Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
කේන්තියට කියන විරිදු
බූන්දි, 21:46:18
බුදුන් දහම් සඟ තෙරුවණ
වැඳ අවසර රුගෙන සියල්
අසන් මහතුනේ අනාථ
රටක ගැයෙන විරිදු සුරල්
..කේන්තියට කියන විරිදු

මේ අනාථ රට ඉස්සර
සකල සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා
උතුම් හිතින් දෙතුන් විටක්
..බුදුන් උන්නෙ එහා රටේ

රට රටවල මහ ඇත්තන්
පතල මහා කරුණාවට
ඇවිත් එරට කළ කොඩිවින
කපන්න බැහැ මේ කපේට
..කාගෙත් ඇස් යොමු වුනු රට

ගෙරි හංකඩ එලා ගන්න
කොළඹට ආ පරංගියා
අපේ රටම හූරාගෙන
උගේ රටට අරන් ගියා
..කොයි පරයත් එහෙම තමයි

ඉඟුරු දීලා මිරිස් ගත්ත
මෝඩ අපේ රජ දරුවෝ
ලන්දේසින් ඉංග්රීසින්
කැන්දාගෙන වින කොටුවෝ
..ඒක සැබැයි සැබැයි සැබැයි

බේරගන්ට පුළුවන් නම්
රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන්
පරයි එක්ක නිදි වදින්න
..රජ පුටුවේ මළත් සැපයි

එදත් අදත් හෙටත් මිතුරු
වෙස් අරගෙන පරයි එනවා
දළදා මාළිගෙත් අරන්
උන් දවසක යන්න යවා
..හෙටත් වෙන්න ඉඩ තියෙනවා

කා ගන්නා අතර එකම
රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හලනවා තළු මරනවා
අල්ලපු රටවල හොටබරි
..උකස් කරල රන් දූපත

පරෙයියන්ගෙ වෙස් ගත්තත්
පරයො ඇහැකි අඳුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක්
උන් ඒවිද පිහිට වෙන්ට
..පෙරුම් පුරන බෝසත්වරු

පෘතුගීසි ලන්දේසී
ඉංග්රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත්
මොකටද ලක් මෑණි මගේ
..ඒ පව අප පිට වැටේවි

රට වටකර වැට බඳින්ට
කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට
මන්න පහර දෙන්ට වෙනව
..සාධාරණ පහරදීම

සිහළු අපේ දෙමළු අපේ
මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවරු බඳින දිනේ
පරයන්ගේ බොටුව කැපේ
..අනාථ රට සනාථ වෙයි
(ගීයකි. නන්දා මාලිනි විසින් ගයන ලදී.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nanda Malini, Pawana
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Podiappuhami මෙහෙම කියනවා :
සුනිල් ආරියරත්න අන්තිම වතාවට ඔය විරිඳුව නන්දා මාලනී ලව්ව කියෙව්ව වෙලේ 65000 ක් විතර ටයර් සෑයෙ ගිහින් නැවතුනේ..කීයෙන් කීදෙන්කට ඒ මැරුන උන්ව මතකද මන්ද..? හැබැයි ඒ මළ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අම්මල, තාත්තල නම් උන් මැරිච්ච දුකට හූල්ලලම මළා...

කිවුව වෙලාව- 2011-06-27 10:35:01
muditha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-26 22:04:08
Mahesh මෙහෙම කියනවා :
දැං එයාට තියෙන ලොතුම ප්‍රශ්නය...
සාදු.... සාදු... සාදු


...දැන් 2600 සම්බුද්ධත්ව ජයන්තිය එළඹෙමින් තිබේ. ඒ වෙනුවෙන් සිද්ධ කරන්නා වූ පිංකම් මාලාව අතරට දෙමළ රටේ වැඩ වාසය කරන අපේ බුදුන් වහන්සේගේ හිසට සෙවණක්‌ සැපයීමේ පිංකමක්‌ එකතු කරගත හැකි නම් කෙතරම් වටීද? චෙන්නෛහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌ වඩිවේලු ක්‍රිෂ්ණමූර්ති මහතාද මහ කොමසාරිස්‌ කාර්යාලයේ අමාත්‍ය උපදේශක ඇම්. කේ. පද්මනාදන් මහතා ද මහාබෝධි මධ්‍යස්‌ථානයේ රුවන් (077-6596158) ද ඒ පිංකම කිරීමට මෙරට බෞද්ධ සැදැහැවතුන්ට සහාය දෙනු නොඅනුමානය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න

-divaina


කිවුව වෙලාව- 2010-07-19 05:02:13
Rasika මෙහෙම කියනවා :
Viridu neme Baila...!!!

කිවුව වෙලාව- 2010-07-18 23:01:45
Hashitha මෙහෙම කියනවා :
මේ යූ එන් පී එකට ගහපු යුගයක සින්දු, දැන් තියෙන ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නිසා මේ සින්දු වටින්නේ නෑ. දැන් විප්පලවේ වෙලා ඉවරයිනේ. ලියපු කියපු අය පවා ඒ තරම් තැකීමක් නෑ. වැඩකට නැති සින්දු..

කිවුව වෙලාව- 2010-07-18 22:15:26
Neenu මෙහෙම කියනවා :
මේ ගීත දැන් ප්‍රචාරය නොවෙන්නෙ මොකක් හරි අවාසනාවකට මම මේ ගීතය ඇහුවෙ ළඟදි...ලස්සන ගීතයක්..පවනෙ මේ වාගේ ගීත ගොඩාක් තියෙනවා. ඒවත් හරිම වටිනවා.


කිවුව වෙලාව- 2010-07-18 22:15:07
Hansi මෙහෙම කියනවා :
පරෙයියන්ගෙ වෙස් ගත්තත්
පරයො (සුනිල් ආරියරත්න)ඇහැකි අඳුනගන්ට


කිවුව වෙලාව- 2010-07-17 06:06:27
sebastian මෙහෙම කියනවා :
Issara meruwe sinhala kollanwa. Den tamil minissunwa.A nisa me wage sindu liyewenneth.geyeneth neha.

කිවුව වෙලාව- 2010-07-15 04:10:05
සියපත් විල මෙහෙම කියනවා :
වචන ටික දාපු එක නම් හොදයි.නන්දා මාලනී ගායිකාවගේ ඉස්සර කියවුන නියමම සින්දුවක්. මම හිතන්නෙ "පවන" ප්‍රසංගෙ සිංදුවක්. හැබයි වැඩේ තියෙන්නෙ මේ විදිහ පද පෙළක් දැන් සුනිල් ආරියරත්නගෙන් වත් ලිය වෙන්නැති එක, නන්දා මාලනී වත් ගයන්නෙ නැති එක.

Posted by සියපත් විල to බූන්දි|BOONDI at 13 July 2010 21:31


කිවුව වෙලාව- 2010-07-13 22:33:48
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook