Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
මහ පොළොවට ආදරය කළ මිනිසා
නායක සියැටල් (1780 - 1866)
බූන්දි, 04:42:19
නුඹලාගේ නගර දකිනවිට රතු මිනිසාගේ දෙනෙත වේදනාවෙන් බරවෙයි. ඒ ඇතැම් විට ඔහු ගෝත්‍රිකයෙකු නිසා මෙන්ම අවබෝධයක් නැත්තෙකු වීම නිසා විය යුතුයි.

එළියට සහ අඳුරට එකතැන වාසය කල නොහැකිය.

ඔබලාගේ ධර්මය ගල් පුවරු වල ලියැවුනේය. අපේ ධර්මය ලියැවුනේ හදවතෙහිය.

මහ සයුරේ රළ නැෙඟන්නේ යම් සේද එලෙසම ගෝත්‍රය විසින් ගෝත්‍රය අනුගමනය කෙරෙනු ඇත. ජාතිය විසින් ජාතිය අනුගමනය කෙරෙනු ඇත. සොබාදහමේ නීතිය එයයි. කණගාටුවීමෙන් පලක් නැත.

අප පෘථීවියේ කොටසක් වන අතර පෘථීවිය අපගේ කොටසකි.

සුදු මිනිසාගේ නගර වල එකදු නිශ්ශබ්ද ස්ථානයක්වත් සොයා ගත නොහැකිය. වසන්තයේ ගහ කොල වල හඬ, කුඩා කෘමීන්ගේ සර සරය අසන්නට තැනක් නැත. ඒ ඇතැම්විට මා ගෝත්‍රිකයෙකු නිසා විය යුතුය. මට නොවැටහෙනවා විය යුතුය. එහෙත් මෙම ඝොෂාව දෙසවන් පෙළයි.


වර්ෂ 1780 ට ආසන්න කාලයක උපත ලදැයි සැලකෙන සියැටල් මව් පාර්ශවයෙන් ''දුවමිෂ්'' නමින් හැඳින්වෙන ගෝත්‍රයට අයත් වන අතර පියා ''සුකුවමිෂ්'' නම් ගෝත්‍රයට අයත් වූ අතර එහි නායකයාද විය. ඉතා තරුණ වයසේදීම නායකයෙකු ලෙසද රණ ශරයෙකු ලෙසද දස්කම් පෑ සියැටල් අනෙකුත් ගෝත්‍ර සමග ඇතිවූ සටන් වලදී ඉතා දක්ෂ ලෙස සිය ගෝත්‍රය මෙහෙයවා ඔවුන්ට ජය ලබා දුන්නේය. අනෙකුත් ගෝත්‍රිකයන් ගෙන් වෙන්ව කැපීපෙනෙන අඩි 6කට ආසන්න උසකින් යුතු වූ මෙම නායකයා එවකට යුරෝපීය රටවල් වලින් පැමිණි වෙළඳුන් හැදින්වූයේ ''ලෙග්‍රොස්'' හෙවත් විශාල මිනිසා යන නමිනි. එමෙන්ම ඔහු සතුව මනා කථීකත්වයක්ද පැවතුනි. තොරතුරු වල සඳහන් වන පරිදි සැතපුම් 3/4 පමණ ඈතට ඇහෙන පරිදි කතා කිරීමට ඔහුට හැකියාවක් තිබිණි.

ඇමෙරිකාවට සුදු මිනිසුන්ගේ පැමිණීමත් සමග එරට ගෝත්‍රික ජනයාට සිය ගම බිම් අහිමිවී ගියේය. ඔවුනට එරෙහිව යුධ වැදීම ද නිශ්ඵල ක්‍රියාවක් විය. සියැටල් පසුකලෙක කතෝලික ආගම වැළඳගත්තේය. එය ඔහුගේ පුතෙකු මිය යාමෙන් ඇතිවූ කළකිරීම නිසා බව ඇතැමුන් පවසතත් බොහෝ දෙනෙක් පිළිගනුලබන මතය වන්නේ සුදු මිනිසුන් සමග සහයෝගයෙන් වැඩකිරීමට ඇති අවශ්‍යතාව මත සිදුවූවක් ලෙසයි. ඔහුගේ ඉතිරි දරුවන්ද බෞතීස්ම කරවනු ලැබීය.

මේ වනවිට වඩාත් බලවත් වෙමින් සිටි ''ස්නොහොමිෂ්'' නම් ගෝත්‍රය සමග ඇතිවූ සටන් නිසා සියැටල්ට සහ ඔහුගේ ගෝත්‍රයට සිය පාරම්පරික බිම් අහිමි වෙමින් පැවතිනි.එවිට සියැටල් එවකට ඔලිම්පියාවේ සිටි ''ඩේවිඩ් මේනාර්ඩ්'' නම් ප්‍රකට වෛද්‍යවරයෙකු මෙන්ම ගෝත්‍රික ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි සුදු ජාතිකයෙකු මුණගැසුනේය. සියැටල් සහ මේනාර්ඩ් අතර ඉතා තද මිත්‍රත්වයක් ඇතිවූ අතර ඔහු විසින් ගෝත්‍රික ජනතාව අතර සමගිය ඇතිකරලීමට කටයුතු සිදු කලේය. තවද එවකට ''ඩුවම්ප්සA'' නමින් හැඳින්වූ නගරය ''සියැටල්'' ලෙස නම්කිරීමටද කටයුතු කලේය.

1856 දී අනෙකුත් ගෝත්‍රිකයන් විසින් සියැටල් නගරයට මහා ප්‍රහාරයක් දියත් කලේය. නමුත් නායක සියැටල් තම ගෝත්‍රය මේ සඳහා යෙදවූයේ නැත. මේ සටනින් ගෝත්‍රිකයන් අන්ත පරාජයකට ලක්විය. පසුව සුදු මිනිසුන්ගේ රජය විසින් සියලුම ගෝත්‍රිකයන් සඳහා වෙනම භූමි ප්‍රමාණයක් වෙන්කරන ලදී. නමුත් සියැටල් විසින් තම ගෝත්‍රය එහි රැගෙන යාම ප්‍රතික්ෂේප කලේය. ඒ ස්නොහෝමිෂ් ගෝත්‍රය සමග එකට ජීවත් වීම විශාල ලේ වැගිරීමකට හේතුවිය හැකි බැවිනි. මේනාර්ඩ් විසින් සුදු මිනිසුන්ගේ රජයට කරුණු දැක්වීමෙන් පසුව සියැටල්ගේ ජනතාවට ''පෝර්ට්මැඩිසන්''හි වෙනම භූමියක් ලබාදුන්නේය.

සියැටල් සිය ජනතාවට මෙන්ම සොබාදහමට ද බොහෝ සෙයින් ආදරය කලේය. මිනිසා පෘථීවියේ කොටසක් බවත් පෘථීවිය මිනිසාගේ කොටසක් බවත් ඔහු ඇදහීය. සුදු මිනිසාගේ පැමිණීම සිය ජන වර්ගයාගේත් සංස්කෘතියේත් අවසානය බව ඔහු දැන සිටියේය. තමන්ට වඩා තාක්ෂණයෙන්ද පිරිස් බලයෙන්ද වැඩි සුදු මිනිසා සමග සටන් වැදීමෙන් පලක් නොවන බව ඔහු තේරුම්ගත්තා වැන්න.

කෙසේවුවද ඇතැම් ගෝත්‍ර ඔහු කෙරේ නොපැහැදීමකින් සිටි බවද වාර්තා වෙයි. ''ක්ලල්ලාම්'' නම් ගෝත්‍රයේ නායකයා විසින් ඔහුව හැදින්වූයේ ''පහත් මිනිසෙක්.. පාවාදෙන්නෙක්.. විකටයෙක්... සහ බයගුල්ලෙක්..'' ලෙසයි. සියැටල් විසින් සටන් වැදීම වෙනුවට සුදු මිනිසා සමග ගිවිසුම් වලට එළඹීම එම ගෝත්‍රික නායකයා විසින් ප්‍රතික්ෂේප කළා විය යුතුය.

පරක් තෙරක් නොපෙනෙන අහස් තලයද මායිම් ගසා වෙන් නොකල මහා භූමියද සිය නිවෙස්න කොටගෙන ජීවත් වූ මෙම අසහාය ගෝත්‍රික නායකයා වර්ෂ 1866 ජූනි 7 වනදින ''පෝට් මැඩිසන්'' හි සිය ජනවර්ගයා සඳහා වූ වෙන්කරන ලද බිම් කඩෙහි අවසන් හුස්ම හෙළීය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Cheif Seattle
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook