Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
පෘථීවිය සංවර්ධනය කර ජනතාව විකුණා දැමීම
බූන්දි, 23:07:03
බිලියන හයක් ඉක්මවන ගෝලිය ජනතාවගේ ප්රධාන ආහාර අවශ්යතාව රැඳී පවතින්නේ සහල් තිරිගු හා බඩ ඉරිගු යන ප්රධාන ධාන්ය ත්රිත්වය මත. එහෙත් ආහාර වෙළඳපළ ඉකුත් දසක තුන තුළ මුළු මනින්ම අත්පත් කර ගැනීමට සමත්වූයේ පාරජාතික සමාගම් TNC ජාලය. අද ගෝලීය ජනයා ආහාර ගත යුතුද? කුසගින්නේ සිටිනවාද? නැත්නම් ජීවිතය වෙනුවට මරණය තොරා ගන්නවාද? යන්න තීරණය කරන්නේ සමාගම් යාන්ත්රණය. අප ජීවත්වන්නේ ගෝලීයකරණය වූ විවෘත වෙළඳ පළ විසින් සියලූ දේශසීමා ඉවත් කළ ලෝක සිතියම මත. මෙම යාන්ත්රණය විසින් මිලියන සිය ගණනක ජනතාව නොසලකා හැර පීඩා විඳීමට ඉඩ හැරියා. උපන් භූමියේම විදේශිකයන් වූ ඔවුනට තම දෛනික අවශ්යතා විශේෂයෙන්ම ආහාර ලබා ගැනීමට ඇති අයිතිය අහිමිකළා. ගෝලිය ධාන්ය වෙළඳපළ පාලනය කරන්නේ කාර්ගීල්ස් ඇතුලූ සමාගම් පහක්. ගෝලිය සිල්ලර වෙළඳපළින් 2/3ක් පාලනය කරන්නේ පාරජාතික සමාගම් ජාලය. පීරු රාජ්යයේ කිරි වෙළඳපළ 80% ක්, ගෝලීය කෘෂි රසායන වෙළඳපළ මුළුමනින්ම අත්පත් කර ගෙන ඇත්තේ පාරජාතික සමාගම් හයක්. අරාජන්ටිනාවේ හා බ්රසීලයේ ආහාර වෙළඳපළ 60%ක් පාලනයකරනුයේ සුපිරි වෙළඳසමාගම්. චීනය ඉන්දියාව අප්රිකාව ලංකාව වැනි රාජ්යවල සිල්ලර වෙළඳපළ 60%ක් අත්පත්කරගෙන ඇත්තේ කාර්ගීල්ස් වෝල්මාට් වැනි පාරජාතික සමාගම්.

''සිය නිෂ්පාදන භාණ්ඩවලට නියත ලෙසම විශාලවෙමින් පවතින වෙළඳපළක් සොයා ගැනීමේ අවශ්යතාව විසින් මුලූ මහත් ලෝක ගෝලය වටා ධනපති පංතියට දුවන්නට සිදුවෙයි. එයට හැමතැනම රිංගන්නට ද හැම තැනකම පදිංචිවීමට ද හැමතැනකම සම්බන්ධකම් ඇති කර ගැනීමට ද සිදුවෙයි. ධනපති පංතිය සමස්ථ ලෝක වෙළඳපළ සූරා කෑම මගින් හැම රටකම නිෂ්පදනයට හා පරිභෝජනයට නිර්ජාතික සර්වභෞමික ස්වරූපයක් දී ඇත.'' (Marx, Engel’s 1848)

උපාය මාර්ග

ආහාර වෙළඳපළ වෙත අමෙරිකානු රාජ්ය නායකයන්ගේ අවධානය යොමුවූයේ 1969 වසරේදී. ලෝක ජනගහනයේ අධික වර්ධනය ගෝලීය ස්ථාවරත්වයට හා සාමයට තර්ජනයක් යැයි අනතුරු ඇගවූයේ අමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන්. 1970 විවිධ ආයතන හා අමෙරිකානු විශ්ව විද්යාල ලෝක ජනගහනය වැඩිවීම එක්සත් ජනපද රාජ්ය ආරක්ෂාවට තර්ජනයක්වීම ගැන විවිධ පර්යේෂණ ඇරඹූවා. ඒ සඳහා ලෝක ජනගහන වර්ධනය හා අමෙරිකානු අනාගතය ගැන කොමිසමක් පත් කළා. USAID නියෝජිතයන් රාජ්ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මධ්යම විමර්ශන නියෝජිතායතනය CIA පෙන්ටගනයේ යුද උපදේශකයන් එම කොමිසමේ සාමාජිකයෝය. මෙම කොමිසම ජනගහනය සීමා කිරීම ගැන පමණක් නොව ආහාර හිගය ඛනිජ තොල් සම්පත් පාලනය ගැන දුප්පත් රටවලට අනතුරු ඇගවූවා. කොමිසමේ පර්යේෂණ වාර්තාව ප්රකාශයට පත් කළේ 1974 වර්ෂයේ. එය ජාතික ආරක්ෂක පර්යේෂණ කොන්දේසි 200 නමින් හැඳින්වුණා. සාගතය නියගය රෝගාබාධ හා යුද තත්ත්ව ජන ගහන පාලනය සඳහා උපාය මාර්ගයක් යැයි එහි සඳහන් වුණා. (NSSSM- 200) දුප්පත් රාජ්ය පද්ධතිය තුළ විශාල පරිමානයෙන් සාගින්න හා අවපෝෂණය ඒවනවිටද මූල්යායතන ණය හේතුවෙන් මතුවෙමින් තිබුණා. එය වාඩාත් උග්රවූයේ උපාය මාර්ගික ආහාර ආධාර PLO 480 මුල්කොටගෙන. රාජ්යයෙන් රාජ්යයට මූල්ය හා දේශපාලන අස්ථාවරත්වය නියගය හා සාගතය වසංගතයක් ලෙස පැතිරයාමට ඉඩහැරීම ආහාර අර්බුද මගින් සමාජ සංහිඳියාව විනාශකර දැම්මා. සමාජ අසහනය උග්රවීමෙන් ලාභදායක අස්වැන්නක් නෙළාගත්තේ ජාත්යන්තර මූල්යායතන හා පාරජාතික සමාගම්.

ආහාර අර්බුදය

වර්තමානයේ ඔබ රැඳී සිටින්නේ ආර්ථීක දේශපාලනික හා සමාජ අර්බුදයන් නිරතුරුව උණුසුම්ව ඇවිලෙන ගිනිකන්දක් මත. මෙම භු කම්පන කලාපයට අප ප්රවේශවූයේ 1980 ආර්ථීක අර්බුදයත් සමග. එම අර්බුදයට සමාන්තරව දුප්පත් රාජ්ය පද්ධතිය තුළ ආහාර අහේනිය හා සාගත ඉස්මතු වුණා. ඉතා අවදානම් හා සංකීර්ණ වූ විවෘත වෙළඳපළ යාන්ත්රණය එම රාජ්ය තුළ දේශපාලකයන්ට හා නිලධරයන්ට ඉතා ඉහළ ලාභාංශයක් ලැඛෙන යුද ආර්ථීකයක් සංවර්ධනය කර අල්ලස හා දූෂණය මගින් පොදු ආයතන තුළින් ප්රජාතන්ත්රවාදය විනාශ කර දැම්මා. ආහාර යනු මානව සමාජයේ ප්රතිඋත්පාදන ශක්තිය. එහෙත් වත්මන් මානවයා පීඩා විඳින ගැටලූව නම් මෙම භාණ්ඩ ත්රිත්වයේ හිමිකාරත්වය පාරජාතික සමාගම් සතුවීම. ආහාර වෙළඳපළ සීමා බාධකයන් ඉවත් කොට සම්පූර්ණයෙන් සමාගම් ආධිපත්යයට නතු කළේ ලෝක වෙළඳ සංගමය.

එතැන් සිට ලෝකය පුරා ආහාර මිල 1990 දසකයේ දෙගුණයකින් ද 2000 දසකයේ තුන් ගුණයකින් ද ඉහළ ගියේ සමාගම් අධිකාරියේ බලය ශක්තිමත් කරමින්. හයිටි නිකරගුවා ගෞතමාලා ඉන්දියා ශ්රී ලංකා බංග්ලාදේශ් ඉන්දුනීසියා පිලිපීන් ලයිබේරියා ඊජිප්ට් සුඩාන් කෙන්යා එරිට්රීයා මොසැම්බික් ෂිම්බාබ්වේ වැනි රටවල ආහාර ද්රව්ය මිල රාජ්ය අනුග්රහය මත සමාගම් යාන්ත්රණය විසින් ජනතාවට ළගා විය නොහැකි ලෙස ඉහළ දැම්මා. ආහාර මිල දී ගැනීම කෙතරම් දුෂ්කරවූයේ ද යත් සොමාලියාව හා ඉතියෝපියාව පුරා දරුණු සාගතයක කුණාටුවක් හමා ගියා. තවදුරටත් ආහාර කිසිදු රාජ්යයක පාලන අධිකාරිය යටතේ ඇතිදැඩි නොවෙයි. නව ලිබරල්වාදය තුළ සෑම රාජ්යයකම භූමිකාව විවෘත වෙළඳපළ සඳහා පහසුකම් සලසන්නාගේ කාර්යයි. ආහාර මිල තීරණයේ දී සමාගම් විධායකය දේශපාලකයා හෝ නිලධරයා නොසලකා හරියි. ඒ වෙනුවට අල්ලස දූෂණය මත යැපෙන පරපුටුවන් ලෙස ඔවුන්ව පරිවර්තනය කර බලදේශපාලනය සඳහා තරග වදින බලූ පොරයකට ඔවුන් යොමු කළා.

ආහාර වෙළඳපළ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තොරතුරුවලට අනුව 2007 මාර්තු මාසයේ පමණක් ලොව පුරා ආහාර ද්රව්ය මිල වැඩිවූයේ 80% කින්. පසුගිය තුන් වසර තුළ තිරිගු මිළ 181% කින් ද 2009 වසරේ ගෙවී ගිය මාස දෙක තුළ 50%කින් ද ඉහළ ගියා. (Ian Angus 2009) පසුගිය පස් වසර තුළ සහල් මිළ ඉහළ ගියේ තුන් ගුණයකින්. (Global Research) 2003 වසරේ ඩොලර් 600ක් වූ සහල් ටොන් එකක මිළ 2008 වසර අවසානයේ ඩොලර් 1800කින් ඉහළ ගියා. තායිලන්තයේ ඉතා ජනප්රිය සහල් වර්ගවල මිල ටොන් එකක් ඩොලර් 198 සිට 2008 අවසානය වන විට ඩොලර් 323 දක්වා ඉහළ ගියේ ජන අසහනය වර්ධනය කරමින්. ලංකාවේ සහල් මිල වර්ධනය වූයේ දෙගුණයකින්. ලොව පුරා බිලියන දෙකකට වැඩී වූ දිනකට ඩොලරයකට අඩුවෙන් ආදායම ලබන ජනතාවට ආහාර සඳහා ඉන් 80% ක් හෝ වැඩි මුදලක් වැය කිරීමෙන් දෛනිකව එක්වේලක් හෝ දෙකක් ගෙවා දමන්නේ කුසගින්නේය. ගෝලීය සමස්ථ වෙළඳපළින් 60%ක් පමණ අත්පත් කර ගෙන සිටින්නේ කාර්ගීල්ස් ඇතුලූ පාරජාතික සමාගම් හයක්. එමෙන්ම සොයා බෝංචි වෙළඳපළින් 65% ක් බඩ ඉරිගු වෙළ+පළින් 81%ක් අයිතිය හිමිව ඇත්තේ කාර්ගීල්ස් ආචර් ඩැනියල්ස් මිඩ්ලෑන්ඩ් හා ෂෙන්නෝ යන සමාගම්වලට. (The Ecologist)

1980 ආර්ථීක අර්බුදයට විසඳුමක් ලෙස හඳුන්වා දුන් නව ලිබරල් නිදහස් වෙළඳපළ ක්රමය යටතේ ව්යුහාත්මක ගැලපුම ජනතාවගේ ආහාර යන සංකල්පය ලෝක සිතියමෙන් උපුටා දැම්මා. ග්රාමිය ආහාර සුරක්ෂිතභාවය ජන අයිතියෙන් උපුටා දමා ගෝලිය ආහාර වෙළඳපළ මත අතිරික්ත ආහාර ගොඩ ගැසූවේ එක්සත් ජනපදය කැනඩාව හා යුරෝපා කොමියුනය. ඉන් යහපත් ලාභාංශයක් උපයා ගත්තේ පාරජාතික සමාගම් ජාලය හා දේශීය නියෝජිතයෝය. එතැන්සිට මෙම රාජ්යයන්ට අහිමිවුයේ තම ජනතාවට ආහාර නිපදවීමේ අයිතියයි. ධාන්ය මිල ඉහළ යාමත් සමග ලොව වටා දුප්පත් රාජ්ය උරුම කර ගත්තේ සාගින්න හා දරිද්රතාවයි. තවද 2007 වර්ෂයේ ඉන්දන අර්බුදයත් සමග බඩ ඉරිගු මගින් බල ශක්ති ප්රභවයක් ලෙස එත්නෝල් නිදපවීය. එම වසරේ ගෝලීය බඩ ඉරිගු නිපැයුම බුසල් බිලියන 12.32 ක්. ඉන් බුසල් 3.2ක් එත්නෝල් නිෂ්පාදනය සඳහා යොදා ගත්තා. එක්සත් ජනපදයේ පමණක් බඩ ඉරිගු අස්වැන්නෙන් 40% ක් එත්නෝල් ලෙස පරිවර්තනය වුණා.

ගෝලීය කෘෂිකර්මාන්තයේ ව්යුහාත්මක වෙනස ඇතිවූයේ හරිත විප්ලවයෙන්. ඉන්පසු ගොවියා කෘෂි රසායන හා රසායනික පොහොර සමාගම් යාන්ත්රණය සමග භ්රමණය වුණා. අමෙරිකානු ජනාධිපති උපදේශක හෙන්රි කී සිංගර් වරෙක් ප්රකාශ කළේ ඛනිජ තෙල් පාලනය කරන්න. එවිට ඔබ රාජ්යය පාලනය කරන්නේය. ආහාර වෙළඳපළ පාලනය කරන්න. එවිට ඔබ ජනතාව පාලනය කරන්නේය- යනුවෙන්ය. හරිත විප්ලවය සමග එතෙක් ආහාර සඳහා ස්වාධිපත්ය හිමි කර ගෙන සිටි සියලූ ජාතීන්ට තමන්ගේ ආහාර පිළිබඳ අපේක්ෂාව අත්හැර දැමීමට සිදු වුණා. ඉන්පසු 1995 ලෝක වෙළඳ සංවිධානයේ සම්ප්රාප්තියත් සමග සියලූ රාජ්යයන්ට අහිමිවූයේ ආහාර ස්වාධිපත්යයි. ලෝක වෙළඳ සංවිධානය හඳුන්වා දුන් බහු ද්ව් පාර්ශවික කෘෂිකාර්මික ගිවිසුම් මගින් පාරජාතික සමාගම් ජාලයට හිමිවූයේ ආහාර වෙළඳපළ හැසිරවීමේ නිදහස.

විනාශයේ බීජ

එතැන්සිට ගොවීන් පරපුරෙන් පරපුර රැකගෙන ආ සම්ප්රදායික බීජ විවිධ උපාය මාර්ග මගින් සොරකම් කොට ජාන තාක්ෂණයෙන් වෙනස් කර පේටන්ට් බලපත්ර හිමි කර ගනිමින් සමාගම් බීජ වෙළඳපළ ආක්රමණය කළා. ඒ සඳහා ඔවුන් නිර්මාණය කළ මායාව ආහාර ආධාර වැඩසටහන. ඉතියෝපියාවේ හා සොමාලියාවේ නියගයෙන් පසු ආහාර ආධාර වැඩසටහන මගින් ගෙවීන් අතර ඛෙදා හැරියේ ජාන වෙනස් කළ බීජයි. එම බීජ වගා කළ ගොවීන් අස්වැන්න නෙළා ගත් පසු මුහුණ දුන්නේ අලූත් අත්දැකීමකටය. එනම් එම බීජ නැවත වගා කොට දෙවන පරපුර ජනනය කළ නොහැකිය. කන්නයෙන් කන්නය මොන්සන්ටෝ සමාගමෙන් අලූත් බීජ මිළ දී ගැනීමට සිදු වුණා. (මොන්සන්ටෝ ලංකා නියෝජිතයා CIC සමාගමයි) බීජ අස්වැන්න සඳහා පමණයි යන්න තේරුම් ගැනීමට ගොවියා ප්රමාදවුණා. එමෙන්ම ගොවිපළ ආදායම රසායනික පොහොර කෘෂි රසායන සඳහා යෙදවීමෙන් ගොවියා ණයගැතියෙක් වුණා. වසර 12000 පැරණි ගොවිතැන් චක්රය අවසානයේ මොන්සන්ටෝ සින්ජෙන්ටා ඩු පොයින්ට් ඩෝව් කෙමිකල්ස් අවෙන්ටිස් කාර්ගීල්ස් හා ආචර් ඩැනියෙල්ස් සමාගම් ලාභය සඳහා හුවමාරු කර ගනිමින් ගොවියා තමන්ගේම ඉඩම් කට්ටියේ වහලකු ලෙස පරිවර්තනය වූණා.

2002 රෝමයේ පැවති ආහාර අර්බුද සමුළුවට සහභාගිවූ දේශපාලකයන් ආර්ථීක විද්යාඥයන්ගේ පූර්ණ අවධානය යොමුවූයේ නිදහස් වෙළඳපළ එකගතා වෙත. සාගත හා නියග ඇතිවීමට හේතුව ලෙස ඔවුන් අර්ත දැක්වූයේ දේශගුණික විපර්යාසයයි. යථාර්ථය නම් දේශීය ආහාර වෙළඳපළ මිළ ඉහළ දැමීම ආහාර හිගය දුර්භීක්ෂ නිර්මාණය හා රාජ්යයන් ආපදාවට පත් කිරීම සමාගම් උපාය මාර්ගයේ සුවිශේෂි ලක්ෂණය. දෙවන ලෝක යුද සමයේ සිට සෑම දුර්භික්ෂයකදීම ජනතාව පෝෂණය කිරීමට සමත් ප්රමාණවත් ආහාර අතිරික්තයක් වෙළඳපළ සුරැකිව තිබිණ. ජනතාව කුසගින්නේ පෙළීමට හේතුව ආහාර හිගකම නොව මිළ දී ගැනීමේ නොහැකියාවයි. වෙළඳපළ ආහාර හිගවීමට හේතුව පාරජාතික සමාගම් ගොවීන්ගෙන් ධාන්ය අඩු මිළට ගෙන අනාගත වැඩි ලාභ අපේක්ෂාවෙන් සගවා තැබීමයි. (Amarthya Sen.)

අපට අමතක වූ ආහාර

අප ජීවත්වන ලෝකයේ මානව වර්ගයාගේ සීමිත පැවැත්ම රඳා පවතින්නේ මහ පොළව ලබා දෙන ආහාර බෝග සුලූ ප්රමාණයක් මත. මානව විද්යාඥයන්ගේ Anthropologists විශ්වාස අනුව ශිෂ්ට දිවියට ප්රවේශවූ මිනිසා කෘෂි වගාව මුල් කොට ගෙන ජනාවාස ආරම්භ කළේ අදින් වසර 12,000 කට ඉහතදී. එකී ඉතිහාසය තුළ සමාජ පරිනාමය හා නව සොයා යාම් හරහා මෙතෙක් පැමිණි ගමනේ දී ආහාරයට ගත හැකි ශාක විශේෂ 50,000ක් පමණ සොයා ගැනීමට මානවයා සමත් වූණා. එහෙත් වත්මන් මිනිසා මූලිකව පරිභෝජනය සඳහා යොදා ගන්නේ ආහාර විශේෂ 200 කට වඩා අඩු ප්රමාණයක්. එමෙන්ම ලෝක ජනගහනය වූ මිලියන හයක ජනතාවගෙන් 90%කගේ පෝෂණය රඳා පවතින්නේ ආහාර විශේෂ පහළොවක් මත. සත්ය නම් ගෝලීය ජනගහනයෙන් 2/3ක් දෛනිකව යැපෙන්නේ සහල් බඩ ඉරිගු හා තිරිගු යන ධාන්ය ත්රිත්වයෙන්. මෙම දැවැන්තයන් තිදෙනා ලෝක ජන.හනයෙන් මිලියන හතරකට වැඩි පිරිසකගේ පැවැත්ම පිළිබඳ වගකීම තමන් වෙත පවරා ගෙන ඇත්තේය. ඉන් අඩක් එනම් බිලියන දෙකක ජනතාවගේ ප්රධාන ආහාරය සහල්. එසේවුවද තවමත් ප්රයෝජනයට නොගත් ලෝක සිතියම මත විසිරී සිටි අතීත මානවයා ආහාරයට ගත් ධාන්ය විශේෂ 10.000 ක් පමණ සොයා ගත හැකිය. (Henrichsen 1999) එහෙත් ගත වූ වසර 200 තුළ අප අලුතින් කිසිදු ධාන්ය විශේෂයක් එම නාම ලේඛනයට ඇතුළත් කළේ නැහැ. අපේ අවධානයට ලක් විය යුතු අවාසනාවන්ත තත්ත්වය නම් ක්රමයෙන් තුනීවී යන බෝග ජාන සංචිතයක් මත අපේ ගොවිතැන හා ආහාර රටාව ස්ථාන ගත විම. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ FAO තොරතුරුවලට අනුව පසු ගිය සියවසේ දී කෘෂි බෝග ජාන විවිධත්වය 75% ක් විනාශ වී ඇත්තේය.

ගෘහ ආශ්රිත හා අනෙකුත් සත්ව ජාන සම්පත් ගබඩාව ක්රමයෙන් ගොදුරුවන මුඛ හා කුර ආබාධ වැනි විවිධාකාර වසංගත රෝග නිසා අතුරුදහන්වෙයි. වඳවයාමේ තර්ජනයට ශාක ආශ්රීත සතුන් හතර දෙනෙකුගෙන් එක් අයකු ගොදුරුවෙයි. මක්නිසාදයත් ඔවුන් ආහාරයට ගන්නා වනගත ශාකවල අන්තර්ගත ජාන සංචිතය දුර්වලවීමේ හේතුවෙන්. වනගත ජාන විවිධත්වය ශාක වර්ධනය හා පැවැත්ම උදෙසා අත්යවශ්ය සාධකයක්. උතුරු අමෙරිකා මහාද්වීපයේ බඩඉරිගු විශේෂ අතුරුදහන්වූයේ හඳුනා නොගත් අංගමාර blight රෝගයෙන්. එම අංගමාර දිලිරයට ඔරොත්තු දෙන වනගත බඩඉරිගු විශේෂයක් සොයා ගැනීමට හැකිවූයේ නැගෙනහිර අප්රිකානු භූමියෙන්. එමෙන්ම කැලිෆෝනියාවේ බාර්ලි විශේෂවලට වැළඳුන වෛරසය සමග සටන් කළ හැකි බාර්ලි විශේෂ තිබුණේ ඉතියෝපියාවේ. ලතීනියානු අප්රිකානු ආසියානු ජනවර්ග හඳුනාගත් ආහාරයට ගතහැකි අල හා මුල් විශේෂ දහස්ගණනක්. මඤ්ඤොක්කා tapioca බතල yamsගහල වර්ග taro ලොවපුරා බිලියනයකට අධික ජනතාවගේ ප්රධාන ආහාර විශේෂයන්. අල හා මුල් විශේෂ කාබොහයිඩේරීට් කැල්සියම් හා විටමින් බහුල ඉතාපෝෂ්යදායී පහසුවෙන් සොයාගත හැකි ආහාර විශේෂයන්.

ගොවිබිම් අහිමිවීම

ආහාර අර්බුදයේ අනෙක් ප්රතිඵළය ණයගැතිකමින් පීඩාවිඳින ගොවීන් සම්ප්රදායික ගොවිබිම් අතහැරදමා නාගරික ප්රදේශවලට සංක්රමණයවීම. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ලොවපුරා 85% ක් ගොවීන් සතු ගොවිබිම හෙක්ටයාරකට වඩා අඩුය. 2015 වනවිට අන්තර්ජාතික ප්රතිපත්ති තීරකයන්ගේ ගණනයකිරීමට අනුව ලෝක ජනගහනයෙන් 65%ක් නාගරික ජනගහනයේ ඉහළයාමක් අපේක්ෂා කරනවා. මෙළෙස අතහැරදමන ඉඩම් සමාගම් අත්පත්කරගැනීම හා බලහත්කාරයෙන් ඉවත්කිරීම අද ලොවපුරා දක්නට ලැඛෙන ප්රවනතාවක්. ලංකාවේ රජය සතු ගොවිබිම් සියල්ල ඉතා අඩුමුදලකට අත්පත්කරගැනීමට CIC ඇතුලූ සමාගම්වලට පෞද්ගලිකකරණය තුළින් අවස්ථාව උදාවුණා. 2007 නොවැම්බර් මස බටහිර ඛෙංගාලයේ නන්දිග්රාම් ප්රදේශය විශේෂ ආර්ථීක කලාපයක් ලෙස නම්කොට පාරම්පරික ගොවීන් 30.000ක් ඉවත්කර දැමීමට සැලසුම්කළා. එය බටහිර ඛෙංගාලයේ වී වගාකළ සාර්ථක භූකලාපය. ඉන්දුනීසියාව පසුගිය වසර දෙකතුළ නාගරිකකරණය උදෙසා සරුසාර කුඹුරු හෙක්ටයාර 60.000ක් ගොවි කටයුතුවලින් ඉවත්කර දැම්මා. පිලිපීනය කාර්මිකකරණය සඳහා ගොවියාගෙන් කුඹුරු හෙක්ටයාර 10.000ක් පැහැරගත්තා. ලංකාවේ හම්බන්තොට නව ගුවන්තොටුපල සඳහා ලූණුගම්වෙහෙර ජනපදයෙන් හෙක්ටයාර 800ක් පවරාගැනීමට හා ගොවිපවුල් 3595ක් ඉවත්කිරීමට යෝජිතය. ඉඩම් පවරාගැනීමේ ලේඛනයට අනුව හෙක්ටයාර 1150 කින් ඔිනෑම මොහොතක ජනතාව ඉවත්කිරීමේ බලය එයට පවරාඇත. දැදුරුඔය නව ජලරඳවනය සඳහා ද පවුල් දහසකට වැඩි ප්රමාණයක් ඉවයත්කර දැමීමට සැලසුම්කර ඇත.

ලෝක වෙළඳ සංවිධානය හඳුන්වාදුන් කෘෂිකාර්මික ගිවිසුම AOA තුළ අන්තර්ගත දේශීය උපකාර නමැති වගන්තියට අනුව දේශීයවශයෙන් ගොවියාට ලබාදෙන සහනාධාර ඉවත්කළ යුතුය. එහි සැබෑ අරුත නම් දුප්පත් ගොවියා සමානයකු ලෙස සලකා දැවැන්ත වෙළඳ සමාගම් සමග ද්වන්ධ තරගයකට කැඳවාඇත්තේය. පොහොසත් රාජ්ය වාර්ෂිකව තමරටවල ව්යාපාරික ගොවීන්ට විවිධාකාරයේ සහනාධාර ලබාදෙනවා. 2000 වසරේදී එක්සත් ජනපදය තම ගොවීන්ට ලබාදුන් සහනාධාරය ඩොලර් බිලියන 7.1ක්. ලාංකික ගොවියාට ලබාදෙන සහනාධාරය පොහෙර මිටි තුනක් සඳහා රුපියල් 35.000ක් පමණවෙනවා. එම මුදල විවිධ බදු ක්රම මගින් ගොවියාගෙන් උදුරාගැනීම රාජ්ය උපායමාර්ගයක්. 2009 අයවැය ලේඛනයට අනුව ජනතාවගෙන් අයකරගැනීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි 7600ක්.

කෘෂිකාර්මික ගිවිසුමේ අනෙක් අන්තරායකාරී වගන්තිය වෙළඳ ප්රවේශය. ඒ අනුව සංවර්ධනයවන රාජ්ය ආයතන බදු 24% දක්වා පහත දැමිය යුතුය. එය කෘෂි ආහාර සඳහා විශේෂය. සැබවින්ම මෙම බදු පනවා තිබුණේ දේශීය ගොවියාගේ ආරක්ෂාවට. කෘෂි ගිවිසුමේ ක්රියාකාරිත්වය මත එකම වසරක් තුළ අප්රිකාවේ ආහාරද්රව්ය ආනයනය ඩොලර් බිලියන 8.4 සිට බිලියන 14.9 දක්වා ද ඈත පෙරදිග රාජ්යවල ඩොලර් බිලියන 4.1 සිට බිලියන 27 දක්වා ක්රමිකව ඉහළ ගියා. දේශීය ගොවියා අතුරු අන්තරා රැසකට ගොදුරුකරමින්. පිලිපීනය සහල් මෙට්රික් ටොන් 54.000ක් ආනයනයකර වාර්ෂිකව ගොවීන් 15.000ක් පමණ ගොවිබිම්වලින් ඉවත්කර නාගරික සීමාමායිම්වල අවතැන්කර දම්මා. සැබවින්ම ගොවියා ඉවත්කර අස්වැන්න නෙළා ගැනීම පෘථීවිය සංවර්ධනය කර ජනතාව විකුණාදැමීම ලෙස හැඳින්වීම ඉතා නිවැරදිය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුනිල් රණසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
එබෝලා සහ සමාගම් වසංගතය
වෙසෙස්
සංස්කෘතික මිනිසාගේ ග්‍රහලෝක ශිෂ්ටාචාරය
පරිවර්තන
මීනාට
අදහස්
නිහැඬියාව බිඳිමු..... ජීවිතය සොයා යමු.....
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
මාර්ටින් ලූතර් කිං කියයි.
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook