Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කුණුවෙලා මැරෙනවද?
මරණය කියන්නේ මේ ලෝකයෙ කොයි කාටත් බිය උපදවන දෙයක්. කවුරුත් කැමැති වෙන්නෙ දුක් කරදර නැතුව ජීවත්වෙන්නටයි. දවසක් මං අම්පාරෙ නගරයෙ තැනක යාළුවෙකු ආ නිසා නවතින්ට ගියා. හෝටලයේ නාන තටාකයේ විනෝද වෙමින් සිටි තරුණයෙකු දිහාට මගේ හිතගියා. මේ තරුණයා ඇතුළු පිරිස තරමක් සෝමපානය කරලයි හිටියේ. මගෙ හිතගිය තරුණ හාදයා නීතිඥයකු බව කතාවෙන් තහවුරු වුණා. තමන්ගේ සේවාව ගැන කියූ ඔහු කී කතාවක් මගේ සිතගත්තා.

''මැරිලා කුණුවෙන එක වෙනම දෙයක්. නමුත් කුණුවෙලා මැරෙන්ට එපා.'' ඔහු යාළුවන්ට දුන් උපදෙස මාත් හිතට ගත්තා. සමහර අය ජීවත් වූ ක්‍රමවේදය නිසා මැරිලත් ශාප විඟනවා. උදේ රෑ බණ කියන, බණ අහන රටේ සිද්ධ වෙන දේවල් අරුමයි.

යුද සමයේ සුනාපරන්තය හරි නපුරු පළාතක්. ඒ කාලෙ අපේ පඩියට 'මර බිය දීමනාව' (Risck Allowance) කියලා එකක් එක්කාසු කරලා තිබ්බා. මේගැන කතාකරන්ට රැස්වීමක් දැම්මා. රැස්වීම අහවර වෙලා තවත් කියන්ට යමක් තිබේදැයි උපකුලපතිතුමා විමසුවා. මං අත ඉස්සුවා. ප්‍රශ්නය ඉදිරිපත් කරමින් මං මගේ මරබිය දීමනාව දෙගුණ කළ යුතුයයි කියලා ඉල්ලා සිටියා. සියලු දෙනාම විමතියෙන් මා දෙස බැලුවා. හේතුව කුමක්දැයි කවුරුත් විමසුවා. ටිකක් බරපතළ විදියට කටහඟ අවදි කොට වටපිට බලා මං රගුපරන් පෙන්නුවා. ඔහු යාපන වැසියෙක්. විශ්වවිද්‍යාලයෙ වචනයෙන් කියනවා නම් තලයෙක්. ඔහු මගේ රූමා. (Room mate) යාපනයේ දෙමළ අයෙක් සමග එක කාමරේ ඉන්න හින්දා මට තර්ජනය වැඩියි. කවුරුත් මගේ විහිළුව තේරුම් අරං හිනා වුණා. ''කොටියා සමග වාසේ'' කවුදෝ කියනවා ඇසුණා. සභා රැස්වීම එතැනින් ඉවර වුණා. රගු අදත් මගේ හොඳම මිතුරා. මට මර බිය දැනුණේ නොදන්නා අය නිසා මිස රගුපරන් හින්දා නොවෙයි. දන්නා අයට කවුරුත් බය නෑ. දරුවෙකු අම්මාට හෝ අප්පට බය වෙන්නෙ නෑ. අප කැඳවන තැනකට එන්ට අපේ දරුවන් සූදානම්. මේ ලෝකෙ ඉන්න අහිංසකම පිරිස තමයි දරුවන් කියන්නෙ. වාද, භේද, කුහකකම් දරුවන්ට නෑ. මං කියන්ට යන්නේ දරුවො දෙන්නෙකුට වෙච්ච සිද්ධියක්.

කලබල කාලේ ඔලුවිල් වරායෙ තෙන්නකෝන් අයියා සමග මං යනවා රෑට නතර වෙන්න බලගල්ල මිත්‍රයා ළඟට. ඔහු එරගම උළු කම්හලේ කළමනාකරු. එතැන පොලිස් මුරපොළක් තිබ්බා. ඒකේ එස්.අයි මහත්තයා අරුලානන්ද. රෑට ඔහු අපට එකතු වෙනවා. අප නතර වුණේ වටේට පොලිස් රැකවලුන් සිටි නිල නිවාසයක. අරූල් අප සමග බොහොම රෑ වෙන තුරුම ඉන්නවා. ඔහු සතුටින් හා විනෝදයෙන් සිටි කෙනෙක්. කාලය ගෙවී යද්දී තෙන්නකෝන් අයියා කොළඹ මහපොළ පුහුණු මධ්‍යස්ථානයට මාරු වෙලා ගියා. බලගල්ලත් කොළඹට ගියා. ඊට පස්සේ එරගම මගෙන් දුරස් වුණා. විටින් විට අරූල් මතක් වුණත් ඔහු සම්බන්ධ කරගන්නට බැරුව ගියා.

අරූල් ඒ කාලේ ඇතුළත කොහොම වෙනස් වුණාද කියලා මං දන්නෙ නෑ. අප දුටු අරූල් තුළ තවත් නොදුටු මිනිහෙක් ඉන්නට ඇති. ඔහු තම කල්මුණේ නිවසට ගිහින් අවුරුදු දහතුනක් හා අවුරුදු නමයක් වයසැති දරුවන් දෙදෙනා අක්කරපත්තු පාරේ මුරපොළේ නිල නිවසට කැඳවාගෙන ඇවිත් තිබුණා. නිවසට ගිය මොහොතේ බිරිඳ අත දරුවා රැගෙන ස්වාමියා සමඟ නෑවිත් පිටවී තිබුණා. මුරපොළේ සේවකයා දුම්වැටි කීපයක් ගේන්නට යයි පවසා පිටත් කළ අරූල් ඔඩොක්කුවේ වාඩි වී සිටි සුරතල් දරු දෙදෙනාගේ හිස්වලට පිස්තෝලයෙන් වෙඩි තබා තිබුණා. ඉන්පසුව ඔහු තම හිසටද ඉන් උණ්ඩයක් පිටකරගෙන තිබුණා. වෙඩි සද්දය ඇසී පිරිස එන විට තිදෙනාම මියගිහින්. දරු දෙන්නා පිය සෙනෙහස විඟ සැටි මෙහෙමයි. පුංචි කාමරයේ බිම ලෙයින් තෙත් වී තිබුණා. නාඟනන කෙනෙක් දුටු විට බියගන්නා දරුවන් පියා සමග එන්නට ඇත්තේ කොතරම් විශ්වාසයකින් යුතුවද? පුරාණ දෙමළ කතාවක එන නල්ලතංගාල් හා ඇගේ දරුවන් මෙන් මේ දරුවන් නෙළුම්මල් වී නොපිපෙනු ඇත. මේ දරුවන්ට ජීවිතය විඟන්නට නොලැබුණේ කිමද? මේ සිද්ධියෙන් මං මහත් කම්පාවට පත්වුණා. පියෙක් කැටුව යන දරුවෙක් දකින හැම මොහොතකම මට මේ සිද්ධිය මතක් වෙනවා. බලගල්ලත්, තෙන්නකෝනුත් මේ වග දැනගන්ට ඇත්තේ පස්සෙ කාලෙ.

වෙස්සන්තර දරුවන් දුන්නේ බුදුවෙන්ට. එහෙමවත් ඔබට පුළුවන්ද දරුවන් දෙන්ට. සතෙක්වත් එහෙම කරනවද? ජාලියයි, ක්‍රිෂ්ණජිනයි එදා අම්මා බලාගන්නැයි පියරජතුමාට කිව්වා. මන්ද්‍රී දේවිය ඇවිත් අඟ අඟා දරුවන් දෙන්නා හෙව්වා. වෙස්සන්තර මුනිවත රැක්කා. බුදුබව පතාවත් මම මගේ දරුවන් නොදෙමි. නූතන වෙස්සන්තර කෙනෙක් නිර්මාණය කරන රත්න ශ්‍රී පතන්නේ අඹුදරුවන් බුදුවියයුතු බවයි. නූතන වෙස්සන්තර එහෙම පාරමී පුරන කාලයක අරුලානන්ද ඔබ කොහිද?

නුඹ නොදෙමි එතෙර රටටා
දරු නොදෙමි වාල් කමටා
ඇඟ මස් පුදා රකිම්මැයි
නොපුරමි එහෙත් පෙරුම්දම්
බුදු වෙන්ට ඕනෑ නුඹලා
මට නිවන් මඟ කියල්ලා
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී ගෙන් තවත් වියමන්
කවි
පිරිමි පුතෙකුට පිය වීමි.
කවි
අහෝ දෙව්දත් නොදුටි මොක්පුර
අදහස්
වළ කපාගෙන ජීවත්වීම
අදහස්
දසක හතරක මිනිසෙක්
අදහස්
බ්‍රිස්ටල් පෙරහර යන මඟ!
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook