Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
බූන්දි, 18:05:41
ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි. මෙය නිර්මාණය වන අවධිය වන විට ග්‍රීසියේ ඇතන්ස් රාජ්‍යයේ බරපතළ ගැටලු රාශියක් උද්ගතව පැවතියේය. යුද පීඩනය තව දුරටත් උත්සන්න ව පැවතිණිි. ඇතන්සය සිසිලියානු සටනින් පැරදීමෙන් අනතුරු ව ඇල්සිබියාඩීස් යුද සෙන්පතියා (ප්ලේටෝගේ සිම්පෝසියම් හෙවත් මධුසාදයේ ද මොහු හමුවේ) ඇතන්ස් කෙරෙහි පක්ෂපාතීද යන්න පිළිබඳ සැකසංකා හටගැනීමත්, ඔහු ගෙන්වීමට අණ කිරීමෙන් අනතුරු ව ඔහු ඇතන්සය කරා නොපැමිණ ස්පාටාවට පලායාමත් හේතුවෙන් ප්‍රබල නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත විණි. එහෙත් ඇරිස්ටොෆනීස් මෙම නාට්‍යයෙහිලා එබඳු අර්බුදයන්හි බරපතළ බව සෘජු ව සාකච්ඡා නොකරයි. මෙහිලා ඔහු උත්සුක වන්නේ මෙම වාතාවරණයේ දිවිගෙවන ඇතන්ස් වාසීන්ගේ ස්වප්නමය චින්තාවන්හි ස්වරූපය ප්‍රතිනිර්මාණය කිරීමයි. යුතෝපියානු හෙවත් මනෝරාජ්‍යමය සිහිනය පණ ගැන්වීමයි. මේ හේතුවෙන් පක්ෂීහු නාට්‍යය කටුක යථාර්ථයට වඩා අපේක්ෂිත තත්ත්වය ප්‍රතිබිම්බනය කෙරෙන විචිත්‍රවත් නිර්මාණයක් බවට පත්වේ. සාධනය කරගත යුතු එකී තත්ත්වය හා පවත්නා තත්ත්වය අතර ඇති පරතරය පිළිබඳ සවිඥාණික වන මොහොතක ප්‍රේක්ෂකයාට යථා තතු මැනවින් අවබෝධ වනු නියතය.

නාට්‍යයේ හමුවන ප්‍රධාන චරිතද්වය ලෙස හඳුනාගත හැකි එවෙල්පෙඩීස් හා පිස්තෙටයිරස් ඇතන්ස්වාසීන් දෙදෙනෙකි. එවෙල්පෙඩීස් අත කවුඩකුපිස්තෙටයිරස් අත කපුටකු ද ඇත. ඇතන්ස්හි කුරුලු වෙළෙන්දකුගෙන් මිල දී ගන්නා ලද මෙම කුරුල්ලන් දෙදෙනා රැගෙන යන්නේ පාර දැනගැනීමටය. ඔවුන් මෙසේ යන්නේ ජීවත්වීමට වඩාත් සුදුසු රාජ්‍යයක් සොයනු පිණිසය. තව දුරටත් ඇතන්ස්හි නම් විසිය නොහේ. මන්ද යත් එහි ජීවිතය නඩු ඇසීම්, බදු බර, තර්කවිතර්ක, යුදගැටුම් ආදියෙන් පීඩිතය. මෙහිලා සුපුෂ්පිත දිවි පෙවෙතක් උදෙසා තමන්ට රිසි ආකාරයේ රාජ්‍යයක් ගොඩනගා ගැනීම හා කිසිසේත් ම එසේ කළ නොහැකි තත්ත්වයක් පවත්නා විට අපේක්ෂිත මනෝරාජ්‍යය සොයායාම පිළිබඳ පරම අභිලාෂය පණගැන්වීමට නාට්‍යකරුවා දරන උත්සාහය කැපීපෙනේ. ඇතන්ස් වාසීන් දෙදෙනාට හමුවන කුරුල්ලකු ඔවුන් කුරුලු රජු වෙත කැඳවාගෙන යයි. තත්කාලීන ඇතන්ස් වාසීන්ගේ චින්තනයේ සාමාන්‍ය ස්වභාවය මූර්තිමත් කරමින් එවෙල්පෙඩීස් හා පිස්තෙටයිරස් උත්සුක වන්නේ කුරුලු රාජ්‍යයක් ගොඩනැඟීම පිළිබඳ අදහසක් පක්ෂීන්ගේ සිත්වලට ඇතුළු කිරීමටය. එය ඉදිකිරීමට යෝජනා කෙරෙන්නේ මනුෂ්‍ය වාසය (මහපොළව) හා දිව්‍ය ලෝකය (අහස) අතරය. අහස හා පොළව අතරමැද ගොඩනැංවෙන බලාධිපත්‍යය මඟින් මිනිසුන් පාලනය කිරීමට හා දෙවියන් හාමතේ තැබීමට යෝජනා කෙරේ. මෙම මනඃකල්පිත තත්ත්වය මධ්‍යයේ වුව ද අනුගමනය කිරීමට අපේක්ෂිත පාලන පටිපාටි, යුද්ධෝපක්‍රම, ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සියල්ලක් ම එකල ඇතන්ස්හි දක්නට ලැබුණු තත්ත්වයන්ය. ඇරිටොෆනීස් නිරූපණය කරන චරිත අහසේ සැරිසැරුවද ඒ ඇසුරින් ධ්වනිත කෙරෙන යථාර්ථය තත්කාලීන සමා දේශපාලන පරිස්ථීතිය සමඟ අත්‍යන්තයෙන් ප්‍රතිබද්ධ වූවක් වන්නේ එහෙයිනි.

'පිස්තෙටයිරස්- මේ වැඩේ කෙළවර වුණා ම සියුස් දෙවියන්ගෙන් රාජ්‍ය බලය ඉල්ලන්න. ඔහු බැහැ කීවොත් හරි අකැමැත්තක් පෙන්නුවොත් ඔහුට විරුද්ධ ව යුද්ධයක් ප්‍රකාශයට පත්කරන්න. දෙවිවරුන්ට කියා සිටින්න ඔවුන්ට නුඹලාගේ රට ඇතුළෙ බිමට බහින්න දෙන්නේ නෑ කියලා'
-Five Comedies of Aristophanes, P.05

නාට්‍යකරුවා මේ අයුරින් කුරුලු රාජ්‍යය ගොඩනැංවීම පාදක කර ගනිමින් තත්කාලීන පාලන තන්ත්‍රයේ ක්‍රියා පටිපාටීන් හාස්‍යයට ලක්කිරීමට පෙළඹේ. සියුස් වනාහි ග්‍රීක දේව මණ්ඩලයට අධිපතියාය. මනුෂ්‍ය සමාජය පමණක් නොව දෙවිවරුන්, ඔවුන් උදෙසා පැවැත්වෙන පුදපූජා හා පූජකයන් ද මෙහිලා තීව්‍ර විවේචනයට ලක්වේ. දෙව්ලොව හා මහපොළව අතර පවත්නා මාර්ගය ඇහිරූ කල දෙවියන්ට මිනිස් ලොවේ කාන්තාවන් සොයා සල්ලාලකමේ එන්නට බැරි වන බව පැවසීමෙන් ඒ බව සනාථ වේ. යුදමය වකවානුවක උත්කර්ෂයට නංවා පවතින ජාතිකාභිමානය, යුද්ධකාමය, සාම ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීම, බලාධිපත්‍යය තහවුරු කර ගැනීමට දරන අසීමිත වෑයම යනාදි විශ්ව සාධාරණ ප්‍රස්තුතයන්හි පවත්නා අඩුලුහුඬුකම් සුපුරුදු උපහාසාත්මක ස්වරූපයෙන් විනිවිද දැකීමට ද නාට්‍යකරුවා සමත්ය.



පක්ෂීන් සියල්ල කුරුලු රාජ්‍යයක් ගොඩනැංවීම පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළ ද එවෙල්පෙඩීස් හා පිස්තෙටයිරස් ඇතන්ස් වාසීන් මුවග හුදු වචන වශයෙන් නිතියෙන් රඳා පැවති තර්කවිතර්ක ඇසුරින් උපක්‍රමශීලී ලෙස කුරුල්ලන්ගේ සිත් දිනාගැනීමට සමත් වේ. ආදි පුරාණෝක්ති පවා පරිභාවිතයට ගනිමින් කුරුල්ලන් ඈත අතීතයේ පටන් පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් උත්තුංග මෙහෙවරක් ඉටුකළ උත්කෘෂ්ට සත්ව කොට්ඨාසයක් වන බවත් ඒ වන විට මිනිසුන් ඔවුන්ට සලකන්නේ ඉතා නින්දිත අන්දමින් බවත් ඇතන්ස් වාසීහු දෙදෙන පෙන්වා දෙති. සමස්ත කුරුලු සමූහයේ ප්‍රජාතාන්ත්‍රීය මතවාදය කෙතරම් අස්ථාවරද යත් එය එක් දේශනයකින් වුව ද එය වෙනස් කළ හැකිය.

එවේලේ එතනට පැමිණෙන පූජකයකු, කවියකු, අනාවැකිකරුවකු දිසාපතිවරයකු හා නීති ව්‍යාපාරිකයකුගේ චරිත යොදාගනිමින් ඒ ඒ සමාජ සංස්ථාවන්හි පවත්නා ව්‍යාජය හා උදරාර්ථ ලෝභය හුවා දැක්වීමට නාට්‍යකරුවා උත්සුක වේ. ඉන්පසු පැමිණෙන ප්‍රොමිතියස් පවසන්නේ කුරුලු රාජ්‍යය ඉදිකිරීම හේතුවෙන් දෙවියන් කුසගින්නේ පසුවන බවයි. දෙවියන් අතරින් මෙහිලා ප්‍රොමිතියස්ගේ චරිතය ම යොදාගැනෙන්නේ ඔහුගේ සාධරණත්වය හා ප්‍රගතිශීලීත්වය ඉතා ප්‍රකට කරුණක්ව පැවති හෙයින් විය යුතුය. ඊස්කිලස්ගේ ප්‍රොමිතියස් බන්ධනය (Prometheus Bound) නාට්‍යයේ ද ඒ පිළිබඳ ප්‍රබල ව නිරූපණය වන හෙයින් ඒ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් දැනුවත් ව සිටිනු නියතය. ප්‍රොමිතියස් ද පවසන්නේ දෙව්ලොවට අධිපති සියුස් දෙවියන් තම ආධිපත්‍යය කුරුල්ලන්ට පවරා දී සියුස් දියණිය පිස්තෙටයිරස්ට සරණ පාවා දීම සිදුවිය යුතු බවයි. ඉන්පසු පැමිණෙන හෙරක්ලීස්, ට්‍රිබල්ලෝස් හා පොසොයිඩොන් යන සියලු දේව චරිත ද මෙහිලා හාස්‍යය තිව්‍ර කරනු පිණිස උපස්තම්භක කරගෙන තිබෙනු දැකිය හැකිය.

නාට්‍යය අවසාන වන්නේ කුරුලු රාජ්‍යයට ජය හිමිවීමෙනි. සිත්සේ වාසය කළ හැකි රාජ්‍යයක් සොයාගිය ඇතන්ස්වාසීන් දෙදෙනාගෙන් එක් අයකු වන පිස්තෙටයිරස්ට සියුස් දියණිය සරණ පාවා දෙනු ලැබේ. ප්‍රීති සහගත මංගලෝත්සවයකින් නාට්‍යයේ නිමාව සිදු වේ. මේ අයුරින් තත්කාලීන මිනිස් විඥාණයෙහි නිදන්ගත ව සියුස්ගේ බලාධිපත්‍යය සිතැඟි පරිදි පරාජයට ගත්කරමින් නාට්‍යයේ නිමාව සටහන් වන බව කිව හැකි වේ. ඒ වනාහි සැබෑ ලෝකයේ පරාජය කළ නොහැකි බලාධිපත්‍යයක් කලා නිර්මාණය ඇසුරෙහි පැරදවීමක් ලෙසද අර්ථකථනය කළ හැකිය. සමස්තයක් වශයෙන් ගත්කල චරිත රාශියකින් සුසැදි ව ඒකීය ධාරණාවක් ඔස්සේ ගලා නොයන නිර්මාණයක් ලෙස කුරුල්ලෝ නාට්‍යය හඳුනාගත හැකිය. එහෙත් ප්‍රාසාංගික ගුණයෙන් අනූන ව තත්කාලීන සමාජ වාතාවරණයේ යථාර්ථය ප්‍රතිනිර්මාණය කළ නිර්මාණයක් ලෙස මෙය වැදගත් වේ. යථෝක්ත නාට්‍යය මර්ලින් පීරිස් විසින් පක්ෂීහු නොහොත් කුරුලු සුරපුර නමින් සිංහලයට පරිවර්තනය කෙරිණි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Birds, Comedy, Aristophanes, Ancient Greek, Greek playwrights, Pisthetaerus, Athenians, Pakshihu, Kurulu Surapura, Merlin Peris
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චින්තා පවිත්‍රානිගෙන් තවත් වියමන්
රංග
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
තවත් රංග බූන්දි
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මරා කියයි.
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook