Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
සිවරමණී වෙත
බූන්දි, 03:46:34
නුඹ හට යමක් කියා ගන්නට
මට උවමනා වී තිබිණි
එහෙත් මා මුව විවර කරන තෙක්
බලා සිටි ඔවුහු මගේ දිව සිඳ දැමූහ
නුඹ දෙස බලන්නට
මා නෙත් විවර කළ විට
ඔවුහු ඒවා උදුරා දැමූහ

භීතිය මවුබිම වෙළා ගනිද්දී
නුඹව මා හද තුළ රුවාගෙන
පලා යමින් සිටියෙමි
මා අල්වා ගත් ඔවුහු
හදවත කැබැළි වලට බිඳ දමා
නුඹ මා වෙතින් උදුරා ගත්හ

අන්ධකාරය තුළදී උපත ලද මා
අන්ධකාරය තුළදී උපත ලද නුඹ
එකිනෙකා හඳුනා ගනිතැයි බිය වූ ඔවුහු
අවසාන තාරකාවද පොඩි පට්ටම් කළහ
සදාකාලික අන්ධකාරය තුළම
අප වෙන් කර මරා දැමූහ

දැන් මළ කඳන්
වෙරළ වෙත ගොඩ ගසන විට
නුඹද -මාද
සිය දිවි නසා ගත් බව නිවේදනය කරති

නුඹ උතුරේ දීත්,මා දකුණේ දීත්
තාමත් නොපිරවුණු
පොදු සොහොන් වළවල් දෙකක් තුළ
වෙන් වෙන් ව සැතපෙමු

මේ සීතල පොළෝ ගර්භය තුළ අවකාශය
මළ කඳන් සහ අන්ධකාරයෙන් පිරී ඇත

සිවරමණී, දයාබර සහෝදරී
උතුරේදීත් දකුණේදීත්
මිහිදන් වූ බොහෝ දෙනෙකුන් සමග
තව බොහෝ කාලයක්
අපි මෙහි නිශ්චලව වැතිර ඉමු

සහෝදර ඇස් වලින් හෙලන
උණු කඳුළු බිඳුවක් ඇවිත්
අපේ සීතල නලල් තල සෙමින් සිප
ඉදින් මේ මරණීය නිද්‍රාව
හමාර යැයි සන් කොට
අප යළිත්
ජීවිතය වෙත කැඳවනා තෙක්
අපි මෙහි නිශ්චලව වැතිර ඉමු

මක් නිසාද යත් මරණයට පෙර
නුඹ මෙසේ ලියා ඇති හෙයිනි

“නමුත් මම ජීවත් වූයෙමි
ජීවිත කාලය පුරාම
අන්ධකාරය පිරී යයි
බියකරු බව ඔස්සේ
මම ජීවත් වූයෙමි
තාමත් ජීවත් වෙමි”‍*


(ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදාවන්ගේ අනවරත ප්‍රහාරයන්ට ලක් වූ විනාශයට පත් යාපනය අර්ධද්වීපයේ ජීවත් වූ සිවරමණී කිවිදිය 1990 මැයි 19 වැනිදා සිය දිවිනසාගත්තාය. මරණයට පෙර ඇය තමා එතෙක් ලියූ සියළු කවි ගිනි තබා විනාශ කළ බව කියනු ලැබේ. එහෙත් ඒ වන විට පළ ව තිබූ කවි තුළ ඇය තම ජනතාවගේ බිහිසුණු ඉරණම තියුණු පරිකල්පනයකින් යුතුව විනිවිද ඇතිඅයුරු දැකිය හැකිය.)

* සිවරමණී ගේ කවියකිනි.

ලක්දිව- නිම්තෙර- 1992 ඔක්තෝබර්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Subhadra Jayasundara මෙහෙම කියනවා :
අජිත්ෙග ෙම් කවිය කියවන හැම විටම දැෙනන ෙද් විස්තර කරන්න අමාරුයි.සිත දුකින් සහ හිස් බවින් පිෙරනව.ඉදින් මේ මරණීය නිද්‍රාව
හමාර යැයි සන් කොට
අප යළිත්
ජීවිතය වෙත කැඳවනා තෙක්
අපි මෙහි නිශ්චලව වැතිර ඉමු

@FB


කිවුව වෙලාව- 2010-05-18 02:48:41
indi මෙහෙම කියනවා :
තේරෙන භාෂාවෙන් ලියවුනු විශිෂ්ඨ කෘතියක්.....

Posted by indi to බූන්දි|BOONDI at 17 May 2010 03:50


කිවුව වෙලාව- 2010-05-17 04:52:08
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් සී හේරත්ගෙන් තවත් වියමන්
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
අදහස්
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook