Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්
බූන්දි, 02:28:52
1982 අප්‍රේල් 3

සැටඩේ රිවීව් මේ සතියේ දස වැනි කලාපයට එළැඹෙයි. මේ පුනරාවර්ජනයට තරම් කාලයක් නොවෙතැයි අයෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් කෙටි කලක් තුළදී අපෙන් සෑහෙන බලපෑමක් සිදු වී ඇතැයි පෙනී යන හෙයින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළිපත්තේ සිටියදී ඉකුත් සති නවයක මාධ්‍යවේදය දෙස ආපසු හැරී බැලීම සුදුසු බව අපේ හැඟීමයි. ඊට අමතරව ගත් කළ ඉඳ හිට හෝ තමන්ගේ හොරණෑව පිඹීම නුවණට හුරු පිළිවෙතකි. නැත්නම් ඒ මළකෑමට ඉඩ තිබේ.

නිර්නාමික, අපහාසාත්මක හා තර්ජනාත්මක ලියුම් නොලැබී යන පුවතක් වේ නම් එය තවදුරටත් පවත්වාගෙන යාමේ පලක් නැත. ඒ අතින් අපි වාසනාවත්න වීමු. පස් වැනි කලාපයෙන් අනතුරුව අපට එවන් ලියුම් සැලකිය යුතු සංඛ්‍යාවක් ලැබිණ. ඒවායින් තුනක්ම එකම තැනකින් ආ බව අපේ අත්අකුරු විශේෂඥයා කියා සිටියත් ඒ පිළිගැනීමට අපි එකඟ නොවීමු. එක් ලියුමක් එවා තිබුනේ හින්දු ත්‍රස්තවාදියෙකු විසිනි. තවත් නිර්නාමික ලිපියකින් කතුවරයාගේ ජන්මය පිළිබඳ සැක පහළ කොට තිබුණ. ඒ ගැන නැවත සිතා බලන විට කල්පනා වන්නේ එහි බස් වහර හා ලේඛන ශෛලිය අනුමත කළ හැකි මට්ටමේ පැවැති බවයි. එයින් ඔප්පු වන්නේ එකක් පමණි. අපේ රටේ බියසුළු බවේ, නුරුස්සනසුළු බවේ හා දුශ්චරිතයේ මට්ටමට ගැලපෙන අයුරින් සිය ප්‍රමිතිය පවත්වාගෙන යන්නට මහා රැජිනගේ ඉංග්‍රීසියත් සමත් වී ඇති බවයි. එහෙත් අපට ඇති සැබෑ ගැටළුව නම් තැපෑලෙන්, පුද්ගලයන්ගෙන් හා කටකථා මගින් ගලා එන තුති පුද දරන්නේ කෙසේද යන්නයි. පොදුජන මතය බොහෝ විට හොර රහසේ පළ කැරෙන රටක මෙරටත්, නොරටත් උද්යෝගිමත් පාඨකයන් වෙතින් අපට දැක්වෙන ප්‍රතිචාර සැබැවින්ම හද පුබුදු කරයි.

නානා වර්ණිත දේශපාලකයන්ද නානාප්‍රකාර කණ්ඩායම්ද අප නිසා කලබලයට පත් වූ සෙයක්ද දිස් වන්නට තිබේ. ඉතා කෙටි කලත් තුළ අපේ වැඩවලින් බොහෝ අයට රිදී ඇති බවක්ද දිස් වේ. ඉන් පෙනී යන්නේ මාධ්‍යවේදය අනෙක් සෑම රැකියාවකින්ම වෙනස් වන බවයි. එමගින් වෘත්තීය අන්තරායට ලක් වීමේ ඉඩකඩ බහුලය. ඒ විලසම ඉන් ලද හැකි පලප්‍රයෝජනද විපුලය. එක් පැහැදිලි කිරීමක් කළ යුත.=ය. යාපනයේ පළ කැරෙන පුවත්පතක් ලෙසට අප මුහුණ පා සිටින්නේ යාපනයේම පමණක් දැකිය හැකි සුවිශේෂ සෙවිල්ලකට, බැලිල්කටය. සෑම අයෙකුම, සෑම ආයතනයක්ම, සෑම කණ්ඩායමක්ම හංවඩු ගැසීමේ ප්‍රවනතාවක් මෙහි පවතී. දකින දකින හැම දෙයකම හන ලෑවේ නැතිනම් සතුටක් නොලබන පිරිසක්ද වෙති.

ඇතැම් විටෙක නිසි කලට පෙර වැරදි ලේබලය අලවන්නට යුහුසුලු වන්නන්ට පසු කලක දැක ගත හැකි වන්නේ ඇතුළත දෑ වෙනස් හැඩරුවක් ගන්නා බවයි. ඉන් සිදු වන්නේ ඔවුන් භාණ්ඩය පිළිබඳව කෝපාවිෂ්ඨ වීම විනා වැරැද්ද තමන්ගේ බව වටහා ගැනීම නොවේ.

ඒ හැමටම අප කියන්නේ මෙයයි. සැටඩේ රිවීව් පුවත්පතට ලේබල් ඇලවිය නොහැක. ඒ අප සැබැවින්ම ස්වාධීන පුවත්පතක් වන හෙයිනි. අප ඒ ප්‍රකාශය කරන්නේ අවංකභාවයෙන් හා උද්දාමයෙන් යුතුවයි.

අපේ සංවිධානය හා ආයතනය හැරුණු කොට අන් කිසිදු දේශපාලන පක‍ෂයක්, වාර්ගික හෝ ආගමික සංවිධනයක් සමඟ අපේ ගනුදෙනුවක් නැත. කිසිදු පාරිශුද්ධ ගවයෙකු කෙරේද අපේ විශ්වාසයක් නැත. අපේ අභිලාශය සත්‍යාවාදීව, අවංකව, නිර්භයව සන්නිවේදනයේ යෙදීමයි. කිසියම්ම හෝ තැනක මානව හිමිකම්වලට එරෙහි අපරාධයක් සිදුවේද, කවර පාර්ශවයකින් සිදු වූවත්, එය අපේ විශේෂ අවධානයට යොමු වන්නේය.
සුබ්‍රමනියම් සිවනායගම් විසින් රචිත මේි කතුවැකි මුල් වරට පල වුයේ ඉංග්‍රීසියෙන් යාපනයේ සතිපතා මුද්‍රිත සැටඩේ රිවිව් (Saturday Review) පුවත්පතේය. ඒ ජේ.ආර්.ජයවර්ධන කාලයේ මර්දනය විසින් 1983දී එම පුවත්පත තහනම් කරන ලදුව කතුවරයා දේශපාලන සරණාගතයකු ලෙස ඉන්දියාවට පළා යාමට පෙරාතුවය. ඡේ.ආර් පාලන සමයේ උතුරු නැගෙනහිර ජනතාව අත්විඳි පීඩාවත් එයින් උපන් දෙමළ විමුක්ති කාමයේ දේශපාලන දිශානතියත් දකුණ දිසාවේ මාධ්‍යවේදීන් වූ අපට පහදා දුන්නේ එම පුවත්පතයි. තහනමින් පසුව එස්.සිවනායගම් ලංකාව හැර ගියත් දමිළ ජාතික ගැටලුව නන් අයුරින් ලෝකයා හමුවේ විදහා දැක්වීමට ඔහු ටැමිල් නේෂන්, ටැමින් ටයිම්ස්, ටැමිල් වොයිස් ඉන්ටර් නැෂනල් හා හොට් ස්ප්‍රිං යන සඟරා මදුරාසියෙන්ද, ලන්ඩනයෙන්ද එළි දැක්වුයේ දහසක් ගැහැට මැදය.

ජාතික ආරක්ෂක පණත යටතේ වසරක කාලයක් ඉන්දියාවේ සිරබත් කෑම එයින් එකක් පමණි. දේශපාලන සරණාගතයකු ලෙස මහාද්වීප කීපයකම වසරින් වසර දිවි ගෙවන්නට සිදුවූ මේ කතු විරුවාට දේශපාලන රැකවරණ ලැබුණේ නිජබිමින් පිටුවහල් වී දශකයකටත් වැඩි කාලයකට පසුවය. සැටඩේ රිවිව් කතු කම දරන්නට යාපනයට යන්නට කලින් සිවනායගම් කොළඹින් පළ කළ සිලෝන් ඩේලි නිව්ස් හා සිලෝන් ඩේලි මිරර් යන ඉංග්‍රීසි පුවත්පත් දෙකේම කර්තෘ මාණ්ඩලිකයකු විය. දැන් ප්‍රංශයේ ජීවත්වන එස් සිවනායගම් සියවස් කාලකට ඉහතදී ලියු මේ කතුවැකි වල එන දෙමළාට දෙමළ වීම නිසාම මුහුණ පාන්නට වී ඇති ගැටලු අදවත් විසැඳි ඇති දැයි කියවාම බලන්න.

සිංහලට නැගුවේ- යමුනා බණ්ඩාර
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
එස් සිවනායගම්ගෙන් තවත් වියමන්
වෙසෙස්
හින්දු සමුළුවට දෙවරක් ජයවේවා!
වෙසෙස්
දැන් බැරි නම් කවදාවත්ම බෑ!
වෙසෙස්
උඩ කරණම් බිම කරණම්
වෙසෙස්
නායකත්වයේ ගැටළු
වෙසෙස්
මේ ගල් ගැසීම නවතනු!
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook