Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
මිලිනව සැඟව ගිය ආකාස කුසුම
ජූඩි ගාර්ලන්ඩ් (1922-1969)
බූන්දි, 04:37:55
සෑම වලාකුළක් පසුපසම ඇත්තේ තවත් වලාකුළකි.

මම සෑම විටම ප්‍රේක්ෂකයාට ඔවුන්ගේම නාට්‍යයක්.. ඔවුන් හොඳින්ම දන්නා සිනහවෙන් කඳුලෙන් පිරි ඔවුන්ගේම නාට්‍යයක් දීමට උත්සාහ කරමි.

මට මුදල් නැතිව ජීවත්විය හැකිය. නමුත් ප්‍රේමය නොමැතිව ජීවත්විය නොහැකිය.

රාත්‍රියේ නිහඬ බව තුළ මම නිතරම ප්‍රාර්ථනා කලේ මිනිසුන් දහසකගේ අත්පොළොසන් හඬ නොව එක් මිනිසෙකුගේ ආදරය පිරි වචන කිහිපයකි.

මා පුරාවෘතයක්ද? එසේ නම් ඇයි මට මෙතරම් හුදෙකලාවක්? මම ඔබට මෙසA පවසමි. පුරාවෘතයන් සියල්ල යහපත් වන්නේ ඔබ වටා ඔබට ආදරය කරන මිනිසුන් සිටිනතාක් කල් පමණි.


1922 ජූනි 10 වන දින උපන් ෆ්‍රාන්සස් එතල් ගම් හෙවත් පසු කලෙක ජුඩි ගාර්ලන්ඩ් නමින් ලෝක ප්‍රකට වූ ගායිකාව සහ නිළිය, උපතින්ම කලාව හා සබැඳුනු පවුලක සාමාජිකාවක් විය. ඇයගේ දෙමව්පියන් 19 වන සියවසේ ''වව්ඩෙවිල් '' ලෙස හැදින්වූ සංදර්ශන පැවැත්වූ පිරිසක් වූ අතර ඔවුහු එම සංදර්ශන පැවැත්වූ ශාලාවක හිමිකරුවන් වූහ.

ෆ්‍රාන්සස් සහ ඇගේ වැඩිමහල් සොහොයුරියෝ මුලින්ම සිය පියා ගේ නෘත්‍ය ශාලාවේ ප්‍රසංගයන් ඉදිරිපත් කළහ. ඔවුහු ''ගම්'' සොහොයුරියෝ ලෙස හැඳින්විණ. මෙම නම ඇතැම් විට ප්‍රේක්ෂකයන්ට හාස්‍යජනක වූ බැවින් පසුව එය ''ගාර්ලන්ඩ්'' සොහොයුරියෝ ලෙස වෙනස් කරගන්නා ලදී. ෆ්‍රාන්සස් ද ඇගේ නම ''ජූඩි'' ලෙස වෙනස් කලාය.

1935 දී ජූඩි ''මෙට්‍රෝ ගෝල්ඩ්වින් මේයර්'' සමාගම සමග ගිවිසුමකට එළඹෙන්නීය. නමුත් ඇගේ පෙනුම එවකට ඇමෙරිකානු සිනමා සුරූපිණියන් සමග පෑහුනේ නැත. ඇගේ වයස නිසා (අවු 13) ඇයට ළමා චරිත වලටද පෙනී සිටීමේ හැකියාවක් තිබුනේ නැත. කෙසේ නමුත් ඇය පෙනීසිටි චිත්‍රපට ආදයම් අතින් ඉහළ තැනක තිබිණ. ඇයගේ මුළු ජීවිත කාලයම ඇය සිය පෙනුම ගැන කණගාටු වූ බව ඇගේ සමීපතමයෝ ප්‍රකාශ කරති. වරක් ඇගේ චිත්‍රපට අධක්ෂ්‍යකවරයෙක් වූ ''චාල්ස් වෝල්ටර්ස්'' ප්‍රකාශ කලේ ''ඇය මුදල් මවන යන්ත්‍රයක්. නමුත් ඇය තමයි අවලස්සන තාරා පැටියා. එය ඇයට දැඩි පීඩාවක් ගෙන දුන්නා. එය ඇයත් සමග සදහටම පවතීවි.'' යනුවෙන්. එවකට ඇගේ චිත්‍රාගාර ප්‍රධානියා වූ ''ලුයිස් බී මේයර්'' ඇයව හැදින්වූයේ ''පුන්චි කුදා'' යන අන්වර්ථ නාමයෙන්. ඇයගේ පෙනුම නිසා ඇය කෙතරම් සිත් තැවුලකට පත්වී ද කියා එයින් සිතා ගත හැකිය.

කෙසේ වෙතත් ඇය ගායිකාවක් ලෙසද නිළියක් ලෙසද ජනප්‍රියත්වයට පත්වෙමින් සිටියාය. මේ අවදියේදී ඇයට සහ අනෙකුත් තරුණ ශිල්පීන්ට සිය හැකියාවන් සහ ශක්තිය පවත්වාගෙන යාම සදහා විවිධ ඖෂධ වර්ග ලබාදීමට ද මෙම චිත්‍රපට සමාගම් ක්‍රියා කළහ. පසුව සිදුවූයේ ඇය දිගින් දිගටම එම ඖෂධ වර්ග වලට ඇබ්බැහි වීමය. පසු කලෙක ඇය පැවසූයේ මෙම සමාගම තම තරුණ ජීවිතය තමාගෙන සොරකම් කල බවයි. 1939 දී ඇය ''ද විසාර්ඩ් ඔෆ් ඕස්'' නැමැති ජනප්‍රිය ළමා කතාවෙහි ප්‍රධාන චරිතය වන ඩොරති ගේ චරිතය රඟපෑවාය. මෙය ඇයව ඇමෙරිකානු සිනමාවේ අද්විතීය ස්ථානයකට පත් කිරීමට සමත් වූවාය. මෙහි ඇය විසින් ගායනා කරන ''ඔවර් ද රේන්බෝ '' නම් ගීතය ඇගේ විශිෂ්ඨතම ගායනය ලෙස අදටත් සැලකෙයි.

1940 දශකයෙදී ඇය සිය ළමා චරිතයන්ගෙන් මිදී වැඩිහිටි චරිත කරා යොමු විය. මේ කාලයේ ඇය රඟපෑ චිත්‍රපට අතර Meet Me In St. Louis ඇයගේ සාර්ථකම චිත්‍රපටය ලෙස සැලකෙයි. මෙකල ඇය ප්‍රේම සබඳතා කිහිපයක්ම ඇතිකරගත් නමුත් ඒවා අසාර්ථක විය. ඇය කිහිප වරක්ම විවාහ වූ නමුත් ඒවා ද දික්කසාදයන්ගෙන් කෙළවර විය. 1947 ඇය සිය ''ද පයිරට්'' නැමැති චිත්‍රපටයේ රඟපාමින් සිටින අතරතුර ස්නායු ආබාධයකින් පෙළෙන්නට විය. කෙසේ හෝ චිත්‍රපටයේ කටයුතු අවසන් කලද ඇය ශාරීරිකව සහ මානසිකව බිඳ වැටෙන්නට විය. ඇය ප්‍රථම වටාවට සියදිවි හානි කර ගැනීමටද පෙළඹුනාය. ශාරීරික සහ මානසික රෝගී තත්වයන් නිසා ඇයට ලැබුනු චිත්‍රපටද එකිනෙක ගිළිහෙන්නට විය. එම්.ජී.එම් සමාගම සමග තිබුනු ඇගේ සබඳතාවය ද මේ නිසා ඇයට අහිමි විය. 1950 දශකයේ ඇය රූපවාහිනී වැඩසටහන් වල යම් සාර්ථකත්වයක් අත්කරගත්තද ඒ වන විටත් ඇය ආර්ථීක අස්ථාවර භාවයට පත් වී සිටියාය.

1964 වර්ෂයේදී ඇයට ඔස්ටේ්‍රලියානු සංචාරයක් ලැබුන ද එයින් ද සතුටුදායක ප්‍රතිඵල නොලැබුනි. 1969 වසර වන විට ඇයගේ ශාරීරික රෝගී තත්වයන් දැඩි සේ උත්සන්න විය. 1969 ජූනි 22 වනදින වැඩිපුර ඖෂධ ශරීරගතවීම නිසා ඇය මිය ගියාය. වේදිකාවේ හෝ රිදී තිරයේ සුවහසක් රසිකයන් අමන්දානන්දයට පත් කරන සුරංගනා ජීවිත ගත කරන්නාක් සේ බැහැරට දිස් වන බොහොමයක් ''ආකාස කුසුම්''වල සබෑ ජීවිත යටින් ඇත්තේ මෙබඳු ඛේදවාචක නොවේද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Judy Garland
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
කතන්දර| අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]

12-Secs

අලුත් අවුරුද්ද වෙනුවෙන් පොඩිත්තන්ට- චූටි ටීචර් සමග "අලුත් වෙමුද අවුරුද්දේ?"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Kids... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කතන්දර| වනවාසි සහ ලෝකවාසී

26-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) මම ගමත්, නගරයක් අත්ඇරල හිටියෙ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සෙ මම හිටියෙ වනවාසී ව. මාව අඳුනගන්න කාටවත් ම බැරිවුණා.... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
කතන්දර| "මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

මෙන්න පොඩිත්තන්ට රුසියාවෙන් තවත් කතන්දරයක්! වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "මීයා සහ පැන්සල" ළමා කතන්දරයේ සිංහල ප්‍රතිනිර්මාණය.

හඬ මුසුව- නයෝමි ගුණසිරි,... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
රංග| ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය

11-Mins

(චින්තා පවිත්‍රානි) මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
කතන්දර| "පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"පුංචි පුතුට පාඩමක්"- පොඩි දරුවන්ට ලොකුම ලොකු පාඩමක් කියා දෙන ආදරණීය කතාවක් [කාටූන්]- Alex Latimer ලියා, Patrick Latimer සිත්තම් කළ... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
ඔත්තු| මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5

21-Secs

කේ.කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය, 2018, අප්‍රේල් 05 වන... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook