Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්...
ජෝන් ලෙනන් (1940-1980)
බූන්දි, 00:05:54
ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි.

අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි.

ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි.

යථාර්ථය විසින් පරිකල්පනය සඳහා බොහෝ දේ ඉතිරි කර තබයි.

ඔබ විනෝද වීමට වැය කල කාලය නාස්ති වී නොමැත.


වර්ෂ 1940 ඔක්තෝබර් මස 9 වනදින ලිවර්පූල් හිදී උපන් ජෝන් වින්ස්ටන් ලෙනන් ගායකයෙකු, ගීත රචකයෙකු මෙන්ම සුප්‍රකට "බීට්ල්ස්" කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම නායකයා ද වෙයි. ඔහු සහ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් වන පෝල් මැකාර්ට්නි සමග එක්ව රචනා කල ගීත විසිවන සියවසේ අති සාර්ථකම ගීත රචනා ලෙස සැලකෙයි. ලෙනන් ගේ කුඩා අවදිය කිසි විටෙකත් සුන්දර නොවීය. ඔහු කුඩා කලම දෙමාපියෝ එකිනෙකාගෙන් වෙන් වූහ. ඔහු සිය ළමා කාලයෙන් වැඩිමනක් ගත කලේ සිය නැන්දණිය සහ මාමා සමගය.

1952 වසරේදී ලෙනන් "කොරි බෑන්ක්" හි උසස් පාසලට ඇතුලත් විය. එහිදී ඔහු විසුලු කාටූන් රූප අඳිමින් ගුරුවරුන් අනුකරණය කරමින් රඟ පාමින් තරමක් විනෝදකාමී ජීවිතයක් ගත කලේය. තෙවන වසරේදී ඔහුගේ ප්‍රගති වාර්තාව ඉතා දුර්වල එකක් විය. "පංතියේ කවටයෙක්. අනික් සිසුන්ගේ කාලය නාස්ති කරන්නෙකි" ලෙස එහි සටහන් විය. ලෙනන් ට වයස අවුරුදු 10 දී ඔහුගේ මවගෙන් ප්‍රථම වරට ගිටාරයක් තෑගි ලැබුනි. ඔහු කෙදිනක හෝ තමන් ජනප්‍රිය වෙන බව පැවසුවද මව විශ්වාස කලේ ඔහු ඉක්මනින් එය අතහැර දමනු ඇති බවයි. 1958 දී එනම් ලෙනන්ට වයස අවුරුදු 18 දී ඔහුගේ මව මෝටර් රථ අනතුරකින් මියගියාය.

ජෝන් සාමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන් ගෙන අසමත් විය. ඔහුව භාර ගැනුනේ "ලිවර්පූල්" හි කලාව ඉගැන්වෙන පාසලට පමණි. නමුත් එම පාසල තුළද ඔහුගේ අධ්‍යාපනය සාර්ථක නොවීය. වාර්ෂික විභාග වලින් අසමත්වූ ලෙනන් අවසාන වසරට පෙර පාසලින් නෙරපා දමනු ලැබීය. 1956 දී ලෙනන් සහ "කොරී බෑන්ක්" උසස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තවත් සිසුන් පිරිසක් එක්වී "ද කොරී මෙන්" නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්හ. පසු කලෙක ලෝ ප්‍රකට "බීට්ල්ස්" කණ්ඩායමට අඩිතාලම වැටුනේ එලෙසයි.

මුල්කාලයෙදී ඔවුහු ප්‍රිය සාද වල, පාසැල් වේදිකා වල සහ ආධුනික ප්‍රසංග වල සිය දක්ෂතා එළිදැක්වූහ. පසුකලෙකදී බීට්ල්ස් කණඩායමේ සුප්‍රකට ශිල්පීන් බවට පත්වූ පෝල් මැකාර්ට්නි, ජොර්ජ් හැරිසන් වැනි ශිල්පීහුද මේ කණ්ඩායමට එක්වූහ. 1960 මුල් කාලයේදී "කොරී මෙන්"ලා "සිල්වර් බීට්ල්ස්" ද ඉන්පසු "බීට්ල්ස්" ලෙසද සිය නම වෙනස් කර ගත්හ. 1960 දශකයේ දී එංගලන්තයේ සහ එක්සත් ජනපදයේ "බීට්ල්ස්" උන්මාදයක් පැතිරී ගියේය. සැබැවින්ම 1960 දශකය ඔවුන්ගේ වසරයි. 1962 දී ලෙනන් "සින්තියා පොවෙල්" සමග විවාහ විය. මේ විවාහයෙන් ඔවුන්ට ජූලියන් නම් පුතෙක් ලැබුනි. නමුත් 1968 දී ලෙනන් සහ සින්තියා වෙන්වූහ. 1965 වසරේදී බීට්ල්ස් කණ්ඩායම "ඔර්ඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පරර්" සම්මානයෙන් පිදුම් ලැබූහ.

60 දශකය අග භාගය වනවිට බීට්ල්ස් ලා තරමක පසු බෑමකට ලක්විය. ලෙනන් මේ වනවිට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියේය. තවද ඔහු විසින් කරන ලද "අපි ජේසුස් ට වඩා ජනප්‍රියයි" යන ප්‍රකාශය බැරෑරුම් තත්වයක් ඇතිකරමින් තිබිනි. ඔවුන්ගේ සංගීත තැටි ගිණි තැබීමද, කූ ක්ලුක්ස් ක්ලෑන් වැනි අන්තවාදී සංවිධාන වල බලපෑම් වලට මුහුණදීමට ද ඔවුනට සිදුවිය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔවුන් සංගීත සංචාර වලට සහභාගි වීමෙන් වැලකීමය.

1960 දශකය අග භාගය වනවිට බීට්ල්ස් කණ්ඩායම ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටෙන්නට විය. ඔවුන්ගේ කළමණාකරු වූ බ්‍රයන් එප්ස්ටයින් ගේ හදිසි අභාවය මෙයට බොහෝ සෙයින් බලපෑවේය. ලෙනන් ද එල්.එස්.ඩි නම් මත් ද්‍රව්‍යට තදින් ඇබ්බැහි වී සිටියේය. 1969 දී ලෙනන් "යොකො ඔනො" නම් ජපන් ජාතික සංගීත ශිල්පිණිය සමග විවාහ විය. ලෙනන් දැඩි යුද විරෝධී පුද්ගලයෙකි. 1969 දී ඔහු විසින් ගැයූ "Give Peace A Chance" ගීතය වියට්නාම් යුධ විරෝධී ව්‍යාපාර වල තේමා ගීතය බවට පත්විය. එංගලන්තය වියට්නාම යුද්ධයට සහය දැක්වීමට විරෝධය පෑමක් ලෙස එංගලන්ත රැජිනගෙන් ලද සම්මානය ආපසු යැවීය.

1970-1980 අතර කාලය තුළ ලෙනන් තවත් ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කලේය. ඒ අතර "Imagine", "Jealous Guy”, “How Do You Sleep?" වැනි ගීත ඒ අතර වෙයි. 1980 දෙසැම්බර් මස 10 වනදින මානසික දුබලතාවයකින් පෙලුනු පුද්ගලයෙකු වූ "මාර්ක් ඩේවිඩ් චැප්මන්" විසින් ලෙනන් ට වෙඩි තැබීය. ලෙනන් ව වහාම එ අසල පිහිටි රෝහලකට රැගෙන ගිය ද ඔහු අතරමගදීම අවසන් හුස්ම හෙලීය. මිය යෑමට පෙර එදින සවස ඔහු වටා රොක්වූ රසික කැල අතර වූ චැප්මන් සඳහා “Double fantacy” නම් ගී තැටියේ පිටපතක ලෙනන් විසින් සිය සමරු සටහන යෙදීමද සැබැවින්ම දෛවෝපගත සිද්ධියකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- John Winston Ono Lennon, An English singer-songwriter
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Fan මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-10-08 05:09:27
rachiyo මෙහෙම කියනවා :
niyamai anuwaa!

කිවුව වෙලාව- 2010-10-08 05:08:20
videomart95 මෙහෙම කියනවා :
ජාලය දිගේ ගමන් කරන අතර තුර මෙම වෙබ් අඩවිය මුන ගැසුණි. මම මින් පෙර මෙම වෙබ් අඩවියට පිවිස නැත . එහෙත් මින් ඉදිරියට කොපමන වාර ගනනක් මා හට මෙහි පැසිණෙන්නට සිදු වනු ඇත්ද?

ඉතා අගනා දුර්ලබ අඩවියකි


කිවුව වෙලාව- 2010-07-09 03:38:01
Dumindu මෙහෙම කියනවා :
a good one....
lennon is a legend


කිවුව වෙලාව- 2010-06-16 00:32:39
Lakshan Perera මෙහෙම කියනවා :
HE S SIMPLY A LEGEND.
A USEFUL ARTICLE.


කිවුව වෙලාව- 2010-06-07 21:40:02
Cheena මෙහෙම කියනවා :
agreed with ramidu
working class here is the best 1


කිවුව වෙලාව- 2010-05-25 21:59:52
රමිදු පෙරේරා මෙහෙම කියනවා :
ලෙනන් බීට්ල්ස්ලගෙන් කැඩුනට පස්සෙ තමයි එයා රැඩිකල් දේශපාලන ගායකයෙක් විදිහට සෑහෙන්න මතු වුනේ.අමෙරිකාවේ පුරවැසිකම ඉල්ලුවම පුරවැසිකම ලබාදීම සෑහෙන කාලයක් අමෙරිකාව කල්දැමූ බවත් මොහු ගැන සෙවීම පිනිස එෆ් බී අයි හි වෙනම ලිපිගොනු ආරම්භ කල බවත් මම අහල තියන කරුනක් ගිව් පීස් අ චාන්ස් ගීතය වියට්නාම් යුද්දයට විරුද්ද වීදි අරගල වල ගායනා කරන්න පවා ලෙනන් සම්බන්ධ වෙනවා.ලෙනන්ගේ වඩාත්ම දේශපාලනික ගීතය "වර්කින් ක්ලාස් හීරෝ" කියන සිංදුව කියලයි මම හිතන්නෙ.විශේෂයෙන් සමකාලීනව ව්‍යාප්ත වුන සාම්ප්‍රදායික වමේ දේශපාලනය ප්‍රතික්ෂේප කල new left දහරාවත් එක්ක ලෙනන්ගේ විශාල ගනුදෙනුවක් 70 දශකයේදී තිබුනා.
වටිනා ලිපියට ස්තුතියි.


කිවුව වෙලාව- 2010-05-25 13:13:03
දුමී මෙහෙම කියනවා :
අනුශ්ක ඔබට ස්තුතියි මේ පොස්ට් එකට. ජෝන් ලෙනන් සහ බීට්ල්ස් මගෙ සදාතනික සංගීත වීරයන්. මට ඔව්න්ගේ ගීත සදකාලිකයි. හැටේ දශකයේ ඔව්න් කල ගීත නිර්මාන අද කාලයේ තාක්ශණය සමග කරන නිර්මාණ හා හරි හරියට තරඟ කර ජය ගන්න පුලුවන්.

යෝකෝ ඔනෝ සංගීත ශිල්පිනියක් නොවේ. ඇය ජෝන්ට හමුවන විට ඇය (අසාර්ථක ) චිත්රට ශිල්පිනියක්. බීට්ල්ස් සංගීත කණ්ඩායමේ බිඳවැටීමට ඇය සෘජුවම සම්භණ්ධයි ( ඒ සඳහ තවත් හේතු බල පෑවා )
නැවතත් බොහොම ස්තුතියි මේක පොස්ට් කලාට.

දුමී

Posted by dhumee to බූන්දි|BOONDI at 25 May 2010 02:36


කිවුව වෙලාව- 2010-05-25 05:06:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook