Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සුදු කොඩි දෙකේ උපත
මේ ලියන මොහොතේ මගේ සිතේ සුදු කොඩියක් එසැවී තිබේ. ඒ කුමක් අරබයා ද කියා ඔබ අසනු ඇත. ඒ සුදු කොඩියට අරමුණු දෙකක් තිබේ. එකක් අප කිසිවකු අනුමත නොකරන, යුද්ධය නිසා මියගිය මිනිසුන් සිහි වීම පිණිස වේ. සුදුකොඩියේ අනෙක් අරුත නම් මරාගත් මී පැටවකු උඩ දම දමා සෙල්ලම් කරන පූසකු සේ මළගම් වටකොට ප්‍රීති උත්සව සංවිධානය කරමින්, මහමඟ කිරිබත් පිස කෑමට තරම් වූ අවිහිංසාවාදී බෞද්ධයන්ගේ පුරුෂාර්ථ සිහිපත් කිරීමයි. අහසේ ද, පොළොවේ ද වාතයේ ද වසන ඇසට පෙනෙන නොපෙනෙන සියලූ සත්වයන්ට මෙත් වඩා බුදුන් සරණ යන අපේ අය මියගිය අය වෙනුවෙන් සාද පවත්වති. මරණ දැන්වීම් පළ කර පඹයන් පුච්චමින් ප්‍රීති උත්සව මැද අවමගුල් සමරන විට එකක් සිහිපත් කළ යුතු ය. සිංහලයන් ගැන පිළිකුලක් ඇති නොවන ලෙස හැසිරිය යුතු ය. සුළු මහ ජාති ප්‍රශ්නයක් නැති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත. පාටි දැමූ ඔබ ඔබේ චරිත සහතිකය ලියා ගන්නේ නම් මැනවි. අද අපි නිවැරදි යැයි සිතා හුරේ දමන දේ තව දශක කිහිපයකින් බොරුවන්නට ඉඩ තිබේ. බුද්ධිමත් දේ වන්නේ බුදුන්වහන්සේ දේශනා කළ පරිදි මේ සියලූ අවස්ථාවල දී ම නොසැලී සිටීමයි. ලෝකය ගෝලාකාර යැයි මුලින් ම කී කෙනා මැරුම් කෑවේ ය. එහෙත් අද ලෝකය ගෝලාකාර නොවේ යැයි කීම මැරුම් කෑමට හේතුවක් විය හැකි ය.

අද මා ඔබ කැඳවාගෙන යන්නේ යාපනයට ය. මීට පෙරත් මම කියලා තියෙනවා මට එහි මිතුරන් ඉන්න බව. යුද වැදී සිටින කාලයේ දී මා සමඟ එකට සිටි මිතුරා යාපනයේ ඌරෙලූ ගමේ උපන් තිලීපන් සමඟ ඉස්කෝලෙ ගිය ක. රගුපරන් ය. රට ම කිරිබත් කන වෙලාවේ රෝගී මවගේ තොරතුරු විමසීමට ඔහු මා ඇමතුවේ ය. මගේ කම්මුල් විලිලැජ්ජාවෙන් රතු විය. මා ඔහුට කතා නොකිරීම වරදකි. මා ප්‍රිය සම්භාෂාණ පවත්වනවා යැයි ඔහු සිතන්නට ඇත. සරෝජලාට, ශාන්තිනීලාට බැඳි ආලවන්තකම් මෙන් ප්‍රකට නොවුණාට රගුපරන් ලා සමග අපි මිතුරන් වී සිටිමු.

මා මිත්‍ර මහාචාර්ය ශන්මුගදාසන් උපන්නේ ද යාපනයේ ය. 1923 පොන්නම්බලම් රාමනාදන් මහතා ආරම්භ කළා වූ 'Hindu Board of Education' (සයිවර් විද්‍යා විමුක්ති සංගම්) යටතේ වූ ළමා නිවාසය 1993 මහාචාර්ය ශන්මුගදාස් භාර ගත්තේ ඉහත කී මණ්ඩලයේ සභාපති වීමෙන් පසුව ය.

1995 රිවිරැස මෙහෙයුම නිසා වලිකාමම්හි ජීවත් වූ මිනිසුන් අනාථ වී තෙන්මාරච්චි හා වඩමාරච්චි ප්‍රදේශවලට මාරු වීමට සිදු විය. වලිකාමම්හි පිහිටා තිබූ ළමා නිවාසයේ දරුවන් නැවත භාරදීමට මෙහි දී සිදු විය. භාරදීමට නොහැකි වූ ළමුන් 20ක් සමඟ මහාචාර්යවරයා තෙන්මාරච්චියට ගියේ ය. 1996 දී යළි වලිකාමම්වලට පැමිණ ළමා නිවාසය ප්‍රතිසංස්කරණය කොට ආරම්භ කරන ලදී. විශ්වවිද්‍යාලයේ සනාතන මණ්ඩලයේ රැස්වීමකට මහාචාර්යවරයා සහභාගි වෙමින් සිටිය දී පොලිසිය ඔහු සොයා පැමිණියේ ය. යුද සමයේ මේ බියජනක ප්‍රවෘත්තියකි. නිලධාරීන් පැමිණ සිටියේ දරුවන් තිදෙනකු ළමා නිවාසයට භාර දීම සඳහා ය. උසාවියෙන් වැරදිකරුවන් කළ මේ දරුවන් තිදෙනා භාර ගැනීමට මහාචාර්යවරයා තනි මනාපය පළ කළේ ය.

ශන්මුගදාසන් මහාචාර්යවරයා දරුවන් ගෙන ගොස් කාරුණිකව සැලකුවේ ය. දිනක් උදේ බලන විට දරුවන් තිදෙනා අතුරුදහන් වී තිබිණි. ඔහු බියට පත් විය. කළ යුතු එක ම දේ පොලිසියට වාර්තා කිරීමයි. දරුවන්ගේ වගකීම ඔහු සතු විය. පොලිසියට යාම සඳහා දෙගිඩියාවෙන් පිටත්වන විට දරුවෝ පැමිණියහ. සොරකම් කිරීමේ වරදට අච්චු කරනු ලැබූ දරුවන් නැවත පැමිණීමට හේතුව කුමක් ද? පලා යාමට හේතුව කුමක් ද? මහාචාර්යවරයා දරුවන්ගෙන් විමසුවේ ය.

"ඕඩි පෝන නීංගල් යේන් තිරුම්බි වන්දීංග" (පැනලා ගිය නුඹලා ඇයි නැවත ආවේ.) "අප්පා ඔංගලක්කු නාංග කෂ්ටම් තර විරුම්බ ඉල්ලෛ" (තාත්තා ඔබට කරදර වෙනවාට අප කැමැති නෑ.) වයසක උදවිය ඇමතීම සඳහා අප්පා යන පදය යාපනයේ භාවිත වෙයි. ගරුසරු ඇතිව මෙසේ මහාචාර්යවරයා ඇමතූ දරුවන් කීවේ තමන් නැවත පොලිසියට භාර දෙන ලෙසයි. එය එසේ සිදු විය. මහාචාර්යවරයා විපතින් ගලවා අවුරුදු අට, නවය හා දහය වයස්වල දරු තිදෙනා බන්ධනාගාරයට ගියහ. සොරකමට හුරු වූ දරුවන් තමන්ගේ වගකීම භාරගත් තැනැත්තා විපතට ඇද දැම්මේ නැත. මේ දරුවන් රටට කියා දෙන පාඩමක් තිබේ. වැරදිකරුවන් අත වුවද යහපත් ගුණ තිබිය හැකි ය. දැන් මේ දරුවෝ වැඩිහිටියන් වී සිටිනවා විය හැකි ය.

දේවදත්තයන්ට පවා බුදුහු අනුකම්පා කළහ. ආදරය කළහ. උන්වහන්සේ අවෛරය ඉගැන්වූහ. අපි උන්ගේ දරුවන් වෙමු. කෝ අපේ මානව භක්තිය, අපි අපේ හදවත්වලට එබී බලමු. හැමදාම උදේට සිනාමුසු මුහුණින් යුතු ශන්මුගදාසන් මහාචාර්යවරයා මට හමුවෙයි. කෙටි පිළිසඳරක් ගොඩනැගෙයි. 'ඔබත් එන්න. අපි මේ නරාවල තරණය කර අපි අපිම විචේඡේදනය කර බලමු. හදවත් පෙනෙන සේ අතට ගෙන සංවාදයක යෙදෙමු.'

රත්න ශ්‍රී වචන කොහෙන්දෝ ඇසෙයි.

"දවා පිච්චමල් අසපුව - පෙනේ කළ කුරිරු ගින්දර
වෙලා ගත් නයින් පොළඟුන් දිව අදිනු පෙනේ.
සීතල ද බලන් මේ උණු කඳුළු යාපනේ

කෙට්ට කෙලෙංගා වෙනුවට
හාමතයි දුකයි පොදි බැඳ
'තිරුක්කුරල් අළු' දකුණට අරගෙන එන්දෝ
සීතල ද බලන් මේ උණු කඳුළු යාපනේ"

මහින්ද චන්ද්‍රසේකර මෙසේ මුමුණනු ඇසේ

"ගම හැරදා නුඹ ගියදා
කෝවිල් යන සිත වැළපෙන්නේ
ඔය නෝක්කාඩු බැල්ම යටින්
සෙනෙහස දෝ හඬා වැටෙන්නේ?"
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
kamalani මෙහෙම කියනවා :
මටත් හොද යාලුවො ඉන්නෙ දෙමල කට්ටිය අපි හෑමොම මිනිස්සු කියල හිතන මමත් ඔයාගෙ පෑත්තෙ.

කිවුව වෙලාව- 2012-02-27 07:27:47
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී ගෙන් තවත් වියමන්
කවි
පිරිමි පුතෙකුට පිය වීමි.
කවි
අහෝ දෙව්දත් නොදුටි මොක්පුර
අදහස්
වළ කපාගෙන ජීවත්වීම
අදහස්
කුණුවෙලා මැරෙනවද?
අදහස්
දසක හතරක මිනිසෙක්
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook