Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
චීන ගුප්ත රහස්
බූන්දි, 23:48:27
සමන්ත ඈතින් පෙනෙන තෙමහල් නිවස දෙස බලාගෙන කල්පනා කලා. කොහොම හිටපු මිනිහෙක්ද? ඒත් අද?. තමන් මෙන්ම මුඩුක්කු පරිසරයක හැදුනු සුදා මහත්තයා අද ගෙවන ජීවිතය මොන තරම් සැපවත්ද? අපි කවද්ද මේකෙන් එළියට යන්නේ..? සමන්තට හීල්ලූනා.

පිට්ටනියේ කොල්ලෝ රැලක් පා පන්දු සෙල්ලම් කරනවා. වත්තේ කොල්ලන්ගේ අලූත්ම පිස්සුව. එක එක කාලෙට එක එක පිස්සු. කාලෙකට ක්‍රිකට්. කාලෙකට එල්ලේ. කාලෙකට ෆුට් බෝල් . පිස්සුවෙන්ම කාලෙ ගෙවෙනවා.

ඔහෙ මොනවාහරි කරලා කියක් හරි හොයා ගන්නවා. කොහෙහරි කෙල්ලෙක් බැඳ ගන්නවා. ආයෙත් තව පවුලක් හැදෙනවා. ඕක තමයි ජීවිතේ. පාරේ තැනක වයස අවුරුදු-

-දොලහක දහතුනක විතර කොල්ලෝ දෙන්නෙක් දූවිලි අවුස්ස අවුස්ස මූන් වෝක් එක පුරුදු වෙනවා.

උන්ගේ ගැන්සියේ එවුන් වටේ ඉන්දගෙන උන්ට හුරේ දානවා. ගැන්සියෙන් පිට එකෙක් හරි මුන්ට හිනාවුනොත් ආයෙ අහගන්න වෙන්නේ කුණු හබයෙන් තමයි. සමන්තට හිනා ගියා උන්ගේ මූන් වෝක් එක දැකලා. ඒත් ඒ හිනාව ඇතුලේ මොකද්දෝ වේදනාවකුත් සැඟවිලා ඇති බව සමන්තට තේරුනා.

සමන්ත ආයෙත් ඈතින් පෙනෙන සුදා මහත්තයාගෙ ගේ දිහා බලා ගෙන හිටියා. හදිසියේම කාගෙදෝ අතක් සමන්තගේ උරහිස උඩ වැටුනා. තිස් තුනේ ගෙදර විනිල්. ''මොකෝ බර කල්පනාවක? අද ප්ලේ කරන්නෙ නැතැයි?'' සිගරට් ඉරිල්ලෙන් කලූ පාට වුනු දත් අතරින් යාන්තමට හිනා වෙවී විනිල් අහනවා. ''නෑ බන්. මගේ ඇඟට හරි නෑ.'' සමන්ත කිව්වේ වැඩි ඕනැකමකින් නොවෙයි.

''මේ ඒක නෙමෙයි මං දැක්කා උඹ ඊයෙ මොකද්දෝ පොතක් උස්සන් යනවා.. මොකද්ද නවල් එකක්ද?'' විනිල් ඇහුවා.

''නෑ බං මේ මේ....''

''හරි හරී.. මම ගැන්සිය ඉස්සරහා ඇදලා උඹව නෝන්ඩි කරන්නෑ කියහන්කෝ අගේ කරන්නැතුව....''

''නවල් එකක් නෙමේ බං''

''එහෙනං.... කියහන්කෝ ඉතින්...ලබ්බ...''

''මේක බං මේ.. උඹ අරුන්ට කියන්නේ නෑ නේ....

''නෑ බොල හාල්පාරුවෝ.. කියපිය...''

''එක බං මේ මේ ධනවත් වෙන විදිහ ගැන කියවෙන..පොතක්. චීන ගුප්ත රහස් ..''

සමන්ත ලැජ්ජාවෙන් වගේ කිව්වේ. විනිල් විහිලූ කරයි කියලා හිතාගෙන.ඒත් විනිල් විහිලූ කලේවත් හිනා උනේවත් නෑ.


''ඇත්තද?...මචං. මම උඹට හිනා වෙන්නෑ මචං. ''

''නෑ බං විනිලො.. මම කියන්නෙ බලපන් අර තට්ටු තුනේ..ගේ සුදා මහත්තයා අලූතින් හදා ගත්තේ.. දැන් බලපං ඌ කොච්චර දියුණු වෙලාද?.. මට මේක එපා වෙලා බං...අපි නිකන් කාණු පණුවෝ වගේ...''

''හහ්.. සුදා කාරයා මන්තිරියට සෙට් වෙලා කරපු පජාති වැඩ අපි නොදන්නවද බං. ඕකෙ ගඩොලක් ගඩොලක් ගානේ මිනිස්සු සාප කරනවා ඕකට. පළාතෙම කුඩු වැපුරුවේ ඕකා. තව පොඩ්ඩෙන් අපිත් ගස්. මතකනේ. හරක් වගේ අපිත් තව පොඩ්ඩෙන් සෙට් වෙනවා. කුඩු බිස්නස් එකට සෙට් වෙලා උගේ මල්ලි වෙඩි කෑවා. එක පුතෙක් අතක් නැති කරගත්තා වලියකදි... අනේ ඕවා සල්ලිද බං.. රෙද්ද..'' විනිල් කිවේ කට ඇද කරලා. කේන්තියෙනුයි පිළිකුලෙනුයි.

''හරි බං හරි.. මම කියන්නේ සාධාරණව දියුණු වෙන්න.. කෝ බං අපිට චාන්ස් එකක් දෙන්න එකෙක්. යන හැම තැනම රිජෙට් වෙනවා. මෙහේ කියල දැනගත්තම.''

''හරි දැන් උඹ ඔය පොතේ විදිහටද වැඩ කරන්න යන්නේ? හා කියපන්. ඔය පොතේ විදිහට උම්බට පුලූවන්ද උබලගේ ගේ තියා ගන්න. ඈ. ඔලූව අර පැත්තට දාලා. කකුල් මේ පැත්තට. ඇඳ අර පැත්තට. කාමරේ ජනේලේ මෙහෙට.දොර එහාට කුස්සිය මෙහේ. කක්කුස්සිය අරෙහේ.. ඔය අඩි දහයේ උබ ලබ්බක් කරන්නද? උඹලගේ ගෙදර හෙන සෙට් එකක් ඉන්නවා. දැන් ඔය පොතේ විදිහට උඹ කාමර සැලසුම් කරහන්. අනේ...

''අනික ඕකෙ තියෙනව නේද ගේ දොරකොඩ මොකද්ද එකක් තියන්නයි..එතකොට සල්ලි ආකර්සනේ වෙනවැයි.. මොකද්ද බයිලයක්.. ඉතින් උඹත් තියපංකො දොරකඩ. පහුවදා උදේ බලනකොට ඕක උස්සල තියෙයි. අනේ බං මේ...''

විනිලා කියනදේත් ඇත්තක් තියෙනවා. ''මේ උඹ කොහොමද ඕව දන්නේ.. උඹත් මේක කියෙව්වද?''

''ඇයි යකෝ.. ඔය පත්තරෙත් යන්නේ.. මම කියවල තියෙනව එහෙන් මෙහෙන්..''

''ආ ඒකියන්නේ උඹත් කියෙව්වා මේව...'' සමන්ත ඇහුවේ නිකන් සවුත්තුවට වගේ.

''නැතුව.. ඇයි අපි දියුණු උනාම නරකද ඩෝ..හිහ්..'' විනිල් කිව්වේ සමන්තගේ පිටට පාරක් ගහන ගමන්.

''මට තේරෙන්නේ නෑ බං. අපි මේ කන කට්ට. දැන් බලපන්. ගොඩක් උන්ට මේක ගානක් නෑ. උන් ඔහේ ඉන්නවා. ඔය හිටියට මටත් වෙලාවකට මේක එපා වෙනව. ඇයි අපි ආස නැද්ද කාල ඇඳලා හොද පිළිගැනීමක් ඇතුව ඉන්න. මට තේරෙන්නෑ බං ඔවට හේතු. එක්කො අපේ කරුමේ. නැත්තන් අර මාඕ කාරය කියව කියව යන්නෙ ධනවාදයේ ගොදුරු.. අධිරාජ්ජවාදීන්ගේ ගැට.. අරවයි.. මේවයි.. ලොකු ලොකු ටෝක්ස්. අපි ඌට නෝන්ඩි දැම්මට වෙලාවකට හිතෙනව බං ඌ කියන දේ ලොකු ඇත්තක් තියෙනවා කියලා. ඒත් ඉතින් ඕවට සෙට් වෙන්න ගියොත් මේ තියෙන ආතල් එකත් කැඩෙනව බං.'' විනිල් ඈත අහස දිහා බලාගෙන කියවගෙන ගියා.

''හ්ම්''. සමන්ත සියලූම හැඟීම් කැටිකරගෙන හූමිටි තැබුවා.

''බස්සෙක් වගේ හූම් හූම් ගාන්න දෙයක් නෑ බං. ඔය රෙද්දේ පොත අල්ලලා දාල වරෙන් යන්න ප්ලේ කරන්න. අද ඛෙකම් කැලේ යන්න ගහමු. වරෙන්. '' විනිල් පිට්ටනියට දුවන ගමන් කිව්වා.

සමන්ත දුවන ගමන්ම තමන් ළඟට ආව බෝලෙට පුලූවන් තරම් ඈතට විසිවෙන පා පහරක් දුන්නා. බෝලෙ උඩින් ගිහින් ඈත තිබුන තාප්පෙ වැදුනේ අලවලා තිබුන පෝස්ටරේක මඩ පාරක් තියමින්.

''සරු සාර දිවියක් අත් කර ගැනීමට .දේශනය සහ වැඩමුළුව... ''
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Kosala මෙහෙම කියනවා :

මේ මිනිස්සු ඇත්තටම පව්..


කිවුව වෙලාව- 2011-08-14 10:40:52
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook