Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)
බූන්දි, 04:35:04
සෑම මිනිසෙකුගේම ජීවිතය දෙවියන් වහන්සේගේ ඇඟිලි තුඩින් ලියවුනු සුරංගනා කතාවකි.

නිකම්ම ජීවත්වීම ප්‍රමාණවත් නොවේ. මිනිසෙකුට හිරු එළිය, නිදහස වගේම මල් ටිකකුත් අවශ්‍ය වේ.

ජීවිතය, එයම ඉතාම ආශ්චර්යමත් සුරංගනා කතාවකි.

වචනය පරදින තැන සංගීතය කතාකරයි.


1805 දී ඩෙන්මාර්කයේ ඔඩෙන්ස් හිදී උපත ලැබූ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කවියෙකු මෙන්ම ලෝක ප්‍රකට ළමා කතා රචකයෙකු විය. කුඩා කලදීම ඉතා බුද්ධිමත් මෙන්ම නිර්මාණාත්මක ප්‍රතිභාවක් දැක් වූ හාන්ස් ක්‍රිස්ටියන් විශේෂයෙන් නාට්‍යය කලාවට දැඩි ඇල්මක් දැක්වීය. තමා විසින්ම සාදාගත් රූකඩ නාට්‍ය ශාලාවක, ඔහු රූකඩ ඇසුරින් විලියම් ශේක්ස්පියර් ගේ නාට්‍ය රඟ දැක්වීය.

1816 දී හාන්ස්ට සිය පියා අහිමි විය. ඉන්පසු ඔහුට තමාගේ ජීවිකාව සපයා ගැනීමට සිදු විය. ඔහු වයස අවුරුදු 14 දී කෝපන්හේගන් නුවරට පැමිණෙන්නේ නළුවෙකු ලෙස රැකියාවක් සොයාගෙනයි. ඔහුගේ අතිතාරස්වර කටහඬ නිසා ඩෙන්මාර්කයේ රාජකීය රඟහලේ නළුවෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුනි. නමුත් නොබෝ කලකින්ම ඔහුගේ කට හඬ වෙනස් වූයෙන් ඔහුට සිය වෘත්තියෙන් ඉවත්වීමට සිදුවිය. සිය මිතුරෙකුගේ යෝජනාවකට අනුව ඔහු ලේඛන කලාව තෝරාගත්තේ ය. වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු භාෂා පාසැලකටද ඇතුල් විය. පසු කලෙක හාන්ස් ක්‍රිස්ටියන් පැවසුයේ තමාගේ ජිවිතයේ නීරසම අඳුරුම කාල පරිච්ඡෙAදය මෙම පාසල් කාලය බවයි. අන් අයගේ සැලකිල්ලට භාජනය නොවුනු එමෙන්ම ඉගෙනීමේ දුර්වලතාවයෙන් පෙලුනු ''ඩිස්ලෙක්සියා'' (Dyslexia)- රෝගියෙකුව ගෙවුනු එම කාලය ඔහුට ඉතා දුෂ්කර විය.

වර්ෂ 1829 ඇන්ඩර්සන් ලේඛන කලාවෙන් තරමක සාර්ථකත්වයක් ලැබූ වසරකි. මේ කාලයේදී ඔහු කවි එකතුවක්, ප්‍රහසනයක් සහ සාර්ථක කෙටි කතාවක් ලියා පළකලේය. වර්ෂ 1835 ඇන්ඩර්සන් සිය අමරණීය සුරංගනා කතා එකතුව පළ කල වසර යි. කෙසේවෙතත් මෙම කෘතීන් ආරම්භයේදී පාඨකයන් අතර එතරම් ජනප්‍රිය නොවීය. නමුත් ඔහු ගේ O.T සහ Only A Fidler යන නවකතා තරමක් සාර්ථකත්වයක් පෙන්නුම් කලේය. තවද 1837 දී ඔහු සිය The Ugly Duckling (අවලස්සන තාරපැටවා) නම් සුප්‍රසිද්ධ ළමා කතාව පළ කල වසරයි. 1847 දී ඔහු එංගලන්තයට පැමිණියේ ය. එය ඔහුට සමාජීය වශයෙන් වැදගත් වූ කාර්තුවකි. බ්ලෙසිංටන් ආදිපාදවරිය ඔහුව සිය භෝජන සංග්‍රහයන්ට කැෙඳව්වා ය. එහිදී ඔහුට සමාජයේ ඉතා වැදගත් සාමාජිකයින් මුණ ගැසීමට අවස්ථාව ලැබුණි. ඔහුට තමා ඉතාම ආදරය කරන ලේඛකයා ''චාල්ස් ඩිකන්ස්'' ද ඇසුරු කරන්නට ඉඩ ලැබුණි.

''තම්බලිනා'', ''හිම රැජින'', ''පුංචි දිය කිඳුරිය'', ''අධිරාජ්‍යයාගේ අලුත් ඇඳුම්'', වැනි ඔහුගේ ඉතා ජනප්‍රිය නිර්මාණ රැසක් 1840 ත් 1850 අතර වාගේ ලියැවුනු ඒවාය. ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වෙමින් අදටත් මෙම නිර්මාණ පාඨකයන් අතර ජනප්‍රියව පවතී.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් වරායේ මෙම මහා ලේඛකයා සිහි වීම පිණිස පුංචි දිය කිඳුරිය ගේ ප්‍රථීමාවක් ගොඩනගා තිබේ. තවද ඔහුගේ උපන් දිනය වන අප්‍රේල් දෙවන දින ලෝක ළමා සාහිත්‍ය දිනය ලෙස සැලකෙයි.

විශ්වයේ සෑම සුන්දර දෙයක් තුලම ආදරයේ පැහැය තැවරූ මේ මහා ලේඛකයා වර්ෂ 1872 දී මෙලොව හැරගියේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hans Christiyan Anderson
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook