Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
හයිකු| හයිකු- 63

2-Secs

(මාලතී) අවැසිය මට
පිනි බිඳිති තුළ
සෝදා හරින්නට
ලොවෙහි කුණු දුහුවිලි

-බෂෝ
හයිකු| හයිකු- 62

4-Secs

(මාලතී) ඉපැරණි පැතුම් මියගිය ද
සිහින වියැළි ගිය ද
වසන්තය නිල් පැහැ ගැන්වෙයි
තවමත්... අයිරිස් මලින්

-සුෂිකි... [More]
හයිකු| හයිකු- 61

2-Secs

(මාලතී) ශිශිරයේ හුදෙකලාව-
සවන් දෙමි සැඳෑ කල
කඳුකරයෙහි
වැසි හඬට

-ඉසා
හයිකු| හයිකු- 60

2-Secs

(මාලතී) කෘමියනි නො වැළපෙන්න
පෙම්වතුන් මෙන්ම තාරකා ද
වෙන්විය යුතුය දවසක

-ඉසා
හයිකු| හයිකු -59

4-Secs

(මාලතී) ඇති වෙලා මට මේ ගමන
තිබූ සිහින පමණක්
ඉබාගාතේ සැරිසරනු ඇත
දුක්බර දෙණි බිම් මත

-බෂෝ
හයිකු| හයිකු -58

1-Secs

(මාලතී) ගිම්හාන සඳ එළිය
පණුවෙකු නිහඬව
සිදුරු කරයි
චෙස්නට් ගෙඩිය

-බෂෝ
හයිකු| හයිකු -57

1-Secs

(මාලතී) මල්පෙති සසලව
කඳුකර කහරෝස මත-
සැඬ පහරෙහි ගෝරනාඩුව

-බෂෝ
හයිකු| හයිකු - 56

3-Secs

(මාලතී) රාත්‍රිය;
බලා සිටිද්දී ඔබ එනතෙක්
යළිත් වරක්
සීතල සුළඟ
වැසි බවට හැරවෙයි...... [More]
හයිකු| හයිකු - 55

1-Secs

(මාලතී) පළමු හිම..
අඳුරෙහි ඇරඹී
අඳුරෙහි අවසන් වෙයි

-නොසාවා සෙට්සුකෝ
හයිකු| හයිකු - 54

3-Secs

(මාලතී) ඉමහත් සොවින්
මම ඔබෙන් සමුගනිමි.
බෙල්ලෙකු සිය කටුවෙන්
මිදෙන්නාක් මෙන්,
නික්ම යමි..
සරත් සමය ද කැටුව.... [More]
හයිකු| හයිකු - 53

1-Secs

(මාලතී) සිසිරයේ හුදෙකලාව-
තනි පැහැ ලොවක
සුළඟෙහි හඬ

-බෂෝ
හයිකු| හයිකු - 52

3-Secs

(මාලතී) සීතල සරත් වැසි...
වැස්සට දරණු බැරි තරමට
බැබළෙන සඳ,
රූරා වැටෙයි
වැසි ඇඟිලි තුඩු අගින්... [More]
හයිකු| හයිකු - 51

2-Secs

(මාලතී) ඉපැරණි නිහඬ නගරය
මල් පුසුඹ පාවෙන ...
සැඳෑවේ සීනු නද දෙන!

-බෂෝ
හයිකු| හයිකු - 50

2-Secs

(මාලතී) එතුණු වැල්
නිසල කර ඇත
පැද්දෙන පාලම..
අපේ හැකිළුණු ජීවිත
මෙන්...... [More]
හයිකු| හයිකු - 49

2-Secs

(මාලතී) කිළුටු දිය,
නා ගත් පසු
කොතැනට විසිකරන්නද
මා නුඹව?
කෘමියෝ ගයති
තණපත් අතර...... [More]
හයිකු| හයිකු - 48

2-Secs

(මාලතී) ආහ්, වාසනාවන්ත සිඟන්නා...!
දිදුළන ස්වර්ගය,
සීතල මහපොළව
එක්වී සැදෙයි
නුඹේ ගිම්හාන ඇඳුම...... [More]
හයිකු| හයිකු - 47

2-Secs

(මාලතී) මඳ පවන,
සුභ සැන්දෑවක්...!
නැවෙමින්
දඟර ගැසෙමින්
ගමරට බලා යන
ඔබේ ගමනට!... [More]
හයිකු| හයිකු - 46

2-Secs

(මාලතී) චෙරි ගස් යට
සුප්, සලාද, මාළු
හැමදේම!
පදම් වී මල් පෙති සමඟ

-බෂෝ
හයිකු| හයිකු - 45

3-Secs

(මාලතී) කදිම සමනලුනි
මේ රුදුරු සුළඟ මැද
පයින් ඉඳිකටු තුඩුවලින්
පරිස්සම් වීමයි හොඳ !

-ෂුසෙන්
හයිකු| හයිකු- 44 | නව සඳ

5-Secs

(දයාරත්න දළවැල්ල) සීත හිමේ කුණාටුවෙන්
කෑලි කෑලි වලට බිඳුණු
දෙදිනක් වියපත් නව සඳ
අන්න බලන් ආකාසේ!

- කකේයි (1648 - 1716)... [More]
හයිකු| හයිකු - 43

1-Secs

(මාලතී) දුම නැගෙයි ඉහළට
නව වසරේ
පළමු අහස

-ඉසා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
පරිවර්තන
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අදහස්
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
අදහස්
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Cine
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
කතන්දර
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
කතන්දර
විරාම ලකුණු
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
අදහස්
ඒ ඇගේ අහසයි!
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
Cine
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
What's New | අලුතෙන්ම
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
කවි| ඔබ

15-Secs

(මහේෂ් මුණසිංහ) (සැත්කමකින් අනතුරුව පුද්ගලයෙකුගේ මතකය මිනිත්තු 90 කට සීමා වේ.)

වෙළී වෙළී තැවරෙයි.
යනවා වුණත් යන්නට හැකි
කාලාවධිය කෙටියි... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
කවි| වයාපන් ලුද්මිලා චෙලෝමය පෙම් ස්වරය

24-Secs

(මලිත් දිලූෂ නානායක්කාර) ලුද්මිලා,
හදවතත් ඇතැම් විට විපිළිසර ස්වර පෙළක්
විටෙක උච්චව විටෙක මන්ද්‍රව හඬ නැඟෙන
ස්ථායී තැන්වලත් අස්ථායී වෙන
සෘති අස්ථාවර ව ළතැවෙන
විරහ ගී ගැයෙන්නේ එතකොට;... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook