Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන තායිලන්ත රතු කමිස ''ත්‍රස්තවාදියෝ''!
බූන්දි, 23:23:59
මිනිසාගේ අයිතීන් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටීම වඩා යහපත් ලෝකයක් උදෙසා පෙරමං බලන්නවුන්හට ආශ්වාදය දනවන්නකි. සමාජ විප්ලවය වෙනුවෙන් පෙනී සිටියවුන් ආත්ම සුඛ විහරණය වෙත පල්ලම් බහින විට, මානව ප්‍රගමනය උදෙසා කැටිකළ දැනුම ආඥාදායකත්වය වෙනුවෙන් කුණු‍කොල්ලයට විකුණන විට, යහපත් ලෝකයක් වෙනුවෙන් වූ පැතුම සාපයක් වු කළෙක, දියාරු වී ගිය ලාංකික විකල්ප ක්‍රියාකාරීන් හට ලෝකයෙන් තවත් වරක් ප්‍රායෝගික උදාහරණයක් සැපයෙමින් තිබේ.

මිනිස් රුධිරයේ පැහැය වූ රතු පාටින් යුතු කමිසකරුවන් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදෙසා, ජනතා පරමාධිපත්‍යයයේ බලය ආරක්ෂා කිරීම සඳහා වීදි බසින්නේ අග්නිදිග ආසියාවේ නවමු කාර්මික රටක් ‍වන තායිලන්තයෙනි. රටේ සිටින සමස්ත ජනතාව වෙතට දිගහැරුණු සැලසුම් සහගත අරගලයක තිබිය යුතු දාර්ශනික එළැඹුමක් හෝ දිගුකාලීන දේශපාලන දැක්මෙන් දුප්පත් වුවද, එකී අරගලය මහපොළොව මත ක්‍රියාත්මක වීමේ ධෛර්යය මෙන්ම පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමේ අනොන්‍ය එකඟත්වය ද පිළිබිඹු කරන සජිවී ආදර්ශයකි.

රතු කමිසකරුවන්ගේ (Red Shirts) ආරම්භය සිදුවන්නේ 2006 වසරේ දී සිදුවූ තායිලන්ත අගමැති තක්ෂීන් සිනවාත්රා (Thaksin Shinawatra) බලයෙන් පහකළ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුවය. සිනවාත්රාගේ නායකත්වයෙන් යුතු තායි රක් තායි (Thai Rak Thai Party) පක්ෂයේ ආධාරකරුවන්ගෙන් ආරම්භක රතුකමිස ව්‍යාපාරය ආරම්භ විය.

තායිලන්තයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ සිනවාත්රාගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සඳහා ජන සහයෝගය ලැබුණ අතර ඔහු විසින් ඉදිරිපත් කළ විශ්වීය සෞඛ්‍යාරක්ෂණ සැලසුම (universal health care system) තුලින් රටේ සිටින ‍පහළම ආදායම් ලබන වැඩකරන ජනයා අතර ප්‍රසාදයට පත්විය.

2006 වසරේ ආරම්භ වූ රතු කමිසකරුවන්ගේ ව්‍යාපාරය කෙමෙන් සමාජ ව්‍යාපාරයක් බවට පත්විය. මේ වන විට එය උච්ඡස්ථානයට ආසන්න වෙමින් පවතී. මීට මසකට පමණ පෙර ආරම්භ කළ දශලක්ෂයේ පෙළපාලියේ (Million-Man March) ඉල්ලීම වූයේ ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා, දින 15ක් ඇතුලත මැතිවරණයක් ප්‍රකාශ කරන ලෙසටය. දේශපාලන කේවල් කිරීමක් ලෙස එහි එතරම් ගැඹුරු දේශපාලනයක් නොතිබුණ ද ඒ ‍ වෙනුවෙන් සංවිධානය වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේදී සිය අරමුණු මුදුන් පමුණුවාගැනීම වෙනුවෙන් දැක්වූ එකමුතුබව, අධිෂ්ඨානය, කැපකිරීම දිනක වැඩ වර්ජනයක් කරගත නොහැකි අපේ ඇත්තන්ට මහඟු ආදර්ශයකි. බැංකොක් නගරයේ වෙළඳ සංකීර්ණ, මංමාවත් තුල කඳවුරු ගසා සිටින ලක්ෂ ගණනක පිරිස සිය ඉල්ලීම ලබාදෙන තෙක් තවමත් නොසෙල්වී සිටිති.

රතුකමිස කරුවන් මේ වන පිවිස සිටින්නේ තායිලන්තයේ ආර්ථිකමය, දේශපාලනික වශයෙන් මෙන්ම ආරක්ෂාව අතින්ද අතිශයින් තීරණාත්මක ස්ථානයන්ටය. බැංකොක්හි ආර්ථික මර්මස්ථාන, තායි කැබිනට්ටුව රැස්වන ස්ථානය වටකර ඇත. මෙතෙක් සාමාකාමීව පැවති උද්ඝෝෂනයන්ගේ ලේ සෙලවුණේ පසුගිය අප්‍රේල් 10 වැනිදා ය. රජයේ හමුදාවන් විසින් එල්ලකළ වෙඩිපහරින් රතුකමිසකරුවන් 18ක් පමණ මියගිය අතර හමුදා සෙබළු කිහිප දෙනෙක්ද මිය ගියහ. 800ක පමණ තුවාලකරුවන් අතරින් වැඩිදෙනා හමුදා සෙබළුන් බව ද පැවසේ.

තක්ෂීන් සිනවාත්රා නැවත බලයේ පිහිටුවීම සඳහා මෙම ව්‍යාපාරය ආරම්භ වුවද මේ වන විට එහි පන්ති අරගලයක සටන් පාඨ හඬනැංවෙන බව සොෂලිස්ට් වර්කර් (http://socialistworker.org) වෙබ් අඩවිය පෙන්වා දේ. එහි සම්මුඛ සාකච්ඡාවකට එකවන තායිලන්තයේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මෙන්ම සමාජවාදියෙකු වූ ගයිල්ස් ජි අන්පකෝන් (Giles Ji Ungpakorn) පවසනුයේ, රතුකමිස ව්‍යාපාරය ආරම්භයේදී සිනවාත්රාගේ දේශපාලන ආධාරකරුවන්ගේ ව්‍යාපාරයක් බවට පත්වුවද මේ වන විට එය වැඩකරන ජනතාවගේ පූර්ණ සහයෝගය හා සහභාගීත්වය ලැබූ වැඩකරන ජනතා ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි. (http://socialistworker.org/2010/04/09/struggle-shaking-thailand) එය දේශපාලනමය වශයෙන් සමාජවාදි නොවුනත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගනිමින් ඒ හරහා වැඩකරන ජනතා අයිතීන් දිනාගැනීම අරමුණු කොටගත්තක් බව ඔහු පවසයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (www.wsws.org) දක්වා සිටින ආකාරයට තක්ෂීන් සිනවත්රාගෙන් වැඩකරන ජනතා අයිතීන් බලාපොරොත්තු වීම විහිළුවකි. එසේ වුවද රතු කමිස ව්‍යාපාරයට වැඩකරන ජනතාවගේ සියළු කොටස් වල සහයෝගය ලැබෙමින්
පවතින අතර පහළ ශ්‍රේණියේ හමුදා සෙබළුන්ගේ පවා පක්ෂපාතීත්වය රතුකමිසකරුවන් වෙත ලැබීම හේතුවෙන් හමුදාව තුල පවා අභ්‍යන්තර කැළඹීම් හට ගෙන ඇත.

මේ අතර 2006 දී සිනවාත්රා බලයෙන් පහ කළ හමුදාපති ජනරාල් අනුපොන්ග් පඕචින්දා (General Anupong Paochinda) ද ප්‍රකාශ කොට ඇත්තේ දේශපාලන විසඳුමකින් මෙම ගැටළුව විසඳාගත යුතු බවයි. රටේ සිටින මධ්‍යම පාන්තික ප්‍රභූන්ගේ විශ්වාසය ද අහිමිකොට ගෙන සිටින අගමැති අභිසිට් (Abhisit Vejjajiva) මෙතෙක් රතුකමිසකරුවන් ගේ ඉල්ලීම් වලට එකඟත්වයක් පළකිරීමක් ද සිදුව නොමැත. ඔහු එකඟව ඇත්තේ මාස 06ක් තුල ආණ්ඩුව විසිරවීමටය.

ගයිල්ස් ජි අන්පකෝන් (Giles Ji Ungpakorn) ගේ බ්ලොග් අඩවිය (http://wdpress.blog.co.uk/) උපුටා දක්වන Socialist Alternative වෙබ් අඩවිය (http://www.sa.org.au/international/2644-thailand-hundreds-of-thousands-protest-to-defend-democracy) රතු කමිසකරුවන්ගේ අරගලය තුල ශක්තිමත් දේශපාලනික දෘෂ්ඨියක් නොමැතිකමේ අඩුව පෙන්වා දේ. ඔහුට අනුව සමාජය වෙනස් කිරීම සඳහා තීරණාත්මක වන්නේ නිශ්ක්‍රීය බහුතරයකට වඩා සක්‍රීය සුළුතරයක් බවට මේ තවත් උදාහරණයකි.

බැංකොක් නගරයේ සිට දේශපාලන විශ්ලේෂණයක යෙදෙන බීබීසී වාර්තාකරු රැචල් හාවිට අනුව (news.bbc.co.uk/2/hi/asia-pacific/8575851.stm) රතු කමිසකරුවන්ගේ අර‍ග‍ලයේ නිරත තායිලන්ත ජනයා තුලින් මතුවන්නේ හුදු මැතිවරණයක් ඉල්ලීම නොව සමස්ත ක්‍රමයටම එරෙහිව ඔවුන්ගේ ඇති විරෝධයයි. බීබීසි වාර්තාකරුට අනුව ක්‍රමය වෙනස් කිරීම අර්ථගැන්වීම එක් ආකාරයක වුවත් සමස්ත ක්‍රමයේ ඇති පීඩාකාරී බව, විනාශකාරී බව ලෝකයේ ක්‍රමය ආරක්ෂාකිරීම වෙනුවෙන් මුක්කු ගහන මාධ්‍ය ආයතනයකම වාර්තාකාරයෙකුටත් අවබෝධකරගත හැකි තරම් තීව්‍ර වී ඇත.

තායිලන්ත වැඩකරන පන්තියේ ජනයා තුළින් නැගෙන ආවේගය රතු කමිසකරුවන්ගේ ව්‍යාපාරය තුළින් එළිදැක්වෙන එකී ශක්තියෙන් ලෝකය වඩා යහපත් තැනක් බවට නිර්මාණය කරගැනීමට නම් තීරණාත්මක වන්නේ එකී අරගලයට නායකත්වය දෙන්නන්ගේ දේශපාලනික දෘෂ්ඨියයි. පීඩාව තුළින් ගොඩනැඟුනා වූ වැඩකරන ජනතාවගේ ආවේගය මෙහෙයවීමේ දිශාව තෝරාගැනීමේ පරිණත භාවය එහි සාධනීය බව හෝ නිශේධනීය බව තීරණය කරයි. 2002 වසරේ බලයට පත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට එරෙහිව බලමුළුගැන්වුණු ජනමතය එකල ඊට නායකත්වය සැපයූ ජවිපෙ විසින් මෙහෙයවූයේ ජාතිකවාදී අන්තයක් දෙසටය. අවසානයේ සිදුවූයේ ඔවුන් විසින් පත්කළ ජනාධිපතිවරයා විසින් ජවිපෙට පයින් ඇණ පුද්ගල බලලෝභය තෘප්තිමත් කිරීම සඳහා එය යොදාගැනීමත්, වර්ගවාදී, මූලධර්මවාදී ජන මතයක් නිර්මාණය කොට තමන්ගේ පැවැත්ම ස්ථාවර කරගැනීමත්ය.

රාජ්‍යයේ හැසිරීම එහි වෙසෙන ජනයා විසින් ප්‍රශ්ණ කරන විටකදී, එය මඟහැර එකී ප්‍රශ්ණ කරන්නන් " ත්‍රස්තවාදීන්" ලෙස ලේබල් කිරීමට තායිලන්ත අගමැතිවරයා ද පියවරගෙන ඇත! ඇමරිකාවේ සිට ලංකාව දක්වා දේශපාලනික වශයෙන් නොමඟ යැවීම සඳහා යොදාගන්නා මේ වචනයේ අවස්ථාවාදී අරුත දැන්වත් අප තේරුම්ගත යුතුය.

තායි නියෝජ්‍ය අගමැති සුතෙප් තවුග්සුබාන් (Suthep Thaugsuban) විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද්දේ අහිංසක රතු කමිසකරුවන් දින දෙකක් ඇතුලත පිටවිය යුතු බවයි. (news.bbc.co.uk/2/hi/asia-pacific/8624218.stm) ඒ අනුව දින දෙක ඇතුළත පිටව නොයන්නන් ක්ෂණයෙන් “ත්‍රස්තවාදීන්” වනු ඇත.

ත්‍රස්තවාදියා හා සාමාන්‍ය පුරවැසියා අතර ඇත්තේ දින ගණන පිළිබඳ ප්‍රශ්ණයෙකි. නොඑසේ නම් පෙනීසිටීම පිළිබඳ ප්‍රශ්ණයකි. තවදුරටත් විස්තර කර ඇති නියෝජ්‍ය අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ත්‍රස්තවාදින් සාමාන්‍ය මිනිසුන් මිනිස් පළිහක් ලෙස පාවිච්චි කරන බවයි!

තායිලන්ත ජන අරගලයේ තවත් සුවිශේෂිත්වයක් නම් ඔවුන් විසින් නුතන මාධ්‍යයන් තමන්ගේ පිරිස හැසිරවීමට, බලමුළු ගැන්වීමට යොදාගැනීමයි. තායිලන්ත රජයේ මාධ්‍ය විසින් දැඩිලෙස රාජ්‍ය පක්ෂපාතී හා ජනයා නොමඟ යවන සුළු පුවත් විකාශනය කරන බැවින් රතු කමිසකරුවන් තමන්ගේම වූ රූපවාහිනී චැනලයක් ආරම්භ කොට ඇත.

ඊට අමතරව ඔවුන් විසින් අන්තර්ජාලයේ වෙබ් අඩවි හා බ්ලොග් අඩවි සිය ප්‍රවෘත්ති සන්නිවේදනය උදෙසා භාවිතා කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 10000කට ආසන්න වෙබ් අඩවි හා බ්ලොග් අවඩි තායිලන්තය තුළ තහනමට ලක්ව ඇත. (http://advocacy.globalvoicesonline.org/2010/04/12/thailand-pulls-plug-on-tv-station-decrees-martial-law-arrests-webmasters-blocks-10000-more-websites/)

මීට අමතරව රතුකමිසකරුවන්ගේ මූලික දැනුවත් කිරීම් හා බලමුළුගැන්වීම් සඳහා බොහෝ දුරට facebook groups භාවිතාකළ බව දැනගන්නට ඇත. මීට අමතරව රතුකමිසකරුවන්ගේ ව්‍යාපාරයට එරෙහිව ක්‍රියාත්මක උද්ඝෝෂණයක් සඳහා ලක්ෂ තුනකට අධික පිරිසක් සහභාගි කරවීමට නියමිත අතර ඒ අතරින් සැළකිය යුතු පිරිසක් facebook groups තුළින් දැනුවත් කළ අය බව පැවසේ.(http://english.people.com.cn/90833/90834/index.html)

රතුකමිසකරුවන්ගේ අරගලය තවමත් අවසන්ව නොමැත. එහි දේශපාලනික ගමන් මඟ පිළිබඳව ද අපට පූර්වකථනයන් ඉදිරිපත් කළ නොහැක. එසේ වුවද පුද්ගල ආත්මාර්ථය උත්කර්ෂයට නංවන සමාජ ක්‍රමයක් තුල තායිලන්ත වැසියන්ගේ ධෛර්ය, උත්සාහය, කැපවීම මෙන්ම සාමූහිකත්වය කෙරේ තැබූ විශ්වාසය පිළිබඳව අ‍පගේ ගෞරවාදරය හිමිවේ.

අවසාන වශයෙන් ඔවුන්ගේ අරගලය වෙනුවෙන් සහයෝගය පළකරන අතරම භූමිය තුල සිදුකරන අරගලය අපහසු, කැපකිරීම් කළ යුතු, ඇඟරිදෙන වැඩක් වනවා මෙන්ම එකී අරගලය මෙහෙයවෙන දෘෂ්ඨිමය අවියේ පරිණත බව, පළල් බව නොවේ නම් ඉහත සිදුකළ සියළු ශාරීරික දායකත්වයන්ගේ උපරිම ඵල නෙලා ගත නොහැකි වනු ඇති බවට අවධාරණය කරමු.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Red shirt movement thailand
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Anish මෙහෙම කියනවා :
agreed with sunanda d
i recently read an article on the same by sunanda
the best thing is to wait n see


කිවුව වෙලාව- 2010-05-03 22:09:29
sunanda මෙහෙම කියනවා :
රතු කමීසකාරයන් සහ භූමිබෝල් රජතුමා සහ රාජකීය බපවේග අතර සබඳතාවය ලිපියෙහි ප‍්‍රමානාත්මකව දැක්වෙන්නේ නැතැයි සිතමි. රතුකමීසකාරයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයින් ලෙස දැක්වීම තරමක අතිශෝක්තියක් ලෙස පෙනේ. සිනවත‍්‍රා විසින් තායිලන්තයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දෙනු ඇතියි සිතීම දුෂ්කර ය. සිනවත‍්‍රා බලයේ සිටි අවදියේ ජනහමාධ්‍ය නිදහස දරුණූ ලෙස සීමා කරන ලදී. ඔහු එක්තරා විදියක ඉතාලියානු බුලස්කෝනි කෙනෙකි. මරණ මංචකයේ සිටින භූමිබෝල් රජතුමා මෙම අර්බූදයේ කොතරම් සාධකයක් ද යන්න අප තවම දන්නේ නැත. මා සිතන විදියට අප තීරණයක් දීමට හදිසි විය යුතු නැත.

කිවුව වෙලාව- 2010-05-03 16:45:14
sunanda මෙහෙම කියනවා :
රතු කමීසකාරයන් සහ භූමිබෝල් රජතුමා සහ රාජකීය බපවේග අතර සබඳතාවය ලිපියෙහි ප‍්‍රමානාත්මකව දැක්වෙන්නේ නැතැයි සිතමි. රතුකමීසකාරයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයින් ලෙස දැක්වීම තරමක අතිශෝක්තියක් ලෙස පෙනේ. සිනවත‍්‍රා විසින් තායිලන්තයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දෙනු ඇතියි සිතීම දුෂ්කර ය. සිනවත‍්‍රා බලයේ සිටි අවදියේ ජනහමාධ්‍ය නිදහස දරුණූ ලෙස සීමා කරන ලදී. ඔහු එක්තරා විදියක ඉතාලියානු බුලස්කෝනි කෙනෙකි. මරණ මංචකයේ සිටින භූමිබෝල් රජතුමා මෙම අර්බූදයේ කොතරම් සාධකයක් ද යන්න අප තවම දන්නේ නැත. මා සිතන විදියට අප තීරණයක් දීමට හදිසි විය යුතු නැත.

කිවුව වෙලාව- 2010-05-03 16:44:17
Abe මෙහෙම කියනවා :
a good and balanced review

කිවුව වෙලාව- 2010-04-28 23:49:51
කසුන් මෙහෙම කියනවා :
සටහන ගැන ස්තූතියි.!!

රතු කමීසකාරයන් ගැනැත්, තායිලන්තයේ මතුවෙමින් තිබුනු මහජන විරෝධතා ගැන අසාදැනගෙන සිටියත් එය හුදෙක් තක්සින් සිනවත්‍රාව බලයේ පිහිටුවීම අරමුණු කරගත් ව්‍යාපාරයක් වශයෙන් මිස, එහි මේ ස්වභාවය ගැන අදහසක් තිබුනේ නැහැ.

WSWS කියන පරිදිම සිනවත්‍රාගෙන් වැඩකරන ජනතා අයිතීන් බලාපොරොත්තු වීම විහිළුවක් තමයි. එහෙත් ඒ නිසාමම මේ අරගලයේ වැදගත්කම සහ ඊට මූලිකවන අනෙකුත් සාධක වල වටිනාකම අවප්‍රමාණ වෙන්නෙ නැහැ. න්‍යායික ආස්ථානයන්ට පමණක් කොටුව සමාජ අරගල සහ සමාජ ගතිකයන් දිහා බැලීම කෙසේ වෙතත්, මෙවැනි විරෝධතා ව්‍යාපාර තුල ප්‍රගතිගාමී පැත්තක් තියෙනවා. නිර්වින්දනය වෙමින් පවතින ඕනෑම සමාජයක් ආපසු පියවි සිහිය පැත්තට අඟලකින් හෝ ගෙනඒමට.
සමහර විට මේ අරගලය තක්ෂින් සිනවත්‍රාවබලයේ පිහිටුවීමෙන් අවසන් විය හැකියි. එහෙත් අරගලය හරහා තායිලන්ත සමාජයට ඇතිකරන ලද බලපෑම එතනින් නවතින්නෙ නැහැ. නිදසුනක් හැටියට 71 කැරැල්ල ගැන කොපමණ විවේචන තිබුනත්, ඒ හරහා ඇතිවුනු සහ අද දක්වාත් ඇති සමාජමය බලපෑමේ ස්වභාවය සලකන්න පුලුවන්.


කිවුව වෙලාව- 2010-04-27 02:04:02
පුලස්ති මෙහෙම කියනවා :
විස්තරේට තැන්ක් යු වේවා!

තක්සින් සිනවත්‍රා පට්ට දක්සිනාංසික ඩයල් එකක්.මිනිහ තමයි මේ ව්‍යාපාරේ සංකේතය විදිහට ඉන්නෙ.හැබැයි සංකේතේ උඩ ව්‍යාපාරේ ගුනය තින්දු නොකර ඊට වැඩිය සීරියස් විග්‍රහයකට ගිය එක තමයි වටිනාකම.අපේ සමහර වමේ බුවාලා හොද සංවාදකාරයෝ.ඒ සංවාද කාරයන් පිරිසිදු නිර්මල විප්ලව ගැන ගොඩාක් ටෝක්ස් දෙනවා.හැබැයි මහ පොලොවේ විප්ලව වෙන්නේ ,කොරන්නේ පොත්වල හරි පත්තරවල ලියල තියන විදිහට නෙමෙයි කියන එක පෙන්නන එල එක්සාම්පල් එකක් තායිලන්තෙ සීන් එක.බොස් කිව්ව වගේ මේක සමාජවාදී එකක්ම කියන්න බැරි වුනාට සමාජ ප්‍රජාතන්ත්‍රවාදි සටන්පාට එක්ක මතුවෙන මේ මහජන නැගිටීම ඒ පැත්තට තල්ලු වෙන්න පොසිබිලිටියක් තියෙනවා.
සමහර වමේ සංවාද ඩයල්වලට අඩුම තරමින් කියුබාවෙ විප්ලවේවත් සමාජවාදි එකක් වුනේ නැහැනෙ.මොකද ඒක උනේ පොතේ හැටියට නෙමෙයි ගරිල්ලා නැගි‍ටීමක් විදිහට හින්ද.

Posted by පුලස්ති to බූන්දි|BOONDI Blog at 26 April 2010 10:23


කිවුව වෙලාව- 2010-04-27 00:29:13
roshan මෙහෙම කියනවා :
eka dawasaka wada warjanayak wath karaganna bari rate minissu awul hindayi. uba wadakarayek nam eka thanakata minissu 500 genehalla pennapan samajamaya wadakata.

කිවුව වෙලාව- 2010-04-26 10:06:30
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ආනන්ද මෛත්‍රෙය හිමි ආගම්වාදීන්, ජාතිවාදීන් ගැන....
ආගම්වාදීන්, ජාතිවාදීන් අන්ධයන් පෙළක් වැනිය. මුලින් සිටින්නා ද නොදකියි, මැද සිටින්නා ද නොදකියි- පිටුපසින් සිටින්නා ද නොදකියි.

-බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි (1896- 1998)
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook