Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පැන බූන්දි
පැන බූන්දි | 018
මේ උද්ධෘත කවර නවකථාවලින් ගත් ඒවාද? ඒ පොත්වල කතුවරුන් කවුද? ඒවා සිංහලට නැගුවෝ කවුරුන්ද?

1. "එතකොට කෙල්ලගෙ වාසගම?"
"වාසගමක් ඕනෙ නැහැ. තාත්තගේ නම වැදගත් නැහැ."
"ඒ වුණාට වාසගමක් කාටත් තියෙන්න ඕනේ. බල්ලෙකුට විතරයි එක නමක් තියාගෙන එහේ මෙහේ දුවන්න පුළුවන්."
"මෙයා ගේ තාත්තා ලූනා වංශෙ, ඒ කියන්නේ චන්ද්‍ර දරුවන්ගෙ වංශෙ. වාසගමට එහෙනං ලූනා කියලා කියන්න...."

2. "එතකොට ඔයාගෙ ආච්චිට පැක්ටේරියක් තියනවාද?" දොඩම් ලෙමන් කාරයා ඇසීය. "මොන විදිහෙ පැක්ටේරියක් ද?"
"හුඟක් දේවල් හදනවා." එදෙස නොබලා උරන බටය කටේ ඇතිව ඔහු පිළිතුරු දුන්නේය.
"පළතුරු යුෂ, අච්චාරු, ජෑම්, තුනපහ කුඩු, අන්නාසි පෙති."

3. "ඇයි මම පිරිමි ළමයි එක්ක සෙල්ලම් කරන්න ඕනෙ?"
"ඇයි?" අම්මා ඇසුවා ය. "අහස අපමණ උසයි. හොටබරියන්ට බෑ පියාඹන්න. අන්න ඒකයි-"
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Boondi මෙහෙම කියනවා :
මේ ප්‍රශ්ණය අමාරු සහ අදාළ පොත් නොකියවූ අයගේ පැත්තෙන් අසාධාරණ එකක් වුනත්, හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුනා. හරි උත්තර තුනමත් දීලා තිබුණා.
නියමයි!


කිවුව වෙලාව- 2010-07-21 22:45:16
Boondi මෙහෙම කියනවා :
1. ඉසබෙල් අයියන්දේගේ Eva Loona (ඊවා ලූනා). ගාමිණී වියන්ගොඩගේ සිංහල පරිවර්තනයෙන්.
2. අරුන්දතී රෝයිගේ The God of Small Things (සුළු දෙය ඇසුරු කළ දෙවියා). එල්.බී. හේරත්ගේ සිංහල පරිවර්තනයෙන්.
3. ශ්‍යාම් සෙල්වදුරෙයිගේ Funny Boy (අමුතු ඉලන්දාරියා). සුගතපාල ද සිල්වාගේ සිංහල පරිවර්තනයෙන්.


කිවුව වෙලාව- 2010-07-21 22:40:50
Kasun මෙහෙම කියනවා :
1. isabel allende, Eva Luna, Gamini viyangoda
2. Arundathi roy, God of small things, L.B Herath
3. Sham selvadorei, Funny boy, sugath ayya , sugathapala da silva


කිවුව වෙලාව- 2010-07-19 05:37:14
Pabodanee මෙහෙම කියනවා :
Issabel Allande- Eva Luna
Arundathi Roay- God of small things
Shyam Selvadurai- Funny Boy


කිවුව වෙලාව- 2010-06-29 06:37:16
sdg මෙහෙම කියනවා :
1. isabel allende, Eva Luna, Gamini viyangoda
2. Arundathi roy, God of small things, L.B Herath
3. Sham selvadorei, Funny boy, sugath


කිවුව වෙලාව- 2010-06-29 04:32:18
funny boy මෙහෙම කියනවා :
1. isabel allende, Eva Luna, Gamini viyangoda
2. Arundathi roy, God of small things, L.B Herath
3. Sham selvadorei, Funny boy, sugath ayya


කිවුව වෙලාව- 2010-06-22 06:33:15
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පැන බූන්දි
පැන බූන්දි | 037
පැන බූන්දි | 036
පැන බූන්දි | 035
පැන බූන්දි | 034
පැන බූන්දි | 033
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook