Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
ජිඩ්ඩු ක්‍රිෂ්ණමුර්ති (1895-1986)
බූන්දි, 03:59:20
අපගේ මනස සෑම විටම සම්ප්‍රදායන් විසින් ආරක්ෂා කෙරෙන කල එය දිරාපත් වෙයි.

අපි හැමෝටම ප්‍රසිද්ධ පුද්ගලයන් වීමට අවශ්‍යය. යම් මොහොතක අපිට යමෙකු වීමට අවශ්‍යවේද එතැන් පටන් අප නිදහස් මිනිසුන් නොවෙමු.

අපට ගැටලුව නිවැරදිව හඳුනා ගත හැකිද එසැනින්ම පිළිතුරද ලැබෙනු ඇත. පිළිතුර කෙසේවත් ගැටලුවෙන් වියුක්ත වූවක් නොවෙයි.

ඉගෙනීමට අවසානයක් නැත. එය ඔබ පොතක් කියවා හෝ විභාගයක් සමත් වීමෙන් හෝ කෙළවර නොවෙයි. එය ඔබගේ ජීවිත කාලය පුරාවටම, උපතේ සිට මරණය දක්වාම දිවෙන්නාවූ නොනවතින ක්‍රියාවලියකි.

පිළිතුර සඳහා ඇති බලවත් කැමැත්තෙන් නිදහස් වීම ගැටලුව හරිහැටි තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය වෙයි.


1895 වර්ෂයේ ඉන්දියාවේ තෙළිඟු බ්‍රාහ්මණ පවුලක උපන් ජිඩ්ඩු ක්‍රිෂ්ණමුර්ති තුමා දර්ශනවාදියෙකු ලේඛකයෙකු මෙන්ම ආධ්‍යාත්මික ගුරුවරයෙකුද වශයෙන් ප්‍රසිද්ධ විය. ඔහුගේ පියා එකල බි්‍රතාන්‍ය යටත්විජිතයක්ව තිබූ ඉන්දියාවේ රජයේ නිලධාරියෙකු විය. කුඩා කල ශාරීරිකව රෝගී තත්වයක් පෙන්වුම් කල ක්‍රිෂ්ණමූර්ති තුමා මානසිකවද පීඩා වින්දේය. නිවසේදී සිය පියාගෙන්ද පාසලේ ගුරුවරුන්ගෙන්ද නිරන්තර දඬුවම් වලට ලක්විය.

1907 දී ක්‍රිෂ්ණමුර්ති තුමාගෙA පියා සිය රැකියාවෙන් විශ්‍රාම ගත්තේය. ඉන්පසු ඔහු එවකටත් සාමාජිකත්වය ලබාසිටි ඉන්දියානු පරම විඥානාර්ථ සමාගමේ ලිපිකරුවෙකු ලෙස සේවයට එක්විය. එම ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉතා කුඩා මෙන්ම අඩු පහසුකම් යටතේ වූ නිවසක ක්‍රිෂ්ණමූර්ති තුමාගේ පවුලේ අයට ජීවත්වීමට සිදු විය.

මේකාලයේදී ක්‍රිෂ්ණමූර්ති තුමාට එකල ඉතා ප්‍රසිද්ධ තියෝසොපිකල් වාදියෙකු වූ සී.ඩබ්ලිව් ලෙඩ්බීටර් මුනගැහුනි. මෙය ඔහුගේ ජීවිතයේ වැදගත් හමුවීමක් විය. අන් අය විසින් ශාරීරිකව සහ මානසිකව දුබලයෙකු ලෙස සැලකූ මෙම කුඩා දරුවා සතුව මහත් ආධ්‍යාත්මික බලයක් සතු බවත් තමන්ගේ පරමවිඥාන ඉගැන්වීම ලෝකයට ගෙනයෑම සදහා අවශ්‍ය වූ ගුරුවරයා මෙම කුඩා දරුවාගෙන් තැනිය හැකි බවත් වටහා ගත් ලෙඩ්බීටර් ඇතුළු තියෝසොපිකල් වාදීහු එතැන් පටන් ඔහුට සිය ඇසුරේ ගුරුහරුකම් ලබාදෙන්නට විය.

ලෙඩ්බීටර් ට අමතරව එකල පරමවිඥානාර්ථ සමාගමේ සභාපතිනිය වූ ඇනී ඛෙසන්ට් ද ක්‍රිෂ්ණමූර්ති තුමාගේ ජිවිතයට මහත් බලපෑමක් කල චරිතයකි. පසුකලෙක ඇය ක්‍රිෂ්ණමූර්ති තුමාගේ සහ ඔහුගේ සහෝදරයාගේ භාරකාරත්වයටද පත්විය.

වර්ෂ 1911 දී පරමවිඥානාර්ථ සමාගමේ මූලිකත්වයෙන් පිහිටවනු ලැබූ The Order of the Star in East නම් සංවිධානයේ ප්‍රධානියාලෙස ක්‍රිෂ්ණමූර්ති තුමාව පත්කලේය. ඉන්පසු ඔහු රටින් රට යමින් දේශන පවත්වමින් සිය ඉගැන්වීම ඛෙදා දෙන්නට විය. තමා කිසිම ආගමකට ජාතියකට හෝ දර්ශනයකට අයිති නොවන බව එතුමා විසින්ම හදුන්වා දුන්නේය. The First & Last Freedom, The Only Revolution, Krishnamurthi’s Notebok යනු එතුමා විසින් රචිත ග්‍රන්ථ කිහිපයකි.

වයස අවුරුදු 90 දී එතුමා එක්සත් ජාතීන් අමතා සාමය සහ සති සම්පඤAඤ බව (The Peace & The Awareness& යන මැයෙන් දේශනයක් පැවැත්වීය. 1984 වසරේදී එතුමාව සාමය සඳහාවන එක්සත් ජාතීන්ගේ පදක්කමෙන් පුදනු ලැබීය.

එතුමාගේ අවසන් මහජන දේශනය පවැත්වූයේ 1986 වර්ෂයේ ඉන්දියවේ මදුරාසි නුවරදීය. මිනිසාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය තුළින් වඩාත් යහපත් ලෝකයක් බිහි කරන්නට කැපවූ මේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා 1986 පෙබරවරි 17 වනදින මෙලොවින් සමුගත්තේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- J Krishnamurthi
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook