Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
හිත දවන මහ වැස්ස
බූන්දි, 01:02:48
සිතුම් සායම් පොවා මොහොතකට හැඩ කෙරූ
සුන්දරම ආකාස සිත්තමෙන් බිම වැටී
ගිනි වැදුණු අසිරිමත් පුරවරය සෝදමින්
බොර පාට මහ වැස්ස පා යටින් ගලා යන

බස්රියේ සීතලට - පිණි ඉහින හිරිකඩට
උණුහුමක් වී ඇවිත් -හිතේ ඉඳ කවි ලියන
සුවැති උරහිස් මහා සිහින පවුරට උඩින්
තියුණු නෙත් දහසක්ය මගේ නෙත් විනිවිදින

සීරුවෙන් අඩුක් කර කට මැහුව ගෝනියක
කර උඩින් උන් තිබ්බ ජීවිතේ මහා බර
තාම සවි ඇති කොන්ද නමාගෙන මග දුවන....
දාහ දූවිලි නිවන මහ වැස්ස දෙස බලා
අහසටම දෙස් තියන නාට්ටාමි මිනිසාන,
ඔබේ කුස නැගෙන ගිනි ඇවිල විත් මා දවයි......

ලෝ ඇසට නොම උනන කිරි කඳුළු ගෙනෙන්නට
රබර් ගස් සූරමින් ජීවිතය සොයන විට
ලැයිං ගෙයි කුස්සියේ රොටි සුවඳ දැනෙන තුරු
පිළේ හිඳ මග බලන පොඩි උන්ගෙ හීන මල්
වැහි වතුර පිරෙන පොල් කටුව තුළ පිපෙන විට
කිරි කපන නංගියේ,
මගේ බත් මුළ හෙමින් ඉකි බිඳියි

මහ පොළොව සිප වැළඳ-සෙනෙහසේ බිජු වපුළ
අස්වැන්න දිය කරන අහසටම දුක කියන
අඳ කුඹුර කෙළවරක ඇණ තියා බැත සොයන
ගොවියාන, ඔබේ බොර වූ දෑස් මා පෙළයි

බෝ ගසෙහි සෙවණ යට තල් පැළලි කඳවුරේ
මඩ දියෙන් කැළතෙමින් හිස් වළං පාව යයි
වෙඩි හඬට බිහිරි වුණු දෙසවනට
අකුණු හෙණ දරා ගනු බෑ තමයි
විතැන් වූ හදවතින් තල් පැදුර යළි වියන
සෝයුරනි, දනිමි මම.....
මේ උදෑසන ඔබට කළුවරයි

ඉතිහාස පාඩමක පිටු හැළුණ වීදියක
තෙත බරිත ජීවිතය මිරිකමින් වියළවන
සැඬ පහර දැක දැකම සන්සුන්ව ගමන යන
මිනිසුනේ, නුඹලාට මේ වැස්ස ණයගැතියි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
prarthana weerasinghe මෙහෙම කියනවා :
kalpana sindawana me mahawessa,kalpana pubududuwana me ma wessa,klpana kawiyaka pibidila,lassanama kawi hithaka....

කිවුව වෙලාව- 2010-05-21 04:20:57
isuru chamara somaweera මෙහෙම කියනවා :
mmm maarama lassana kawiyak, mawa themila thetha barith wunaa, wessa angata danenawa, kawiyaa athule widuli kotanawa. hirikada moonata wadinawa. oyaa marai.

කිවුව වෙලාව- 2010-05-20 04:07:11
කුල්ටූරා නොහොත් ඉන්වර්ස් නටුරා මෙහෙම කියනවා :
"සීරුවෙන් අඩුක් කර කට මැහුව ගෝනියක
කර උඩින් 'උන්' තිබ්බ ජීවිතේ මහා බර"


කවුද මේ 'උන්'?


කිවුව වෙලාව- 2010-05-20 01:27:08
Kanchana Wijesena මෙහෙම කියනවා :
Hariima Apuru kavak!

කිවුව වෙලාව- 2010-05-17 02:38:45
ආගන්තුකයා මෙහෙම කියනවා :
කිරි කපන නංගියේ,
මගේ බත් මුළ හෙමින් ඉකි බිඳියි

මේක අපි හැමෝම අත්විඳින සත්‍යයක්... අපි අනේ පව් ඒ මිනිස්සු කියලා අනුකම්පාව කියලා එකක් හිතේ අප්ඩේට් කරලා ඒක හිත හිත අපි අපේ බත් එක කාලා සිගරට් එකක් බීලා ඒ වේදනාව නිවා ගන්නවා.. ඒත් ආපහු වැස්සාම පස්සෙත් මේ චක්‍රය ආපහු මේ විදිහටම කැරකෙන්න ගන්නවා.. මේකට මොකද කරන්නේ...

සැඬ පහර දැක දැකම සන්සුන්ව ගමන යන
මිනිසුනේ, නුඹලාට මේ වැස්ස ණයගැතියි

මේක පට්ට කියන්නේ වෙන මුකුත් හින්ද නෙමෙයි මේක පට්ට හින්දා .. එච්චරයි...!


කිවුව වෙලාව- 2010-05-17 02:37:51
E.A. Dawson Preethi මෙහෙම කියනවා :
කවිය ගීතවත් වගේම රූපකාර්ථවත් භාෂාව ලස්සනයි. වචනවල සුමධුර බව අසාමාන්‍යයි. කවියක හැඟුම හදවතින් විඳ දරා ගන්නට ඇවැසි සහ සුදුසු සියළු දෙයින් පෝෂිතයි. මනසේ රැව් දෙවයි. විචිත්‍ර චිත්‍රාවලියකින් හද බැඳ ගනියි.

හිත දවන මහ වැස්ස නේ මේ? ඉතිං හැකි තරමක් පුද්ගල/වර්ෂා ගැටුමේ පැතිකඩවල් නිරූපණය වෙලා තියෙනවා තව වැස්සේ නෛසර්ගික ගතිගුණ විද්‍යානුකූලව යොදා ගනිමින් කියලයි මට දැනුනේ.

වැස්ස පටන් ගන්න හැටිත් හරිම ලස්සනයි. අර මං ඉස්සෙල්ලම ලියපු වාක්‍ය කීපය ලියැවුනේම ඒ හරිය ගැන මෙනෙහි වෙද්දිමයි. දෙවෙනි පැදියට එද්දි පෙම්වත් උණුසුමකුත් වැස්ස අතරින් පෙරී එනවා. ඒකත් කදිමයි. පුදුමේ කියන්නේ "සුවැති උරහිස්" කියන වචන දෙක එතන කරන "වැඩේ" නිසා වැස්ස මොහොතකට අමතක කරවනවා.

අහසට දොස් කියන අයගෙන් වෙන් වෙලා අස්වැන්න දිය කරපු... අයගේ බොර ඇස්වල සැඟවුනු කතා අතරින් හිස් වළං පාව යන අවකාශයට පහත් වෙන හැටි අපූරුයි.

වෙඩි හඬට බිහිරි වුණු දෙසවනට
අකුණු හෙණ දරා ගනු බෑ තමයි

මෙතන පොඩි වැරදීමක් වෙලාය කියලයි මට හිතුනේ. බිහිරි වුණාට පස්සේ අකුණක දැනෙන කොටස වෙන්නේ ආලෝකය විතරයි නේද? ශබ්ධය ඉතිං දරාගන්න වෙන්නේ නැහැ මොකද බිහිරි නිසා. කමක් නැහැ. කවි ඇතුලේ ඔයිට වඩා දේවල් සිද්ධ වෙනවානේ.

ඉතිහාස පාඩමක පිටු හැළුණ වීදියක
තෙත බරිත ජීවිතය මිරිකමින් වියළවන
සැඬ පහර දැක දැකම සන්සුන්ව ගමන යන
මිනිසුනේ, නුඹලාට මේ වැස්ස ණයගැතියි

සැඩ පහර දැක දැකම සන්සුන්ව ගමන යන උදවියට වැස්ස ණයගැති වෙන්නේ ඇයි කියල මට තවම අල්ල ගන්න බැරි වුනා. ණයක් කියන්නෙම වැස්ස කිසියම් දෙයක් මිනිසුන්ගෙන් අරන් කියන එකය කියල හිතුවොත් එය ගෙවා ගන්නට නොහැකි වීම තුළ තමයි ණයගැති භාවය උපදින්නේ. නමුත් වැස්ස කුමන දෙයක්ද මේ මිනිසුන්ගෙන් ලබා ගෙන තියෙන්නේ?
ඒ කියන්නේ දෙගොඩතලා යන කොළඹ පැත්තට වෙච්ච සංගදිය ගැන හිතුවොත් සැඩපහර ගලා යන්නේ මග දෙපස ඉවුරු දෙදරවමින්. ඇත්තටම වැස්ස කඩා වැටුනේ අහසේ උන්ට ඉන්න ඉඩක් නැති කමට ද? මිනිසුන්ගේ ජීවිත විවිධ ආකාරයෙන් තලා පෙලා දමන්නට වැස්සට සිදු වූයේ වැස්සේම නෛසර්ගික අවුලක් නිසාද? ඒ හින්ද ඇති වුණ මේ ණයගැතිකමේ අවසානය කොහෙද?

මට හිතුනේ තෙත බරිත ජීවිතය මිරිකමින් වියළවන මිනිස්සු තමයි අහසට වහින්න වැස්ස හැදෙන්න ජල වාෂ්ප වලින් කොටසක් දීල තියෙන්නේ. ඉතිං ඒ වැස්ස ණය ගැති වෙන්න ඕන අන්න ඒ දේ මිනිසුන් කළාට. තව මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වලිනුත් වැස්සේ නිර්මාණයට දායක වීම නොසළකා හැරිය හැකි ප්‍රමාණවත් අගයක් නොවෙයි. හුස්මෙන් පවා අපි වායුගෝලයට ජලවාෂ්ප මුදාලනවා. ඉතිං වැස්ස ආයෙම අපිව බලන්න ආවාම කෘතගුණ සලකන්න අපේ අයම පාරවල් ඇලවල් බෝක්කු කුණුවලින් පුරවලා නඩත්තු නොකර තියල ඒවායේ ඒ වැහි වතුර හිර වෙලා දෝරගලද්දී වැස්සටම හිතෙනවා තමන් කළෙ වරදක්දෝ හෝයි කියලා.

[කමක් නෑ ඉතිං මාලති කවියක් ලියල වැස්සේ හිත් අමාරුව සෝදලා ඇරලයි කියලයි මට හිතෙන්නේ.]

කිසියම් චක්‍රීය දෙයක් තුළ සිරවුන මිනිස් විශය ගැන මේ දක්වා ඇති "සන්සුන්" හැඟවුම මට තව කාලයක් තිස්සේ හිතන්න දේවල් ඉතිරි කරල කියා හිතෙනවා.

සැඬ පහර දැක දැකම සන්සුන්ව ගමන යන
මිනිසුනේ, නුඹලාට මේ වැස්ස ණයගැතියි


කිවුව වෙලාව- 2010-05-17 01:13:12
Manel Fernando මෙහෙම කියනවා :
Ithaama hengumbarawa liyawunu kaviyak. mata nam warnanaa karanna wachanath nahe.

Suba pethum Malathieta!



කිවුව වෙලාව- 2010-05-17 01:12:48
Sanka Kirindiwela මෙහෙම කියනවා :
හැඟීම්, වචන ගොඩාක් කැටිකරලා, සෞන්දර්ය මුහුවුණු ලස්සන නිර්මාණයක්

කිවුව වෙලාව- 2010-05-17 01:12:33
Neranji Sulakkana මෙහෙම කියනවා :
අමුතු ලස්සනක් තියෙනවා

කිවුව වෙලාව- 2010-05-17 01:12:12
Ajith C. Herath මෙහෙම කියනවා :
සීරුවෙන් අඩුක් කර කට මැහුව ගෝනියක
කර උඩින් උන් තිබ්බ ජීවිතේ මහා බර
ලෝ ඇසට නොම උනන කිරි කඳුළු ගෙනෙන්නට
රබර් ගස් සූරමින් ජීවිතය සොයන විට
මහ පොළොව සිප වැළඳ-සෙනෙහසේ බිජු වපුළ
අස්වැන්න දිය කරන අහසටම දුක කියන
බෝ ගසෙහි සෙවණ යට තල් පැළලි කඳවුරේ
මඩ දියෙන් කැළතෙමින් හිස් වළං පාව යයි

මහ වැසි මැදින් ඇදී යන බස් රියක කවුළුව විවර කොට, පිටුපසට ඇදී යන ජවනිකා පෙළක් මෙන් නාටාමි කම්කරුවා, වතු කම්කරු ස්ත්‍රිය, අද ගොවියා, යුද්ධයේ ගොදුරු බවට පත් දෙමළ ජාතකයා යන සියල්ලන්ගේ ජීවිතයේ දුක ඔබ පෙනවා දෙන්නේ චලන චිත්‍රයක මෙන්. අමතක නොවෙන කවියක්.


කිවුව වෙලාව- 2010-05-17 01:11:43
Sachie Panawala මෙහෙම කියනවා :
Maara kiyanne maarama maarayi!!!!!!

කිවුව වෙලාව- 2010-05-17 01:09:55
Anjana Jayaweera මෙහෙම කියනවා :
meka "maara" kaviyak....

කිවුව වෙලාව- 2010-05-17 01:09:33
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් කවි බූන්දි
මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී
ඒ මුහුණ
ෂැන්ග්‍රිලා....
ඇනා සර්ගෙව්යනාගේ කවිය
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook