Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
මායා ඇන්ජෙලෝ (1928-)
බූන්දි, 04:05:22
ඔබ යම් දෙයකට අකැමැතිනම් එය වෙනස් කරන්න. එසේ බැරිනම් ඔබේ ආකල්පය වෙනස් කරන්න.

ඔබට ඇත්තේ එකම එක සිනහවක් පමණක්ම නම් එය හෝ ඔබ ආදරය කරන මිනිසුන්ට දෙන්න.

ආදරය බාධාවන් නොහඳුනයි.එය කඩුලු මතින් වැටවල් මතින් පනිමින් පවුරු බැමි පසාරු කරගෙන බලාපොරොත්තුවෙන් පිරී ගිය එහි ගමනාන්තයට ළඟාවෙයි.

කිසිවෙකුට නොකී කතාවක් ඔබ තුල දරාගෙන සිටීම තරම් බලගතු වේදනාවක් තවත් නැත.

අප බොහෝ පරාජයන්ට මුහුණදෙනු ඇත. එහෙත් අප පරාජය විය යුතු නැත.

වචන යනු නිකම්ම කඩදාසි මත ලියැවෙන දේ පමණක්ම නොවේ. ඒවා ඉතා ගැඹුරු අර්ථයන් සිතට කාවද්දනු පිණිස මිනිස් කටහඬ සමග මුසුවී එයි.


1928 අප්‍රේල් 4 වනදින මිසූරි හිදී උපන් මාගරිට් ඈන් ජොන්සොන් හෙවත් මායා ඇන්ජෙලෝ ප්‍රකට ඇමෙරිකානු කිවිඳියකි. එකිනෙකට වෙනස් වෘත්තීන් ගණනාවක නියුතු වූ මායා ඇන්ජෙලෝ නිළියක්, නර්ථන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක්, රූපවාහිනී නිෂ්පාදිකාවක් මෙන්ම චිත්‍රපට අධ්‍යෂිකාවක් ලෙසද කටයුතු කලාය.

එමෙන්ම ඇය සිවිල් අයිතිවාසිකම් සදහාවූ පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ අතර ආචාර්ය මාර්ටින් ලුතර් කින්ග් ගේ දකුණු ක්‍රිස්තියානි නායකත්ව සමුළුවේ සංවිධායක වරියක් ලෙසද කටයුතු කලාය.

විවිධ කේෂත්‍රයන් හි ඇය විසින් දක්වන ලද දස්කම් නිසා ඇය ගෞරව උපාධීන් තිහකින් පිදුම් ලැබුවාය. එමෙන්ම 1971 වසරේදී ඇය විසින් රචිත Just Give Me a Cool Drink of Water before I die නම් කෘතිය උදෙසා පුලිට්සර් සම්මනය සදහා ඇගේ නම යෝජනා විය.

1993 වර්ෂයේදී ජනාධිපති බිල් ක්ලින්ටන් ගේ සමාරම්භක උළෙලේදී ඇය සිය On The Pulse Of Morning නම් කවිය ගායනා කලාය. මීට පෙර මෙවැනි භාග්‍යයක් ලැබුවේ තවත් ප්‍රකට කවියෙකු වන රොබර්ට් ෆ්‍රොස්ට් ය. ඒ 1961 වර්ෂයේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ගේ සමාරම්භක උළෙලෙදීය.

1969 වර්ෂයේදී එළි දැක්වුනු ඇයගේ I Know Why the Caged Bird Sings නම් කෘතිය නිසා ඇය සාහිත්‍ය චිත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් විය. ඇයගේ රචනා ශෙලිය බොහෝවිට ස්වයං චරිතාපදාන ලක්ෂණ දැක්වුවද එය අනෙකුත් ස්වයං චරිතාපදාන කෘතීන් වලට වඩා වෙනස් විය. ඇයගේ කෘතීන් ඇතැම් පාසැල් වල නිර්දේශිත ග්‍රන්ථ වලට ඇතුලත් වුවද ඇතැම් තැන් වලදී දැඩි විවේචනයට සහ තහනමට පවා ලක්විය.

මේ සියවසේ පහළ වුනු විශිෂ්ඨතම නිර්මාණකරුවන් අතරට ගැනෙන මායා ඇන්ජෙලෝ දැනට උතුරු කැලිෆෝනියාවේ වේක් ෆොරස්ට් විශ්වවිද්‍යායලේ ඉගැන්වීමේ කටයුතු වල නියැලී සිටින අතර විටින් විට ලොව වටා යමින් සිය දැනුම ලෝකයා හමුවේ ඛෙදා දීමටද කටයුතු කරන්නීය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Maya Angelou
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook