Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
ග්‍රීෂා
බූන්දි, 23:45:41
ග්‍රීෂා, මීට අවුරුදු දෙකයි මාස අටකට පෙර මෙලොව එළිය දුටු, තරමක් තරබාරු කුඩා කොලුවා ආයා සමග බුලෙවාඩයේ ඇවිදිමින් සිටී. ලොමින් පිරි දිගු ලෝගුවක්ද, ස්කාෆයක්ද, පිහාටුවක් සහිත විසල් හිස් වැස්මක්ද, උණුසුම් බූට් සපත්තු යුගලක්ද ඔහු පැලඳ සිටින්නේය. ඉන් ඔහුට මහත් උණුසුමක් ද හුස්ම හිරවුණු ස්වභාවක්ද දැනෙද්දි, මේ දැන් දැන් ඔහුගේ මුවට සෘජුව පහර එල්ල කරමින් සිටින කෙළිලෝල අප්‍රේල් සූර්ය කිරණින් කුඩා ඇසිපිය ද පොපිය වෙයි. සිඟිති හැඩයෙන් මතු කරන හැම පියවරකින්ම ප්‍රකට කෙරෙන්නේ නුහුරු බවේත්, බියගුළු බවේත්, අවිශ්වාසයේත් අත්‍යන්ත වික්ෂිප්තභාවය කි.

මෙතෙක් ග්‍රීෂා දැන සිටියේ එක් මුල්ලෙක ඔහුගේ ඇඳ ත්, අනෙක් මුල්ලෙ ආයම්මාගේ ට්‍රන්ක පෙට්ටියත්, තුන්වන මුල්ල පුටුවක් සඳහාත් හතරවන මුල්ල දැල්වෙන කුඩා පහනක් සඳහාත්-

-වෙන්කොට තිබෙන චතුරස්‍රාකාර ලෝකයක් පමණි. කිසිවෙකු ඇඳ යටට එබී බලන්නේ නම්, අතක් බිඳුණු බෝනික්කෙකු සහ බෙරයක් ඔහුගේ නෙත ගැටෙනු නොඅනුමානය. කපු රෝල් ද, පියන් රහිත පෙට්ටිද, කැඩුණු කවටයෙකු ද වශයෙන් ආයාගේ ට්‍රන්ක පෙට්ටිය පිටුපස සෑම වර්ගකම අපූරු වූ බොහෝ දෑ තිබෙයි. ග්‍රීෂා සහ ආයා හැරුණු කොට ඒ ලෝකයෙහි නොයෙක් විට හිඳින්නේ අම්මාත් පූසාත්ය පමණි. අම්මා බෝනික්කියක් වැනිය. පූසා හරියටම තාත්තාගේ ලොම් කබාය මෙනි. කබායට අඩු වී ඇත්තේ ඇස් දෙකකුත් වල්ගයකුත් පමණි. "ළදරු කාමරය" ලෙස හඳුන්වන, ඔහු ඇති දැඩි වන කාමරයේ සිට තේ පැන් සහ රාත්‍රි ආහාරය පිණිස වෙන් වූ විසල් පෙදෙසකට දිවෙන දොරටුවක් වේ. උස් වූ කකුල් සහිත පුටුවක් ග්‍රීෂා සඳහා එහි තිබෙයි. බට්ටාත් සීනුවත් පහළට සිටින සේ බිත්තිය මත එල්ලූ ඔරලෝසුව කි. කෑම ශාලාවේ සිට රතු පැහැති ඇඳි පුටු සහිත තවත් කාමරයකට කෙනෙකුට ඇතුළු විය හැකි ය.

මෙහි ඇතිරූ බුමුතුරණ මත ග්‍රීෂා ගේ තවමත් නලියන ඇඟිලි තුඩු වෙත නිතර අවධානයෙන් හා සැලකිල්ලෙන් පසුවන අඳුරු පදාසයක් වෙයි. ඒ කාමරයට එහායින් පිහිටා තිබෙන්නේ කිසිවෙකුටත් යාමට අවසර නැති, අත්‍යන්තයෙන්ම ගුප්ත පුද්ගලයෙකු වන තාත්තාගේ ක්ෂණික දසුනක් පමණක් කෙනෙකුට දැකගත හැකි තවත් කාමරයකි. අම්මාත් ආයාත් ග්‍රීෂාට හොඳින් වැටහෙයි. ඔවුහූ ග්‍රීෂාට කවති, ඇඳුම් අන්දවති. නැළවිලි කියා නිදිකරවති. එහෙත් තාත්තා කුමක් වෙනුවෙන් ජීවත් වන්නේද යන්න ග්‍රීෂාට නොවැටහෙයි.තවත් එවැනිම වූ ගුප්ත පුද්ගලයෙකු එහි වේ. ඒ ග්‍රීෂාට බෙරයක් තෑගි කල ඔහුගේ නැන්දාය. ඇය පෙනී - නොපෙනී යයි. ඇය කොහේ අතුරුදන්වන්නේද? ග්‍රීෂා එක් වතාවකට වඩා වැඩි වාර ගණනක් ඇඳ යට පරීක්ෂා කොට ඇත. ට්‍රන්ක පෙට්ටියේ ත් සෝපාවෙහි ත් පිටුපස පරීක්ෂා කොට ඇත. එහෙත් කිසිවිටෙක ඈ ග්‍රීෂා ට හමු වී නැත.

හිරු කිරණ කෙනෙකුගේ දෑස් පීඩාවට පත් කරන මේ අළුත් ලෝකය තුල, කවුරුන් වෙත දුව යන්නෙදැයි පවා වටහා ගත නොහැකි පමණට අම්මලාත්, තාත්තලාත්, නැන්දලාත් බොහෝ ගණනක් මෙහි සිටියි.එහෙත් අන් හැමදේටම වඩා ආගන්තුක සහ හාස්‍යජනක දෙය වන්නේ අසුන්ය. ග්‍රීෂා උන්ගේ නලියන කකුල් දෙස නෙත් හයා සිටින්නේ ඒ ගැන ඔහුට කිසිවක් කරගත නොහැකිවාක් මෙනි. මේ අභිරහස කුමක්දැයි පහදා දෙන තුරු ඔහු සිය ආයා දෙස බලාසිටියි. එහෙත් ඈ කිසිවක් නොදොඩයි.

එක්වණම බිහිසුණු පා හඬක් ඔහුට ඇසෙයි..... රත් පැහැ ගැන්වුණු මුහුණු සහිත කොසු මිටි කිහිලි ගන්වා ගත් සොල්දාදුවන් සමූහයක් පියවරින් පියවර චලනය වෙමින් සෘජුව බුලෙවාඩය දෙසට ඇදෙයි. ත්‍රාසයෙන් සීතල වන ග්‍රීෂා ආයා දෙසට විමසුම් බැල්මක් හෙලන්නේ එය ඇත්තෙන්ම බියට පත් විය යුතු කරුණක් දැයි දැනගැනීමටය. එහෙත් ආයා හඬන්නේද වැලපෙන්නේද නැත. බියෙන් පලා යන්නෙද නැත. එබැවින් මෙහි කිසිදු අනතුරක් නැත. පා තබමින් ඉදිරියට ඇදෙන සොල්දාදුවන් අනුකරණය කරමින් ග්‍රීෂා ඔවුන් පසු පස ඇදෙන්නට සැරසෙයි.

දිවවල් එළියට දමමින්ද වල්ගා හුළඟේ පාකරමින්ද දිගු මුහුණු සහිත තඩි බළලුන් දෙදෙනෙකු බුලෙවාඩය හරහා එකිනෙකා ලුහුබැඳ දිවයයි.ග්‍රීෂාට උන් ලුහුබැඳ යාමට සිත් වේ. ග්‍රීෂා උන් පසුපස දිවීම අරඹයි.

"ඔහොම නවතින්න!" ඔහුගේ උරෙන් වැරෙන් අල්ලා ආයා කෑ ගසයි.

"කොහෙ යන්නද කල්පනාව? කීවතාවක් නම් කියල තියෙනවද දඟ වැඩ කරන්නෙපා කියලා?"

දොඩම් තැබූ බන්දේසියක් අතින් ගත් තවත් ආයා කෙනෙකු මෙහි සිටියි. ග්‍රීෂා ඈ පසු කොට යද්දි කිසිත් නොදොඩාම දොඩමක් ගනියි.

"ඔය මොකද ඔය කරන්නෙ?" ග්‍රීෂා අසලින් යන ගමන් සගයෙකු එසේ කියා ඔහුගේ අතින් ඇද පහරක් එල්ල කොට දොඩම උදුරා ගනී.

"මෝඩ කොලු පැටිය!"

තමා අසලම ඇති දිලෙන පහන් මෙන් පෙනෙන වීදුරු සැරසිල්ලෙන් එකක් අල්ලන්නට ග්‍රීෂාට සිතෙන නමුත්, නැවත පහර කෑමේ බිය විසින් එය යටපත් කෙරෙයි.

"ඔබට මගේ ගෞරවාදරය පිරිනමනව!" තමාගේ දෙසවනට ඉහළින් එක්වරම ඇසෙන රළු, ගැඹුරු හඬින් වටපිට බලන ග්‍රීෂා දකින්නේ දිදුලන බොත්තම් පැලඳි උස් මිනිසෙකි..

මේ මිනිසා ආයාට සිය සුරත දිගු කරමින්ම මඳක් නැවතී ඇය හා දෙඩීම අරඹ න්නේ ග්‍රීෂා ආනන්දයට පත්කරමි නි. හිරු එළියේ ප්‍රභාවත්, රථ වාහන වලින් නැගෙන ඝෝෂාවත්, දිදුලන බොත්තම් සහ අශ්වයනුත් යන සියල්ල අනතුරුදායක හෝ බියකරු නොවන, ඉතා ලගන්නාසුළු නැවුම් දෑ බව වැටහුණෙන්, ග්‍රීෂා ගේ සිඟිති ආත්මය ආහ්ලාද ජනක සිතුවිලි වලින් පිරී'තිරි, සිනාවන් ලෙස මතුව එයි.

"එන්න යන්න! එන්න යන්න!" දිදුලන බොත්තම් පැලඳි මිනිසාගේ කබායෙන් අදිමින් ග්‍රීෂා කෑ ගසයි.

"යන්න..කොහාටද?" මිනිසා අසයි.

"එන්න යන්න!" ග්‍රීෂා බලකර සිටියි.

ඔහුට අවශ්‍ය වන්නේ තාත්තා, අම්මා සහ පූසා සමග යන්නට ඔවුනට අඬගසන්නටය. එහෙත් ඔහුගේ දිව එය කියන්නට නොනැමෙයි.

මඳ වේලාවකින් අනතුරුව, ආයා විසින් බුලෙවාඩයෙන් දුරස්ථ, තවමත් හිමෙන් වැසුනු ගෘහ අංගනය වෙත කුඩා ග්‍රීෂා යොමු කරයි. දිදුලන බොත්තම් පැලඳි මිනිසා ද ඔවුන් හා පැමිණෙයි. හිම ගොඩැලි සහ කුඩා මඩ කඩිති සීරුවට මගහරිමින්, ඊළඟට ඔවුහු ඇතුළු වන්නේ අඳුරු සහ අපවිත්‍ර තරප්පුවක් අසල වූ කාමරයකටය.එය දුමෙන් පිරී ඇත. බැදෙන මස් වල සුවඳින් පිරුනු කාමරයේ ගිනි උඳුනක් අසල කාන්තාවක් කට්ලට් බදිමින් සිටියි. අරක්කැමි කත සහ ආයා එකිනෙකා සිපගත්තෝ, මිනිසා හා එක්ව අසල තිබූ බංකුවෙහි හිඳගෙන ඇසෙන නෑසෙන හඬින් දෙඩීම අරඹති. ග්‍රීෂා ඔතා තිබුනු සියළු ආයි ත්තම් නිසා ඇතිවූ නො-ඉවසිය හැකි තරම් උණුසුමින්ද හුස්ම හිරවන සොබාවෙන්ද පීඩා විඳියි.

"ඇයි දැයි?" ග්‍රීෂා ඔහු දෙසම විපරම් කරමින් පුදුමයට පත්වෙයි.

අඳුරු සීලිම ඔහු දකියි. එසේම, ද්වි-භින්න කරු සහිත උඳුන් ගෑරුප්පුවත් දැඩි ලෙස කාලවර්ණ හුඹහක් සේ පෙනෙන උඳුනත් ඔහුගේ නෙතට හසුවෙයි.

"අම්..මා" ග්‍රීෂා ඇද පැද කියයි.

"මෙහෙ එන්න...මෙහෙ එන්න!ඔහොම ඉන්න ටිකක්!" ආයා කෑ ගසයි.

අරක්කැමි කත විසින් බෝතලයක්ද, වයින් වීදුරු දෙකක්ද, පුඩිමක් ද මේසය මත තබයි.ගැහැණුන් දෙදෙනාත් දිදුලන බොත්තම් පැලඳි මිනිසාත් වීදුරු ගටමින් ඒවා කිහිපවරක්ම හිස් කරති. අනතුරුව මිනිසා එක් අතක් අරක්කැමි ගැහැනියගේ කරවටාත් අනෙක් අත ආයාගෙ කරවටාත් දමා ගනිමින් තිදෙනාම එක්ව හීන් හඬින් ගී ගැයීම අරඹති.

ග්‍රීෂා රස කැවිල්ල දෙසට අත දිගු කර සිටියි.එවිට ඔවුහු ඉන් කැබැල්ලක් ඔහු අත තබයි.ආයා පානය කරන දෙස බලමින් ග්‍රීෂා කැවිල්ල ගිල දමයි...ඔහුටත් බොන්නට ඕනෑ වෙයි.

"මටත් ටිකක්!" ග්‍රීෂා අයැදියි.

අරක්කැමි ගැහැනිය සිය වීදුරුවෙන් බීම උගුරක් ඔහුට දෙයි. එවිට ඔහු ඇස් කරකවමින්, වේගයෙන් ඇසිපිය සලමින්, කහින්නට පටන් ගනියි. ග්‍රීෂා බොහෝ වේලාවක් දෑත වනමින්ම සිටින අතර අරක්කැමි කත ඔහු දෙස බලා සිනාසෙයි.

ගෙදර ගිය වහා ග්‍රීෂා තමා දුටු බිත්ති, නිදා හුන් ඇඳ, හා දුටු සියල්ල ගැන අම්මාට කියයි. කියන්නට දිව නොනැමෙයි. එහෙත් මුහුන හා අත් සියල්ල කියාපායි. විටෙක ඉර බැබලෙන අයුරු පෙන්වයි. අසුන් දිව යන අයුරු පෙන්වයි. බියකරු උඳුන ගැන ත්, අරක්කැමි කත බොන හැටි ත් කියයි……

මේ හවස්වරුවෙහි ඔහුට නින්දට යන්නට නොහැකිය. කොසු මිටි කිහිලි ගන්වා ගත් සොල්දාදුවන්ද, අසුන්ද, වීදුරු සැරසිල්ලද ,දොඩම් බන්දේසියද, දීප්තිමත් බොත්තම් ද යන සියල්ල එකට එක්ව අවුත් ඔහුගේ හිස බරවෙයි. ඔහු පැත්තෙන් පැත්තට පෙරළෙමින්ද, දොඩවමින්ද, අවසානයේ සියළු හැඟුම් දරාගත නොහැකි වූ තැන්හි හැඬීම අරඹයි.

"උණ ගැනෙන්න වගේ" අණාවරණය වූ ඇගේ අත ග්‍රීෂා ගේ නළල මත තබමින් අම්මා කියයි.

"එක පාරටම උණ ගත්තෙ කොහොමද?"

"ගිනි උඳුන!" ග්‍රීෂා වැළපෙයි. "උඳුන, අහකට … අහකට!"

" මෙයා අද ඕනෑවටත් වඩා කාලා ...." අම්මා තීරණය කරයි.

ග්‍රීෂා තමා මේ දැන් දැන් අත්විඳි සිය නවමු ජීවන අත්දැකීම් වලින් හටගත් සංකල්පනාවන්ගෙන් කම්පනයට පත් වීම හේතුවෙන්, එඬරු තෙල් පුරා හැන්දක් අම්මාගෙන් ලබයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Russian Short Stories, Grisha
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
charm මෙහෙම කියනවා :
man kamathiiii godak....

කිවුව වෙලාව- 2010-07-30 23:23:14
මාලතී මෙහෙම කියනවා :
අපූරු පරිවර්තනයක්...භාෂාව කදිමයි..

කිවුව වෙලාව- 2010-07-15 02:35:53
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඇන්ටන් චෙකොව්ගෙන් තවත් වියමන්
කතන්දර
බොහොඬෙක්
කතන්දර
කෙට්ටු සහ මහත
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook