Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
වන්නියේ මිතුරන්ටයි
බූන්දි, 21:56:36
[නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ වන්නියේ සිට රත්න ශ්‍රීට ය. කවියට පිළිතුරකි.]

හී තුඩක් සේ පැමිණ
ඔබේ පෑන
දැදුරු කළ මුත් මසිත
ආදරය මිසක ඔබ පිළිබඳව
නොවේ අහිතක් තුන්හිතක

මේ අවුල් හූ වටෙහි දෙකෙළවර
එක් බඳුය පිය මිතුර
'හුයෙහි සීනැ'යි කොණක් ගත් නමුදු
බලු වසුරු පිඬෙක කෙළවර පමණ

එකුන් පණසකි වසර ගෙවී තිබුණේ යන්තමට
කෙළ ගසා දැහැටි දඬු ඉවත ලන විට මුවින
යළිත් ඕනෑවිය ඉඳහිට දිනක
ගිලීමලේ උන්ට

මැදගන්ට - සුදු පිරියම් කරන්නට

ඒ කදිම දැහැටි දඬුවය තවම
තුවාලව ඇතත් කුරුල්ලාගේ හදවත
තවම කවියක් තිබේ එහි ඉතිරිව

ව්‍යාධියෙන් පිරුණු කල මුළු නුවර
ව්‍යාධියට ගොදුරු නොවනුද කෙලෙස
ඇසේ නම් ඔබේ කටහඬ මෙලෙස මිතු මතුද
නික්ම යන්නට පෙර

අත වනන්නම් සෙමෙන් ඈත සිට
(රාවය 18 පිටුවෙන්- 2010.08.15)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
නිසල් මෙහෙම කියනවා :
රත්න ශ්‍රී සිය කවි සහ ගීත තුළ රොමෑන්තික ජාතික සමගියක් නිරූපණය කිරීමට වෑයම් කළ අතර ඒ සදහා අවකාශය සලසා දුන්නේ සිංහල සමාජය තුළ අදේශපාලනික අර්ථයෙන් වුව එකල පැවැති ජාතිවාදයට එරෙහි ලිබරල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයයි. මේ අවකාශය හකුළා දැමුණේ ජාතිවාදයට එරෙහි සියළු බලවේගයන්ට එරෙහිව දියත් වූ කුරිරු මර්දනයක් මගිනි. මිනීමරු කල්ලි සහ අණපනත් මගින් යුද්ධයට එරෙහි වූ විසම්මුතික කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් බුද්ධිමතුන් නිහඩ කෙරිණි. රත්න ශ්‍රීගේ කවි වලින් කියැවුන දෙමළ ගැහැනුන්, පිරිමින් සහ ළමුන් ද ෂෙල් සහ බොම්බ වරුසා වලින් හාමතින් මැරෙන්නට සැළැස්විණි.
මේ සියල්ල සිදුවන විට රත්න ශ්‍රී සිටියේ හුදු නිහඩ නිරීක්ෂකයෙකු ලෙස නොවේ.ඒ සියල්ලට වගකිව යුතු සාපරාධී පාලනයක වන්දිභට්ටයෙකු ලෙස ඔහු සිය ජීවිකාව සරි කරගත්තේය. ඔහුගේ කවි තුළ වූ වු පුරුෂාර්ථ සැබැවින්ම ඔහු තුළ නොවූ බව ඔහු ඔප්පු කලේය.
දැන් ඔහුගෙන් පාපෝච්චාරණ වලින් ඇති ඵලය කිම? තීරණාත්මක පැයේදී ඔහු සිය රසිකයන්ගේ හෘදය සාක්ෂිය පාවා දුන්නේය. මිනිසත් බව වෙනුවෙන් එය ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් නොවූවා පමණක් නොව සිය කදවුර මාරු කරමින් මිනිසත් බව කෙලෙසූ දූෂිත දේශපාලනඥයන් ගේ සාක්කුවට වැටී ඇවිදින මළමිනී අතර තවත් එක් "සොම්බියෙකු"(Zombi) බවට පත් විය. ඔහු දේශපාලනඥයන්ගේ සාක්කුවල හුරතල් වන අතර ගෙවී ගිය කාලය තුළ ඒ දේශපාලනඥයන් විසින් මෙරට අමු සොහොනක් බවට පත් කරන ලදි.
ඇතැම් විට ඔබ තවදුරටත් ජාතික සමගිය,සහොදරත්වය, අන්තර්වාර්ගික විෂමලිංගික ප්‍රේමය ගැන නිර්මාණකරනයේ යෙදෙනු ඇත. එහෙත් ඒවායේ ව්‍යාජත්වය තවදුරටත් රහසක් නොවනු ඇත.එකිනෙකාගේ පිට කසා ගැනීම තුළ පොරවල් වීමට දගලන උන්ට කියා ඔබගේ කිලිටි රෙදි පොට්ටනිය අපුල්ලා ගැනීමද ඔබට අසීරු නොවනු ඇත. ඔබ වැනි අමරණීය මහා කවියෙකුගෙන් නියත විවරණ ලබනු අකැමැති දුහුනන් කවරහුද?
සැබැවින්ම ඔබ අමරණියය. ඒ සොම්බින් නොමැරෙන බැවිනි.
එහෙත් ඔබ සතුව තවදුරටත් මානව පරමාදර්ශ පිලිබද ඇගයීමක් සහ සංවේදී බවක් ඇති බවට මවාපෑම් ඉදිරිපත් කිරීමෙන් වළකින්න.


කිවුව වෙලාව- 2010-08-16 16:36:35
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රත්න ශ්‍රී විජේසිංහගෙන් තවත් වියමන්
කවි
පියාපත
කවි
වස්සානය
කවි
පින්කෙත
කවි
ප්‍රේමය හෙවත් ඒ උතුම් දෙය
කවි
නෙළුම
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook