Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ඔබට ආගමක් අවශ්‍යද? - පෙරියාර් ඊ. වී. රාමස්වාමි
බූන්දි, 23:38:47
ජනතාව ශීලාචාරව ජීවත්වීම අතවශ්‍යබව ආගමික දේශනාකරුවන්ගේ තර්කයක්. සෑම ආගමික අනුගාමිකයෙක්ම අනුමතකරන එය පිළිගත් සත්‍යයක්. තමන්ගේ ආගම පමණක් ශීලාචාර දිවියක් සඳහා සුදුසුයැයි එමගින් හිතුවක්කාර ලෙස තක්සේරු කරනවා. ගණනය කළ නොහැකි සත්ව විශේෂ හා බොහෝ මනුෂ්‍යයන් කිසිදු ආගමික ඇදහීමකින් තොරව ජීවත්වන්නේ කෙසේදැයි අප විමසන්නේ නම් අසම්මත හා අර්ධ මානුෂික ජීවිත ආගමික විශ්වාසයකින් තොරව පැවතිය හැකියැයි ද ශීලාචාර දිවියක් සඳහා ආගම නියතවශයෙන්ම අවශ්‍යබව ඔවුන්ගේ පිළිතුරයි. එබැවින් උවැසි උවැසියන් අඛණ්ඩව ආගමික ප්‍රචාරයේ යෙදෙනවා. ආගමික දේශනා පුරාණ කතිකා බිතු සිතුවම් කතාන්දර න්‍යායාත්මක විදහා දැක්වීම් ආගමික උත්සව සකස්කොට ප්‍රචාරණය කරනවා. තම ප්‍රදේශවල සිටින ආගමික විශ්වාසයක් නැති ජනතාව ඉලක්ක කොට එය දරුණු අපරාධයක් ලෙස ඉතා දුෂ්ට කතාන්දර ප්‍රබන්ධ කරනවා. වසංගත රෝගාබාධ දේවකෝප ග්‍රහතාරකාවන්ගේ බලපෑමට ආරෝපණයකර පොදු ජනතාව සංත්‍රාසයට පත්කරනවා. මහත්මා ගාන්ධි පවා දුක් දොම්නස් භූ කම්පා ව්‍යසන ගිනි අනතුරු ජල ගැලීම් දේවකෝප මත ආරෝපණයකර ජනතාව බියට පත්කළා. ජනතාව මෙහෙයවන නියාමන මරණයෙන් පසු ලෝකය සඳහා නොව මේ ජීවිතය තුළ ජනතාව සුවපත්කළ හැකි ලෙස සකස් විය යුතුය.

ආගමක් වෙනුවෙන් බිය සිතේ දරාසිටීම අනවශ්‍යය. පංසල් පල්ලි නොයන ජනතාව තමන්ගේ ජීවිත හොඳින් මෙහෙයවා නොගන්නේ ද?

පව් ක්ෂමාව සඳහා පංසල් පල්ලි නොයන හා නිරතුරුව වන්දනා නොකරන ජනතාව පිළිබඳ කරුණු සාක්ෂි සමග ඉදිරිපත්කළ හැක. තම ජීවිතයේ දී එක්තරා කාලයක ආගමිකස්ථානයට යාම නතරකළ ජන ජීවිත අප හදාරන්නේ නම් ආගමිකස්ථානයෙන් ඉවත්ව ගිය ආසන්න කාලයේ ඔවුන්ගේ ජීවිතවල අනියම් බියක් සොයාගත හැක. අප ඉතා ඉක්මණින් ආගමිකස්ථාන අහෝසිකළ යුතුයැයි ප්‍රකාශකළ හොත් සමහරදෙනා අපේ ප්‍රකාශයට හේතු දැක්වීමට පෙර ඉතා භයානක ලෙස කම්පාවට පත් වේ. මක්නිසාදයත් ඔවුන් අපාගතවන්නේ යැයි බියවේ. ආගම් විරෝධී අපේ හඬට කන්දීමෙන් මතු ආත්මයේ දී ඔවුන්ගේ ජීවිත අභාග්‍ය තත්වයට ඇදවැටෙනු ඇතැයි කම්පාවට පත්වේ.

පූජකයන් අපායේ ඉතා බිහිසුනු චිත්‍රයක් ජනතාව ඉදිරියේ තබා ඔවුන්ගේ මනස නරකාදියේ බියෙන් පුරවාදමනවා. එබැවින් ජනතාව ස්ථීර වශයෙන්ම කැපවන්නේ ආගම වෙනුවෙන්. පූජකයන් දෙවියන්ගේ කරුණාව දිනාගැනීම තහවුරු කිරීමට ආගම අවශ්‍යය. ආගම නඩත්තුකිරීමට පූජකයා අවශ්‍යයැයි පවසමින් ජනතාව මත තම බලඅධිකාරය පතුරවනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි දැක්මක්. මිනිස් ස්වභාවයේ ශක්තිය ඉවත්කර ආගමික උපකාරය මත පමණක් යැපීමට සැලැස්වීමක්. ජනතාව අතර ආගමික විශ්වාසයක් නැත්නම් ඔවුන් අවබෝධකරගෙන ඇත්තේ තම ස්වභාවික ශක්තිය හා දක්ෂතාවන්. ඔවුන් සමාජ සුභසාධනය සඳහා ඉතා උසස් පිබිදීමක් හා හැම දෙයක්ම ඉතා ප්‍රායොගිකව භාවිතාකරනවා. මිනිසාට තම ස්වාභාවික බලය හඳුනාගෙන සමාජයට සේවය කිරීමට හැකියාව ලැබෙන්නේ ආගමික උදව්වෙන් පමණක්යැයි පැවසීම අරුත්සුන් ප්‍රකාශයක්. මිනිසාගේ චරිත සංවර්ධනය හා ශික්ෂණයකිරීමට සමාජයට හැකියාව ලබාදීමට ආගම අත්‍යවශ්‍යයැයි පැවසීම එයට සමාන්තර මිථ්‍යාවක්. අපේ අදහස නම් ආගමික මූලධර්ම හා භාවිතයේ අතිශයෝක්ති විග්‍රහයන් මත මෙතැන්සිට මිිනිසා සෑදීමට ආගම අසමත්. කිසිදු දක්ෂතාවක් සංවර්ධනය කිරීමට නොහැකිනම් ආගමික විශ්වාස මිනිස් මනසට බලහත්කාරයෙන් කාන්දුකළ නොහැක.

පංසල් පල්ලි කෝවිල් යාම එකදෙයක්. කල්ඉකුත්වූ ආගමික මූලධර්ම හා අපාය ගැන විශ්වාස තවත් දෙයක්. අපාය ගැන සියලු කථා ඉතා කෙටි කල්පනාවකින් පවා ව්‍යාජයක්. පංසල් පල්ලි නොයෑම අවමානයට පත්වීමට හෝ පීඩාවට පත්විය යුතු දෙයක් නොවේ. එහෙයින් විශාල ජන සමූහයක් ආගමිකස්ථානයට යාම ක්‍රමයෙන් හීනවී දවසින් දවස අපේ සමාජය අත්කරගන්නේ විශාල ප්‍රගතියක්. ජනතාවට ව්‍යාජ ප්‍රශංසාකිරීමට හෝ සැනසිල්ල ගෙනදීම අපේ උත්සාහය නොවේ. ගෙවීගිය දශක කීපය තුළ අපේ ප්‍රගතිය ගැන හැදැරීමෙන් සමාජය නිවැරදි සමෘද්ධියක් ලබා ඇති වග නිශ්චිතවම අවබෝධකරගත්තා. අතීතයේ ප්‍රචණ්ඩ ක්‍රියා හා මිලේච්ඡ ක්‍රියා වර්තමානයට වඩා බොහෝ වෙනස්. තොරතුරුවලට අනුව අතීත පුරුෂයා ස්ත්‍රිය අපට වඩා හොඳින් සැනසිල්ලේ ජීවත්වුනේ නැහැ.

ආගමික දේශනාකරුවන් අපැහැදිලි හා අර්ථවිරහිත ප්‍රකාශ නිකුත්කර අපව අසාධාරණය තුළ ගිල්වාදමනවා. එම ප්‍රකාශ පදනම්වන්නේ විවිධ අපරාධ හා ගණිකා වෘත්තිය ගැන ප්‍රවෘත්ති මත. ඔවුන් සඳහන්කරන අපරාධ වාර්තාකිරීමට අතීතයේ ප්‍රවෘත්තිපත්‍ර නොතිබූ වග ජනතාව අමතක කරනවා. විවිධ අපරාධ අතීතයේවූ බව පර්යේෂණ වාර්තා අපට පෙන්වා දෙනවා. සුචරිතවාදයට පෙර අසීමිතව ගණිකා වෘත්තිය පැතිරතිබූ බව රූපට් හක්ස් ය්කාසප්බ වැැකසමි සගරාවට වාර්තාකර තිබුණා. ස්කොට් සුචරිතවාදය තුළ ඉතා දරුණු අභිචාර පැවතිබව ප්‍රසිද්ධ ඉතිහාසඥ පුක් හූල් සටහන්කළා. මධ්‍යගත යුගයේවූ අභිචාර 19 සියවසේ ආරම්භක වර්ෂවල පාවා දක්නට ලැබුණා. අතීත සියවස්වල මිනිසුන්ට වඩා අප අයහපත් නොවනබව තේරුම්ගත යුතුය. සමාජ මූලික ක්‍රියාකාරිත්වයේ ඵළය ගැන කථා කිරීමට අපට ඉඩ දෙන්න. එය ජීවිතයේ සුව්ශේෂි අත්දැකීමක්. විනිශ්චයකාර බෙන් ලින්ඩ්සේ එයැ රුඩදකමඑසදබ දෙ පදාැරබ හදමඑය ග්‍රන්ථය රචනාකළ අතර අමෙරිකානු යෞවනයේ සිතිවිලි හා චරිත ස්වභාවය ඔහු තරම් තේරුම්ගත් වෙනත් අයෙක් නොවේ. තාරුණ්‍යය අතර ලිංගික නිදහස පළල්ව පැතිර ඇත. තරුණ තරුණියන් එක් අයෙකුට වැඩියෙන් ආදරය කරනවා. ඔවුන් ආගමික දේශනාවලට සහභාගි වෙනවා. පංසලට හා පල්ලියට සමාජයට හානිදායක පෞද්ගලික ලිංගික විකෘති පාලනයකිරීමේ හැකියාව නොමැත. එසේනම් ආගම නැවත රාමුගත කිරිමට අප වෙහෙසෙන්නේ ඇයි? අපට එය රැකගත නොහැක. ආගමට මෙතැන්සිට සමස්ථ සමාජ අපේක්ෂාවන් ජයගත නොහැක.

ආගමික මූලධර්ම නොසලකා හැර පොදු ජන චරිතාංගය සංවර්ධනය කර සමාජය සකස්කළ හැකියැයි ඇතමෙක් ප්‍රකාශකරනවා. අමෙරිකාව හා බි්‍රතාන්‍ය දැනටමත් එය ඔප්පුකර අවසන්. මිලියන හැටක අමෙරිකානුවන් හා මිලියන තිහක බි්‍රතාන්‍යයන් පල්ලියේ දේශනාවලට සහභාගි නොවේ. ආගමික දේශනවලට සවන්දෙන්නේ ආගමික නොවන සමාජයේ සුලු පිරිසක්. සෑම දියුණු රටකම ආගමික ස්ථානවලට නොයන ජනගහනය සමස්ථයෙන් 2/3ක්. ඉන් අදහස්වන්නේ ඔවුන් තම නිවෙස්වල රහසේ දෙවියන් යදින වග නොවේ. මේ රාජ්‍යවල දහස් ගණනක පූජකයන් ජනතාව පල්ලියට කැඳවීමට දරන්නේ විහාල ප්‍රයත්නයක්. පුරුෂයා දේව මෙහෙයට කැඳවීමට ස්ත්‍රියගේ සහාය ලබාගැනීමට වෙරදරනවා. දීර්ඝ දේශනා හා පූජා වෙනුවට සංගීත සංදර්ශන සංවාද ප්‍රාසාංගික නැටුම් සිනමාව අන්තර්ගතකරනවා. නව ආගමික සමාජය ක්‍රිස්තියානි විද්‍යා සමාජයක්. පරම විඥාර්ථ සමාජය පැරණි ආගමික ආයතන මත හැපෙනවා. ප්‍රතිපළය කුමක් ද? සත්‍ය කුමක් ද? ආගමික ස්ථානයට නොයන ජනතාව 50% හෝ 70% ක්. සියලු පූජකයන් වසර දහයකට තම ක්‍රියාකාරකම් නතරකළ හොත් ජනතාව ආගම් නොඅදහන බව සිතාගැනීම දුෂ්කර නොවේ. එහි ප්‍රතිඵළය කුමක් ද? ඔබේ අදහස නිදහසේ ප්‍රකාශකරන්න. මගේ අදහස ඔබේ අදහස මත ආරෝපණය නොවේ.

ආගම ගැන ආදරයක් ස්වභාවිකව හටනොගනී. එය පිළිගත් සත්‍යක්. ශිෂ්ට සමාජයෙන් ආගම ගැන උනන්දුවුවහොත් එහි ප්‍රතිඵළය ලෙස පූජකයන් මිලියන ගණනක් අවශ්‍යය. ස්වභාවික හා ඇල්මෙන් ආගමට ආදරය කිරීම ගැන ගුරුවරුන් කථාකරනවා. එය වැරදි උත්සාහයක්. ඔවුන් සඳහන් කරන්නේ අතීතය ගැන පමණයි. වර්තමාන සමාජය ගැන කිසිවක් එහි සඳහන්නොවේ. මේ සමාජය අතීත සමාජයට වඩා බොහෝ වෙනස්. ලෝකයේ බොහෝදේ වෙනස්. 21 සියවසේ සිදුවන්නේ කුමක්දැයි අනාවැකි පලකළ නොහැක. අපේ පරම්පරාවේ ජනයා ආගමට ගෞරවකිරීමට පෙළඹවිය නොහැක. බොහෝ ජනයා ආගම් අත්හරිනවා. කිසිවෙක් වුවමනාවෙන් ආගමික ග්‍රන්ථ කියවන්නේනැහැ. වේදිකාවේ දී දේශකයන් භයානක ලෙස ආගමිකය. අසාසිටින්නෝ සිනාවේ. ආගමික කරුණු සිනමාවේ අහඹු ලෙස සටහන්වේ. ඒවාට සිනාවෙන ජන සංවේදිතාව ඉතා හොඳ සාක්ෂියක්. ආගම හෙමින් මියයනවා.

ජන මනසේ හා දිවියේ ආගමික ස්වරූපය හීනවීම කම්පාවක්. ආගම විශ්වාස නොකරන ලන්ඩන් ජනගහනය මිලියන අටක්. කිසිම අයුරකින් එය එම සමාජයට බලනොපායි. ඔවුන් ආගම ගැන කිසිවක් නොසිතයි. ආගමික විශ්වාසයක වුවමනාව සමාජයට නොවැදගත්බවට එය හොඳ හේතුවක්. අතීත ජනයා ආගමිකය. ඔවුන්ට කිසිදු නිදහසක් තිබුණේ නැහැ. ජීවිතය වින්දනය කළ යුතුය. සියලු ජනයා එය බුක්ති විඳිය යුතුය. එහෙයින් විවිධ අයුරින් ඔවුන්ට පිහිටවූයේ කලාව. බුද්ධිමතුන්ට සාහිත්‍යය හා විද්‍යාව තිබුනා. අපේ රට මුහුදින් වටවී ඇත. නගර ගණනය කළ නොහැකි නවතාවෙන් විනෝදජනකය. මානව දිවිය වේගයෙන් විකාශවෙනවා. පැමිණෙන්නේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක්. එහෙයින් ජනතාව ආගමෙන් තොරව ජීවත්විය නොහැකියැයි බියගැන්වීම අනවශ්‍යය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
BoondiLets
Simone de Beauvoir කියයි.
"පිරිමියා" යන්නෙන් නිරතුරුවම "මනුෂ්‍යයෙකු" යන්න අරුත් ගන්වනු ලැබේ. "ගැහැණිය" යන්නෙන් අරුත් ගැන්වෙන්නේ "ස්ත්‍රී" බවයි. කිසියම් මොහොතක "ගැහැණිය", "මනුෂ්‍යයෙකු" ලෙස හැසිරෙන්නේ ද එවිට, ඇය "පිරිමියා" අනුකරණය... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook