Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
කවි| අද දවස මෙතෙකින් නිමයි..

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) පල්ලියේ ගල් තාප්පය මුදුනත
පරෙවියන් පෙම් කෙළියි
හීන් අඬකින් ගීතිකාවක්
නැගෙයි බැසයයි

අර්ධ අඳුරැති සුරුවමක පාමුල... [More]
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කවි| රළ - වෙරළ හා ගල්පර

15-Secs

(රුවන් බන්දුජීව) කොහේදෝ යන ගමන්
කිසියම් සිදුවීමකින් කැළැඹී
එක්වනම හුන් තැනම
නතර වූවා වැන්න මේ කඳු

ගණන් ගන්නේ නැතිව... [More]
කවි| ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.

20-Secs

(වජිර සුමේධ යසරත්න) ලේ ගලන
හදවත
තදින් මිරිකාගෙන
හෙතෙම රෝහල් ගතවිය
මොකද මේ?
කැපුණා වචනෙකට..... [More]
කවි| උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)

39-Secs

(ජනිත් විතාරණගේ) නංගිගේ මුල්වලට උඩහින් මන්න පිහිපාරවල් වැදුණා
සුද්දකරලා කර තියාගෙන ඒකි උස්සන් ගිහින් තිබුණා
ගැස්සිලා උඩ තිබුන කණකොක් කූඩූ වගයක් බිමට වැටුණා
කරන්නට කිසි දෙයක් නැති තැන ගිය දිහා අපි බලන් උන්නා

කොහේහරි ලොකු පලංචියකට අරන් යන්නට ඇතියි කියලා... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
කවි| ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

28-Secs

(වින්ද්‍යා ආරියරත්න) කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි

වැට මායිමක
වැටහිරියා අතු අඟිස්සක... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස
(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතන්දර
"වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
අදහස්
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
කතන්දර
"එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]
අදහස්
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,
රංග
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
කතන්දර
"සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
ඇල්බට් අයින්ස්ටයින් කියයි.
කතන්දර
"කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
පොත්
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
කතා-බස්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ඩාලිං චතු...,
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
ඔත්තු
උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
වෙසෙස්
තෝල්ස්තෝයි අදට වලංගු ද?
What's New | අලුතෙන්ම
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
කරන්ට්ස්| විප්ලවය දිනේවා !!

40-Secs

(රුවන් නෙලූ) වප් මහේ විප්ලවය සමරන්න
ඉල් මහේ නොමළ විරුවන් සමඟ
ලෙනින්ගේ සමාධිය අද්දරට රැස්වන්න

හිම මිදෙන සීතලේ අයිස් වතුරට යටවු
විප්ලවේ ගිනි සිළුව... [More]
හයිකු| හයිකු- 63

2-Secs

(මාලතී) අවැසිය මට
පිනි බිඳිති තුළ
සෝදා හරින්නට
ලොවෙහි කුණු දුහුවිලි

-බෂෝ
කරන්ට්ස්| ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යළි යළිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'... [More]
හයිකු| හයිකු- 62

4-Secs

(මාලතී) ඉපැරණි පැතුම් මියගිය ද
සිහින වියැළි ගිය ද
වසන්තය නිල් පැහැ ගැන්වෙයි
තවමත්... අයිරිස් මලින්

-සුෂිකි... [More]
හයිකු| හයිකු- 61

2-Secs

(මාලතී) ශිශිරයේ හුදෙකලාව-
සවන් දෙමි සැඳෑ කල
කඳුකරයෙහි
වැසි හඬට

-ඉසා
හයිකු| හයිකු- 60

2-Secs

(මාලතී) කෘමියනි නො වැළපෙන්න
පෙම්වතුන් මෙන්ම තාරකා ද
වෙන්විය යුතුය දවසක

-ඉසා
කරන්ට්ස්| මේ මැයි එක කොහෙ රැළියටද ?

31-Secs

(ජනිත් විතාරණගේ) හයිඩ් පිටියට යන්න කියලද මෙදා මැයි එක අනේ මන්දා
ගියත් කැම්බල් පිටියෙ රැළියට එකම ටිකමයි හිතෙන හන්දා
රෙද්ද ඇදගෙන කිරුළපනටත් යන්න නම් බැහැ ලැජ්ජ හින්දා
කෝකකටත් මන් සරම කමිසය ඊයේ හවසම අරන් මැද්දා

හීන සේරම පඩිය එක්කම ඉවර වෙනකොට ණයට අරගෙන... [More]
කරන්ට්ස්| බක් මහේ හෘදසාක්ෂිය

21-Secs

(රුවන් නෙලූ) කිරිබත් පිළුණු වෙන
කැවුම් මුඩු ගඳ හමන
ඉතිරි වුණු කොකිස් පුස් කන
සල් මල් පිපුණ
තල් කඳන් හිසෙන් වෙන් වුණ... [More]
කරන්ට්ස්| කුවණ්ණා සැහැල්ල- මාර්තු 08

49-Secs

(සුරේඛා සමරසේන) දරුවන්ව ගබ්සා කළ
පාලම යටින් ගඟට විසි කළ
කැලෑවේ බස් පොළේ අතරමං කළ
ඒ අම්මා තමයි මම...

කැලේ කොළේ ගඩා ගෙඩිවත් ගෙනැවිත්... [More]
කරන්ට්ස්| ගලගොඩ වත

45-Secs

(මුදිත ලියනගම ) කොලොම්බූ පුර සිට
හෝමගම නම් නුවරට
කෝට් වොරන්ට් පිට
ගියේ හිමි නඩුවක් බලන්නට

එහිමි යන බව දැන... [More]
කරන්ට්ස්| පුලුවන්ද ඔබට?

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) වැරහැලි වු අත්තටු ය,
පලින් පල ඉරී ගිය සිහින ය,
මුහුදු තීරෙන් එපිට,
හිතේ ගින්දර එන්.ආර්.එෆ්.සී. කර,
අවුළුවන ගෙයි ලිපේ ගින්දර,
අළු බැඳුණු සමනලියන් ය.... [More]
කරන්ට්ස්| හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…

33-Secs

(කුමාරි කුමාරගමගේ) හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…
ළය මඩල පැලී යාදෝ උන් භීතියෙන්
හිර කරනු ඇත මා
කාන්තාරයේ වැලි කඳු අතර…
මැරීයනු ඇතැයි මා එකවර,
භීතියෙන් උන්... [More]
හයිකු| හයිකු -59

4-Secs

(මාලතී) ඇති වෙලා මට මේ ගමන
තිබූ සිහින පමණක්
ඉබාගාතේ සැරිසරනු ඇත
දුක්බර දෙණි බිම් මත

-බෂෝ
හයිකු| හයිකු -58

1-Secs

(මාලතී) ගිම්හාන සඳ එළිය
පණුවෙකු නිහඬව
සිදුරු කරයි
චෙස්නට් ගෙඩිය

-බෂෝ
හයිකු| හයිකු -57

1-Secs

(මාලතී) මල්පෙති සසලව
කඳුකර කහරෝස මත-
සැඬ පහරෙහි ගෝරනාඩුව

-බෂෝ
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook