Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
බාහිර උපකාරක පන්ති තහනම නරක පූර්වාදර්ශයකි!
බූන්දි, 21:54:34
පලාත් සභා මට්ටමින් ගනු ලැබු තීන්දුවක් අනුව දිවයින පුරාම ඉරිදා දිනයන්හි පෙරවරුව සහ පෝය දිනයන්හි උපකාරක පන්ති හෙවත් "ටියුෂන්" පැවැත්වීම තහනම් කොට ඇති බව වාර්තා වෙයි.

ටියුෂන් යනු ව්‍යාපාරික අරමුණු සහිතව වුවත් අධ්‍යාපනික වුවමනාවක්, විභාග සමත් වීමට අවශ්‍ය තරඟකාරි හැකියාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවක් නියෝජනය කරන්නකි. [නමුත් මෙම තහනම් මහත් උත්කර්ෂයෙන්, ප්‍රධාන පුවත ලෙස වාර්තා කළ පුවත් පත් "ටියුෂන්" යන ව්‍යාපාරික/වාණිජ සංඥාර්ථ මතුකොට දැක්වීමට සැලකිලිමත් වූ අතර, "අමතර උපකාරක පංති" යන හැඟවුම මතු නොකිරීමටද පරෙස්සම් විය] වාණිජ ප්‍රාග්ධනය රටේ ආර්ථිකයේ ප්‍රධාන අක්ෂය බවට පත්ව ඇති (දේශීය හා ගෝලීය) සන්දර්භය තුල - රටේ ආගමික හා සංස්කෘතික උත්සවයන් පවා මෙම වාණිජ ප්‍රාග්ධනයට ගැට ගැසී ඇති බැවින් අධ්‍යාපනය පවා ඊට යටත් වීම යථාර්තයකි.

නමුත් මේ තහනමින් සිදු වී ඇත්තේ ඒ අධ්‍යාපනික අවශ්‍යතාවට සීමාවක් පැනවීම හා ඒ අවශ්‍යතාවය ආවරණය කරගැනීමට වෙනත් විකල්පයක් ඉතිරි නොකිරීමයි.

ආගමික විනයගත කිරිමකට යටත් කිරීමේ මාවතක් ඔස්සේ සමාජය ශික්ෂණය කල හැකිය යන පසුගාමි උපාය මාර්ගයක් වෙත දේශපාලඥයින් හා බලධාරීන් තල්ලු කොට ඇත්තේ මේ වන විට රටේ බලවත්ව ඇති අන්තවාදී ආගමික හා ජාතිකවාදී සංවිධාන විසිනි. පොදු සමාජයේ පරිකල්පනයත් මෙවැනි තීරණ වඩා සතුටින් භාරගන්නා පසුබිමකින් නිර්මාණය වී ඇති නිසා මෙවැනි දේ අරබයා ඵලදායී සංවාදයන් බිහිවන්නේද නැත.

සමාජයක් ශික්ෂණය කල හැක්කේ, යහපත් අධ්‍යාත්මික හා සංස්කෘතික සෞඛ්‍ය සම්පන්න දේහයක් බවට පත් කළ හැක්කේ ආගමෙන්ද නැතහොත් වෙනත් සමාජමය මාවතකින්ද යන්න විමසා බැලීමට අවශ්‍ය තරම් විශ්ලේශ්ණාත්මක මෙවලම් ලෝකය සතුව ඇත; එමෙන්ම අපට එවැනි යම් තක්සේරුවකට, සමාලෝචනයකට පැමිණීමට අවශ්‍ය තරම් අමුද්‍රව්‍යද, අත්දැකීම ද ඉතිහාසය පුරා ඇත.

නමුත් එවැනි විධිමත් හා නිවැරදි තීන්දුවකට හෝ ක්‍රමවේදයකට එළැඹීමේ වුවමනාවක් හා ප්‍රඥාවක් ඇති බවට මෙහි දී ද ප්‍රකට කොට නැති බව පැහැදිලිය.

සමාජයක් යනු සාමූහික සත්තාවකි. ආගම් බොහෝ දුරට ආත්ම මූලිකය. සමාජය තම ඉතිහාසය පුරා අත්පත්කර ගනු ලැබූ දැවැන්ත භෞතික ප්‍රගතියත් [ඊට අඩු] සාරාත්මක [මානුෂීය] ප්‍රගතියක් සඳහා මූලික වූයේ ශ්‍රමය හා සාමුහිකත්වයයි. සමාජය යන ප්‍රපංචයේ ඉදිරිගාමි ගතිකත්වයත්, ආගමික දේවලුත් අතර ඇතු නොපෑහීම අපට මෑත ඉතිහාසයෙන්ම උගත හැකිය. [වඩාත් ආගමික වූ මුස්ලිම් සමාජයන්ට අත් වී ඇති ඉරණම අපට වුවමනාවටත් වඩා පාඩම් උගන්වා ඇත]

මෙම ආගමීකරණය නිසා අත්වෙමින් ඇති විපාකයන්ට තවත් උදාහරණ එකතු කරමින් පකිස්ථානයේ "විකිපීඩියා" අන්තර්ජාල විශ්වකෝෂය හා ෆේස්බුක් අන්තර්ජාල හමුව තහනම් කිරීමටත්, ඉන්දුනීසියාවේ කාන්තාවන්ට දිග කලිසම් ඇඳීම තහනම් කිරීමටත් එම රජයන් තීන්දු කොට ඇත.

අනෙක් අතට මෙලෙස සිදුවන ආගමීකරණයක ප්‍රති ඵලය වන්නේ ආගමික රේඛාවන් ඔස්සේ සමාජය විභේදනයයි, නමුත් විය යුත්තේ සමාජය සාමුහීකරණයයි;සමානුයෝජනයයි.

ඉරිදා දිනය ලමුන්ටත් සිසු සිසුවියන්ටත් ක්‍රීඩා කිරීමට, අතිරේක පොත පත , සාහිත්‍යය, කලාව ඇසුරුකිරීමට, යම් නිර්මාණාත්මක කාර්යයන්හී/ අභ්‍යාසයන්හී නියැලීමට, විනෝද චාරිකාවක් යාමට, පාරිසරික වින්දනයක් [nature trial] ලබා ගැනීමට, ඥාති -මිත්‍රාදීන් සමග, සමාජය සමග සමානුයෝජනය වීමට අවශ්‍ය පෙලඹවීම, අවකාශය ලබා දිය යුතුය යන්න අපගේ යෝජනාවයි. විෂය කරුණු වල අන්තර්ගත සම්බන්ධය වටහා ගැනීමටත්, ලෝකය හා ජීවිතය ඉගෙනුමටත් ඉහත කී බාහිර ක්‍රියාකාරකම් හා අත්දැකීම් ඔස්සේ සිසුන් හට අත්‍යවශ්‍ය කවුළුවක් විවර වේ.

අනෙක් අතට පසුගිය දශකය යනු මෑත කාලීනව ආගම යන්න අපේ රටේ සමාජ පරිකල්පනය තුල වඩාත් අධිනිශ්චයට පාත්‍ර වූ වකවානුවයි; පන්සල් උපාසකම්මලාගෙන්ද, ළමා-තරුණ පරම්පරාවෙන්ද, මධ්‍යම පාන්තිකයින්ගෙන්ද පිරී ගිය වකවානුවයි. සියළු ජනමාධ්‍යවලත්, ආයතන වලත්, සමාජයේ දෛනික ජීවිතය තුලත් ආගමික දේවල් වලට වැඩිම ඉඩක්, වැඩිම කාලයක් වෙන් කර තිබූ වකවානුවයි. එහෙත් ඊට සාපෙක්ෂව ලාංකිකයා විනය ගත වීද? ශික්ෂණ ගත වීද? මානුෂීය හර පද්ධතීන්ගෙන් පෝෂණය වීද? බුද්ධිමත් වීද? නැත.

එනිසා මෙවැනි අත්තනෝමතික හා හානි ගෙනදිය හැකි තීන්දු ගැනීමට පෙර නිසි සමාලෝචනයක්, විග්‍රහයක්, විමර්ෂනයක් කල යුතුය යන්න යලි යලිත් අවධාරණය කල යුතුය.

-ලේකම්
ශ්‍රී ලංකා හේතුවාදී සංගමය
2010-06-08
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Education, Banning Tuition Education in Sri Lanka
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Unknown මෙහෙම කියනවා :
BoondiArticles.. Amazing :)

කිවුව වෙලාව- 2011-05-09 01:43:45
අනුෂ්ක තිලකරත්න මෙහෙම කියනවා :
apinam irida daham pasaluth giya ude waruwe. hawas waruwe tuition nuth giya. oya weda dekama kara gattha. daham pasalen lebunu adhyapanaya wena kisima thenakin labanna behe. eeth "daham pasal palayaw" kiyala neethi daana eka agamika anthawadee wedak. mehema gon part danna deyak nehe ne. daham pasal yanna one kena irida ude waruwe daham pasal yannai hawas waruwe saha sathiye ithiri dinawala thamange tuition tika organize karagatthama iwarane. mata terenne neththe mechchara sarala dekata me heti nanne ei kiyala....

hebei mehema deyak mama hithanawa..daham pasal adhayapanaya wadath kramawath saha piligeneemak lebena thenakata path kireema awashayayi.ethakota tuition wageema ekatath nirayasayenma yanna lamai pelambenawa. apee pasal waladi eka unaa.

Posted by අනුෂ්ක තිලකරත්න to බූන්දි|BOONDI at 7 July 2010 05:36


කිවුව වෙලාව- 2010-07-07 23:28:24
Anonymous මෙහෙම කියනවා :
Dan iridata aniwaryayenma daham pasal yanna kiyala kiyanne kawuda?

meka liyana lekakaya mehema kiyanawa
"ඉරිදා දිනය ලමුන්ටත් සිසු සිසුවියන්ටත් ක්‍රීඩා කිරීමට, අතිරේක පොත පත , සාහිත්‍යය, කලාව ඇසුරුකිරීමට, යම් නිර්මාණාත්මක කාර්යයන්හී/ අභ්‍යාසයන්හී නියැලීමට, විනෝද චාරිකාවක් යාමට, පාරිසරික වින්දනයක් [nature trial] ලබා ගැනීමට, ඥාති -මිත්‍රාදීන් සමග, සමාජය සමග සමානුයෝජනය වීමට අවශ්‍ය පෙලඹවීම, අවකාශය ලබා දිය යුතුය යන්න අපගේ යෝජනාවයි."

habayi me uththamayata penne na irida tiyushan dana eken oya ,kiyana de itu wenne na kiyala. oya kiyana de itu wenna nam iridata hama tiyushan ekama nawaththala kamathi kenekta kamathi deyak karanna ida denna ona. daham pasal yana aya yayi. trip yana aya ehema yayi. poth balana aya ehema karayi.

warapitiya mahaththayo, na gannawa kiyanne mewata thama

Posted by Anonymous to බූන්දි|BOONDI at 7 July 2010 05:22


කිවුව වෙලාව- 2010-07-07 23:28:06
Pathum මෙහෙම කියනවා :
kalochita lipiyak

කිවුව වෙලාව- 2010-06-28 01:00:12
දර්ශන මෙහෙම කියනවා :
ආගමෙන් යෝජනා කරන වෙනම මාර්ගයක් තියෙනවා. ඒක කරගන්න බැරි නිසානේ නීතිය දාන්නේ. ඒ කියන්නේ නීති දානකොටම ආගම අසාර්ථකයි කියා තහවුරු වෙලා ඉවරයි. අද රට පාලනය කරන තක්කඩි තමන්ගේ පාලිතයෝ අමු මැට්ටෝ බව තහවුරු කරගන්න ගන්න තව මේ වගේ දේවල් කරයි. ආගමික ස්ථානවලට යෑම, වන්දනා-මාන කිරීම, එතකොට මතක ඇතිව දාන සැපයීම...මේ ඔක්කොම වහුකුණු අනිවාර්ය කරන්න නීති ගේන්න වෙනවා. මොකද ආගමිකයෝ හැමෝම දන්නවා තමන්ගේම කෙප්ප වුණත් තමන්වත් විශ්වාස කරන්නේ නැහැ කියලා. තව දෙයක්- මේ ටියුෂන් වෙනුවෙන් පෙනීහිටිනවා නෙවෙයි. ටියුෂන් තියා ඉස්කෝලේ, විශ්ව විද්‍යාලෙන්වත් ලැබෙන 'අධ්‍යාපනයක්' නැහැ.ඒවත් ඔක්කොම ලොක්කෝ කියන දේ වමාරණ තරමට ආගමික වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම අධ්‍යාපනය ගොඩනගන්න ඕන ඇත්තෝ මේ ආගමිකකරණය එතැනින් අයින් කරගන්න විදියක් හිතුවනම් හරි.

කිවුව වෙලාව- 2010-06-19 00:50:27
MIHINDU THUDATHIHI මෙහෙම කියනවා :
good article

කිවුව වෙලාව- 2010-06-18 03:17:43
දුෂාන් මෙහෙම කියනවා :
ඉරිද දිනයන් වල පන්ති නවත්වන එකෙන් සිද්ධ වෙන යහපතක් නම් පේන්න නැ. මේ පනත සම්මත කරගත්ත ඇයොන්ට ඉතින් කියන්න වචන මා ලග නෑ. ඉරිද දවසෙ පන්ති නවත්වන්න හේතුව දහම්පාසල් නෙ. දහම්පාසල් යන්න කැමති නැති එකා කොහොමත් යන්නෙ නැ. මේ වැඩෙන් පහර වදින්නෙ මධ්යතම පාන්තික මිනිස්සුන්ට තමා. ගොඩක් ලමයි ඉන්නව හැතැම්ම 100 ගනන් ඇත ඉදන් එන අය.මේ වැඩේ නිසා එ ළමයින්ට සිද්ධවෙන්නෙ ලොකු අසාදාරනයක්. මේ වැඩේ කොහොමත් හරියන්නෙ නෑ

Posted by දුෂාන් to බූන්දි|BOONDI at 17 June 2010 01:56


කිවුව වෙලාව- 2010-06-17 03:17:40
Senaka Kapurubandara මෙහෙම කියනවා :
@ඉලංදාරියා

lankawe adyapana kramaya thiya kolaba kakkussi wala wathura bassawana kramayawath hariyata kriyathmaka wenawada?

tution nathnam lamayi anathayi. mewa nikan janapriyawadi gonpaat.. ali baba saha horu hathaliha sumanekata sarayak me wage gon pat ekak danawa rate thiyena anik prashna amathaka wenna..

me anduwayi iifa cricket match ekeyi wenasak naha...

thaththa hemin ball karanawa

bappalayi puthayi sixer gahanawa...

Posted by Senaka Kapurubandara to බූන්දි|BOONDI at 15 June 2010 23:01


කිවුව වෙලාව- 2010-06-16 00:02:34
ඉලංදාරියා මෙහෙම කියනවා :
මම හිතන්නේ නැහැ දහම් පාසලක් තුලින් මුලද්ර්මවාදින් බිහිකරනවා කියලා...ඒමගින් කියලා දෙන්නේ තමන් අදහන ආගම වෙන්න පුලුවන්..නමුත් සමජයක් තුල ජිවත් වෙන්නඕන ආකාරය කියලා දෙනවා එවගෙම .... සමකාමී බව සහජිවනය...එවගෙම බෙදාහදාගෙන ජිවත් වෙන්න.....පරිසරයට ආදරයකරන්න කියලා දෙනවා....මම හිතන්නේ මේ තීරනය ලන්කාවට වැදගත්.....ලන්කාවේ අද්‍යාපන ක්‍රියාවලිය හරි ආකාරව සිදුවෙනවානම්..ඇත්තටම අමතර පන්ති අවශ්‍ය නැහැ කියලයි ම්ගේ පුද්ගලික මතය.....

Posted by ඉලංදාරියා to බූන්දි|BOONDI at 15 June 2010 22:54


කිවුව වෙලාව- 2010-06-15 23:58:03
Senaka Kapurubandara මෙහෙම කියනවා :
KAS kiyanawa...

මහින්ද ජනාධිපති තුමාට මෙරට දියුණු කිරීමට අවංක උවමනාවක් ඇතත් ඔහුගේ ආණ්ඩුවට එක් කරගෙන ඇති මූලධර්මවාදී පිරිස් (හෙල උරුමය වැනි) නිසා මේ තත්වය ඇති වී ඇත.


hapoyi mokata kiyanawada? ethumata puduma uwamanawak thiyenne rata diyunu koranda. kochchara uwamanada kiyanawa nam ethumata awurudu 12th madi wela inne.

nikan laawata kade yanna epa sahodaraya. bageta kade yanna epa. yanawa nam sampurnayen yanna.

hela urumayeyi mahinda rajapakshageyi kisima wenasak naha. api neme kiyanne. leek wan u.

me kiyanne supurudu bayilema thama... mekama thama victor ivon kiyana mahaththaya kiyannet..

mahinda mewa danne naha.. mahindage wate inna ewun thama serama karanne..
mahinda baba...

mahaththayo digatama mehema ethuma nalawanna...

eka athakata ethumata mukthiye wimukthiya thiyana handa hudi janaya kiyana booruwanta karanna dekuth naha mewata..

Posted by Senaka Kapurubandara to බූන්දි|BOONDI at 15 June 2010 22:33


කිවුව වෙලාව- 2010-06-15 23:35:05
KAS මෙහෙම කියනවා :
ආගම මතම යැපීමෙන් සමාජයක් හෝ රටක් දියුණු කළ හැකි යයි සිතන්නේ නම් එය සම්පූර්ණ මුලාවකි. විශේෂයෙන්ම විද්‍යාව අතිශය දියුණු මෙවැනි යුගයක මේ සදහා දරන උත්සායක් පල නොමැත්තකි.

රටක් ආර්තික වශයෙන් දියුණු වනවා සේම සමාජයීය වශයෙන්ද දියුණු වීම අත්‍යවශ්‍යය කරුණකි. නමුත් ඒ සදහා ගනු ලබන මෙවැනි තීරණ නිසා සිදුවන්නේ සමාජය සමාජීය වශයෙන් දියුණු වීම පසෙක තබා ආගම් වශයෙන් බෙදී යාමයි.

පසුගිය අවුරුදු කීපයක සිට මෙරට පසුගාමී පිළිවෙතක් අනුගමනය කරමින් නැවතත් වැඩවසම් යුගයේ ලක්ෂණ හදුන්වා දීමට ගන්නා උත්සාහයන් දැකිය හැකිය. මහින්ද ජනාධිපති තුමාට මෙරට දියුණු කිරීමට අවංක උවමනාවක් ඇතත් ඔහුගේ ආණ්ඩුවට එක් කරගෙන ඇති මූලධර්මවාදී පිරිස් (හෙල උරුමය වැනි) නිසා මේ තත්වය ඇති වී ඇත.

Posted by KAS to බූන්දි|BOONDI at 15 June 2010 22:12


කිවුව වෙලාව- 2010-06-15 23:26:57
Abraham මෙහෙම කියනවා :
munta pissssuuuuuu!!!!


කිවුව වෙලාව- 2010-06-15 22:12:22
Sahan මෙහෙම කියනවා :
meka dan ledak lankawe. ban kara gena kara gena gihilla rajjuruwange wangediyayi mole gahayi ithuru wenda serama ban karayi wage.

ane kale wane wase.....


කිවුව වෙලාව- 2010-06-15 22:09:53
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
අදහස්
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
අදහස්
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
අදහස්
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
අදහස්
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!"
තවත් අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
[සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,
[සරදගේ ලියුං හැකින්ස්]- ඩාලිං චතු...,
අලුත් මිදියුෂ අලුත් බඳුනෙක
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඩ්වයිට් ඩී. අයිසන්හවර් කියයි.
නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කල සෑම යුධ නැවක්මත්, පත්තුකල සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙලෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නාත් වූද වස්ත්‍රයක්... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook