තවත් විශ්වකර්මයෙක්! | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
තවත් විශ්වකර්මයෙක්!
බූන්දි, 23:30:53
මීට කලකට ඉහතදී ජනමාධ්‍යවේදීන් ද, දේශපාලඥයින් ද, විවිධ උගතුන් ද, වෛද්‍ය, ඉංජිනේරු ආදී විවිධ වෘත්තිකයින් ද, ආචාර්ය- මහචාර්ය ඇදුරන් ද, විවිධ පූජකයින් ද, ජනතාව ද රැවටූ කැළුම් වීරසිංහ නම් වූ ''එලොවින් ආ ජීවකයා'' පිළිබඳව ශ්‍රී ලංකා හේතුවාදි සංගමයේ සම සභාපති ගාමිණි වියන්ගොඩ මහතා විසින් කල හෙලිදරව්වෙන් අනතුරුව එම ව්‍යාජ ව්‍යාපාරය නිමාවට පත් විය.

යලිත් එවැන්නෙකු පහල වී ඇති බවට පුවත් පත් මගින් වාර්තා වී ඇත. මේ අළුත් ජීවකයා විසින් ''මහා විශ්ව බල ශක්තියේ බල මහිමයෙන්'' සියළු රෝග සුවකරදෙන අතර ඔහු දක්වා තිබෙන හැකියාවන් ලයිස්තුවට අනුව කල නොහැක්කක් නොමැත.

ඒ අනුව, සියළුම ග්‍රහ අපල, දෝෂ, කොඩිවින, අනවින, ඇස්වහ, කටවහ, භූත-ප්‍රේත-දිෂ්ටි-පිල්ලු, දරුපල දෝෂ භංග කර, දුරුකොට යහපත උදා කරදෙනු ලබයි.

තවද ඕනෑම අයෙකු වශීකර දෙයි; සියළු විභාග- සම්මුඛ පරීක්ෂණ වලින් ජය ලබා දෙයි; වෙළඳ ව්‍යාපාර වල සියළු දෝෂ භංගකර දියුණුව සලසා දෙයි; සොර සතුරු කරදර නිමා කරදෙයි; සතුරන් පරදවා ජය ලබා දෙයි; අතහැර ගිය අය ගෙන්වා දෙයි; සතුට සාමය දියුණුව උදාකරදෙයි....!

ඉතිං වෙන මොනවද අඩු....?!

මෙහි සඳහන් කොට ඇතිවාටත් වඩා දිග මේ ලැයිස්තුවට අනුව ලංකාවට (මතුද නොව, ලෝකයටම) රාජ්‍ය යාන්ත්‍රණය හෙවත් ආණ්ඩුවක්, අධිකරණයක්, පරිපාලන යන්ත්‍රයක්, සමාජ ආයතන පද්ධතියක්, ආර්ථීක හා සංවර්ධන සැලසුම් හා ක්‍රමෝපායන් ආදි කිසිවක් අවශ්‍ය වන්නේ නැත. සියළුම රෝග ශල්‍ය කර්ම හා ඖෂධ වලින් තොරව ක්ෂණිකවම සුවකරදෙන හෙයින් වෛද්‍යවරු, වෛද්‍ය විද්‍යාල, ආරෝග්‍යශාලා, බෙහෙත් ශාලා අවැසි නොවේ. විභාග සමත්කොට දෙන බැවින් පාසල්- අධ්‍යාපන ආයතන ආදියද අවැසි නැත. නඩු හබ අරභයා යුක්තිය ඉටුකොට දෙන හෙයින් අධිකරණ ක්‍රමයක් හා නීති පද්ධතික්ද අවශ්‍ය නොවේ (නීතීඥ මහතුන්ට වැඩ ද අඩුවනු ඇත). සොර සතුරු කරදර ඉවත් කොට සාමය රජයන බැවින් පොලිසි වැනි ආයත ද පවත්වාගෙන යාමේ තේරුමක්ද නැත.

කොටින්ම දියුණුව, නිරෝගිකම, රුවැති බව, යුක්තිය, සාමය, පවුල් ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න, ව්‍යාපාරික ගැටළු ආදී මෙකී නොකී සියළු ගැටළු- ප්‍රශ්න- අභියෝග වලට ක්ෂණික විසඳුම් ඔහු සතුය. ඔහුගේ විශාල දැන්වීම් හා ප්‍රචාරක ව්‍යාපාරයෙන් කියා සිටින්නේ එයයි.

ඉතිං තවත් මොනවද?

සියළුම මිනිස් අවශ්‍යතා, ව්‍යාපාරික අවශ්‍යතා, සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලන ඔහු වැන්නෙකු සිටිත් නම් ඔහු හැර අන් කිසිවෙක් රටේ ජනතාවට අවැසි නැත. එමතුද නොව, ඔහුගේ මෙමෙ හැකියාව හා බල මහිමය ලොව ඕනෑම රටකට බල පවත්වන බැවි කියවෙන නිසා මුළු මිනිස් ප්‍රජාවටම ඇති එකම හා පරම විසඳුම ඔහුය.

අපි කෙතරම් වාසනාවන්තද?

(කැළුම් වීරසිංහට මෙන් ''සතුරු කුමන්ත්‍රණයකට'' ඔහු භාජනය නොවේවායි අවසාන වශයෙන් පතමු)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
rasika මෙහෙම කියනවා :
my salute to you..! to expose the damn reality and nudity of these thieves.. i feel our people are too sensitive and foolish to get caught by such traitors...

කිවුව වෙලාව- 2010-10-25 07:03:40
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
වෙසෙස්
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
අදහස්
මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
අදහස්
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
චේ ලියයි.
යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා... [More]
What's New | අලුතෙන්ම
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook