Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
හයිකු| හයිකු -21

1-Secs

(මාලතී) ගිම්හාන රාත්‍රිය
තරු පවා
එකිනෙකට කොඳුරන

-ඉසා
හයිකු| හයිකු -20

2-Secs

(මාලතී) තණකොළපෙත්තෝ
බලාගෙනයි පාගන්නෙ
බි‍ඳෙයි කෑලිවලට
දිළිසෙන පිනි මුතු

-ඉසා
හයිකු| හයිකු- 19

2-Secs

(මාලතී) තරු පිරි විල් කැටපත
මෙන්න වසන්ත වැස්සක්!
දිය මත සිඟිති සුළි නගන

-සෝරා
හයිකු| හයිකු- 18

3-Secs

(මාලතී) මැකී යා යුතුද වසන්තය?
කුරුල්ලනි හඬන්න
මාළුවෝ, වගුරන්න කඳුළු
මලානික සීතල ඇස්වලින්

-බෂෝ
හයිකු| හයිකු- 17

2-Secs

(මාලතී) පිනි බිඳ
ඉඩදෙන්න මට
සෝදාහරිනට
ඔබේ සුමුදු දියෙන්
ජීවිතයේ අඳුරු දෑත්... [More]
හයිකු| හයිකු- 16

3-Secs

(මාලතී) එළඹෙයි වසත් කල
පැරණි මෝඩකම් අලුත්වෙන
අලුතින් වැරදි කරනට
නැවුම් මං
සොයා ගැනෙන... [More]
හයිකු| හයිකු- 15

1-Secs

(මාලතී) සරල දිවියක්...
අවපැහැ වී
බිම වැටෙන
චෙරි මල වැනි

-ඉසා
හයිකු| හයිකු- 14

1-Secs

(මාලතී) ගිනිකෙළි නිමා විය
නරඹන්නන් නික්ම ගොසිනි.
දැන්,
අපරිමාණ අඳුර යි.

-ෂිකි
හයිකු| හයිකු- 13

2-Secs

(මාලතී) සුළං රහිත නිහඬ දිනයක,
බලන්න
බරැති තුරුපත
සිය කැමැත්තෙන් ම
බිම වැටෙයි.... [More]
හයිකු| හයිකු- 12

2-Secs

(මාලතී) දිගම දිග
ගිම්හාන දවසක
වැල්ලේ රටා මවයි
අපේ අලස පිය සටහන්

-ෂිකි
හයිකු| හයිකු- 11

1-Secs

(මාලතී) මහාධිරාජයා!!
හිස් වැස්ම නූස්සයි
කිසිවිටෙක
තමන් වෙනුවෙන්
දරදඬු පඹරාළ... [More]
හයිකු| හයිකු- 10

3-Secs

(මාලතී) කිසිදු හඬක් නැත -සෙලවීමක් නැත
වැතිරෙයි අඳුර
කුඹුරු සහ වීදි මත
සොවට කරුණකි
සඳ නැගී ඇත.... [More]
හයිකු| හයිකු- 9

3-Secs

(මාලතී) අනේ! තාත්තා සිටියා නම්
සිරි නරඹන්නට මා සමඟ
නිල් ගොයමට උඩින්
උදාවෙන හිමිදිරිය

-ඉසා
හයිකු| හයිකු- 8

1-Secs

(මාලතී) මෙහෙමත් නිහැඬියාවක්
ගී ගයන රැහැයියන් පවා
උණුසුම් ගල්කුළුවලින්
වෙළාගෙන

-බෂෝ
හයිකු| හයිකු- 7

2-Secs

(මාලතී) වලාකුළු වරින් වර පැමිණ
විවේක දෙයි
සඳ දෙස බලා සිටින
මිනිසුන්ට

-බෂෝ
හයිකු| හයිකු- 6

2-Secs

(මාලතී) අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස

-ෂිකෝ
හයිකු| හයිකු- 5

1-Secs

(මාලතී) සරුංගලය පාවෙයි
අහසෙහි
ඊයේ එය සැරි සැරූ තැනම

-බුසොන්
හයිකු| හයිකු- 4

2-Secs

(මාලතී) නිසොල්මන් සැඳෑකල
ෂ්! ෂ්! ෂ්!
අසන්න දුරින් එන
තුරුණු ගෙඹි ගීතය

-බුසොන්
හයිකු| හයිකු- 3

2-Secs

(මාලතී) අහා! යහපත් ලොව
පිනි බිඳු වැටෙයි
එක එක
දෙක දෙක
හයිකු| හයිකු- 2

3-Secs

(මාලතී) මගේ අපූරු ප්ලම් තුරු යුගළ
බලන්න මල් පිපෙන හැටි
දැන් එකක
අනෙක පසුවට
හයිකු| හයිකු- 1

2-Secs

(මාලතී) දුක්බර ලෝකයක්
සුන්දරව පිපී නටන මල්
වැටෙන්නට නියමිත
හරියට අපි වගේ ම

-ඉසා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
මා බිරිඳ උවැසියක වී
(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
පොත්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
ඔත්තු
ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21
කතා-බස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
කවි
තුරු වන්දනය
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
පොත්
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
කතා-බස්
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
වෙසෙස්
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
ඔත්තු
කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
රංග
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
What's New | අලුතෙන්ම
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook