Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
බූන්දි, 20:41:41
මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප බිහිකිරීම විලාසිතාවක් කොට ගෙන සිටී. බොහෝ විට මේවායෙහි කෝණය සමාන්තර අක්ෂි පථයට සමපාතව නොපිහිටුවන අතරම විවිධ විචිත්‍ර රාමු ලබා ගත හැකි විවිධාකාර කාචයන්ගෙන් ලැබිය හැකි උපරිම ඵල සාධනය කර ගැන්මට වෙහෙස දරනු පෙනේ. කලාත්මක ඡායාරූපකරණය පිළිබඳ ලාංකේය පුරෝගාමි පවුලකින් පැවත එන්නෙක් ලෙස ඡායාරූපකරණයේ නිර්මාණාත්මක හා තාක්ෂණික පැතිකඩ පිළිබඳ ඇසුර අරුමයක් නොවූ මලිත් හෑගොඩ (අධ්‍යක්ෂණය) සහ දෘෂ්‍ය සංරචනය සහ කලා විචාර සිද්ධාන්ත නිල ශාස්ත්‍රාලයීය ආයතන පද්ධතියෙන් බැහැර පුළුල් හැදෑරීමක නියුතු වූවෙකු ලෙස බූපති නලින් වික්‍රමගේ (තිර රචනය) සුසංයෝගයෙන් බිහිවන 'දැකල පුරුදු කෙනෙක්'හි සෞන්දර්යය කලාපයට පිවිසෙනු වස් මේ කාරණය වැදගත් වන්නේ එහි සිනමාඡායාරූපයට අදාළ වෙන්කර ගැනීම් හඳුනාගැන්මට යම් මෙහෙයක් ඉන් ලැබෙන බැවිනි. ඒ එම කලාපයේ තාවර වීමට නොව එහි එහා මානයන් සොයා යෑමට ය.

සාමාන්‍යයෙන් සිනමා ඡායාරූපකරණයට අදාළ මූලික ව්‍යාකරණ සාකච්ඡා කිරීමෙදී, කෝණ භාවිතයන් උදෙසා සම්මත අර්ථ දැක්වීම් ඇත. බොහෝ විට මෙම කළින් තීරණය කළ අර්ථ තුළ සිනමා කෘති සෞන්දර්යය කැරෙන අතර ඇතැම් විට කෝණය මගින් අධි ලෙස භාව උද්දීපනයකට ප්‍රේක්ෂකයා නතු කොට ගනු දක්නා ලැබේ. මේ අධි අලංකරණ ප්‍රවාහයේ නොගිලී 'දැකල පුරුදු කෙනෙක්' රූප වියමනෙහි බහුලව දක්නට ඇත්තේ සාමාන්‍ය ඇස් මට්ටමේ කෝණයකින් අපට සමීප කරවන දර්ශන පෙළකි. 'ඖචිත්‍ය' නම් පැරණි රසවාදයට අනුව එන, අනවශ්‍ය දෑ ඉවත ලා අත්‍යවශ්‍යය දෑ පමණක් භාවිතයෙන් අර්ථ දැක්වීම ලෙස පටුවාදී මතයක් තුළ සිර කළ යුතු භාවිතයක් නොවන මෙමගින් නිර්මාණකරුවෝ තර්කානුකූල ලක්ෂ්‍යක් සලකුණු කරන්නේ යැයි මම යෝජනා කරමි. අපට සමාන්තර සමාජීය අවකාශයක සිදුවන දෙයක් ලෙස නැතිනම් අප අතරමං වන්නක් ලෙස චිත්‍රපටයේ අන්තර්ගතය භාර ගැනීමට පහසු කරවීම එම ඔවුන්ගේ තෝරා ගැනීමේ පදනම යැයි ද සිතමි.

මෙය සැමියෙකුගේ (සචිත්‍ර: බිමල් ජයකොඩි) සිතෙහි බිරිඳ අන් ඇසුරකින් සතුට ලබා තිබෙන්නේ යැයි පැසවන සැකය මත ගලා යන චිත්‍රපටයකි. එය අනවරත සැකයක් නොවන බවට ද, එක්තරා අවස්ථාවක දී ඒ මතම ඈ සැමියාගෙන් වෙන්ව මව්පියන් හා වාසයට ගිය බැව් ද, තම දරුවා ගැන සිතා ඔහු ඈ යළි නිවෙසට කැන්Þගෙන පැමි‚ බව ද දැනවේ. එහෙත් බිරිඳ (දිනිති: සමාධි ලක්සිරි) පැවැත් වූ සම්බන්ධය කුමක් ද? එය සෑහෙන දුරට චිත්‍රටය තුළ සඟවා තබා ඇත.



මෙම මධ්‍යම පාන්තික පවුලේ සැමියා ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ඒ වූ කලි පිටත ලෝකය හා ගෘහය අතර මාරාන්තික උත්ප්‍රාසයක් සලකුණු කරන්නකි. වඩාත් සුව පහසු ගෘහයක ව්‍යුහය නිර්මාණය කරන්නා අසහනයක සිර වී සිටී. ඔහු බිරිඳ හා කිසිවිටෙක සුහදශීලි ඇසුරකට නොයන අතර රුදුරු ප්‍රතික්‍රියා මගින් ඇයව පෙළයි. ඈ ගෙදර-දොරේ කටයුතු ඉටුකරන අතර පීඩාවෙන් කල්ගෙවයි. මේ චරිත ස්වභාවයන් හැම විටම සංකීර්ණ ස්වභාවයක් ගන්නා අතර දිනිති තුළ අප වරින් වර දිනිතිලා කිහිප දෙනෙකු දකිමු. වරෙක සැමියාගේ ලතෙත් බව පතන දිනිති ය. වරෙක ඈට දරුවා පාසල් ඇරලවීම හා නිවෙසේ කටයුතු වෙනුවෙන් බැහැර යෑමට සැමියාගේ අවසරයෙන් යොමු කොට ඇති ත්‍රී-රෝදරථ රියැදුරා හා වසඟ මනෝ ලීලා පාන දිනිති ය. තවත් වරෙක නිවසේ කිහිප දිනක් නැවතීමට පැමිණෙන සිය ඥාති සොහොයුරා හා කෙලිලෝලව හැසිරෙන දිනිති ය. එමතු නොව ත්‍රී-රෝද රියැදුරා අබිමුව ඥාති සොහොයුරාගේ සිරුරේ වෙලෙමින් රියැදුරාගේ ෆැන්ටසි දැක්ම අර්බුදයට යවන දිනිති ය.

සචිත්‍ර දියණිය කෙරේ සෙනෙහසැති පියෙකු බව ද දැනවෙයි. එහෙත් ඒ නාමයෙන් හෝ කිසි විටෙක ඔහුගේ දැඩි බව දිනිති කෙරේ ලිහිල් නොවේ. එසේම ඇයට දික්කසාදය ලබා දීමට ද රුචි නොවේ. වරෙක සචිත්‍ර මඳක් සංසුන්වන ස්වභාවයක් දැක්වුව ද ඒ එකකට එකක් පසු අවස්ථාවල වැඩියෙන් දරදඬු ප්‍රතික්‍රියා දක්වයි. වරෙක රෑ නිදියහනේ ලබන ලිංගික ඇසුරකින් පසු අප දකින්නේ ගෘහස්ත දුරකථනය පෙට්ටියක දමා ඉබ්බෙක් දමන අයුරු ය. ඊට කළින් (චිත්‍රපටයේ ආරම්භයේදීම) ඔහු දිනිතිගේ ජංගම දුරකථනය අල්මාරියේ දමා අගුළු ලෑමෙන් ඇගේ පිටස්තර සබඳතා තහනම් කළ අයුරු අපි දනිමු. තවත් විටෙක දිනිති ත්‍රී-රෝද රථයෙන් ඥාති සොහොයුරා හා සුපිරි වෙළඳෙසැලකට ගොස් සිටී. එතැනට තම රථයෙන් පැමිණ ත්‍රී-රෝද රථකරුවාට මුදල් ගෙවා පිටත් කොට දිනිති හා දරුවා සහ ඥාති සොහොයුරා තමා විසින්ම නිවෙසට කැඳවාගෙන යයි. එතැනදී බැලූ බැලිමට අපට සිතෙන්නේ සචිත්‍ර ඇතුළතින් යම් සමථයකට පත්ව ඇතැයි යන්න ය. එහෙත් නිවෙසට යෑමෙන් පසු ඔහු වඩාත් දරුණු වෙයි.

මෙතැනදී සචිත්‍ර පෙළෙන එක් පිරිමි හීනමානයේ ලිංගික මානයක් හඳුනා ගත හැකිය. ඔවුන් වාහනයෙන් නිවෙසට එන අතරේ දිනිති හා ඥාති සහෝදරයා අතර ඇතිවන සංවාදයේ දී එම සාප්පු සංකීර්ණයේ යාබද කිසියම් පැසේජයක ගෘහනිර්මාණයක් පිළිබඳ අලංකාරයක් "ඒක මාර ලස්සනයි" වැනි වදන්වලින් ඇගේ මුවින් පිටවේ. වෘත්තියෙන් තමා ද ගෘහනිර්මාණශිල්පියෙකු බැවින්, අනෙකෙකු විසින් කළ නිර්මාණයක් පිළිබඳ ෆැන්ටසිමය ඇල්මක් බිරිඳ තුළ මතු වීම, අනෙකෙකුගෙන් ඈ ලැබූ සතුට කුමක් ද? යන්න ලිංගික රූපයකින් ඔහු තුළ මතු වීමකි. අනෙක් අතට ඇය එතැනට කිසිදා සචිත්‍ර සමග ගොස් නැති බැවින් රහස් පෙම්වතා හා ගිය ගමනක මතකයකැයි යන්න ඒ හා අතිපිහිත වෙයි.
පවුල නම් ඒකකය බිඳ වැටීම සිනමාව තුළ කාව්‍යාත්මක ලෙස සුන්දරකරණය කළ හැකි, භාවාතිශය කලාපයකි. එවැනි චිත්‍රපට ද අප දැක ඇති නමුත් 'දැකල පුරුදු කෙනෙක්' දිශානත වන්නේ වෙනත් දෙසකටය. එනම් මධ්‍යම පාන්තික නිවස නම් ව්‍යුහය රැඩිකල් ලෙස විසංයෝජනය කිරීමටය. එහි දී 'පසන් නිවස' වෙනුවට බිහි වන්නේ 'සිරමැදුරු' සංකීර්ණයකි. රාමු තුළ රාමු (Frame within a Frame) නිර්මිතය මගින් සචිත්‍ර සහ දිනිති වසන නිවෙස දිස් වන්නේ සිරගෙයක් ලෙස ය. ප්‍රධාන රාමුව තුළ එහි සියලු දොර ජනෙල්, තරප්පු, කොන්ක්‍රීට් කුළුණු ආදිය මගින් චරිතය නිරන්තරයෙන් ප්‍රතිරාමු ගැන්වී තිබේ. ඇඳ ඇතිරිල්ල, මේස රෙද්ද පවා එසේම කොටු හැඩැති ලෙස යොදො තිබේ. තැනෙමින් තිබෙන නිවසක් තුළ පවා මේ රාමු ගත කිරීම දුට හැකිය. ඉබි-යතුරු, දොර-අගුළු දැමීම්, ගේට්ටු වැසීම්, වැටවල් වැනි දෑ චරිත සමඟ දක්වන සම්බන්ධය මෙය තව දුරටත් කුළු ගන්වයි.

චරිත සහ වස්තු

සිනමා ආඛ්‍යානය තුළ කියවිය හැකි වස්තු සම්බන්ධය අතර වචාත් සූක්ෂ්ම වන්නේ දිනිති සිය මග් එක සමග පවත්වන ඇසුරයි. නිතරම ඇගේ දෙතොල් අතර පහස ලබන එය ඇය නමැති සංදර්භයෙන් විතැන් කළ කල හිස් බඳුනක් පමණකි. එය පුරවන්නේ ඇයයි. "මම එයාගෙන් තමයි ආදරේ දැනගත්තේ" යැයි, ඥාති සහෝදරයා හා වරෙක ඇය පවසන සිය නවතා දමා ඇති රහස් ඇසුර පිළිබඳ පිටතට වචනයෙන් කියන අංශු මාත්‍රය ඇය විසින් නඩත්තු කරනු ලබන අනෙකෙකු තුළ ඇතැයි උපකල්පිත සාරය යි. එය ආශාවේ හැඟවුම්කාරකයක් වන්නේ බඳුන සඟවා සුරක්ෂිතව තැබූ තැනෙකින් ගෙන පාවිච්චි කිරීමත්, අවසානයේ දැය දරුවාද රැගෙන යළි නිවෙසින් පිටවී යෑමෙදී එය බෑගයට දමාගෙන යෑමත් මත ය. කෙසේ වෙතත් මේ වස්තු සම්බන්ධය පිළිබඳ බොහෝ කියවීම් කළ හැකි විවර 'දැකල පුරුදු කෙනෙක්' තුළ හමුවේ. එහිදී සචිත්‍ර විසින් උරනු ලබන දුම්වැටිය පවා මගහැර යා නොහැකි ය.

සාමාන්‍යයෙන් චරිතයක් සිය දෙතොල් මත රඳවාගනු ලබන දුම්වැටිය ගැන මනෝවිශ්ලේෂණ කලාපයේ බහුල අර්ථ දැක්වීම වන්නේ මවගේ පියයුරට නතුවීම වන අතර, චරිත ලක්ෂණ විමසීමේ දී පන්ති ස්වභාවය, ජේත්තුකාරකම ආදිය හැඟවුම්කරණයට යොදා ගන්නක් බව සුලබ කියවීම ය. නමුත් මෙතැනදී මේ කලාප දෙකෙන්ම වෙන්වී සචිත්‍ර උරනු ලබන මෘදුකාරක දුම්වැටියේ හැඟවුම වෙනත් ආකාරයකට සංකල්ප ගත කරන්නට මේ ලියුම්කරු කැමැතිය. එනම් සචිත්‍රගේ චරිතයේ අපට පෙන්වන රළු පාර්ශවය මඳකට ඛණ්ඩනය කර එහි සහසම්බන්ධ ප්‍රතිපක්ෂය නියෝජනය කරන්නක් ලෙස ය. විවාහයට පෙර දිනිති දුටුවා යැයි කියන සචිත්‍ර තුළ සිටියා යැයි කියන, කඳුළු එන අහිංසක දෑසක් සහිත මනුෂ්‍යයා යම් තරමකට අප දකින්නේ කල්පනාවට බරව දුම්වැටිය උරන මොහොතේ පමණි.



ශබ්ද

චිත්‍රපටයක් විශ්ලේෂණය කිරීම උදෙසා එය ක්ෂුද්‍ර අණුවලට කඩා බැලීම බොහෝ විට කියවන්නියකගේ නොපහන් බවට හේතු විය හැකිය. ඒ චිත්‍රපටය යනු සමස්ත තනි ඒකකයක් මිස එක් දෙයක් නොවේය යන අදහස පෙරදැරිව ය. එහෙත් කැන්වසය තුළ එන සංකීර්ණ වින්‍යාසය මෙසේ වෙන වෙනම සලකා බැලීම සමස්ත ප්‍රකාශනය කෙරේ කෙසේ බලපාන්නේ දැයි මතු කර ගැන්මට උපකාරී නොවන්නේ නැත. ඒ අර්ථයෙන් චිත්‍රපටයේ පසුබිම් ශබ්ද කලාපය පිරික්සන විට හමුවන, අගුළු වැසීමේ හඬ චිත්‍රපටයේ ආත්මය වනවා සේම, රූපවාහිනියේ පසුබිම් හඬ ද මග හැර යා නොහැකිය. ප්‍රශ්නය බේරුම් කිරීමට දිනිතිගේ මාපියන් පැමිණ සිටින විටෙක විකාශය වෙමින් තිබෙනුයේ ප්‍රවෘත්ති ප්‍රකාශනය යි. තවත් විටෙක ක්‍රිකට් තරඟයකි. මෙහිදී දිනිතිගේ පියා ප්‍රශ්නය පිළිබඳ සචිත්‍ර සමඟ අදාළ මාතෘකාවට එළඹෙන්නේ ප්‍රවෘත්ති ඔස්සේ ඇසෙන දෙයකින් පොටක් පාදාගෙන බව දෘශ්‍යමාන වේ. එහෙත් ප්‍රවෘත්ති යනු ඒ මොහොතේ පමණක් නොව හැම විටම මධ්‍යමපාන්තික පවුලට ගැටළුවෙන් මිදී සිටීමට ආධාරකයක් බව ඊට එහා මානයකට යමින් එම දර්ශනය කියාපායි. තෙල් මිල, ක්‍රිකට් තරඟ, කිරිගොවියා නගාසිටුවීම ආදී කාරණා ගැන ඇසීම සචිත්‍රගේ පවුලට පමණක් නොව ඇත්ත ජීවිතයේ දී අපට පවා ප්‍රශ්නයකින් මිදීමට සහනයක් නොවන්නේ ද? ඒ ඒවා ඓන්ද්‍රීය ලෙස අප බද්ධ කර නොගන්නා සේම පළා යෑමට කදිම ලෙස අපට උදව් කරන නිසා ය.

මෙසේ පවුලට දිශානත වන අතරම 'දැකල පුරුදු කෙනෙක්' එක්තරා බරපතල සමාජීය අරුතක් අතිරික්තයක් ලෙස අප හමුවේ තබයි. එනම් සචිත්‍ර අතින් නිමවෙන නිවාස සැලසුම්වල ඇත්තේ තනි පිවිසුම් දොරක් පමණකි යන්නය. එහිදී ඔහුගේ තර්කය වන්නේ එය බොරුකාරයින්ට ගැළවිය නොහැකි උගුළක් (චිත්‍රපටයේ එය කියැවෙන්නේ වෙනත් වචන වලිනි) බැව් ය. එය ඇතුළත ලෝකයෙන් පිටත ලෝකයට පතිතවන බිහිසුණු තත්ත්වයකි. එසේ වන්නේ තමන්ට ඇති ආත්මමූලික ගැටලුවට තමා විසින් ම යෝජනා කරගන්නා අනුභූති උත්තරය එතැනදී පොදු ව්‍යුහයට ඇතුළත් කිරීම නිසාය. මේ චිත්‍රපටය අපට යෝජනා කරන අතුරු කාරණාවක් නමුත් එය ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දේශපාලනයට අතිශය අදාළ නොවේ ද?



අනතුර

චිත්‍රපටයේ අවසන් භාගය තුළ සචිත්‍ර මුහුණ දෙන වාහන අනතුර ඔහුගේ හා දිනිතිගේ ගැටලුවට වැදගත් මානයක් සපයයි. ඔහු සිතාමතා මිනිසෙකු හප්පා නැත. නමුත් මිනිසෙකු වාහනයක ගැටී විසිවී යළි ඔහුගේ වාහනයේ වැදී ඇත. නමුත් මාර්ග නීතියට අනුව සචිත්‍ර වැරැදිකරුවෙකි. මන්ද ඔහු වැරැදි තැනෙක නතරකොට ඇත. කෙසේ නමුත් ආත්මමූලික විනිශ්චයේදී ඔහු සුදනා ය. කුලගෙය නම් ප්‍රබන්ධය තුළ ඔහු මුහුණදී සිටින ගැටලුව ඒ මත ආවර්තනය වන විට හරි- වැරැද්ද පිළිබඳ ප්‍රශ්නාර්ථයක් සලකුණු වෙයි.

කිහිප විටෙක යෑම්-ඊම් සහිත දිනිති සිත්ගත් කෝප්පය ද රැගෙන අවසන නිවෙසින් පිටවී යනු අප දකිමු. ඇය නැවත පැමිණේ ද? ඒ යෑමෙන් පසු පැරණි ඇල්බම පෙරළමින් සචිත්‍ර පිළිබඳ ඈ කාට හෝ පවසන්නීය. අතීතය විස්තර කරමින් හිඳින සමීපරූපයේ ඈ අසලින්ම කිසිවෙකුගේ උරහිසක් පෙනී නොපෙනී ඊළඟ රූපය ඡේදනය වෙයි. ඒ උරහිස කාගේ ද? ඔහු නොපෙන්වීම මත වරනැගෙන්නේ සමකාලීන විවාහ ජීවිතය පිළිබඳ වැදගත්ම ප්‍රශ්නයකි. "පරමවූ සාරයක් ඇතැයි උපකල්පනයට සිතිවිලි උත්සුක කරවන ඒ අදෘශ්‍යමාන අනෙකා කවුරු විය හැකි ද?"
සිනමා විචාර භාෂාවෙන් පවසන්නේ නම් මෙය මනා අංග සංස්ථානයකින් යුතු චිත්‍රපටයකි. එහෙත් අවස්ථා දෙකකදී පමණක් භාවිත කරන අලංකරණ අනවශ්‍යය සේ හැඟේ. ඉන් එකක් වන්නේ කුරුස බිත්ති සැරැසිල්ල ය. අනෙක ඥාති සහෝදරයා හා දිනිති කතා කරමින් එන දිගු දර්ශනයේ පසුබිමක හමුවන ගිනිගොඩ ය. ඒවා අතිශෝක්ති ගත ලෙස පෙනෙනුයේ ඊට එහා යන සූක්ෂ්ම නිරායාස සංකේත පද්ධතියක් චිත්‍රපටය තුළ එකට මැසී මුණගැසෙන බැවිණි.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Movie, Dakala Purudu Kenek, Malith Hegoda, Bhupathi Nalin, Bimal Jayakodi, Samadi Laksiri
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විකුම් ජිතේන්ද්‍රගෙන් තවත් වියමන්
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
හිරු බැස යෑම නියතයකි!
පොත්
සරත්ගෙ ද කුරුලුගෙ ද අහිංසක හදවත?
කවි
තනිකම් දොස්
පොත්
බුදුන්ගේ දේශයෙන් සරදම් ලද 'තාරා මගේ දෙව් දුව'
තවත් Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook