Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පේරි
බූන්දි, 01:41:14
1

ක්‍රිෂාන්ති කුමාරස්වාමි යාපන ප්‍රදේශයේ ජීවත්වූ තරුනියකි.අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් සාමාර්ථ 7ක් සහිතව සමත් ව සිටි ඇය උසස් පෙල සදහා විද්‍යා විෂයන් හදාලාය.
1996 සැප්තැම්බර් 07 වන දින ඇය පාසල වෙත නික්මුනේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම සදහාය. පිලිතුරු ලියූ ඉක්බිති සිය පා පැදියෙන් මිතුරියක බැලීමට ඇය පිටත් වූවාය. අතරමගදී කයිතාඩි හමුදා මුරපොලේදී ඇයව රදවා ගනු ලැබින. පස්වරු 2ට ඇයව හමුදා භාරයට ගනු මග යන එන කිහිප දෙනෙක් විසින් දක්නා ලදී.

එසේ දුටූවෝ ඇය හමුදා භාරයට පත්වූ පුවත ඇගේ මවට දන්වනු ලැබූහ. කයිතාඩි මහා විද්‍යාලයේ උප විදුහල්පතිනිය ලෙස සේවය කල 59 හැවිරිදි රාසම්මා කුමාරස්වාමිගේ සැමියා පිලිකා රෝගයට ගොදුරුව කලකට ඉහතදී මිය ගොස් තිබුනි.

සිය දහසය හැවිරිදි පුත්‍රයා වූ පරවනන් හා අසල්වාසියෙක් වූ 32 හැවිරිදි සිතම්පරම් සමග සිය දියනිය සෙවීම උදෙසා රාසම්මා කුමාරස්වාමි සිය නිවසින් හමුදා කදවුර වෙත පිටත් වූවාය. දවස අවසාන වීමට ප්‍රථම මේ සියල්ලෝ අතුරුදහන් වූහ. අතුරුදහන් වූවෝ යලි මතු වූයේ දින 45ට පසුවය. හමුදා පරිශ්‍රය අසල නොගැඹුරු මිනී වලකින් සිවුදෙනාගේ සිරුරු ගොඩගන්නා ලදී. පලල් කඹයකින් ගෙල සිරකරනු ලැබ රාසම්මා කුමාරස්වාමි මාතාව මරා දමා තිබුනි. සිතම්පරම්ගේ සිරුර එවැනිම කඹයකින් වෙලනු ලැබ හුස්ම හිර කොට ඝාතනය කොට තිබුනි. ක්‍රිෂාන්තිගේ හා ඇගේ දහසය හැවිරිදි සොයුරාගේ මල සිරුරු කෑලි කෑලි වලට කපා දමා තිබුනි.

පසුව සාක්ෂි වලින් හෙලි වූ පරිදි හමුදා භාරයේදී ක්‍රිෂාන්ති සොල්දාදුවන් සය දෙනෙකු අතින් සාහසික ලෙස දූෂනයට ලක්වී තිබුනි. රංචු ගැසී දූෂනය කිරීමක (gang rape ) ගොදුර බවට විභාගය අවසන් කොට ගෙදර එමින් සිටි මෙම තරුනිය පත්විය. සය වෙනි සෙබලා සිය අවස්ථාව අර ගැනීමට පෙර - ඒ වනවිටත් පස් වරක් දූෂනයට ලක්ව හෙම්බත්ව සිටි තරුනිය වතුර පොදක් බීමට ඉල්ලා තිබේ. "කරුනාකර විනාඩි පහක් මට පාඩුවේ ඉන්න අරින්නැයි" ඇය හය වෙනි සෙබලාගෙන් ඉල්ලූ බවද හෙලිදරවු විය.
ඇය මරා දැමුනේ ඉන් පසුවය.

2

තුන්වන ගැමුනු බලකායේ ලුතිනන් ඒ.විජේසූරියගේ අන මත අමරදාස රත්නායක නම් සොල්දාදුවාගේ වෙඩි පහර කාගෙන කතරගම නගර මධ්‍යයේ ප්‍රේමවතී මනම්පේරි බිම ඇද වැටුනේ ක්‍රිෂාන්තිගේ මරනය වීමට වසර 25 ට පෙර 1971 දීය. මිය යාමට පෙර දින අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රේමවතී රැය පුරා හමුදා නිලධාරින්ගේ අඩත්තේට්ටම් කිරීමට ලක්ව සිටියාය. නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ නිරුවත් කරනු ලැබූ තරුනිය තිරශ්චීන ලෙස වෙඩි තබා මරා දැමීමට ලක්වූවාය. පසුකාලීන නඩු විභාගයකදී මිනීමැරීමට තැත් කිරීම යටතේ ඒ.විජේසූරිය හා අමරදාස රත්නායක චෝදනා ලැබූ අතර චෝදනාවට වරදකරු කරනු ලැබ සිරදඩුවම් නියම විය. කෙසේ වෙතත් කතරගම ප්‍රදේශයේ "ත්‍රස්තවාදී" ක්‍රියා මැඩපැවැත්වීමට කල "සේවය" සලකා පසුව ඒ.විජේසූරියගේ දඩුවම ලිහිල් කරන ලදී.

3

ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පේරි යනු සංකේත දෙකකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහසිකත්වයේ හා හිංසනයේ සංකේත දෙකකි.

රාජ්‍යය වූ කලී සංවිධානය වූ හිංසනයයි.සමාජයට "සේවා" සපයන අහිංසක ආයතනයක් ලෙස වෙස් ගන්වා තිබුනද රාජ්‍යයේ අභ්‍යන්තර සාරය බලහත්කාරයයි. හිංසනයයි.එය සෑම විටම එක්තරා සමාජ කන්ඩායමක, ස්ථරයක උවමනාවන් ආරක්ෂා කරයි. මතුපිට සැරසිලි ඉරා දැමූ විට අභ්‍යන්තරයේ පෙනෙන නිරුවත් ඇත්ත එයයි.

රාජ්‍යයේ අභ්‍යන්තර සාහසිකත්වය එලියට පනින්නේ රාජ්‍යයේ පදනම සැබැවින්ම අභියෝගයට ලක්වු කලය. රාජ්‍යය විසින් ආරක්ෂා කරන ප්‍රභූවේ පැවැත්ම සමාජයේ විවිධ කොටස් අතින් ප්‍රශ්න කෙරෙන කල රාජ්‍යය සිය වර්නවත් සලු පිලි ඉවතලා එහි උපන් ඇදුමින් පෙනී සිටී.

ලංකාවේ සිංහල කේන්ද්‍රීය ධනපති රාජ්‍යය අවස්ථා තුනකදී මෙරට බැහැර කරන ලද ජනකොටස් අතින් ප්‍රශ්න කිරීමට ලක්විය. 71,88 හා ඊලාම් කැරැල්ල එම අවස්ථා තුනයි. අවස්ථා තුනේදීම සිය ව්‍යාජ "ප්‍රජාතන්ත්‍රවාදී" සලු පිලි උනා දැමූ රාජ්‍යය තමන්ව ප්‍රශ්න කිරීමට තරම් දිරිමත් වූවෝ බුල්ඩෝසර් කර දැමිමට සිය අවයව වලට විධාන දුන්නේය. හමුදාව නම් වූ රාජ්‍යයේ ප්‍රධාන අවයවය එම විධානය සියතට ගත්හ.

සිහලුන් වේවා දෙමලුන් වේවා - සාමාන්‍ය මිනිසා මෙම රාජ්‍ය අවයවයන් හට හුදෙක් ද්‍රව්‍යයයන් පමනි. මනම්පේරි ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර කොට මරා දැමුනේ ඈ තුල මිනිස් සාරයක් ඔවුහු නොදුටු නිසාය. කුමාරස්වාමි මෙන්ම ඇගේ කුඩා සොහොයුරාද කෑලි කෑලි වලට කපා ගෝනි තුල වලලනු ලැබූයේ කුමාරස්වාමිලා ගනන් නොගත යුතු මිනිස් "කෑලි" වූ නිසාය.

මනම්පේරි හා කුමාරස්වාමි උතුරේදි මෙන්ම දකුනේදී අසාධාරනයට අතවරයට හා පෑගීමට ලක්වූ නම් දත් නොදත් දස දහස් සංඛ්‍යාත තරුන තරුනියන් අතුරින් සංකේත දෙකකි.ඔවුන් ඝාතනය කල "නියෝජිතයන්" දඩුවම් ලැබුවද නියෝජිතයන් හට විධානය පැවරූ රාජ්‍යය - එය අද උතුරද දකුනද යටකරගෙන ආඩම්බරයෙන් සිනාසෙමින් සිටී.

පශ්චාත් යටත්විජිත ලාංකීය ඉතිහාසය නැවත ලිවිය යුතුය. එය ලිවිය යුත්තේ මනම්පේරිලා හා කුමාරස්වාමිලාගේ රුධිරයෙනි. ඔවුන් හෙලූ කදුලෙනි. මෑත ඉතිහාසය යනු ඔවුනගේ ලේ කදුලු වල ඉතිහාසය මිස බන්ඩාරනායකලාගේ රාජපක්ෂලාගේ හෝ ප්‍රේමදාසලාගේ "දැහැමිකම" පිලිබද ඉතිහාසය නොවේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Krishanti Kumaraswamy, Krishanthi Kumaraswamy, Premawathi Manamperi, Kataragama beauty queen, Katharagama Rupa Rajiniya
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Venura මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-01-24 20:04:24
අදෘශ්‍ය මෙහෙම කියනවා :
[kumaraya]
මේවා පුන පුනා උලුප්පමින් නැවත නැවත ප්‍රකාශ කිරීම හරි මදි වගේ නේද..?
ඔව් ඔව් ඔව් හරිම අසෝබනයි

ඇත්ත කියපිය තෝ මැකියාවෙල්ලිගේ කුමාරය නේද?


කිවුව වෙලාව- 2011-01-21 00:52:52
Anonymous මෙහෙම කියනවා :
කිසිම දෙයක් අලුතෙන් නිශ්පාදනය නොවෙන නිර්මානය නොවෙන ලොංකීය සමාජයේ තියෙන්නේ පරණ දේවල් රිසයක්ලික් කිරීම නිසා මේවාම ආයෙම ආයෙම ලියන එක හැර වෙන මොනව කරන්නද? ....කියලත් හිතෙනවා. එහෙම නැද්ද?

මේ දවස්සල පත්තර පිටු පුරෝල කතා කරන නිවුස් මවන සිරස සුප්පුස්ටාර් අරං බැලුවම ඒක ගෙඩිය පිටිං පිටරටක කොරපු එකක කොපියක්. ඒ මදිවට සේරමලට ගායනා කරන්න වෙන්නෙත් පරණ සිංදුමයි. අලුත් සිංදු කියල ජාතියක් ලොංකීය සංස්කෘතියෙ කලාවේ නැහැනේ. තියෙන්නෙම පරණ ඒවා රිසයික්ල් කරන එකමයි. එතකොට දේසපාලනේ වෙන්නෙත් පරණ හොරුම රිසයික්ල් වෙලා එන එක. සේරම ලොංකාවේ වෙන්නේ කවුරු හරි හදපුවා නැවත නැවත පරිබොජනය කරන එක. පොටෝකොපි වෙන එක.

අලුතෙන් මොනවත් නිශ්පාදනය නොකරන නිසා මේ වගේ අපරාධ ගැන වුනත් පුන පුනා කියන එක මැකියාවෙලීට දරාගන්න අමාරු නම් කරන්න ඕන අලුතින් අපරාධ නිශ්පාදනය කරන එක තමයි. නේද??? අලුත් භීෂණයක් අලුත් යුද්දයක් වගේ මොනව හරි...මේ දරාගන්න බැරි හිස්කම වහගන්න මොකක් හරි දෙයක්????

එතකොට පුනා පුනා කියන්න ඕනත් නැහැ පරණ ඒවා.

Posted by Anonymous to බූන්දි|BOONDI at 14 May 2010 05:36


කිවුව වෙලාව- 2010-05-16 23:27:43
kumaraya මෙහෙම කියනවා :
යුද්ධයකදී හෝ භීෂණ සමයකදී ඔබඳු දේ සිදු වීම ස්භාවිකයි.සමහර අවස්ථා වලදී ඔයිට වඩා දරුණු සිද්ධීන්ද ඇතිවෙයි. මම ඒවා අනුමත කරනවා නොවේ.
නමුත් මේවා පුන පුනා උලුප්පමින් නැවත නැවත ප්‍රකාශ කිරීම හරි මදි වගේ නේද..?

Posted by kumaraya to බූන්දි|BOONDI at 14 May 2010 05:15


කිවුව වෙලාව- 2010-05-16 23:27:06
Piksha මෙහෙම කියනවා :
@Roshan
"buduhamuduruwange kadarla tika"..?

kawuda? ganayo tikada?
okun gana kiyala wadak naha
dan dakkane ara kiribathgoda hora ganaya keliya pikshuwa somawathiye..

oluwak nathi wahansela siwuru poro gattahama oka wenawa


කිවුව වෙලාව- 2010-05-16 22:11:11
Mehga මෙහෙම කියනවා :
රාමාගේ ලේඛණය ඉතා වැදගත් කාරණාවක් ඉස්මතු කරන බවයි මගේ අදහස. අවිධිමත් ප්‍රචණ්ඩ සමාජයක ඒකක වූ අපද ඊට වගකිවයුතුයි මට හැඟේ. ඒ රාජ්‍යය හෝ රාජ්‍ය "අවයව" ඉන් නිදහස් කිරීමට නොව රාජ්‍යය හා රාජ්‍යය අවයව ශක්තිමත් කිරීමෙහිලා අප සෘජුව හෝ වක්‍රව කරන්නාවූ සහභාගීත්වය නිසයි. ඉතාමත් සංකීර්ණ චෙස් අතක ඉත්තන් වී සිටින අප ඉත්තන් ලෙස එකිනෙකා කපාගත් කාළය අත් හල යුතුව ඇත. අප "ඉත්තන්ද?", අත අදින්නේ රාජ්‍යය හා රාජ්‍යය අවයවයන්ද? නැතිනම් රාජ්‍යය හා රාජ්‍යය අවයවයන්ද අප මෙන්ම ඉත්තන්ද? නැතිනම් එය වරෙක ඉත්තෙක් හා වරෙක ක්‍රීඩකයෙක් ලෙස සංකීර්ණ හැසිරීම් ලක්ෂණ දක්වයිද? එසේනම් මනම්පේරිලා හා ක්‍රිෂාන්තිලාගේ කථා අනාගතයේ ඉතිහාසයට එක් වීම වළක්වන්නේ කොහොමද?

කිවුව වෙලාව- 2010-05-16 11:23:18
roshan මෙහෙම කියනවා :
machan Lalla, matanam LTTE JVP dekema pahala inna kadarlage awanka kamata garu karanna hithenawa. man hithanne api a sprit ekata garukala yuthuyi. buduhamuduruwange kadarla tika balapan. un patta horu

කිවුව වෙලාව- 2010-05-14 08:01:24
Lalla මෙහෙම කියනවා :
roshange katawa atthayi.
ada oya jvp eke ayyala mal puja karana wijewira lokka mona widihe ledekda kiyana eka danna minissu dannawa...

ewuwa wahala thiyenne pakshe palleha inna buruwo nikan boruwata wijewirata mal pudanawa

oya karali dekama 71 saha 89 kelo ganne eyama thama... eka ara uba kiyanawa wage phrabakharan unge eka kelogannawa wagema wadak tama...

wenask na..


කිවුව වෙලාව- 2010-05-14 05:09:07
roshan මෙහෙම කියනවා :
ela...api ekathuwelayi gema gahanna thibune.. eth karali deke nayakayo wishwasa karanna epa. prabakaranui wijeweerayi dennath mahinda wagema thamayi. ekama mould eka.


කිවුව වෙලාව- 2010-05-14 04:51:42
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රාමචන්ද්‍රගෙන් තවත් වියමන්
අදහස්
T-56 සහ තබ්ලාව | මිලිටරි රියැලිටි සංකල්පය
වෙසෙස්
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට ද?
අදහස්
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
අදහස්
අමාත්‍ය විමල් වීරවංශ නොහොත් ගෝනමඩිත්තේ පොඩි එකා
අදහස්
මර්වින් සිල්වා නම් වූ ඔලු දෙකේ සත්වයා
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
බර්ට්‍රන්ඩ් රසල් කියයි.
දේශප්‍රේමියෝ හැමවිටම තම මව්බිම වෙනුවෙන් "මැරෙන" බව කියති; එහෙත් ඔවුහු මව්බිම වෙනුවෙන් "මරන" බව කිසිවිටෙකත් නොකියති!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook