Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
'ඇන්ජිමා'
කුඩා කාලයේ සිට පොත් කියවීමේ පුරුද්දක් ලැබුවෙමි. මට නින්ද යන මොහොතේත් යළි අවදිවන මොහොතේත් මගේ පියා ශබ්දනගා පොත් කියවනුත් සිටි අයුරු දැනුත් මට සිහි වේ. කුමන විභාගයකට පාඩම් කරන්නේදැයි මව නිතර චෝදනා කළ ආකාරයත් මට මතකය. පියා වැඩියෙන්ම කියවූයේ කවි හා පාලි, සංස්කෘත පොත්ය. මේ ඔස්සේ යමින් කියවීම මගේ පුරුද්දක් බවට පත්විය.

කුඩා කාලයේදීම කියවූ පොත් අතර බරීස් පලෙවොයිගේ "සැබෑ මිනිසකුගේ කතාව" මතකයේ අමරණීයව තිබේ. ඒ පොත මා ලබාගත්තේ කාගෙන්දැයි මට මතක නැත. වැඩිවියට පත්වූ පසුව ඒ පොත මගේ නෙත ගැටුණේද නැත. ඒ පොත මගේ දරුවන්ට කියවන්ට දෙන්ට ඇත්නම් හොඳ යයි මට සිතේ. දෙපා අහිමිවූ අයකු නැවතත් අහස්යාත්‍රා පැදවීමට මවන සිහිනයත් ඒ සිහිනය ඔහු සැබෑ කරගන්නා අපූරු කතාවත් මෙහි ඇතුළත්ය. එම කෘතිය කියවීමෙන් මම මහත් දිරියක් ලැබුවෙමි.

අද රටේ අතක පයක අමාරුවක් ඇතිවූ අය එය වෙළෙඳාමක් කරගන්නා අයුරු දක්නට ලැබේ. බස් ගාණේ හිඟාකන බොහෝ අය මෙබඳු ඇත්තෝ වෙති. අතක් නැත්නම් ඉතිරි අතින් යමක් කරන්නට පුරුදුවීමේ දිරියක් අපට නැත. සමෘද්ධියක් හෝ පිංපඩියක් ලබාගෙන ජීවිතය ඇදගෙන යාමට එබඳු අය හුරුවෙති. එසේ නොවී ක්‍රියාකරන අතළොස්සක් චරිත හසන්ත හෙට්ටිආරච්චි තම "අටපට්ටම" රූපවාහිනී වැඩසටහන ඔස්සේ සාලයට කැඳවාගෙන එයි. ඒවා අපේ මිතුරන් බලන්නේ මැජික් සංදර්ශන බලන ආශාවෙනි. ඒ පුද්ගලයන්ගෙන් යමක් ඉගෙනගැනීමට ඔවුහු උත්සාහ නොකරති. එඩ්වින් ආරියදාස නවයුගය පුවත්පත සංස්කරණය කළ කාලයේ දී "දුක දිනා ජයගත් හපන්නු" යනුවෙන් පිටුවක කතාවක් පළ කළේය. ඒවා එදා පරපුරට දිරියක් විය. තම තමන්ගේ ජීවිතවලට ශක්තියක් එකතු කරගැනීමට මේ කතා ප්‍රයෝජනවත් විය. මා ඛෙහෙවින් කලකිරී සිටි කාලයක අම්බලන්ගොඩ ඊබට් ඇම්. පල්ලියගුරුගේ "වස්සානේ" නම් කෘතියක් මා අත පත් කළේය. උඩින් පල්ලෙන් එය කියවූ මා කවි දෙපදයක් කියවා උද්දාමයෙන් නැගී සිටියෙමි.

"දුෂ්කරය කියා හැර යායුතුද ජීවිතය කටුපොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස."

රත්න ශ්‍රී ගේ මේ පදදෙක මට අලූත් ජීවිතයක් ගෙනාවේය. පරාක්‍රම කොඩිතුවක්කු කවියාද තරුණ සිතට මෙබඳු දිරියක් එක්කොට තිබේ.

"සූරලා ගෙන යන්න මගෙ හදේ පිපුණු මල්
මල් නගන වසන්තය ඔබට ගෙන යා නොහැක."

මේ සියල්ල මා කියා ගෙන ආවේ වීරක්කොඩි සර් ගැන කියන්නටය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ ග්‍රීක් හා ලතින් උගන්වන මහාචාර්යවරයාය. වීරක්කොඩි සර් කියා ජනප්‍රිය වුණත් ඔහුගේ ලේඛනගත නම ඩී. පී. එම්. වීරක්කොඩි ය.

වීරක්කොඩි සර්ගේ දෑසම පෙනෙන්නේ නැත. ඉඳහිට මං ඔහු හමුවූවිට අතින් අල්ලාගෙන අක්බර් පාලමෙන් එගොඩ කොට අක්බර් ශාලාවට කැඳවා ගෙන යමි. මේ දකින කොල්ලන් මට එන්ජිමා යයි නමක් ද පටබැඳ තිබිණි. සර් පුදුමාකාර සංවේදී මිනිසෙකි. දිනක් මා අක්බර් පාලම අසලට එන විට සර් නතරවී සිටිනු දුටුවෙමි. "ඇයි සර් යන්නැද්ද" මම ඇසුවෙමි. "බඹරු ඇවිස්සිලා." සර් කීවේය. අපේ ඇසට ඒ දසුන නොපෙනේ. ඒත් සර්ට දැනේ. තිලංග මහේෂ් දයාපාල හා නිශාද් හඳුන්පතිරණ (අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීත අධ්‍යක්ෂ) සර් සමග සංගීත පුහුණුවීම්වල නිරතවෙති. ඉඳහිට හෝ තිලංගගේ සංගීත භාණ්ඩයට නිශාද් අත තැබුවහොත් "කෝ තිලංග?" කියා විමසීමට තරම් දැනීමක් වීරක්කොඩි සර්ට තිබිණි. ඔහු අතිදක්ෂ වාදකයෙකි. 'එන්ජිමෙක්' නැති දවසට ශාස්ත්‍ර පීඨයේ සිට අක්බර් ශාලාවට පැමිණ දෙවරක් උත්සාහ නොකර යතුර දමා දොර විවෘත කරගැනීමට ඔහුට පුළුවන. ඔහු සමග සසඳන විට අපි අන්ධයෝ වෙමු.

දිනක් මා සර් සමග අක්බර් ශාලාවේ සිට ශාස්ත්‍ර පීඨය දෙසට එන්නට පිටත්වී ගම්පොළ පාරට එනවිට අමුත්තෙක් පැමිණ ඉංග්‍රීසියෙන් කතාකොට මා හඳුනන්නට පුළුවන්දැයි සර්ගෙන් ඇසුවේය. සර් බෑ කී විට ඔහු නම නොකියා තව තව දේවල් කීවේය. සර් තරමක් අමනාපයට පත්විය. ඉන් සිත් රිදවාගත් අමුත්තා කීවේ තමන් වීරක්කොඩි සර් සමග එකම ශාලාවේ නැවතී සිටි ශිෂ්‍යයෙකු බවයි. දැන් සර් විශ්‍රාම යන්නටත් ළඟය. එකට උගත් සහෝදරයෙකුගේ හඬ ඔහුට මතක තිබිය හැකිද? අන්ධයෙක් වූ මගෙන් හඳුන්නේදැයි යන අපහසු ප්‍රශ්නය නොඅසන ලෙස ඉල්ලා කරුණු පැහැදිලි කළ සර් සුහද කතාබහට යොමුවූවේය.

සර් ඉගෙන ගන්න කාලයේදී නෙත් ඇති යාළුවෝ ඔහු නේවාසිකාගාරය පහත මාලයේ ආපන ශාලාවට කැඳවාගෙන ආහ. ලයිට් ගියපසු නැවත වීරක්කොඩි සර් ඉහළ මාලයට කාමරවලට මිතුරන්ට පාර පෙන්නුවේය. මේ ප්‍රවෘත්තිය ආගන්තුක මිතුරා සිහිපත් කළේය. වීරක්කොඩි සර්ට හැමදාම අඳුරුය. Power cut ය. ජීවිතේ කිසිදාක ඔහුට විදුලි බුබුළු වුවමනා නොවේ. ඔහු රැස්කරගෙන ඇති දැනුම් සම්භාරය අතිවිශාලය. ඔහු ගැන සිතන විට ඇස් ලැබූ අප පව්කාරයෝ වෙමු.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී ගෙන් තවත් වියමන්
කවි
පිරිමි පුතෙකුට පිය වීමි.
කවි
අහෝ දෙව්දත් නොදුටි මොක්පුර
අදහස්
වළ කපාගෙන ජීවත්වීම
අදහස්
කුණුවෙලා මැරෙනවද?
අදහස්
දසක හතරක මිනිසෙක්
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook