Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
මාර්ටින් ලූතර් කින්ග් (1929-1968)
බූන්දි, 03:35:22
අඳුරට අඳුර පළවා හැරිය නොහැකිය. එය කල හැක්කේ ආලෝකයට පමණි. වෛරයට වෛරය පළවා හැරිය නොහැකිය. එය කල හැක්කේ ආදරයට පමණි.

නිදහස කිසි විටෙකත් පීඩකයන් විසින් සිය කැමැත්තෙන් ලබා දෙන්නක් නොව පීඩිතයන් විසින් ඉල්ලා සිටිය යුත්තකි.

ඔබට පියගැට පෙළ සම්පූර්ණයෙන්ම නොපෙනුනද විශ්වාසය විසින් එහි පළමු පියවර තබනු ලැබේ.

මිනිසෙකුට මිය යෑමට සුදුසු හේතුවක් සොයා ගැනීමට නොහැකිනම් ඔහු ජීවත් වීමට සුදුසු නැත.

සතුරෙක් මිතුරෙක් කිරීමට සමත් එකම බලවේගය ආදරය පමණි.


1929 ජනවාරි 15 වන දින ඇට්ලන්ටාහි බැප්ටිස්ට් දේවගැති පවුලක උපන් මයිකල් ලූතර් කින්ග් පසුව මාර්ටින් ලූතර් කින්ග් ලෙස සිය නම වෙනස් කරගත්තේය. ඔහුගේ පියා මෙන්ම සීයාද බැප්ටිස්ට් පල්ලියේ දේවගැතිවරුන් මෙන් සේවය කලෝය. 1960 සිට සිය අවසානය දක්වාම මාර්ටින් ලූතර් කින්ග් ද මෙහි සහායක දේවගැති වරයෙකු මෙන් සේවය කලේය.

ජෝර්ජියාවේ කලු ජාතිකයන් සඳහාම වෙන්කොට තැබූ පාසලකින් මාර්ටින් ලූතර් සිය මුලික අධ්‍යාපනය ලැබුවේය. පසුව ඇට්ලන්ටාවේ කලූ ජාතිකයන් සඳහාම වූ මෝර් හවුස් විද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබා ගත්තේය. පසුව බොස්ටන් විශ්වවිද්‍යාලයට ඇතුලත්වී එහිදී සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

බොස්ටන් වලදී මාර්ටින් ලූතර් කින්ග් කොරෙටා ස්කොට් නම් තරුණිය සමග විවාහ විය. ඔවුන්ට පුතුන් දෙදෙනෙකුද දියණියන් දෙදෙනෙකුද වූහ.

1954 දී මාර්ටින් ලූතර් ඇලබාමා හි ඩෙක්ස්ටර් ඇවනිවු බැප්ටිස්ට් පල්ලියේ දේවගැතිවරයෙකු ලෙස සේවය කලේය. මේ කාලයේදී ඔහු කලූ ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි ලෙස ක්‍රියාකාරී විය.

1955 දී නීග්‍රෝ ජාතිකයන් විසින් ගෙනගිය මහා වැඩ වර්ජනයට නායකත්වය දුන්නේ මාර්ටින් ලූතර් කින්ග් ය. බස් රථ වලදී කලූ ජාතිකයන්ට සිදුවන අසාධාරණකම් නිසා ඔවුන් විසින් බස් රථවල යෑම වර්ජනය කලෝය. මොන්ට්ගෝමරි මහා බස් වර්ජනය නම් සුප්‍රසිද්ධ මෙම වර්ජනයට නායකත්වය දුන්නේද මාර්ටින් ලූතර් ය. දින 382 ක් පුරා පැවති මෙම වර්ජනය අවසාන වූයේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නීග්‍රෝ ජාතිකයන් සදහා වූ එම අසධාරණ නීති අවලංගු කිරීමෙන් අනතුරුවය.මේකාලයේදී ඔහුව අත් අඩංගුවට ගත්තේය. ඔහුගේ නිවසට බෝම්බ ප්‍රහාර එල්ලවිය. තවත් අනේක විධ හිරිහැර බාධක වලට ලක්විය.

1957ත් 1968 කාලය අතරතුර රටපුරා යමින් දේශන පවත්වමින් කින්ග් විසින් කලූ ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වුනේය. මේකාලය තුළ ඔහු විසින් ග්‍රන්ථ පහක් පමණ රචනා කලේය. කලූ ජාතිකයන්ගේ ඡන්ද අයිතිය දිනා ගැනීමට සටන් කලේය.

ඔහු කල සේවය උදෙසා 1964 වසරේ නොඛෙල් සාම ත්‍යාගයෙන් පුදනු ලැබීය. ඔහු ඒ සදහා ලැබුනු මුදල සිවිල් අයිතිවාසිකම් උදෙසා වන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කලේය.

1968 අප්‍රේල් 4 වන දා ටෙනිසිස් පෙදෙසේ කසල ශෝධකයන් ගෙනගිය පෙළපාලියක් මෙහෙයවීම සඳහා සහභාගී වූ ආචාර්ය මාර්ටින් ලූතර් කින්ග් සිය නවාතැනේ සඳළු තලයේ සිටියදී සාහසිකයෙකුගේ වෙඩිපහරකට ලක්ව මියගියේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Martin Luther King
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook