ සමාජ පාලනය සහ පරිපාලනය සදහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිහිකරගත් මිනිසා යුග ගණනාවක් පසුකරගෙන විත් දත්තවාදී යුගයට පැමිණ තිබෙනවා. පාලනය සහ පරිපාලනය ඉතා පහසුවෙන් දත්ත මගින් කරගත හැකි උනත් මානව සමාජය තවමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සමග අනුරාගයෙන් බැඳී ඉන්නවා. එනිසා දත්තවාදය සහ මෙකි ආයතන අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

නමුත් වෙළෙඳපළ ආර්ථිකය (market economy) විසින් දත්තවාදය හොදින්ම ග්‍රහණය කරගෙන ඇත්තේ, වෙළෙඳපළ නීති රීති සියල්ල උඩු යටිකුරු කරමින්. සියලු සීමා මායිම් සහ ප්‍රාග්ධන නීති රීති උල්ලංඝණය කරමින් ඔබට අවශ්‍ය නම් ලෝකයේ ඕනෑම කොණක නිපදවන භාණ්ඩයක් දත්තවාදයේ තරඟකාරී පරීක්ෂණයට ලක්කොට තරගකාරී මිලකට ගෙදරටම ගෙන්වා ගත හැකියි. එසේත් නැතිනම් ඔබ නියැලී සිටින ක්ෂේත්‍රයේ ලබන වසර පහට අදාළ ආර්ථික ඉරණම ඇසුරු සැනෙන් ඔබට පරිගණකය මත සිට ලබාගත හැකියි. එහෙත් ලෝකයේ උෂ්ණත්වය වැඩිවීමේ ප්‍රශ්නය හෝ ආර්ථික විෂමතාවය නැතිකිරීම වැනි ප්‍රශ්න ඉදරියේ දත්තවාදය අසරණ වී ඇත. දේශපාලන ආයතන මේ ප්‍රශ්න වල ගැටගැසී ඇති නිසා විසඳුම් සිහිනයක් බවට පත්වී ඇත. මා යෝජනා කරන්නේ නිදහස් දත්ත සංසරණය මගින් දේශපාලන ආයතන වලට එළියේ මේ ප්‍රශ්න මිට වඩා හොදින් විසදා ගත හැකි බවයි.

කියෝතෝ සම්මුතියට අත්සන් නොකර සිටීමට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට තවමත් අධිකාරි බලයක් ඇති අතර එයට අභියෝග කිරීමට අවශේෂ කිසිම අධිකාරියකට නොහැකි වී ඇත. ට්‍රම්ප්ගේ මේ තීරණය සෑම ඇමරිකානුවෙකුගේම තීරණය නොවෙනවා විය හැකිය. දත්තවාදය ප්‍රමුඛ වී ඇති සමාජයකදී නම් කියෝතෝ සම්මුතිය පිලිබදව ජනාධිපතිවරයා වෙනුවට ඇමරිකානු ජනතාවට මැදිහත් වීමට අවස්ථාව ලැබෙන අතර එවිට ප්‍රතිඑලය මිට වඩා වෙනස් විය හැකිය.

ඔබ කුඩා කාලයේ, ඔබ හෝ ඔබේ වැඩිහිටියන් පුද්ගලික දිනපොත් පාවිච්චි කළා ඔබට මතකද? සමහර විට ඔබම එවැන්නක් පාවච්චි කරන්න ඇති. මේ ක්‍රියාවලිය අද ඔබේ දරුවාට කිවොත් එයා ඔබේ දිනපොත් වැඩේට උපහාසයෙන් හිනා වෙන්න පුළුවන්. මොකද අද අපි දේවල් සමග සම්බන්ධ වෙන විදිහ වෙනස්. අපි අත්දැකීම් විඳින්නේ නෑ. ඒවා බෙදනවා.

අද ඔබ ඉන්දියාවේ සංචාරයකට ගිහින් අලියෙක් දුටුවොහොත් ඉස්සල්ලාම ඔබ කරන්නේ අලියව ෆොටෝ ගන්න එක. ඊට පස්සේ එය ෆේස්බුක් හෝ වෙනත් ජාලයකට ඇතුළු කොට අනෙකා එයට ‘ලයික්’ දමන හැටි බලමින් අලියාගේ අත්දැකීම විඳීම. ඔබේ කලින් පරම්පරාව වගේ ඔබට දැන් තනියෙන් අත්දැකීම් විඳින්න බෑ. එතකොට ඔබ තනිවෙලා වගේ හැඟීමක් ඇතිවෙනවා.

දත්තවාදය ඉදිරියේ මනුෂත්වයට තියෙන අභියෝගයත් ඒකයි. ඔබේ හැඟීම් ඔබට අයිති නෑ. කොටින්ම ඔබවත් ඔබට අයිති නෑ. ඉස්සර ඔබ ඔබට අයිති නෑ කියල කිවේ, රාජ්‍යය විසින් ඔබව අත්පත් කරගෙන ඉන්නවා කියන අදහසින්. ඒත් දැන් ඔබව අයිති ඔබේ විශාල දත්ත ගොනු පරිහරණය කරන සමාගම් වලට.

මේ ලිපියේ ආරම්භයේම සදහන් කල ආරොන් ස්වාර්ට්ස් කරපු ‘සටන’නොහොත් මිනිසා නිෂ්පාදනය කරන සියළු දත්ත කිසිම අවහිරයකින් තොරව සමාජයට පාවිච්චි කිරීමට පුළුවන් සමාජයක් ගැන ඔබට හිතාගන්න පුලුවන්ද? අපේ ජීවිත වලට අත පෙවීමට ගුගල් සමාගමට ඇති ඒකාධිකාරී බලය අහෝසි වී එවැනි බලයක් සමහරවිට සමාජයේ හැම මිනිසෙකුටම ලැබේවි. එනම් දත්තවාදී ලෝකයේදී මිනිසාට යලිත් මනුස්සකම් හම්බ වේවි.

දත්තවාදී ලෝකයේ විප්ලවවාදින් යනු නිදහස් දත්ත සංසරණය වෙනුවෙන් සටන් කරන ඉදිරිගාමී මිනිසුන්ද?


Yuval Noah Harari
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Yuval Noah Harari, Aaron Hillel Swartz, Dataism, Homo Deus, A Brief History of Tomorrow, Revolutionaries in Dataism, Computer hackers
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
වෙසෙස්
පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?
තවත් වෙසෙස් බූන්දි
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.
BoondiLets
එංගල්ස් කියයි.
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook