Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
බූන්දි, 20:09:50
'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන හිටිය. අප්පච්චී මාව අභිභවා යන එක මට ඉවසන්න බැහැ. අප්පච්චි ඉදිරියේ මම බෙලහීන චරිතයක්.'
(-57 පිට)

පිවිසුම

මේ උද්ධෘත සමන් වික්‍රමාරච්චිගේ 'අප්පච්චී ඇවිත්' නවකතාවෙන් උපුටාගත්තක් වන අතර ම නූතන ලාංකික දේශපාලනයේ උමතුව ද හෙළිදරව් කරනවා. සංකේතීය වශයෙන් පියාගෙන් කැඩීයාමට අසමත්, පියා සංකේතීයව මරා දැමීමට නොහැකි අවලිබරල්වාදී (අකුරු වැරදීමක් නොවේ) දක්ෂිණාංශික දේශපාලනය මෙන් ම සංශෝධනවාදී වාමාංශික දේශපාලනය ද ඊඩිපස් සංකීර්ණයට ලක් නොවී මවට අධික ලෙස ආශා කරමින් පවත්නා ස්වභාවය උඩ සමන් වික්‍රමාරච්චිගේ මේ අපූර්ව කෘතිය විමසීම අතිශය යෝග්‍යයි. සමන් ම සමහර කථීකාවලදි කියනව වගේ කෘතිය විමසීමටත් වඩා කෘතියෙන් සමාජය තේරුම් ගැනීමට පාරක් කපා ගැනීම මේ වියමනේ උත්සහායයි.

'අප්පච්චී ඇවිත්' කතා සාරය

නිස්සංක සේනාධීර මෙහි කතා නායකයායි. ඔහු අපවාදයට ලක් වූ බේබදු පියෙකුගේ ඉතිහාසයක් ඇති එහෙත් වර්තමානයේ පරිපාලන ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙක්. නිස්සංකගේ පියා මිය ගොස් ඇති අතර විවාහක බිරිඳ වන සුමාලිගේ පියා තනා දුන් නිවසේ පදිංචිව සිටින්නේ දසහැවිරිදි සිය දියණියද, සුමාලි ද සමගය. නිස්සංකගේ රැකියාස්ථානයේ ප්‍රධානියා සමරදිවාකරයි. ඔහු ළඟදී ම විශ්‍රාම යාමට නියමිත බැවින් ඒ තනතුරට පත්වන්නේ අප කතා නායකයා වන නිස්සංකය. සෑම මොහොතකම ඔහු ඉදිරියේ පියා ප්‍රාදූර්භූත වෙයි. අවතාරයක් ලෙස නොව, පියා ප්‍රාදූර්භූත වන්නේ නිස්සංක සෑම විටම පිය පෞරුෂය ඉදිරියේ දෙවැනියා කරමිනි. ඒ තරමටම ඔහුගේ බේබදු, ලිපිකාර පියාගේ සංකේතීය බලය අතිමහත්ය. සුමාලි නිවසින් පිටවී මහගෙවල් බලා යාමටත්, කාර්යාලය තුළ නිස්සංක උමතු රෝගියෙකු ලෙස සැක කිරීමටත්, අසල්වැසියන්ගේ විපරමට භාජනය වීමටත් මේ පිය-පුතු සබඳතාව දැඩි ලෙස හේතු වේ. කතාවේ උච්ච කූඨය වන්නේ සුමාලිත්, දස හැවිරිදි දියණියත් බොටුව කපා මරා දැමීමේ සිද්ධියයි. නවකතාව ආරම්භ වන්නේ උසාවියෙනි. අවසන් වන්නේ ද උසාවියෙනි. මෙය නවකතා විමර්ශනයක් ම නොවන බැවින් විත්තියේ නීතීඥයාගේ අවසන් කරුණු දැක්වීමේ කොටසක් උපුටමින් සන්දර්භගත වීම සුදුසුය.

'මා කියන්නේ මේ මිනීමැරුම් කළේ ඔහු නොවෙයි. ඔහුගේ පියා තමයි මේ අපරාධය කළේ. උන්මන්තකයෙකුට මිනී මරන්න බැහැ.'
(-223 පිට)

පියාගේ නාමකරණය (Name of The Father)

පියාගේ නාමකරණය යනු මිනිසාගේ හිස් අවකාශයට ආත්මය ඇතුළු කිරීමයි. සිග්මන් ෆ්‍රොයිඩ් ඊඩිපස් පුරාණෝක්තිය ඇසුරින් හඳුන්වා දුන් 'ඊඩිපස් සංකීර්ණය' මෙහි දී වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. දරුවා සිය විරුද්ධ ලිංගිකයා වෙත ඇදීයාමේ බාධකය සපයන්නේ ඊඩිපස් සංකීර්ණය මගිනුයි. කුඩා පුතු මව වෙත ආශා කරමින් ඈ කෙරෙහි ආශක්ත වන කල්හි එහි ඇණහිටුවන්නා පියායි. එනම් දරුවා සමග තරග කරමින් මවගේ අයිතියට අරගල කරන්නෙක් වෙයි. මෙයින් දරුවා සංකේතීය ලෝකයට ඇතුළත් වන අතර මවගෙන් පිටස්තර ලෝකය හා අරගල කරන්නට ඉගෙන ගනියි. ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණය සමතික්‍රමණය කරමින් දෙවන වර්ධනීය අදහස මවන්නේ ෂාක් ලැකාන් නම් මනෝවිශ්ලේෂකයායි. ලැකාන්ට අනුව මෙම පියා යනු ශාරීරික පියාට සීමා නොවූ සංකල්පීය පීතෘත්වය යි. තහනමයි. නීතියයි. පියා යන්න සර්ව නාමයක් විදියට ගත්විට මේ කරුණ වඩාත් පැහැදිලි කර ගත හැකියි. මවගේත්-පුතාගේත් කේවල පරිකල්පනීය ලෝකය සොලවා දරුවා අරගලය වෙත කැඳවන්නේ මෙම සංකේතීය පියායි. මව-පුතු පරිපූර්ණ සම්බන්ධය හදිසියේ කඩාබිඳ දමා ඊට මැදිහත් වන පියා, පියෙකුගේ නොඑසේ නම් නායකයෙකුගේ සංකේතීය කාර්යභාරය ඉටු කිරීම භාර ගනියි. පිය සංකේතය විසින් කරනු ලබන මෙම කළමණාකරණ ක්‍රියාවලිය දරුවා සංස්කෘතිය වෙත ඇතුළත් කිරීම සිදු කරයි. මෙම අධිකාරී පියා සංකේතීයව මරා දැමීමෙන් පමණක් දරුවාගේ අනාගත සුපෞරුෂ වර්ධනය සිදු වේ. පියා අත් නොහැර පිය අධිකාරිය යටතේ සිටීම යනු දරුවා උමතු මිනිසෙක් දක්වා පරිවර්තනය කරන්නක් වන අතර මෙය 'පියාගේ නාමකරණය ප්‍රතික්ෂේප කිරීම' ලෙස හැඳින්විය හැකියි.

නවකතාවේ එන නිස්සංක යනු මෙසේ පියාගේ නාමකරණය භාර නොගත්, අධිකාරී පියාට දිවිතුරා යටත් චරිතයක්. මීට ම සමාන විශ්වීය මට්ටමේ කලාත්මක අත්දැකීම සපයන්නේ රොබට් බ්ලොව් රචනා කළ 'සයිකො' නවකතාවයි. 'සයිකො' සිනමා කෘතිය මගින් එය වඩාත් තහවුරු කළ ඇල්ෆ්‍රඩ් හිච්කොක් සිය මවගේ අධිකාරීත්වයට ලක් වූ නෝමන් බෙට්ස් නමැති තරුණයා සිදු කරන මිනී මැරුම මවගේ ආත්මය විසින් සිදු කළ ඝාතනයක් බව පෙන්වා දෙනවා. කාලයකට පෙර මිය ගිය සිය මවගේ ශරීරය පුළුන් පුරවා වියලා තබා ගන්නා නෝමන් බෙට්ස් සමන්ගේ නවකතාවේ නිස්සංක මෙන් තම අධිකාරී සංකේතය හා කතා බහ කරමින් අහිමි ආත්මසාරය පතනවා.

සංකේතීය පියා අත්හැරීමට බිය සරසවි වම

ලංකාවේ නාමධාරී වාමාංශය යනු පියාගේ නාමකරණය භාර ගැනීමට පසුබට වූ උමතු වාට්ටුවක්. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වගේ ම ජේවීපිය බිඳී යාමේ දී නන්නත්තාරව හදාගත් කියවීමේ කණ්ඩායම් ද මේ රෝගයෙන් පීඩා විඳින ආකාරය දැකගත හැකියි. ජවිපෙ ඛණ්ඩනය වන විට එහි ශිෂ්‍ය අංශය සෘජුවම පෙරටුගාමී පක්ෂයට ගාල්වුණු අතර ජනඅරගල නම් විපරීත ව්‍යාපාරය සුගතදාසයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් පක්ෂගත කෙරුණා. පෙරදිග සුළං සඟරාව කසිකබල් ඕපාදූප සඟරාවක් හෙයින් එය මිලදී ගැනීමට සීයක් වියදම් නොකර විස්සක් දී ගිනිසිළුවක් ගන්නැයි කී ජෙප්පෝ පෙරටුගාමී පක්ෂයේ සංකේතීය සාරය අභිභවීමට එහි නාමය ප්‍රවර්ධනය කර පෙරටුගාමී සමාජවාදීන් යැයි හංවඩුව ගසා ගන්නවා.

පැරණි වම මේ විපරීත දේවල් හමුවේ අවලිබර්කරණය වෙද්දි සුචරිත ගම්ලත් වැනි මහ ඉසිවරුන් පෙරටුගාමීන් විමතික කණ්ඩායමක් ලෙස කරළිගත වීමේ අහිංසක සතුටක් භුක්ති විඳිනවා. ඔය අතරතුර පුස්තකාලවල රාක්ක තිබිය දී පොත් අතුරුදන් වීම, ජවිපෙ පක්ෂ කාර්යාලවල නිවෙස් හිමිකරුවන් විදේශගත වන නිසා කාර්යාලය මාරු කරන්න වීම වැනි චලනයන් ගණනාවක් අතරෙ සිගරට් එකක්වත් නොබී හිටපු අරගලකාරී තාරුණ්‍ය (ශිෂ්‍ය අංශය විශේෂයෙන්) තණමල්විලෙන් මල් ගෙන්නන් උදේහවා ගහන්න ගන්නවා. ජේවීපියට වඩා අපි සීරියස්, ඒ වගේම ඇකඩමික් කියන ගමන් දාස්කැපිටාල් සමඟ ගුවන්ගත වෙන්න ගන්නවා.

මේ හැම දෙයක් ම අතරෙ තමයි සමාජවාදී ශිෂ්‍ය සංගමය ජවිපෙට තියල පෙරටුගාමීන් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය පටන් ගන්නෙ. තවමත් විශ්වවිද්‍යාලවල සමාජවාදී ශිෂ්‍ය සංගමය බොන එක ලිමිට් කරගෙන එය ඔවුන්ගේ ලාක්ෂණික රේඛාවක් බවට පත් කරගෙන සිටිනව වුණත්, විප්ලවවාදී ශිෂ්‍ය සංගමය ගංජා, අරක්කු සමඟ පෑහෙමින්, විරුද්ධව එන මත මර්දනයට ගංජා සේනාංක පවත්වාගනිමින් උමතු වාට්ටුවක් බවට පත්ව තිබෙනවා. ශිෂ්‍ය හිංසනයට, නව මතවාද මර්ධනය කරන ප්‍රචණ්ඩත්වයට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරයක් සිහිනයක් වෙලා තියෙන තතු උඩ අප්පච්චී ඇවිත් අපව මොහොතකට අධම සරසවි උප සංස්කෘතිය වෙත හරවනවා.

නිස්සංක දෙවෙනි වසරේ දි ඇහැගහගෙන හිටපු පළමු වසරේ ගැහැනු ළමයෙක්ව හිංසනය සඳහා කොටු කර ගන්නවා. ඔහු විපරීත ලිංගික ආශාව ඇය මතින් මුදා හරින්නේ මෙහෙමයි.

'ගනිං හාෆ් ෂීට් එකක්... බැල්ලි මං කියන ඒවා ලියපං ඔය කොළේ... ලියපිය පුරුෂ ලිංගය කියන කුණුහරුපෙට කියන ශිෂ්ට සිංහල වචනෙ'
(-83)

බෙරිහන් දෙමින් නිස්සංක කෑ ගසන විට 'ඇයි මේ තරම් බෙරිහන් දෙන්නෙ. ඕක කිව්ව කියල ඔයා ලොකුද?' වගේ බැල්මකින් ඈ ඔහු දෙස බලනවා.

මේ වියමන එක් අතකින් ප්‍රතිගාමී සරසවි උප සංස්කෘතියේ රෝගී බව ප්‍රසිද්ධියේ තිරගත කරන ගමන් ම පියාගේ නාමකරණය භාර නොගත් කොළඹ කොටුවට යාම ලන්ඩන් යාම වැනි හැඟීමෙන් භාර ගන්නා හද්දා පිටිසර අරගලකාරීත්වයක් වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයට ඉතිරි කරනවා. නැගීගෙන එන විකල්ප අදහස් මතවාදීව මර්ධනය කර ගත නොහැකි, පිකට් යාම කැම්පස් ආතල් එකක් කරගත්, හවසට බෝධි පූජා තියන සරසවි විද්‍යාර්ථීන්ගේ පරම උදාහරණය තමයි වෛද්‍ය ශිෂ්‍යයන් විභාගයට කලින් බෝධිපූජා තබා මහපොළ වෙනුවෙන් කලා අංශය මහපාරට බැස්සවීම. (සජීවී නිදසුන් සඳහා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ විභාගාසන්න කාලයේ ගැටඹේ පන්සලට යන්න.)

ජනතා විමුක්ති පෙරමුණේ තරුණ නැගිටීමට පූර්වයෙන් ජවිපෙ පන්ති ස්වභාවය ගැන ලියූ විකොසේ කීර්ති බාලසූරියට අනුව මේ ගොඩනැගෙන්නේ අනාගත ෆැසිස්ට් ක්‍රියාකාරීත්වයකට පෙරළෙන දේශපාලන ව්‍යාපාරයකි. ඔහු එය කීවේ කැරැල්ලට පෙරය. කැරැල්ලේ ස්වභාවය හා ඉන් උපන් පක්ෂයෙන් කැඩී වර්තමානයේ පවත්නා ජවිපෙ සහ පෙසපය යනු කීර්ති බාලසූරිය තවදුරටත් අනාගත වක්තෲවරයෙක් ලෙස කල් තැබීම අනවශ්‍ය බව කියාපාන දේශපාලන සංවිධාන දෙකක්. සංකේතීය පියා නොහොත් සමහරු අර්ථකථනය කරන සීඅයිඒ විජේවීරකරණය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම පවා අසමත් ජනතා විමුක්ති පෙරමුණ යනු දැන් නම් ලිබරල්වාදයේ සැබෑ පුතෙක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ. රාජපක්ෂව ගෙන ඒම මෙන් ම යුද්ධය කරා ආණ්ඩුව තල්ලු කිරීම ද, ඉන්පසු වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීම මෙන් ම තවත් ආණ්ඩුමාරුවකට අර ඇදීම යනු ජවිපෙ නවලිබරල්වාදයේ රූපාකාරයන් ප්‍රදර්ශනය කිරීමටත් වඩා අවලිබරල්වාදය ප්‍රතිනිරූපණය කිරීමකි. එහෙයින් ජවිපෙ ගැන දැන් කතා කිරීම න්‍යායික යමක් නොවී ටෙනිසන් කුරේගේ නාට්‍යයක් මෙන් පෙනී යා හැකියි. එය පසෙක තබා වඩාත් රැඩිකල් මානයක් පෙන්නුම් කරන, තවමත් සංකේතීය පියා මරා නොදැමූ පෙසපය ගැන යමක් කතා කළ යුතුයි. උපයුක්ත නවකතාවේ තවත් ඡේදයකට කන්දෙමු.

'මට වැඩියෙන් ම නින්ද නොගියෙ අප්පච්චිගෙ කාමරෙන් ඇහිච්ච සද්ද හින්දා. අප්පච්චි කහිනවා. හොටු සූරනවා. උගුර පාදනවා, පඩිනවා. අඬනවා... අප්පච්චි නිදා ගන්නකො. අප්පච්චි ඇහැරිලා ඉන්නකොට මට නින්ද යන්නෙ නෑ.'
(19 පිට)

නිස්සංක අණ කරන්නේ පියාට නිදා ගන්න කියායි. ඔහුගේ නින්දට බාධාකාරී ලෙස හැසිරෙන පියාට නිදාගැනීම සඳහා අණ කරන නිස්සංක යනු ගම්ලත් ජනරල පුවත්පතට කී බලාපොරොත්තු සහගත විමතික කණ්ඩායමට සමාන පදයකි. කොයි තරම් පියාගේ අධිකාරියට යටත් නොවී සිටින්නට උත්සහා දැරුවත් නිස්සංකට පියාගේ හඬ නොඇසී නින්ද යන්නේ නැත. ඔහුට නැලවිලි කවි අවශ්‍ය නැත. පඩයක් හොඳටම ප්‍රමාණවත්ය.

මේ බලන්න,
'අප්පච්චි... අර ඉස්සර වෙලා වගේ කහින්නකො. හොටු සූරන්න, උගුර පාදන්න. අඬන්න. පඩින්න. ඔය මොනව හරි සද්දයක් කරන්නකො. අප්පච්චි ඔහොම නිශ්ශබ්දව වගේ වගත් නැතුව ඉන්නකොට මට නින්ද යන්නෙ නැහැ...'
(-25 පිට)

හමාර පදය

ප්‍රිය පාඨකයිනි, පාඨිකාවනි, මේ වියමන ආධානග්‍රාහී, දුෂ්ඨ එකක් ලෙස නොගන්න. ශිෂ්‍යයන්ගේ ගැටුම් ශිෂ්‍ය නායකත්වය ඉදිරියේ නොවිසඳෙන, එකී නායකත්වය විසින් ම ඒවා රාජ්‍යය වෙත යොමු කළ යුතු බවට යෝජනා වන පසුබිමක, සංකේතීය පියා මරා නොදමා තවදුරටත් කරපින්නාගෙන යන අවලිබරල් තත්වය පිළිබඳ සෝපහාසී ලියවිල්ලක් පමණි.

අවසාන වශයෙන් අප සඳහන් කළ යුත්තේ මිනිසාට වටපිටාව සමඟ මෙන් ම තමා සමඟ ද බරපතල අරගලයක් තිබිය යුතු බවයි. උප සංස්කෘතිය රකින්නෝ දැන ගත යුත්තේ ස්වයං විවේචනයකින් තොරව මානව හිතවාදී සංස්කෘතියක් පැවතිය නොහැකි බවයි. එහෙයින් පියාගේ අධිකාරිය අතහැර දමන නව කියවීම් යුගයක් අවැසි අතර විජේවීරගේ හෝ පුබුදු ජයගොඩගේ (අනුර කුමාර වැනි නම් මේක අස්සේ නොගසන්නේ වියමන පරණ වෙන නිසා මිස අමතක වීමක් නොවේ) වියමන් දැන් ඇති කියා සමාජවාදී සමානතා පක්ෂයේ ලියවිලි වෙත හැරිය යුතුය. එය මධ්‍යතන යුගයේ අඳුරෙන් පසු ඇකඩමියාව නැවත ග්‍රීක-රෝම ශිෂ්ටාචාර වෙත හැරුණාක් වැන්නකි. හැරුණු අංශක ගණන ආපසු හැරී පෙරටුගාමී පක්ෂය විසින් වර්ධනය කළ පශ්චාත් නූතන කථීකාව මඟ නොහැර පඨනය කළ යුතු බව ද අපගේ කියවීමයි. නිස්සංක මෙන් තෙපර බබා නොඉඳ සිත තුළ වන අභිරහස අප්පච්චීට හෙළිකොට අප්පච්චී වැලිගම්පිටි යැවීම ඉක්මන් නොකරන්නේ නම් සැබැවින් ම කළ යුත්තේ පියාගේ නාමකරණය පිළිගත්තවුන් වෙත අනාගතය භාර දීමයි. ප්‍රශ්නය වන්නේ රාජකාරිය ගැන අතිශය උනන්දු නිස්සංක ව්‍යාපෘති වාර්තාවේ පිටු එකසිය පණහ පුරාම ලියා ඇත්තේ 'අප්පච්චී' යන වචනය පමණක් වීමයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Appachchi Awith, Saman Wickramarachchi, Sinhala Novel, Sri Lankan Literature
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කේ.ඩී. දර්ශනගෙන් තවත් වියමන්
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
පොත්
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
නිල් සුළිය
කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
තවත් පොත් බූන්දි
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook