Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
සෝමාවතී ප්‍රසංගයේ පාඩම්!- (ඩෝං පුතා ගේ වෙසක් පණිවුඩය)
බූන්දි, 00:30:35
සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
''බුදු රැස්'' වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
විදුලිය කොටන විට වැහි මන්දාරමට
එළියට ගිහින් බැලුවොත් පේවී යසට
''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
නිතින් රැඳේ ''බුදු රැස් මාලා'' නිසැක

දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
කලින් කලට කියනා බොරු සීලෙ පපා
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Unknown මෙහෙම කියනවා :
BoondiArticles.. Dandy :)

කිවුව වෙලාව- 2011-04-22 03:08:34
Unknown මෙහෙම කියනවා :
BoondiArticles.. Reposted it :)

කිවුව වෙලාව- 2011-04-20 03:00:31
අානන්ද මෙහෙම කියනවා :
සැදහවත් බව නිසා අැස් අන්ධ ෙව්.ඒ අය අැන්දවීම හරි පහසුය.බුදුන් දවස වුව
යමක් ෙත්රැම් ෙගන කටයුතු කළ අය අල්පය.කවදා හරි වැරද්ද ෙත්රැම් ගනීෙදා්??????????


කිවුව වෙලාව- 2010-10-17 02:54:41
mathisha මෙහෙම කියනවා :
athi wishish tae ,machan

කිවුව වෙලාව- 2010-08-24 00:18:00
JMC karu මෙහෙම කියනවා :
Me kaviya hodai!I think this was the trend of new world releiogn.All humans are seeking out side god or Nirvana.But as buddha teached that is inside of everyman,world means that only body of himself not outside universe.We have to suffer because of complicated life style of today.
Some monks ,preachers are taking advantage of this weakness of people.They always used this kind of people for increseing their fame.
Therefore,this is the world going on now.
Dont worry!! Only we are taking after death is our goodwill.
Tks,


කිවුව වෙලාව- 2010-05-31 21:54:42
chathuri erangika මෙහෙම කියනවා :
attatama obata athiwela thibenne ithama pahathma kawi sithuwillak.mewage wesak wesak masekama me wage kawi sithuwillak pahala una eka gana eta wada kanagatui.
budu ras wala yamkisi satyatawayak na kiyala piliganna amarui.budu hamuduruwange dethis maha purusha lakshana wisthara karaddi unwahansege sharerayen rashmimalawak wihiduna bawa kiyawenawa.ewagema somawathiye witharak nemei sri maha bodiye ruwan wali saye kataragama kiriwehere metasamana dewal sidu wela thiyenawa.
ewagema somawathiyedi minissu miya giye ehi thibunu adika thadabadaya nisa.
muslim aya makkama wandanawe iyamath me wage dewl sidda wenawa.
eth kawda kiyanne ehema wenne eagamika nayakain nisa kiyala
eyala hithanne makkamadi miya yama wasanawak kiyala.
meka 21 wana siyawasa unata bududahama satyak bawa adatat lowama piligannawa.shraddawa nisa sidu karanu labana dana,shela,bawana ade wadasatahan gana mewage wapara ahakin balana eka wahama nathara kalot bauddayek una oba thumata niwan dakeema kesewethath sathara apaye yana eka wath walakwaganna puluwan..............:p
theruwan saranai!!!!!!!!!!!!!!!


කිවුව වෙලාව- 2010-05-31 03:05:26
Dayasisira මෙහෙම කියනවා :
Kiribatgoda hamuduruwonge Vyaparaya gena loku sanvadayak netiwa minisunta meka matupitin tora ganna amarui.Eka Matupitin harima ahinsakai. Adahillata mul tena demin Budu Dahama Dewa agamata lan kerime sartakama Vyaprutiya Muni vatin iwasa sitinne ape bohohmayak hamuduruwaru e wedeta kemati nisai. Namut Bauddha Bhikshun nam meke awadanama dannawa.


කිවුව වෙලාව- 2010-05-31 02:45:43
mada mawatha මෙහෙම කියනවා :
widak kemathi widak akamathi...kemathi...akamthi....mata kampanaa karanda be oiii

කිවුව වෙලාව- 2010-05-28 14:22:24
මාතලන් මෙහෙම කියනවා :
හෙන ගහන කොට සාධූ කියන, කියවන හරක් ඉන්න රටක් බං මේක....

බුදු හාමුදුරුවො පින් කරල තියෙනව මේව නොදකින්න..

නිවන් දකින්න පින් මදි වූ නිසා.. අපි මේ මනස්ගාත බල බලා ඉන්නව..


කිවුව වෙලාව- 2010-05-26 10:20:35
Nanda himi මෙහෙම කියනවා :
ooooyi don putha
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!


කිවුව වෙලාව- 2010-05-26 00:12:18
Koka මෙහෙම කියනවා :
.
අපි කොර වුනු අතුත් අකුලා
කවි කිය කියා යමු
ගොලු වුනොත් මුව
ගොලු බසින් කියමු කවි
බුදුන් වුව හිනස්සන
විසූක දස්සන නටන
නිළි විප්‍රකාර ගැන


කිවුව වෙලාව- 2010-05-26 00:01:52
Zorba මෙහෙම කියනවා :
[Alawaka ,
"ඕන රෙද්දකට පහර දියන්,මෙව්වට එපා,තව අකුරක් ලියන්න බැරිවෙන්න උඹෙ අත් දෙකත් එක්ක කොර වෙලා යයි,පරිස්සමින්.."
By - [Alawaka] On 2010-05-25 10:39:40

මේ බෞද්ධ පුත්‍රයා මේ වගේ සුමධුර ආශිර්වාදයක් කරන්න ඉගෙන ගත්තෙ පෙර පිනක් තිබිල වෙන්න ඇති... කොහෙද ගෙවල් ? කිඹුල්වත් නුවරද?


කිවුව වෙලාව- 2010-05-25 12:23:33
Alawaka මෙහෙම කියනවා :
ඩෝ0 පුතා කියන අනවර්ථ නාමෙන් හිටියට උඹ කෞද කියල හුඟ දෙනෙක් දන්නවා..,මම උනත් උඹෙ නිර්මාණ රස වින්ද මෙච්චරකල්
කිරිබත්ගොඩ හාමුදුරුවො මෙච්චරකල් කරපු ශාසනික සේවාව ගැන උඹ එක අකුරක් ලියක නැතිව ඇති,පොඩි සීන් එකකින් කාට උනත් කෙළ වෙනකම් බලන් ඉඳල පහර ගහන තරමට උඹ පහත් බුවෙක් කියල මම උනත් මෙච්චරකල් හිතුවෙ නෑ...
යකෝ කිරිබත්ගොඩ හාමුදුරුවො උපතින් කතෝලික කෙනෙක්,පස්සෙ තනියම හදාරල තමයි බුද්ධ ධර්මය හොයාගෙන ගිහින් තියෙන්නෙ,,උඹල වගේ උපතින්ම බුද්ධාගම ජීවිතේට ලැබුනු කාළකණ්නි මෙහෙම කන පත උඩම රෙන එක පට්ට කැතයි බන්....
ඕන රෙද්දකට පහර දියන්,මෙව්වට එපා,තව අකුරක් ලියන්න බැරිවෙන්න උඹෙ අත් දෙකත් එක්ක කොර වෙලා යයි,පරිස්සමින්..උඹට ජය


කිවුව වෙලාව- 2010-05-25 10:39:40
shyamen මෙහෙම කියනවා :
NIYAMA KAWIYAK. ME 21 WANA SIYAWASETH SCIENCE MECHCHARA DIYUNU WELA THIYEDDITH ME DHANAWADHI NAYAKAYO VINGNANA WADAYA ,BUDDHAGAMA MECHCHARA PUMBANNE EWA ATHTHA KIYALA HITHAGENA NEME. AHINSAKA NIRDHANYANGE NAGITIMA ADALA KARANNA. PRASHNA AMATHAKA KARAWANNA. ME WAGE KAWIYAKIN EKKENEKUTA HARI E AWABODAYA LABENAWANAM KAWIYAKIN WENNA ONA SAMAJA MEHEWARA EKA THAMAE.

කිවුව වෙලාව- 2010-05-25 06:09:59
Hashitha Abeywardana මෙහෙම කියනවා :
අකුරු දන්නා අපට
ත්‍රිපිටකය පටස් ගා
සර්ච් කළ හැකි යුගයක
බණ කියන ...
....................
(ඉතුරු ටික ජනක මහබෙල්ලන ගෙන්)


කිවුව වෙලාව- 2010-05-25 03:10:17
Iroshan Kariyawasam මෙහෙම කියනවා :
ඇරලා බලපු මල්ලේ මොනවද ඔබල බලන්න තියෙන්නේ බුදුන් මග පෙන්වන්න ශ්‍රවකය මාර්ගයේ ගමන් කරන්න. බුදුන් දේශනා කලේ තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවනම් හිතපු දෙයින්, කතා කරන දෙයින්, කරන දෙයින් ඒවා කුසල්, අයහපතක් වෙනවනම් ඒවා අකුසල් කියල,(කලාම සුත්‍රය) ඉතින් කගවත් කතන්දර වැඩක් නෑ.

උන්වහන්සේ දේශන කරලා නෑ sciences වලින් ඔපුකර ඔපුවෙනවානම් ඒවා පිළිගන්න නැතම් එපා කියල.

බුදුන් අනිමිස ලෝචන පුජාව කල නේද සති දෙකක් ඒ කෘත ගුණ දැක්වීමට. තිසරණය සරණගිය භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසකයන් බුදුන්ට මල්තියල වදිනේ, බුදුන් මහරහතන් වහන්සේලා ගේ දාතුන් වහන්සේලාට පුද සත්කාර කරන්නේ නිවන් දක්කින්න නෙවෙයි, ඔවුන් වහන්සේලා ගේ ගුණ සිහිකර ගෞරව කිරීමටයි.

මිහිදු හිමියන් ලංකාවට බුදු ධර්මය ගෙනඒමට පෙර ගස්ගල් වලට වැදපු දෙය මින් හත්පස්සින්ම වෙනස්. ඉර හද සේ පැහැදිලිව ධර්මය විස්තර කරලා තියනවා ඇවිත් තමන් තුලින්ම දකින පුළුවන් දෙයක් අකාලික දෙයක්, තම තම නුවන පමණින් අවබෝධ කරගත හැකි දෙයක්, ධර්මය දැකීමෙන් විතරයි බුදුන් දකින පුළුවන්.

එහම නැතුව ලෙඩ හොද කරන්න, විවද කරා ඉල්ලීම් කරලා දෙන්න කියා වන්දනා කරනවා නම්. එක්ක මිත්‍යාවක්..

@FB


කිවුව වෙලාව- 2010-05-25 03:09:32
Hashitha Abeywardana මෙහෙම කියනවා :
හේදී යාමට පළමු භූමිය පැවතුනි. භුමිය භූමි පාලුවන් නිසා පාලුවට ගියේය .. පාලුවට ගිය භූමිය හේදී ගියපසු කට්ට ගලක් ඉතිරි විය.. එහි කට්ටයෝ තට්ටයට මුවාවී පිස්සු කෙළිති.. පිස්සෝ සාදු කියති... ප්‍රඥාව මෙතනින් පහළ වීම ගොන් වස්සන්ගේ කිරි දෙවීමක් මෙනි.

[mage FB pilithurak]


කිවුව වෙලාව- 2010-05-24 22:50:33
awak මෙහෙම කියනවා :
මේක කියවලා
ෂහ් මරු කියලා
වින්ඩෝව වසාලා
ආයෙත්
බුදු රැස් බලති බුවාලා

Posted by awak to බූන්දි|BOONDI at 24 May 2010 06:22


කිවුව වෙලාව- 2010-05-24 21:36:06
Prabath Galagamage මෙහෙම කියනවා :
ඔබලා හැමෝම කියන්නේ
බුදු දහම නිවරදියි - වරද හාමුදුරුවන්ගේ
තොවිල් - යුතුකර්ම වලත් ඇත්තක් තියෙනවා - වරද හරියට කරන්න දන්න අය නැ
කියන ජනප්‍රියම කතාවමනෙ.

සියලු ආගම් නූතන ලෝක දැණුම් පද්ධතිය විසින් පිරිනිවන් පෑමට ලක්කර ඇත.

@BLive


කිවුව වෙලාව- 2010-05-24 21:34:15
Anushka Thilakarathna මෙහෙම කියනවා :
දැන් පංසල් යනකොට මනුස්සයෙක් රිය අනතුරකින් මියගියොත් ඒකෙ වැරද්දත් පංසලේ හමුදුරුවන්ගෙද?

කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො පූජාවක් සංවිධානය කලා. ඒකට බලාපොරොත්තු නොවූ විදිහට සෙනග ආවා. අවාසනාවන්තයො කිහිප දෙනෙක් මිය ගියා. දැන් ඒක හාමුදුරුවන් ගෙ වරදද?

මේ සිදුවීම සරලයි කියන්න යනව නෙමෙයි. හිතට අවේගයක් ආව ගමන් ද්වේෂයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමයට එකඟ නොවීමක් පමණයි. කෙනෙකුට චෝදනා කිරීමේදී වුවද එය කරුණු සොයා බලා කරනව නම් නේද හොඳ?


කිවුව වෙලාව- 2010-05-24 21:33:33
sanjeewa senarathne මෙහෙම කියනවා :
ඔවුනට වඩා කෙතරම් සොදුරු
බවක් පිනකට සහභාගී වුවන්ගේ ඇත්දැයි යනු අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. (මේ මිනිස් දිවියක් අවසන් වන අයුරු දකින තවත් ක්‍රමයකි.)


මෙය නම් ඉතා මනරම්ය. අවසන මිනිසුනට ඉතිරිව ඇත්තේ සියදිවි නසා නොගෙන පින්වත්ව මිය යාමයි. වසරකට පෙර මෙහි ‍කොල්ලන්ටද උතුරේ කොල්ලන්ටද සිය දිවි නොනසාගෙන මිය යන්නට කුම තිබුනි. ඔවුහු මිය ගියහ. ඒ රණවිරුවන් හා මහ විරුවන් ‍වෙමිනි. දුක නැත. දස දහසක් වුව දුක නැත. බුදු දහමට අනුව දුක් වී පලක් නැත.

මරණය කරා යන්න,
පන්සල කරා යන්න..
මරණය කරා යන්න..
සංගීත ප්‍රසංග කරා යන්න.


දෙකින්ම සිදුවන්නේත් ගංජා ගහනකොට සිදුවන්නේත් ඒ අනුව 3න්ම සිදු වන්නේත් එකම නිසා.. එයද ඒ ගොඩේම තබා..

ආතල් ගන්න..

බුදු රැස් පිටවේවි..

මැරණෙ මිනිසුන් නිවන් නොදකීවි.

@BLive


කිවුව වෙලාව- 2010-05-24 21:32:30
sanjeewa senarathne මෙහෙම කියනවා :
ඔබේ කාව්‍යමය හැකියාව ලොව තුල ඇති කුණු ඇවිස්සීමට නොව සුවද මතු කර පෙන්වීමටද භාවිතා කරන්නේ නම් එය ලොවට යහපතක් වෙනු ඇතැයි සිතමි.
-Ven. Eppawala Sagarasumana


ඔබ පිලිගන්නා පරිදි එහි කුණු ඇත. කුණු එසෙම තබන්න. එයට උඩින් පිරිත් වතුර ඉසින්න. ඒ උඩ භාවනා කරන්න. ඔබ වහන්සේලා මේ දායකයින් නිදි නොකර අවදි කරන්නේ කවදාද? වසරකට වරක් කුමන හෝ බහුබූතයක් අටවා අසරණයින්ගේ රත්තරං, කාලය , මුදල් , ජීවිතය විනාශ කරන්නට උදව් කරන්නේ ඇයි. කුණු ඇත්තේ කොතනද? ......

@BLive


කිවුව වෙලාව- 2010-05-24 21:31:12
Hashitha Abeywardana මෙහෙම කියනවා :
ඉරෝශන් > හේදී යාම ...

@FB


කිවුව වෙලාව- 2010-05-24 21:29:11
Pradeep Rohana මෙහෙම කියනවා :
@ඉරෝෂන්,

අපූරු පැහැදිලි කිරීමක්..
බෝම ස්තුතියි!

@FB


කිවුව වෙලාව- 2010-05-24 21:28:38
Chaminda Wijesekara මෙහෙම කියනවා :
budun wahanse swakiya darsanaya anuwa budures wihidim weni indrajaalika de baawitha kale misadituwan damanaya pinisa pamani.aagam dasanika lesa nowa wisuka dassna sandaha baawitha kalwunge pracharanayata rewati budures dekimata gos winidi de owngenma asa denagatha yuthuya .sahawedanaya kalayuthuya .bundi liyu kathaae mahaa dosak matanam nothere.kese wuwath e gena adahas dekwimata obata ethi aithoiyata garu karami

@FB


කිවුව වෙලාව- 2010-05-24 21:28:11
Iroshan Kariyawasam මෙහෙම කියනවා :
...විශ්වය අනන්තායි, අන්තය වූ විශ්වයේ යම්තාක් කුසල් ශක්තියක් ඇත්ද,පුණ්‍ය ශක්තියක් ඇත්ද,එම සෑම ශක්තියක කේන්ද්‍රය චතුරාර්ය සත්‍යයි, ඉතින් එම සත්‍ය තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ බුදුන්ගේත්, ධර්මයේත්, මහා සඟ රත්නයෙන් අනුබවය ගැන කතා කරන්න අයින්ස්ටින් මොන කොදුරුවෙක්ද, බටහිර සුදටත්, කතෝලිකයන්ට ජේසු වහන්ස විතරයි,මුස්ලිම් භාක්තිකයට අල්ලා දෙවින් විතරයි, සිංහල අපිට ???

අඩුම ගන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීමක්වත් තිබෙනවානම් බුන්දිට බෑ ඔය කතාව ලියන්න..

@FB


කිවුව වෙලාව- 2010-05-24 21:26:58
Chaminda Wijesekara මෙහෙම කියනවා :
aape hamuduruwane ..,nahayata udin angalak thibunath gililla. adiyak thibunath gilila

@FB


කිවුව වෙලාව- 2010-05-24 21:25:32
මාතලන් මෙහෙම කියනවා :
එළ, සිවුරු හොරුන්ගේ සිවුරු ගැලවෙන්නම දීල තියෙනව. මිනිසා මොහයෙන මුලා කරන්න නෙමෙයි බුදුන් දේශනා කලේ. ඒ වුනාට මුන් කරන්නෙම ඒක. සාසනයටත්, දර්ශනයටත් කරන්නේ. අකෝන්ටත් වඩා වැඩි විනාශයක්.

සියල්ලටම මුල. පොල් බූරූ ජනතාවක් මෙරට තුල සිටීමයි.


කිවුව වෙලාව- 2010-05-24 20:48:16
www මෙහෙම කියනවා :
ponna yakku

කිවුව වෙලාව- 2010-05-24 12:21:20
A මෙහෙම කියනවා :
a

කිවුව වෙලාව- 2010-05-24 11:34:59
Taboo Subjects මෙහෙම කියනවා :
Test
-Taboo


කිවුව වෙලාව- 2010-05-24 06:44:11
Zorba මෙහෙම කියනවා :
කීර්ති,
ආගම කියන්නෙ අපේ බය...බය interpret වෙන හැටි...ඇයි මිනිසුන් තුළ සිටින බුදුවරු දකින්න බය?


කිවුව වෙලාව- 2010-05-24 04:12:25
Zorba මෙහෙම කියනවා :
බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක

අන් යමක් කුමටද? මේ ටිකම ඇති හිතනවානම් හිතන්නට. මේ රටේ බුදු දහම කණ පිට ගසා ඇති තරම දක්නට බුදුන් මේ කල්පය වැඩ නොවිසූ එකම ඇති....



කිවුව වෙලාව- 2010-05-24 04:06:32
කීර්ති මෙහෙම කියනවා :
ධාතු වන්දනාව බුදුහිමි වැඩ සිටි සමයේත් පැවතුනු බවත්, බුදුහිමි එය අනුදැන වදාළ බවත් නොදන්නා එකෙක් ගෙයි පිළිකන්නේ බුදුරැස් පේනවා කීම පුදුමයක් නොවේ. මෙහි මුල්ම අපහාසය කර ඇත්තේ වෙනකෙකුට නොව බුදුහිමියන්ටය. "සයින් දැවෙන දන මුදවන මෙත් සිතක" බුදු රැස් මාලා පවතීනම් මෙලොව සැලකිය යුතු ප්‍රමානයක් බුදුවරු සිටිය යුතුය.

බොරු රැඩිකල් talk දාල මිනිස්සුන්ව අන්දන්න එපා හලෝ.

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර...


කිවුව වෙලාව- 2010-05-24 03:04:31
Nirnamikayek මෙහෙම කියනවා :
උඹ මේ සද්ධර්මයේ පැවැත්මට ආධාරක වන ප්‍රතිපත්ති පූජා බලු කරල කවි ලියන්නේ මේක ධර්ම රාජ්‍යය බව අමතක වීදෝ හෝයි මට සැක සිතෙයි...

කිවුව වෙලාව- 2010-05-24 01:52:21
Hashitha Abeywardana මෙහෙම කියනවා :
ඔබවහන්සේ කුණපය සතුටු කරන උන්නාන්සේලා එක්ක දර්මයෙන් පවතින්න. මම කූණු සැත්කමකින් ඉවත් කරන'යුරු දකිමි. 'ගහකාරක දිට්ඨෝසී' වනු පිණිස වෑයම් කරමි. 'පුනගේහං නකාහසී' වන්නේ තැන තැන වැඳ වැඳ යාමෙන් නොවන බව පමණක සංවේගයෙන් සටහන් කර තබමි.

@BLive


කිවුව වෙලාව- 2010-05-24 01:45:51
Ven. Eppawala Sagarasumana මෙහෙම කියනවා :
@FB Poetry Forum/ FB Kavi Sansadaya

බූන්දි ඔබේ කාව්‍යමය හැකියාව ඉතාමත් ලස්සනයි එය බොහො විට කෙනෙකුට නොපිහිටන දක්ෂතාවයක් .. ඒ ගැන සතුටු විය යුතුයි.

වෙසක් පණිවිඩය නිසා මට මේ කවි පෙල බලන්න හිතුනා. මේ කවි ලස්සනයි ඒ අදහස් පෙල ගස්වලා තියෙන ආකාරය ගැන බැලුවම. ඒත් මේ කවි වල කියලා තියෙන අදහස් නම් හරිම කැතැයි.

බුදු පුදයට ලක්ෂ අටකට වඩා වැඩි පිරිසක් සොමාවතියට එදා ගිහින් ඇති අතර එයින් කීප දෙනෙකු... See Moreත් මරණයට පත් වී ඇති බව අපටද අසන්නට ලැබුණි. ඒ නිසා එම බුද්ධ පුජාවේ කිසියම් වටිනා කමක් නැතැයි කීම වරද සහගතය. බුදු රජාණන් වහන්සේ මුණ ගැසී දහම් ඇසු පුක්කුසාති, බාහිය දාරුචීරිය, ඈ සුපින්වතුන් ද මියගියේ බුදු හිමියන් මුණ ගැසී නොබො වෙලාවකට පසුවය. ඔබ එදින හිටියා නම් බුදු හිමියන්ටද මෙසේ කවි පද බදිනු ඇතැයි සිතේ . ඔවුන් මිය ගියේ හිස් පුරුෂයන් හැටියට නොව මගඵල ලාභි ආර්‍ය ශ්‍රාවකයන් වහන්සේලා හැටියට ය. මුනිදු මුණ ගැසීමෙන් ඔවුන් ලද ලාභය පමණ නැත.

සොමාවතී වන්දනාවට පැමිණ මිය ගිය දනන් බුදු හිමියන් කෙරෙහි බලවත් සැදැහෙන් යුතුව සිටි‍යේ වී නම් ඔවුන්ට එයම මහත් ලාභයක් වෙනු නොඅනු මානය. තවද සංගීත සංදර්ශන වලට (2004) සහභාගී වීද සමහරු මිය ගියහ ඔවුනට වඩා කෙතරම් සොදුරු බවක් පිනකට සහභාගී වුවන්ගේ ඇත්දැයි යනු අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත.

ලෝකය තුල ධර්මයත් අධර්මයත් දෙකම පවතින නමුත් අප වැඩි වශයෙන් ඇසුරු කරන දේ හා අප එක්වෙනවා මිස ඒවා අප කරා පැමිණ සම්බන්ධ නොවේ.

කුසලයේ වටිනා කම හා එයින් සිදුවන යහපත භෞතික විද්‍යාත්මකව ඔප්පු කල නොහැකි වනු ඇත. පෙර රජ දවස හා අද දවස තුල ඇති වෙනසට එයම හේතුවක් වී ඇතැයි සිතමි.

ඔබේ කාව්‍යමය හැකියාව ලොව තුල ඇති කුණු ඇවිස්සීමට නොව සුවද මතු කර පෙන්වීමටද භාවිතා කරන්නේ නම් එය ලොවට යහපතක් වෙනු ඇතැයි සිතමි.

තෙරුවන් සරණින් යහපතක් වේවා .


කිවුව වෙලාව- 2010-05-24 01:23:59
Piyal මෙහෙම කියනවා :
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

කිවුව වෙලාව- 2010-05-24 00:55:05
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
BoondiLets
මාක්ස් ලියයි.
......විද්‍යාව කරා වූ රජ මාවතක් නොමැත. එහි දිදිදුලන මුදුනට ළඟා වීමට අවස්ථාවක් ඇත්තේ, එහි තියුණු ගිරි හෙල් ඔස්සේ වූ වෙහෙසකර නැග්මට බිය නොවන්නවුන්ට පමණි.

[-Das... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook