Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
චාල්ස් බව්ඩෙලෙයර් (1821-1867)
බූන්දි, 03:12:35
පොතක් යනු ඇතැම් විට උද්‍යානයක්, පළතුරු උයනක් නැත්නම් ප්‍රිය සම්භාෂණයක් මෙනි. එමෙන්ම එය ගබඩාවක් වාගේම මිත්‍ර සමාගමකි. තවත් විටෙක එය උපදේශකයෙක් නැත්නම් උපදේශකයන් පිරිසකි.

වාක්‍ය රචනයකදී වුව කම් නැත, හැකි සෑමවිටම කවියෙක් වන්න.

මිනිසෙක් ජීවිතයේ සැබෑ තත්වයන් පිළිනොගන්නේද ඔහු සිය ආත්මය විකුණයි.

කලාව කෙරෙහිවූ උමතු අශාව, අහුවෙන සෑම දෙයක්ම කා දමනා ඉහඳ පණුවෙක් මෙනි.

කලාවේ ගර්භාෂයෙන්ම විවේචනයද උපදියි.


චාල්ස් බව්ඩෙලෙයර් (1821-1867) 19 වන සියවසේ ප්‍රංශයේ ජීවත් වූ කවියෙක්, විචාරකයෙක් වාගේම පරිවර්තකයෙක්. The Flowers Of Evil නම් ඔහුගේ කෘතිය ප්‍රංශ සාහිත්‍යයේ අග්‍ර ගන්‍ය නිර්මාණයක් ලෙස සැලකෙනවා. 1821 ප්‍රංශයේ පැරිස් නගරයේදී චාල්ස් බවුඩෙලෙයර් උපත ලබනවා. ඔහුට වයස අවුරුදු 6 දී සිය පියා අහිමි වෙනවා. ඉන්පසු ඔහුගේ මව නැවත වරක් විවාහ වෙනවා. ඒ ලූතිනන් කර්නල් ජැක්වස් ඕපික් සමග. ජැක්වස් ඕපික් ගේ ඉතා දැඩි විනය නීති රීති යටතේ හැදී වැඩෙන්නට කුඩා චාල්ස්ට සිදු වෙනවා.

අධ්‍යාපනය ලැබීම සඳහා චාල්ස්ට ''ලියොන්'' වෙත යෑමට සිදුවෙනවා. එහිදී නේවාසික ජීවිතයක් ගත කරන චාල්ස්ට වාර අවසානයේ නිවසට පැමිණීම පවා සිය සුළුපියා විසින් තහනම් කරනු ලබනවා. චාලස් ගේ මෙම පාසැල් කාලය ඉතා කණගාටුදායක සහ දුක්ඛිත එකක්. ඒ ගැන පසුව සඳහන් කරන චාල්ස් හදවතෙහි රැඳි දරුණු හුදෙකලාවද, අන් සිසුන් ගේ කෲර භාවයද රැඳි අත්හැර දැමූවෙකුගේ ළමා කාලයක් ලෙසට නම් කරනවා.

1839 දී චාල්ස් සිය උපාධිය නිම කරනවා. සැබැවින්ම ඔහුගේ අනාගතය අවිනිශ්චිතයි. ඔහුගේ සුළුපියා ගේ අදහස ඔහු නීති ක්ෂේත්‍රයේ හෝ රාජ දූත සේවාවන් වෙත යොමුකරවන්න. එහෙත් චාල්ස් සාහිත්‍ය ක්ෂේත්‍රයම තෝර ගන්නවා. ඉන්පසුව ගතවූ අවුරුදු කිහිපය ඉතා අක්‍රමවත් එකක්. ඔහු අනෙකුත් බොහිමියානු කලාකරුවන් සමග අරමුණු රහිත ජීවිතයක් ගත කරනවා.

මේවනවිට කලා කවයන්හි ජේත්තුකාරයෙක් ලෙස ප්‍රකට වී සිටින චාල්ස්ට 1844 දී පමණ තවත් ශ්‍රේෂ්ඨ ප්‍රංශ ජාතික නවකතා කරුවෙක් සහ නාට්‍ය රචකයෙක් වන බල්සැක් (හොනොරේ ඩි බල්සැක්) ව මුණගැහෙනවා. චාල්ස් ගෙa The Flowers Of Evil නම් කෘතියේ එන බොහෝ කවි ලියැවෙන්නේ ඉන් පසුවයි. ඔහුගේ මුල්ම ප්‍රකාශනය Salon 1845 හි කලා විචාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙනවා. ඒ ඔහු එය කර ඇති නිර්භීත ස්වභාවය නිසයි.

1857 දී චාල්ස් ගේ වඩාත් ජනප්‍රිය සහ උසස්ම ක්‍රතිය වන The Flowers Of Evil නම් කෘතිය නිකුත් වෙනවා. එවකට සිටි විචාරකයන් මෙය හඳුන්වන්නේ කාමයේත් කලාවේත් කවියේත් උසස්ම කෘතිය ලෙසයි.

ඉන්පසු මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා යොමු වෙන්නේ ග්‍රන්ථ පරිවර්තනයටයි. තෝමස් ඩි ක්වින්සි නම් ලේඛකයාගේ The Flowers Of Evil නම් කෘතිය ද ඊට පසු තවත් බොහෝ කෘතින්ද ඔහු අතින් පරිවර්තනය වෙනවා.

1859 දී පමණ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගන්නවා. දිගු කලක් තිස්සේ ගත කල අපරික්ෂාකාරී ජීවිතයද, දැඩි මානසික පීඩනයන්ද දුප්පත්කමද මෙයට හේතුවක් වෙනවා. ඔහුගේ ජීවිතයේ අවසන් අවුරුදු කිහිපය ගතවන්නේ අර්ධ වශයෙන් අංශභාගී තත්වයක. ජීවිත කාලයම තමන් ඇදහූ කලාව සහ දර්ශනය තුළම ජීවත්වූ මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා 1867 අගෝස්තු 31 වන දින මෙලොව හැර යනවා. නමුත් ඒ ලෝකවාසී සැමට කියවීමටද රස විඳීමටද උසස් කෘතීන් රැසක් දායද කිරීමෙන් අනතුරුවයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Chalrlse Baudelaire
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook