Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
මොහොමඩ් අලී (1942-)
බූන්දි, 04:30:09
මිනිසෙකු වයස අවුරුදු පනහකදී ජීවිතය දකින්නේ තමා වයස විස්සේදී දුටු ආකාරයටම නම් ඔහු ජීවිතයෙන් වසර තිහක්ම නාස්තිකරගෙන සිටියි.

අනුන්ට කරනා සේවය ඔබ මේ මිහිපිට ඉන්නා කාමරයට ගෙවන කුළිය වෙයි.

සිය වර්ණය නිසා මිනිසුන් හෙළා දැකීම ඉතා වැරදියි. ඒ කුමන වර්ණයක් සදහා වුවද ඉතාම වැරදි ක්‍රියාවකි.

ජීවිතයේ අභියෝග භාරගැනීමට තරම් ධෛර්යමත් නොවන අයට කිසිවක් දිනාගත නොහැකි වනු ඇත.

බොක්සිං යනු කලු මිනිසුන් දෙදෙනෙකු ගුටි ඇන ගන්නා අයුරු බොහෝ සුදු මිනිසුන් නරඹන අන්දමේ ක්‍රීඩාවකි.

මිත්‍රත්වය යනු පාසැලෙන් ඉගෙනගන්නක් නොවෙයි. නමුත් ඔබ එහි තේරුම නොදන්නේ නම් ඔබ කිසිවක් ඉගෙන ගෙන නැත.

ජාතීන් අතර අරගලය සිතියම වෙනස් කරනු සඳහායි. නමුත් දුප්පත් කමට එරෙහි අරගලය, වෙනස සිතියම්ගත කරනු සඳහායි.


වර්ෂ 1942 දී ඇමෙරිකාවේ කෙන්ටුකී ප්‍රාන්තයේ උපත ලද මොහොමඩ් අලී තෙවතාවක්ම ලෝක හෙවිවේට් ශ+රතාව දිනූ බොක්සිං ක්‍රීඩකයෙකි. මෙතොදිස්ත කතෝලික නිකායට අයත් පවුලක උපත ලද මොහොමඩ් අලීගේ මුල් නම වූයේ කැසියස් ක්ලේ ය. නමුත් පසු කලෙක ඉස්ලාම් දහම වැළද ගත් ඔහු මොහොමඩ් අලී ලෙස සිය නම වෙනස් කරගත්තේය.

1954 දී සිදුවුන එක් අහඹු සිදුවීමක් නොවන්නට මොහොමඩ් අලී බොක්සිං තරුවක් නොවන්නට ඉඩ තිබුනි. 12 වියැති අලී සහ ඔහු ගේ මිතුරෙකු කෙන්ටුකී හි ශ්‍රවනාගාරයක සිටියදී ඔහුගේ බයිසිකලය නැති විය. ඔහුට එහි ක්‍රීඩාගාරයක සිටි ජෝ මාටින් නම් පොලිස් නිලධාරියා මුණගැසිනි. තමාගේ බයිසිකලය සොරා ගත්තේ කවුරු හෝ වේවා ඔහු තමාගෙන් හොඳ හැටි ගුටි කන බව අලී, ජෝ මාටින් ට පැවසීය. මාටින් පැවසුවේ ඊට ප්‍රථම ඔහු විසින් බොක්සිං ඉගෙන ගත යුතු බවයි. ප්‍රතිඵලය වූයේ සති ගණකට පසු මොහොමඩ් අලී විසින් සිය පළමු බොක්සිං ජයග්‍රහණය වාර්ථා කිරීමය. ඉන් පසු වසර 27ක් ම බොක්සිං වළල්ලේ රජු ලෙස කිරුළ පැළදීමට මෙම අනභිභවනීය ක්‍රීඩකයා සමත් විය. ඒ අනුව 1960 දී සැහැල්ලු බර පංති ඔලිම්පික් රන් පදක්කමද පසු කලෙක ලෝක හෙවි වේට් ශ+රතාව තෙවරක්ද යනාදීවශයෙන් ඔහු සිය ජයග්‍රහණයන් වාර්තා කලේය.

අලීට සටන් කිරීමට සිදු වූයේ බොක්සිං වළල්ල තුල පමණක් නොවේ. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය වියට්නාමය සමග යුධ වැදී සිටි සමයයි. අලීට යුධ සේවයට එක්වන ලෙස බලපෑම් එල්ල විය. නමුත් එය ශුද්ධ වූ කුරානයට පටහැනි බව දැක්වූ අලී යුධ හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කලේය. තවද ''ඔවුහු.. එනම් වියට්කොං වරුන් තමාට කල්ලෙක් යැයි කිසි විටෙක අපහාස නොකලහ'' යන ප්‍රසිද්ධ කියමන ද ඔහු විසින් ප්‍රකාශ කලේ මේ කාලයේදීම ය. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වූයේ අලීව සිරභාරයට ගැනීම ය.නිව්යෝක් හි මළල ක්‍රීඩා කොමිටිය විසින් අලී ගේ බොක්සිං ලයිසම තහනම් කරන ලදී. තවද ඔහුගේ සියලුම ගරු නාමයන්ද තනතුරුද අවලංගු කරන ලදී.

නමුත් කල් ගතවන විට යුද්ධයට එරෙහි මහජන මතයක් ඇමෙරිකාව තුළ ගොඩ නැගෙන්නට විය. ඒසමඟම සිර ගත කල මේ ජනප්‍රිය ක්‍රීඩකයා වෙත මහජනතාවගේ සහයෝගය ලැබෙන්නට විය. අවසානයේදී 1971 වසරේදී එරට අධිකරණය මගින් අලීට එරෙහිව පනවාතිබූ දඬුවම අවලංගු කරන ලදී.

අලී ඉතා දැඩි ලෙස වර්ණ බේද වාදයට විරුද්ධ විය. වරක් සුදු මිනිසුන්ට පමණක් වෙන්වූ අවන් හලකට ඇතුල් වීමට ඉඩ නොදීම නිසා ඇතිවූ කලකිරීමෙන් ඔහු සිය ඔලිම්පික් රන් පදක්කම ඔහියෝ ගඟට විසි කලේය. මෙම ක්‍රියාව ගැන දැනගත් එවකට ඇමෙරිකාවේ වර්ණ බේද වාදයට එරෙහි දැඩි අරගලයක් ගෙනගිය මැල්කම් X විසින් අලීව ''ඉස්ලාම් ජාතිය'' (Nation Of Islam) නම් සංවිධානයට බඳවා ගත්තේය.

වර්ෂ 1978 දී අලී බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය. 1984 දී ඔහු පාකින්සන් නම් මොළයේ රෝගයට ගොදුරු විය. ශරීරයේ දුර්වල පාලනයත් සමඟම ඔහු තවමත් ලෝකයේ විශේෂයෙන් අප්‍රිකාවේ දුගී ජනතාව වෙනුවෙන් පිහිට වීමට කටයුතු කරනේය. වර්ෂ 2005 දී ඔහු ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී ජනාධිපත් ජෝර්ජ් බුෂ් අතින් නිදහස සඳහා වන ජනාධිපති පදක්කමෙන් පිදුම් ලැබීය. බොක්සිං වළල්ලේදී මෙන්ම ඉන් පිටතදීද සුවහසක් ලෝක ජනතාවගේ ගෞරවාදරයට පත් මෙම අසහාය ක්‍රීඩකයා අද දිනද ලෝකය සඳහා වූ තමාගේ වගකීම වෙනුවෙන් ක්‍රියාකාරී වෙමින් සිටියි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Muhammad Ali
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook