Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සුරුවම් සහ අපි
බූන්දි, 21:25:05
බූන්දියේ පළවූ, ඩෝසන් ප්‍රීති විසින් ලියන ලද වෙනස් ආරක විචාරයක් අරභයා සිදු කොට තිබූ අවිචාරවත් විචාර කිහිපයක් (දීප්ති ගුණරත්නගේ නමද සම්බන්ධ කර ගනිමින්) කියවා මෙය ලියැවුණි.

සම්පූර්ණ ලිපිය හා ප්‍රතිචාර

කිසිදු පෞරුෂයක් සුරුවමක් කර ගත යුතු නැත. විවිධ කාල වලදී සුවිශේෂී වු මිනිස්සු බිහිවෙති; ලෝකය නව මානයන් කරා ගෙන යති. ඔවුන්ට දැනෙන පමණින් ප්‍රපංචයන් පහදා දීමට ද සහෝදර මිනිස් කැළට සත්තාව සහ යථාව පහදා දීමට ද වෙර දරති. අනෙක් මිනිස්සු ඒවා විවිධාකාරයෙන් නිර්වචනය කර ගනිති. ඒ නිර්වචන "පොරක් වෙන්න හදනවා" යන විවේචනයේ සිට එම පෞරුෂයට "දේවත්වයෙන්" සැළකීම දක්වා පරාසයක පවතී.

මේ මිනිස්සු ඒ කාර්යය සිය ජීවිත කාලය තුළදී හෝ මරණින් පසු නිමා කරති.ඉන් පසුව සිදු වන්නේ එම චින්තනය දෙස විචාරාත්මකව බලා විමසීම නොව එය පහදා දුන් හුදු මිනිස් ශරීරයට එය ආදේශ කර දුක හිතීමය, කඳුළු සැලීමය,මඩ ගැසීමය. අන්තිම්දී චින්තනය පැත්තකය. සිදුවී අත්තේ සුරුවමක් සාදා අතිශය රොමෑන්ටික් විදිහට එයට වන්දනා කර (හෝ නොකර) සුරුවම බිඳ දැමීමය. මෙම සංසිද්ධිය බුද්ධ ටද, ජීසස් ටද , ඕෂෝ ටද, දීප්ති ගුණරත්න ටද, නීට්ෂේ ටද, රත්න ශ්‍රී ටද ,වාසු ටද, ඔස්කා වයිල්ඩ් ටද, සුනිල් මාධව ටද, කපුගේ ටද, බාහු ටද, වෙනස් වු, වෙනස් වන්නට සිටින්නාවු හා වෙනස් නොවන්නට සිටින්නාවූ සියල්ලන්ටම ද පොදුය. ඩෝසන් ප්‍රීතිද කරන්නට උත්සහ කරන්නේ එබඳුම කාර්යයක තව දිගුවකි. එනම් වෙනස්ව ලෝකය දෙස බලා එය අනුන් සමග බෙදා ගැනීමය.

එතැනින් එහාට ඔවුන් ගෙවල් වලට වී කංකුං වවනවාද භාවනා කරනවාද යන්න සෙවීමට වැය කරන කාලය ඒ මිනිසුන් කියාදී ගිය යමක් සාධනීය ලෙස විමසා මානව වර්ගයාගේ (තමන් ද ඇතුළුව) ප්‍රගමණය උදෙසා යොදා ගැනීම වඩා ඵලදායී වනු ඇත. එහිදී ගෙනෙන සහෝදරාත්මක විවේචන ඔවුන් එහි තව දුරටත් නියැලෙන්නේ නම් (ඒ ඔවුන්ගේ තීරණයකි) වඩා පැහැදීළි ලෙස සිය චින්තනයන් බෙදා ගැනීමට ඔවුන්ට උපකාරී වනු ඇත.

ඇල්බෙයා කැමු සිය පිටස්තරයා කෘතියට නොබල් සම්මානය ලබා ගනිමින් ලේඛකයාව සාන්තුවරයෙකු ලෙස නොහඟින්නයි ඉල්ලා සිටියේ මෙසේය.

"....එසේම ලේඛකයාගේ නිර්මාණයෙහි උදාර බව මෙතැනදී හඳුනා ගත් පසු දැන් මා ඔහුව නිවැරදි තැන තැබිය යුතුය. සිය දෑතින් වැළඳ ගන්නා සගයින් හා ඛෙදා ගන්නා දෙයක් මිස ඔහු සතුව වෙනත් අයිතියක් නොමැත. පහසුවෙන් විපතෙහි වැටෙන එහෙත් මුරණ්ඩු, අසාධාරණ එහෙත් සාධාරණය සොයා යන, ලැජ්ජාවකින් හෝ අහංකාරකමකින් තොරව සියල්ලන් වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කරන, සුන්දරත්වය හා වේදනාව අතර දෝලනය වන ඔහු අවසාන වශයෙන් ඉතිහාසයේ විනාශකාරී බලවේගයන් පරයා උස්ව නැගෙනු පිණිස, සිය ද්විත්ව පැවැත්ම හරහා නිර්මාණයන් බිහි කරන්නට කැප වෙයි. මේ සියල්ල කෙළවර ඔහුගෙන් සර්ව සම්පූර්ණ විසඳුම් හා ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂණ අපේක්ෂා කළ හැක්කේ කාටද? සත්‍යය ගුප්තය, මග හැරෙන සුලුය. සෑම විටම සොයා ගොස් දිනා ගත යුතුය. අනෙක් අතට නිවහල් බව භයානකය. එය අප ප්‍රමුදිත කළද එය සමග ජීවත් වීම අසීරුය. අප වේදනාවන් තුළින් වුවද නිර්භීතව මෙම ඉලක්කයන් කරා පිය නැගිය යුතුව ඇත. එම දිගු මාවතේදී අප අසාර්ථක වන තැන් ද තිබිය හැකි බව අපි දනිමු. මෙතැන් පටන් හෘද සාක්ෂියක් ඇති ලේඛකයෙකුට, දේශකයෙකු හෝ සාන්තුවරයෙකු බවට තමාව පත් කර ගත හැකිද?......"

-ලේඛකයා සහ ඔහුගේ කාර්යභාරය [ඇල්බෙයා කැමු]

වැළඳ ගත යුත්තේ චින්තනය හෝ ලබා දෙන දැනුම මිස පුද්ගලයා නොවේ. සුරුවම් ‍නොතනන, ඉදිරිගාමී චින්තනයන් විමසන, සමාජයකදී පමණක් දැනුම ජය ගනු ඇත. ලෝකය එක යායක් වනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Albert Camus, Deepthi Kumara Gunarathna, Sandun Lakmal, Dawson Preethi
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Surangi මෙහෙම කියනවා :
ado දැක්කොත් පත්මාවතී,

api nam dananwa me alawakaya... meyage lang style eka maattu wena suluyi
hiks hiks double hiks


කිවුව වෙලාව- 2010-06-15 22:07:40
දැක්කොත් පත්මාවතී මෙහෙම කියනවා :
@Alawaka

යන්ට එපා යන්ට එපා පැඟිරි ළඳේ ඉන්ට
කොමළ පපා ඔමරි පපා, එපා ඔහොම යන්ට
පය පැටලෙයි ළිඳේ වැටෙයි කලේ බිඳෙයි ඉන්ට
නිතඹ සලා ඔසරි වළා පෙන්ව පෙන්ව ඉන්ට


කිවුව වෙලාව- 2010-06-04 10:41:36
Alawaka මෙහෙම කියනවා :
මුලින්ම පිට පිට සිනා කීපයක් පහල කරමි...
බොලව් මා දන්නා ලැකානියානු මනෝවිශ්ලේෂණයක් නැත.
ඩෝසන්ගේ ලිපියට පාදක වූ කවිය ලියූ කොලුවා මගෙත් මිතුරෙකි..
දන්නා බාසාවෙන් මම ඌට අම්බානට සුභ පතා ඇත...
මෙහි ලියා ඇති හරුප උටවත් නොතේරෙන බව ඌම කලින් ලියා ඇත...එයට තව හිනා දෙකක් පමණ පල කරමි..

ඩෝසා වැඩ්ඩෙකි.බොහෝ වැඩ්ඩන් මෙන් ආවේණික ලක්ෂණ ඇති කරගන්නට ඔහුටද අයිතියක් ඇත.ඩෝසා වැනි යමක් කමක් කළ හැක්කෙකු
බහුතරයකට නොතේරෙන(යටත් පිරිසෙන් කවිය ලියපු එකාටවත්)අකුරු ගොඩ ගසනු දැක පහල වූ දෝමනස්ස සහගත තත්වයක් උද්ගත වූවා පමණි...
මෙහි දෙකොණ පාගගෙන ඇති අනිත් චින්තකලාට මද සිනාවක් පා යන්ට යමි..බොලාට ජය


කිවුව වෙලාව- 2010-06-04 07:13:30
ඝනනාථ මෙහෙම කියනවා :
@‍කෝපරහේවා

තව ආලවකලා එයි වගේ ඒ කියන්නේ...


කිවුව වෙලාව- 2010-06-04 05:23:37
කෝපරහේවා මෙහෙම කියනවා :
මේ ආලවකට බ්ලොග් ලිවීම සහ යුනිකේත භාවිතය අතැඹුලක් සේ පුරුදුය.... මේ ආලවක කවුරු වුනත් ලැකානියානු මනෝවිශ්ලේෂණය හදාරන්නට වසර කිහිපයක්ම වැර යොදා නොතේරෙන නිසාම එය අත්හළ තැනැත්තියකි..... දැං ඇයට ඇති පුදුමය වන්නේ ‍ඇයට නොතේරුණ මනෝවිශ්ලේෂණය වෙනත් අයෙක් වටහා ගත්තේ කෙසේද යන්නය. ඇය ඊර්ෂ්‍යාවෙන් ඉමහත් පීඩාවට පත් වී ඇත... ඇගේ මේ ආලවක නමින් ලියන ප්‍රතිචාර තුළ ඇත්තේ ඇගේ ශෝකයයි.... ඉරිසියාවයි..... ඇයට මෙම විචාරය සම්බන්ධව කිසිදු විකල්පමය දැක්මක් නැත..... එනමුත් ඇයට කවදාවත් නොවැටහුනු මනෝවිශ්ලේෂණ තියරි සූක්ෂමව හසුරුවා ඇති ආකාරය දැකීමෙන් ඇය විකෘති වී ඇත.

"එනිසා මෙහි අරුමයක් නැත.."


කිවුව වෙලාව- 2010-06-04 04:41:49
Sahan Kalyana මෙහෙම කියනවා :
Alawaka ta anuwa minissunta thamange mathayak prakasha karannawaht nidahasak nehe neda?

Alawakata hariyana adahas walata witharai ida thiyenne.

eka neda me kiyala thiyenne?


කිවුව වෙලාව- 2010-06-04 04:29:10
Abraham මෙහෙම කියනවා :
well said malati

කිවුව වෙලාව- 2010-06-04 01:26:19
A READER මෙහෙම කියනවා :
@Alawaka:

what do u mean by this particular line?
"යටිතල පහසුකම් ඔස්සේ ඒවා විතැන් කිරීමට චින්තකයන් වලි කෑම පොදුය.."

????


කිවුව වෙලාව- 2010-06-04 00:09:36
Alawaka... මෙහෙම කියනවා :
චින්තන අවැසිමය..යටිතල පහසුකම් ඔස්සේ ඒවා විතැන් කිරීමට චින්තකයන් වලි කෑම පොදුය..
ඒ චින්තන අජීරණය වන වෙනත් චින්තකලාද ඇත..ඉතින් ගැටේ...ගැටෙන විට චින්තකලා උදහස් වේ..
කලින් ලිපිය ලියූ චින්තක සතුවද චින්තකලා සතු පොදු මුරණ්ඩු වචන කීපය ඇත..කවුරු මොක කීවත් මේ ක්‍රමය ගෙන යන බව හෙතෙම දෙසා බා ඇත..සක්කාය දිට්ටියෙන් චින්තකලා අගතැම්පත්ය..
එනිසා මෙහි අරුමයක් නැත..
මේ ලිපිය ලියා ඇත්තිය මැදුම් පිළිවෙතෙහි යම් පමණින් හෝ පිහිටා ඇත..
තමන් රිසි බිත්තර හැකි පමණින් රැකීමට පෙළ ගැහෙන චින්තකලාට එහෙනම් ජය..බිත්තර පුපුරනදාට චින්තකලා සෙලවෙනු ඇත.......!


කිවුව වෙලාව- 2010-06-03 23:15:27
madness මෙහෙම කියනවා :
"වැළඳ ගත යුත්තේ චින්තනය හෝ ලබා දෙන දැනුම මිස පුද්ගලයා නොවේ."

exactly!


කිවුව වෙලාව- 2010-06-03 22:00:02
Rishi මෙහෙම කියනවා :
Totally agreed!

කිවුව වෙලාව- 2010-06-03 21:32:46
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook