Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
චාලි චැප්ලින් (1889-1977)
බූන්දි, 04:26:01
සිනහවක් නැතිව ගෙවුනු දිනයක් නාස්ති වූ දිනයකි.

ඒකාධිපතියෝ තමන්ව නිදහසේ තබා ගනිති. නමුත් ඔවුහු මහජනතාව වහලුන් ලෙස තබා ගනිති.

මම දෙවියන් සමග සාමයෙන් සිටිමි. මගේ ගැටුම තිබෙන්නේ මිනිසා සමගයි.

ජීවිතය සමීපව බලන කල එය ඛේදාන්තයකි. නමුත් දුරස්තව බලන කල ප්‍රහසනය කි.

මිනිසුන්ගේ වෛරය ගෙවී යනු ඇත. ඒකාධිපතියන් මිය යනු ඇත. ඔවුහු මිනිසුන්ගෙන් උදුරා ගත් බලය යලි මිනිසුන්ටම ලැබෙනු ඇත. එලෙස මිනිසුන් මිය ගිය ද නිදහස මිය නොයනු ඇත.


ශ්‍රීමත් චාර්ල්ස් ස්පෙන්සර් චැප්ලින් (කණිෂ්ඨ) ඉංග්‍රීසි ජාතික විකට නලුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් මෙන්ම සංගීතඥයෙක්ද විය. ඔහු ඇමෙරිකානු හොලිවුඩ් සිනමාවේ සම්භාවනීය යුගයේ මුල් කාලයේ පටන් මැද දක්වාම දස්කම් පෑ විරල ගනයේ පුද්ගලයෙකි.

වර්ෂ 1899 අප්‍රේල් 16 වන දින ලන්ඩන් හි වැල්වර්ත් හිදී උපත ලද චැප්ලින්ට උපතින්ම කලා ක්ෂේත්‍රය හා බැඳුනු පරිසරයක් තිබුනි. ඒ ඔහුගේ මව මෙන්ම පියාද වේදිකා නාට්‍ය නළුවන් වූ නිසාය. චැප්ලින්ගේ මව රංගනයට අමතරව ගායනයටද දක්ෂවූවාය. නමුත් චාලිට වයස අවුරුදු 3 ලැබීමට පෙර ඔවුන් දෙදෙනා වෙන් විය.

බීමත්කමට ඇබ්බැහිවූ චාලිගේ පියා චාලිට වයස අවුරුදු 12 වන විට මිය ගියේය. චාලි ගේ මවගේ උගුරේ ඇතිවූ ආසාදනයක් හේතුවෙන් ඇයගේ ගායන දිවියද අවසන් විය. මේ කාලයේදී ඉතා දැඩි ආර්ථීක දුෂ්කරතාවෙන් පිරුනු චාලි ගේ දිවිය පසු කලෙක ඔහු සිය නිර්මාණ කරණයේදීද පාදක කොට ගත්තේය. පසු කලෙක චාලි, ඔහුගේ මව සහ ඔහුගේ අර්ධ සොහොයුරු සිඩ්නි ඇමෙරිකාවට පැමිණියහ. එහිදී එනම් 1928 දී ඔහුගේ මව මිය ගියේය.

චැප්ලින්ගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ සැබැවින්ම ඔහුට වයස අවුරුදු 14 දීය. ඔහු ප්‍රථම වරට වේදිකාවේ රඟපෑවේ බිලී නැමැති කුඩා කොලුවෙකු ගේ චරිතයකි. පසුව ඇමෙරිකාවේදී ඔහු රඟ පෑ A Night In An English Music Hall නම් වේදිකා නාට්‍යයෙන් ඔහු ඇමෙරිකානු ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය විය. පසුව 1913 වසරේදී චිත්‍රපට සඳහා දායක වූ චැප්ලින් එක් රැයකින්ම ජනප්‍රිය තරුවක් බවට පත් විය.

ඉන් පසු ඔහු රඟපෑ චිත්‍රපට අතර A Woman Of Paris (1923), The Gold Rush (1925), The Circus (1928), City Lights (1931), Modern Times (1936), The Great Dictator (1940) වැනි අදටත් ඉතා උසස් නිර්මාණ ගනයේ ලා සැලකෙන චිත්‍රපට වෙයි.

චැප්ලින් ගේ දක්ෂතා රංගනයට පමණක් සීමා වූවක් නොවීය. ඔහු ලේඛනයට, ක්‍රීඩාවට, මෙන්ම සංගීතයටද දක්ෂයෙක් විය. ඔහු විසින් ඔහුගේ ස්වයං චරිතාපදානය ඇතුලුව අඩුම තරමින් ග්‍රන්ථ හතරක් වත් රචනා කර තිබේ. ඔහු තනිවම සංගීතයද උගෙන දක්ෂ වයලීන් වාදකයෙක් ද විය.

චැප්ලින් ගේ දේශපාලනික දැක්ම වාමාංශික විය. ඔහුගේ බොහෝ චිත්‍රපට වලින්ද එය මනාව පැහැදිළි වෙයි. ඔහු ගේ Modern Times චිත්‍රපටයේ ඔහු දුප්පතුන් ගැනද එමෙන්ම කම්කරුවන් ගේ ජීවන අරගලය ගැනද කතා කරයි. ඔහුගේ Great Dictator චිත්‍රපටයෙන් ඔහු ඒකාධිපතිත්වය හාස්‍යයට ලක් කරයි.

තම කුඩා කාලයේ දුප්පත්ව සිට ලැබූ අත්දැකීම් සිය කලා කෞෂල්‍යය සමඟ එක් කරමින් සිනමාවේ අද්විතීය චරිතයක් බවට පත් වූ මෙම මානව හිතවාදී කලාකරුවා 1977 නත්තල් දිනයේ මෙලොව හැර ගියේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Charlie Chaplin
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook