Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
නමුත්, ඇයි අපි ලියන්නේ? - ඉසබෙල් අයෙන්දේ
(January Magazine සමග ඉසබෙල් අයෙන්දේ කළ සම්මුඛ සාකච්ඡාවක ලුහු පරිවර්තනයකි.)
බූන්දි, 01:05:53
ජනවාරි සඟරාව- ඔබ ලේඛණ කලාවට නොආවා නම් ඔබ ගෙදර දොර ඉවුම් පිහුම් කටයුතු කරමින් ඉන්නවද ?

ඉසබෙල් අයෙන්දේ- නෑ.. කුමක් හෝ කරන්න ඉඩ තිබුණා නමුත් මම එයින් කියන්නේ නැහැ පිඟන් හෝදනවා වගේ දෙයක් කියල. සමහර විට මගේ දරු මුණුපුරන් එක්ක කාලය ගත කරමින් ස්නේහවන්ත වෙමින් ඉන්න ඉඩ තිබුණා සමහර විට මටම කියල බල්ලෙක් අරන් හදා ගෙන වගේ. මම ලියන්න ආසයි.. මම කැමති ඒ ක්‍රියාදාමයට! කිසිසේත් මම හිතන්නේ නැහැ අවසන් ඵලය ගැන. මම බෙහෙවින්ම ප්‍රිය කරන්නේ-

-මගේ කාමරේ හුදක‍ලාවේ වචනයෙන් වචනය එක පෙළට තියමින් ප්‍රතිනිර්මාණය කරන්න මගේ විශ්වය මා තුලම පවතින. අන්න එයටයි මම කැමති. ඒ උමතුවේ ප්‍රතිඵලයක් ලෙස තමයි පොතක් එලිදකින්නේ .මගේ පොත් භාෂා ගණනාවකින් ප්‍රකාශනයට පත්වෙනව. ඒ හැම ප්‍රකාශකයෙකුටම අවශ්‍ය වන්නේ කතෘගේ පොත් එකකින් පසු තව එකක් වශයෙන් අච්චු ගසා විකුණා ගැනීමටයි. නමුත් එය සිදු කළ නොහැකි කාර්යයක්‍ -හේතුව, එ‍හෙම ලියන්න කාලය නොමැති කම. ලිවිමට යමක් ඔනෑ කරනව ඒක හරියට මෙන්න මේ වගෙයි.. ඔබට යම් අනුභූතියක් තියෙනව ඔබ තුළ නමුත් ඔබට සිදු වෙනවා යම් පිළිවෙලක් සොයා ගෙන ඒ පිළිවෙලට ටිකෙන් ටික ලිවීමේ කලාවට එය හසු කර ගන්නට.. ඔබ පොත් සාප්පු සවාරියක් ගිහින් ආවොත් ඔබ ඒ සියල්ලම පසෙක දමා පැත්තකට වනවා නොඅනුමානයි. ඒක පුදුමාකාර හැඟීමක්. වැඩියෙන් කථා කිරීම, කිසිවෙකු ගැන වැඩිපුර කථා කිරීම, විග්‍රහ කිරීමට නොහැකි දේ ගැන විග්‍රහ කරන්න යනවා වගේ. නමුත්, ඇයි අපි ලියන්නේ? කවුරුවත් දන්නවද ඇයි අපි ලියන්නේ කියල? සාමාන්‍යයෙන් විචාරකයෙකුට විචාරයක් ලියන්න හෝ මහාචාර්යවරයකු ‍පවා කිසි වැඩකට ඇති දෙයක් නොවෙන්න පුළුවන් ඇයිද කියා කවුරුන් හෝ ලිවිමට කැමැත්තක් දක්වන්නේ යන කාරණය.

ජනවාරි- ඔබගේ ලිපි නිතරම සංසන්ධනයට ලක්වෙනවා ඩයින් එකර්මන් ගේ නිර්මාණත් සමග හෝ සමහර විට ඇයගේ නිර්මාණ ඔබේ නිර්මාණත් සමග හෝ වන්නට පුළුවන්. ඒ පිලිබඳව ඔබ දැනුවත් ද?

ඉසබෙල්- මම හිතන්නේ ඇය මට වෛර කරනවා ඇති.

ජනවාරි- ඇත්තටම? ඇය නොවෙයිද ඒ කථාව ඒ අර්ථයෙන් කියූ එකම කෙනා?

ඉසබෙල්- ඔව්. ඇය ලිව්වා දරුණු විවේචනයක් ඇප්‍රොඩයිට් පිළිබඳව.ඇය එහි කිසිදෙයකට කැමැත්තක් පෙන්වා තිබුණේ නැහැ.

ජනවාරි- හොඳයි!.. එසේ නම් අපට එය පිළිබඳව වැඩිදුර අවධානය යොමු කරන්න අවශ්‍යය නැහැ. නමුත් එය හරිම විනෝදජනකයි. බොහෝ දුරට ඇගේ පොත් පිළිබඳව ලියැවෙන විවේචන වලදී ඔබේ නම ඉස්මතු වෙනවා. විවේචන ඔබේම වෙනවා.

ඉසබෙල්- මම හිතන්නේ ඇගේ ඒ පොත විශිෂ්ටයි. සැබැවින්ම ඇප්‍රොඩයිට් පිළිබඳව ගවේෂණයේ යෙදෙද්දී මම ඇගේ පොත පරිහරණය කළා. මම හිතනවා ඒ පොත හොඳින් ලියල තියෙනව කියල. සැබැවින්ම මම කැමතියි ඒ රචනයට. නමුත් ඇය නිසැකවම මට වෛර කරනවා ඇති.

ජනවාරි- ඔබ ලියා ඇති පොත් අතරින් ඔබ වඩාත් ප්‍රියතම පොත පිළිබඳව කිව්වොත්..

ඉසබෙල්- මම වඩාත් ප්‍රියතම පොතක් කියල එකක් නැහැ මොකද මම පොතක් යනු භෞතික වස්තුවක් කියල හිතන්නේ නැති නිසා. ඒක හරියට සිදුවෙමින් පවතින අත්දැකීමක් විදියටයි මම දකින්නේ. එහි මගේ ජීවිතය තුළ සිදු වුණ යම්කිසි සිදුවීමක ප්‍රතිරාවයක් විදියටයි හැ‍‍‍‍ඟෙන්නේ. නමුත් මම කිව යුතුයි මගේ ජීවිතයට වඩා වැදගත් සහ වැදගත් වන්නේ Paula- මාව සියදිවි හානි කරගැනීමෙන් වැලැක්වූයේ එය යි. Paula කියන චරිතයත් මරණයෙන් බේරුණා. එයයි ජීවිත මංගල්‍යය. මංගල්‍යය එයයි ජීවිතය, පවුල, ආදරය ඒ සේරම නැතුව මරණය ගැන නොවේ. සැබැවින්ම.

ජනවාරි- ඔබත් එක්ක තදින් බැඳුනු යම් චරිතයක් තිබෙනවාද ඔබ විසින් ගොඩනගාපු?

ඉසබෙල්- එක්තරා චරිත කිහිපයක්ම මට තිබෙනවා වෙනස් වෙනස් පොත් කිහිපයකින්. හැම පොතකින්ම නම් නැහැ. ඒ වගේම මම දන්නෙ නැහැ ඒ චරිත කොහෙන් ආවද කියල. ඊවා ලූනා පොතේ ඔහු අරාබි වෙළෙන්දෙක්. Daughter of Fortune හි ටාඕ චේන්. චීන ජාතිකයෙක් විදියට. ඒවා චරිත වෙලා තිබුණා පියෙකුගේ හෝ වැඩිමහල් සහෝදරයකුගේ රුවක් ඇති පෙම්වතකු හෝ එසේ නොවන. ඒ වගේම ඒ අය ගැලවුම්කරුවන් ලෙස පෙනීසිටියා. ඇතැමෙකු අනුකම්පාව හමුවේ පරාජය වුණු කෙනක්. කෙනෙක් අනෙකා වෙනුවෙන් දිවි හිමියෙන් උදව්වට එන්නෙක්. කොහොමද මම මේව හොයා ගන්නේ? මම හිතන්නේ මේ චරිත මට එන්නේ ම කුඩා කල හිටපු මගේ මාමා කෙනෙකුගේ ඇසුරෙන් බවයි. ඔහුගේ නම පැබ්ලෝ. ඒ ඔහුගේ චරිතයම තමයි. House of the Spirits හි ඔහු වෛද්‍යවරයෙකි. එහි දී ඔහු ගැලවුම්කාරයකු මෙන් ඉදිරියට එමින් තිබුණා.

ජනවාරි- House of the Spirits පොතේ මම දුටු සිත් ගන්නා වූ දේ තමයි මට එහි දී ඉතිහාසය ගැන වඩ වඩාත් කියවන්නට ලැබෙනව. නමුත් මම එහි දී නොදැකපු දේ තමයි එය ඇමරිකානු නොවන්නෙක් ගේ දෘෂ්ටිකෝණයෙන් ලියා ඇති බවක්. ඒ කාරණය හරිම සතුටක් වගේම හරිම වැදගත්.ඒ හේතුව නිසාම කෘතියට යම් අලංකාරත්වයක් ලැබී තිබෙනව. සැමවිටම එය සුදු ජාතිකයකුගේ දෘෂටිකෝණයයි.

ඉසබෙල්- ඔව්. ඔබ නිකමට කියෙව්වොත් අප්‍රිකානු ඉතිහාස ග්‍රන්ථ සුදු ජාතික විද්වතුන් අතින් ලියැවුණ, ඔබට පෙනේවි හාත්පසින්ම වෙනස් කෝණයකින් ඒවා ලියා ඇති බව එහි සිදුවන සත්‍යයම ඒවායේ අඩංගුව නොමැති බවත්. මුලින්ම ඔබ දැන ගත යුතුයි රත්තරන් ආකර සොයාගෙන දින නවයක් ගත වෙද්දිත් ඔවුන් මැක්සිකානුවන්ගේ අණසකට යටත් දේශභූමියක් වශයෙනුයි පැවතුනේ. මිනිස්සු කථා කලේ ස්පාඤඤ භාෂාව. ඒ තමයි එකම දේශය එතෙක් ස්පාඤඤ භාෂාව කථා කරන්නන් සිටි , දිගින් දිගටම යුධමය අතින් මැක්සිකානුවන් පරාජය ලබමින් එක්සත් ජනපදය, ටෙක්සාස්, ඇරිසෝනාව,කොලරාඩෝවෙන් අඩක් පමණ, නව මැක්සිකෝව, කැලි‍ෆෝනියාව ද අහිමි කරගනිමින් සිටිද්දී. මුල ඉඳන්ම බැලුවොත් 1848 ඉඳන්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Interview with Isabel Allende by January Magazine
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් සූකිරි කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook