Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
පිය මිතුර
බූන්දි, 23:03:59
උපැස ණයටයි මගෙයි මගෙ දෑස
හඳුනනා කිඩාරම් රතු රෝස
බාල දරු කැට මුගුරු අපහාස
මකනු නැත මුවට හිමි මදහාස

කිඹුල් මුවගින් වැටී මඩ දියට
කලල් පිට කටු ඇණෙන විට ළයට
තැවුල් දැනුනද තැති ගැනී බියට
කැලැල් නොතබමි දකින සිහිනයට

ඔබෙ පයට දෙවයි නම් සුව පාස
මා තැබූ පා ලකුණු දස දාස
කුමට සැලෙමිද ලබා අපහාස
වසර නම් සියළු දින සති මාස

තුවාලව පපුව, පා බෙලසුන්ව
ඇතද තවමත් නොමැත අවතැන්ව
හඬට සිටි නමුදු නෑසූ කන්ව
හිඳී ඔබ එදා වාගෙම ළංව

එකම කඳුළක හිඳිමු දෙකෙළවර
උතුර හා දකුණ යන අතරතුර
එකම ලුනු රසට අඬ දබර කර
මිය ගියා ඇති නොවෙද පිය මිතුර

මකන්නට කඳුළු පිරි මගෙ සිහින
දුරින් හිඳ සෙමෙන් හිස පිරි මදින
මැරෙන්නට යන ලොවට පණ පොවන
උතුම් සකි ඔබය, ඔව්! ඔබ පමණ

2010-08-12

(වෙබ් අඩවියක පළවූ මංජුල වෙඩිවර්ධනගේ කවියට ප්‍රතිචාරයකි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ruwan sudassana මෙහෙම කියනවා :
Rathnasrigen igenaganna...sahodarawaruni...oba kisiwekuta ohu kala kisidu deyak kala noheka.

කිවුව වෙලාව- 2010-09-23 00:51:07
anusha මෙහෙම කියනවා :
kawiyan atara sada nomekena kawiya nam nubamei.......

කිවුව වෙලාව- 2010-09-23 00:17:19
කස්තුරි මෙහෙම කියනවා :
මේ කවියේ ආරම්භය මැදහත් සිතින් නැවත කියවා බලන්න.

"උපැස ණයටයි මගෙයි මගෙ දෑස
හඳුනනා කිඩාරම් රතු රෝස
බාල දරු කැට මුගුරු අපහාස
මකනු නැත මුවට හිමි මදහාස"

මේ කියන්නේ කාටද? මේ ලියන්නේ "රත්න ශ්‍රී, ඔබ පසුගිය කාලයේ කළේ පාවාදීමක්" කියාල රත්න ශ්‍රීගේ භාවිතාව ගැන අවංක නමුත් නිර්දය ස්වරයෙන් විවේචනාත්මක අදහසක් මේ දක්වා ලියපු හැම කෙනාටම.‍ ඒත් ඒ කිසිම කෙනෙක් ඇත්ත වශයෙන්ම රත්න ශ්‍රී එක්ක දිග්ගැහුණු අමනාපයක් හෝ හිත් නොහොඳක් හෝ ඊර්ෂ්‍යාවක් තිබුණු අය නොවන බව සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනිම කෙනෙකුට පැහැදිලි කරුණක්. එහෙම විවේචනාත්මක අදහස් ලියූ අයට රත්න ශ්‍රී මේ කවිබස තුළ හංගලා කියන්නේ මොකක්ද? ''මට බනින්නේ බාලයෝ'' කියලායි. තමන්ට එල්ලවන සහේතුක විවේචනයන් සබුද්ධිකව විමසා බලන එක වෙනුවට ඒවා 'බාලයින්ගේ වැඩ'' වශයෙන් හංවඩු ගැහීම විසින් පෙන්නුම් කරන්නේ රත්න ශ්‍රී පසුගිය කාලය පුරාම සිය කැමැත්තෙන් ලං කරගත් සමස්ත සදාචාර වැහැරීමම විතරක් බවයි මගේ නම් අදහස. අඩුම ගණනේ තමන්ගේ අතීත නිර්මාණ භාවිතාව අගය කළවුන්ගෙන්ම ඒ විදියේ විවේචන එල්ල වෙන්න බලපාන සහේතුක පසුබිම දිහාවත් ආපසු හැරී බලන්න තියෙන උද්ධච්ඡ නොකැමැත්ත හැරෙන්නට ඇති වෙන කිසිම හරයක් මේ වචනවල නැහැ. එහෙම මිනිහෙක්ව "ඔබේ නර කෙසත් මට වටී - මගේ එකම හඳ ඔබ - මගේ අප්පච්චි - මගේ බාප්පොච්චි" ආදී වශයෙන් කවිවලින් හුරතල් කරන එක පෙරළා රත්න ශ්‍රී ලවා පිළිතුරු කවි ලියවාගෙන හුරතල් වෙන්න කැමැති අයට නම් හොඳයි. සහෝදරවරුනි, සමාවෙන්න මෙහෙම ලියනවට - හාර පස් මාසයක් ඇතුළෙදි විසි තිස් දහසක් මිනිස්සු ළමා ළපටින් එක්ක හාමත් කරලා, අළු ධූලි කරලා දාපු රටක මේවා වනාහී කලාව බන්කරයක් කරගෙන ඒක අස්සට රිංගලා කරන නිහීන කොළොප්පම්!


කිවුව වෙලාව- 2010-09-01 18:23:49
Ruwan2008 මෙහෙම කියනවා :
@Sajeewani

Now I can justify Ms. Sajeewani’s “innocent” poem which shows the greatness about Rathna Sri, since she thinks that the only wrong thing what Rathna Sri did, to support Chandrika’s government past. In terms of that, there is a mammoth political element as well and Mr. Darshana has explained it somehow.

But my issue is simpler and it is all about his clumsy & nasty behaviors after he was having all government authority, benefits and positions. Those behaviors are unethical, dishonorable, shameful and totally against his writing about love and humanism. It was a treachery for all cohorts who mesmerized by his poems and he is a deceptive character by any means.

Talk to the people who were around him during those days and get the true impression. Then you would know what kind of great poet was passed away because of the politics or own genetic surge.

Yes it is true his perceptive writings were enormous and a considerable portion of modern Sinhala literature. But unfortunately everything is now in history.

He cannot get the creditability very easily from us, but of course nobody stops - he can do his own writing in a silent corner as his colleague Ariyanwase Ranaweera does.


කිවුව වෙලාව- 2010-09-01 13:50:57
nuwan මෙහෙම කියනවා :
unclege comment eka maara lassanayi

කිවුව වෙලාව- 2010-09-01 11:14:27
අංකල් මෙහෙම කියනවා :
ඒ මොකද දන්නවද සංජීවනී දුවේ!ඒ කලාකාර සහ බුද්ධිමත් ඇන්ටිලයි අංකල්ලයි හිතුවා එයාලගේ සඳ චන්ද්‍රිකා ඇන්ටි කියලා. එහෙම නැත්නම් මහින්ද අන්කල් කියලා.එහෙම හිතලා දුවේ මේ කලාකාර සහ බුද්ධිමත් ඇන්ටිලයි අංකල්ලයි එයාලට කිව්ව‍ " සැරද මැති සඳ!" කියලා.ඊළගට මේ කට්ටිය රටේ ජනතාවට කිව්වා මේ ගොල්ලෝ බලයට පත් කරන්න එයාලා 'සඳෙන්' කිරි පැණි ගෙනල්ලා දෙයි කියලා. එ සඳ ජනතාවත් මෙයාලට ඡන්දය දුන්නෝය. 'උනුත් එකයි, මුනුත් එකයි' කිය කිය හිටපු ආදරණීය අයියලාත් ඊට පස්සේ 'උනුයි මුනුයි සසඳ සසඳ ඉන්න එක අතෑරලා 'මගේ සඳ ඔබ' කියලා සඳ එළියෙම පිළිකන්න පැත්තෙන් 'සඳ සාවුන් වාගේ' හෙමීට වලව් අස්සට රිංගුවාය.
ඊට පස්සෙ හැමෝම එකතුවෙලා 'මගේ සඳ ඔබ' ගීතය ගායනා කරලා සතුටින් විසිර ගියාය.
ඔන්න ඕකයි වුනේ!
පිස්සු හැදෙන සඳ!


කිවුව වෙලාව- 2010-09-01 09:25:00
සජීවනී කස්තුරිඅාරච්චි මෙහෙම කියනවා :
අපි රත්නශ්රී ගැන ෙදපැත්තට අදිනවට වඩා හැබෑම ප්රශ්ෙන ගැන කතා කරමුද?

ෙජ්.අාර්. ෙගයි ප්ෙර්මදාසෙගයි පාලනෙය් වැරදි වලට විරැද්ධ වුණු ෙගාඩක් අයට (කලා කරැවන් , ජන මාධ්‍යෙව්දීන් අැතුලුව) චන්ද්රිකා ෙගයි මහින්ද ෙගයි පාලනෙයදි නිශ්ශබ්ද ෙවන්න හරි ඒ් පැත්ත ගන්න හරි සිද්ධ වුණා. ෙම්කට ෙහ්තුව ෙමාකක්ද? අපි ෙත්රැම් ගන්න ඔ්න අන්න ඒ්ක. අපි කතා කරන්න ඔ්න ඒ් ගැන ෙන්ද?


කිවුව වෙලාව- 2010-09-01 00:55:59
දර්ශන මෙහෙම කියනවා :
@චින්තක
" මේ සියල්ල මෙසේම තිබියදී රත්න ශ්‍රී ගේ පැත්තෙන් ඔහු මුහුන දුන් කටුක යථාවන් හදුනාගැනීමට කිසිවෙකු හෝ උත්සහ දරන බවක් ද දිස් වෙන්නේ නැහැ. කවියෙක් විදිහට ආත්ම ගරුත්වයක් සහිතව කෙලින් ඉන්නට රත්න ශ්‍රී අසමත් වන්නේ හුදෙක් කොන්ද පන නැති වීමේ අසනීපය නිසා පමනක් ද"

ඔබ කියන කරුණ සංවාදයට ගැනීම වැදගත්. 1994 දී චන්ද්‍රිකා බලයට එන්නේ 17 වසක යූඇන්පී මර්දනකාරී පාලනය තුළ සිදූ වූ මානව හිමිකම් උල්ලංඝණයන්, ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු, ඉන්දියන් හමුදා ගෙන්වීමෙන් දෙමළ ජනයා මත ඇති කරන ලද මර්දනය, තරුණ සංහාරය ආදි කරුණු හේතුවෙන් සමාජය තුළ මතු වූ විරෝධය භාවිතා කරමිනුයි. මර්දනයෙන් හෙම්බත් වූ ජනයා තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ සදහා හොද ඉල්ලුමක් තිබුණා. චන්ද්‍රිකාගේ ශ්‍රිලනිප හා හවුල් වූ වමේ පක්ෂ ගොඩ නගාගත් ,වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, සහ කලාකරැවන් ආදි සියල්ලන් ගොනුවෙනවා. 1994 දී ජවිපෙ නීත්‍යානුකූල දේශපාලනයට පැමිණිමේදී එය වටා වූ බලවේගය වෙනම ගොනු වෙනවා.එක් පැත්තකින් චන්ද්‍රිකා සිය බල ව්‍යාපෘතිය සදහා සමාජ ප්‍රජාතන්තවාදී සටන්පාඨ වෙනුවෙන් පෙනී සිටි බුද්ධිමතුන්,කලාකරුවන් සහ ප්‍රගතිශීලි බලවේග භාවිතා කර පසුව ඔවුන් නන්නත්තාර කර දැමූ පරිදිම ජනතා විමුක්ති පෙරමුණ විප්ලවීය සමාජ වෙනසක් පැතූ රැඩිකල් බලවේගයන් පාර්ලිමේන්තුවාදී පිරිහීම තුළ දිය කර දැම්මා.චන්ද්‍රිකා යළි යුද්ධය පටන් ගන්නා විට ඇය සමග සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට අවස්ථාවාදී ලෙස එයට අනුගත වීමට සිදුවුනා. එයට එරෙහිව ප්‍රතිචාර දක්වමින් සිය දේශපාලන සහ සදාචාරමය ස්ථාවරයන් ආරක්ෂා කරගනිමින් මෙම ක්‍රියාවලියෙන් ඉවත්වීමට ධෛර්යය තිබුනේ කීප දෙනෙකුට පමණි. බීබීසි එකේ ඉදලා චන්ද්‍රිකා විසින් රූපවාහිනියට පත් කරපු වසන්ත රාජාගේ ඉල්ලා අස්වීම එයට උදාහරණයක්.නමුත් බොහෝ අය ආපසු හැරීමට බැරි දුරක් මේ දේශපාලන මඩ ගොහොරුව තුළ ගොසි තිබුනා. ධනය සහ බලය ලැබීමේ උල්පතක් වූ එය සමහරුන් ආශිර්වාදයක් කොට සැළකුවා. රත්න ශ්‍රී ලා 1994 දී පොදු පෙරමුණ වටා ගොනුවන්නේ එජාපය යටතේ පීඩනයට පත්ව සිටි අතරමැදි පන්තීන්ගේ දේශපාලන උවමනාවන් නියෝජනය කරමිනුයි. නමුත් දේශපාලනඥයන්ගෙන් පුද්ගලික වරදාන පිලිගැනීම හේතුවෙන් සහ ඒවෙත ඇලී ගැලී සිටීම හේතුවෙන් රතන ශ්‍රී වැනි බොහෝ අයට තම ආත්ම ගරැත්වය ආරක්ෂා කරගෙන ඉවත් වීමට නොහැකි වුණා.අනෙක් අතින් ගත්තාම රත්න ශ්‍රීලාට ඔය තනතුරු බදාගත්තේ නැහැ කියලා හාමතේ මරෙන්න වෙන තත්ත්වයක් තිබ්බේ නැහැ. ඊට වඩා ආර්ථික අපහසුකම් තියෙන ගොඩාක් අය තම ප්‍රතිපත්තිමය ස්ථාවරයන් ආරක්ෂා කරගත් බව ඔවුන්ගේ ගෞරවය පිණිස කිව යුතුයි.එක් අතකින් ගත් කළ රත්න ශ්‍රි ලා ලාංකීය සමාජයට පසුකිරීමට සිදු වූ එක්තරා ‍ඓතිහාසික නිමේෂයක ගොදුරු.අනෙක් පැත්තෙන් ඒ ගොදුරු වීමට කෙනෙකුගේ පුද්ගලිකත්වය කියන සාධකයේ බලපෑමත් නොසළකා හරින්නට බැහැ. නමුත් රත්න ශ්‍රී වැනි සමාජ දේශපාලන දැක්මක් සහිතව නිර්මාණ කරණයේ යෙදුන අයෙක් වෙතින් සමාජය බොහෝ දේවල් අපේක්ෂා කිරීම ස්වාභාවිකයි.
ජවිපෙ වටා එකතු වූ කලාකරුවන්ගේත් ඉරණම මෙයට දෙවැනි නැහැ. චන්ද්‍රිකා සාමය සදහා යුද්ධය නැමැති සටන්පාඨය යටතේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සටන්පාඨ ජාතිවාදයෙන් සහ යුදවාදයෙන් දූෂණය කරන කොට ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදයේ සහ අධිරාජ්‍යවිරෝධයේ නාමයෙන් එයම කරා. උතුරු කොනේ ගැයූ ගුණදාස කපුගේලා දේශ හිතෛශී වේදිකාවට නැගීමත් ඊට උදාහරණයක් වමේ දේශපාලන අවස්ථාවාදය විසින් මෙවැනි අයට තම ස්ථාවරයන් සාධාරණීකරනයෙහිලා තර්ක සැපයූ අතර ධනපති ක්‍රමය විසින් එයට මිලක් ගෙවනු ලැබූවා.


කිවුව වෙලාව- 2010-08-31 07:22:19
Kelmi මෙහෙම කියනවා :
මංජුල වගේ ප්‍රතිභාවට අමතරව දැක්මක් තිබුනු සහෘදයෙක් සජීවනීගෙ ගොඩට වැටීම ඛේදවාචකයක්. මංජුල කරුණාකර තමන් වෙනුවෙන් නැගී සිටින්න. මේ නැති වෙන්නේ ඔයා ජීවිත කාලයක් ගොඩ නගා ගත් දේ.

කිවුව වෙලාව- 2010-08-31 05:59:53
චින්තක මෙහෙම කියනවා :
මංජුල වෙඩිවර්ධන ලිවුව කවිය රත්න ශ්‍රී ගැන විවේචනයක් වගෙම තම පීතෘ කවියා ගැන වූ නොස්ටැල්ජියාව පිට දමන්නට ගත් වෑයමක් බව මට හිතෙනවා. සංජීවනී කස්තුරියාරච්චි කිසිදු විවේචනයකින් තොරවම සිය ගුරුවර කවියා කවියෙන් වැළඳ ගන්නවා. සංජීවනී කෙසේ වුනත් මංජුල දැඩි යුද විරෝධී කවි ධාරාවේ පෙරටුගාමියෙක් විදිහට, යුද අවදියේ ජවිපෙ සමග රනවිරු වන්දනා කවි ලිවූ රත්න ශ්‍රී ගැන මෙසේ නොස්ටැල්ජික එලඹුමක් කරා පීලි පනින්නේ ඇයි? එයින් සලකුනු වන්නේ වෙඩිවර්ධනගේ අපගමනයක් ද? මේ සියල්ල මෙසේම තිබියදී රත්න ශ්‍රී ගේ පැත්තෙන් ඔහු මුහුන දුන් කටුක යථාවන් හදුනාගැනීමට කිසිවෙකු හෝ උත්සහ දරන බවක් ද දිස් වෙන්නේ නැහැ. කවියෙක් විදිහට ආත්ම ගරුත්වයක් සහිතව කෙලින් ඉන්නට රත්න ශ්‍රී අසමත් වන්නේ හුදෙක් කොන්ද පන නැති වීමේ අසනීපය නිසා පමනක් ද?

කිවුව වෙලාව- 2010-08-31 05:19:02
දර්ශන මෙහෙම කියනවා :
පිරිහුන දේශපාලනඥයන් විසින් රත්න ශ්‍රී ව තම මෙහෙයට යොදාගත්තේ ඒ වන විට ඔහු කවියෙකු ලෙස ගොඩ නගාගෙන තිබූ කීර්තිය සහ සමාජ බලය තම දේශපාලන බල ව්‍යාපෘතිවලට බැර කර ගැනීම සදහායි. කාලය ගත වීමත් සමගම රත්න ශ්‍රී ගේ ප්‍රයෝජ්‍යතා වටිනාකම ක්ෂයවුණේ ඔහු විසින් සිදු කරන ලද පාවාදීම නිසා ඔහුගේ ජනප්‍රියතාව සහ සමාජ බලය පිරිහි යාම නිසයි. ඔහුගේ නිර්මාණාත්මක ප්‍රභාවද මේ සමග නිවී ගියා.දැන් ඔහුට අලෙවි කිරීමට දෙයක් නැහැ. එනිසා යළි ජනප්‍රියතාව සහ සමාජ බලය ගොඩ නගාගැනීමට අවශ්‍යයි. දැන් මේ සිද්ධවෙන්නේ පොඩි ' රීකන්ඩිෂන්' පාරක්. මලකඩ කඩලා පේන්ට් එකක් දීලා කොහොම හරි පාරටත් දාලා දෙන්න පොඩි තල්ලුවකුත් දීලා මොකද වෙන්නේ කියලා බලන්න.

කිවුව වෙලාව- 2010-08-31 05:00:53
සේසිරි මෙහෙම කියනවා :
සහජ හැකියාවද සතත අභ්‍යාසයද නිර්මාණගීලී බවට මහඟු පිටුවහලක් වෙද්දී එයින් සිදුවියයුත්තේ නිවරැදි එමෙන්නම සමාජයට යහපත් මිනිසෙකු බිහිකිරීම යන්න සිද්ධාන්තයයි. එහෙත් එය සිදුවියයුත්තයි. රත්න ශ්‍රී වැන්නවුන් ජීවිතය ආදරය මනුෂ්‍යත්වය ගැන සංවේදී නිර්මාණයන් හි යෙදුණද අවස්ථාව ලැබුණු මොහොතේම සියලුම ජඩ සහ පහත් ක්‍රියවෙන් හි යෙදෙමින් සිය නිර්මාණයන් අමු අමුවේම පාවාදීම සැබැවින්ම තිගැස්සෙනසුළු විය. එමෙන්ම එය බොහෝ දෙනෙක් තවමත් පිළිගැනීමට පවා සූදානමින් නොමැත. එහෙත් එය සත්‍යයයි ඔහුට හිමි තිත්ත ඇත්තයි. එම අමන ක්‍රියාවන් හි ප්‍රමානාත්මක බව කෙසේද යත් ඔහුට එම ගොහොරු සමාජයෙන් ද ඉතාමත්ම ඉක්මනින් පිටුවහල් වීමටද සිදු වූ බව ඊටත් වඩා ඇත්තයි. මේ එළඹ ඇත්තේ නැවත ගොඩ නැගීමේ හෝරාවයි. ආරාධනා කවිද පිළිතුරු කවිද ලියැවෙන්නේ එබැවිනි. මංජුල වෙඩිවර්ධනගේ ෆුල් ටොස් පන්දු වලට හයේ පහරවල් ඔහු ගේ රත්නේ එල්ලකරන්නේ එබැවිනි. වෙඩිවර්ධනට කඳු‍ලේ උතුරු අර්ධයේද රත්න ශ්‍රී දකුණු අර්ධයේද උරුමය ඔහු නියම කරමින් ඔහු නැවතත් පාවාදීමේ දෙවන අදියරෙහි පළමු සටහන් සළකුණු කරමින් සිටී. සටහන් සඳහා වූ තීන්ත බාල්දිය වෙඩිවර්ධන වැන්නවුන් එල්ලාගෙන සිටීම කණගාටුවට කරුණකි. වෙඩිවර්ධන යනු ලියන්නන් වාලේ නොලියන කවියකු බව ඔප්පු කර තිබුනේ දීර්ඝ කාලයක් තිස්සේයි. එහෙත් මෙය වෙඩිවර්ධන විසින්ම උත්තර දිය යුතු ඹහුගේ නිර්මාණශිලී භාවිතාව පිළිබඳවද පැණයකි. මක්නිසාද යත් මේ දෙකොණ එකතුකර ගැනීම ම මහා රත්නේ ට අනුව බාලයෙක් වන ම'වැන්න වුන්ට ගැටලුවක් වන බැවිණි.

රත්න ශ්‍රී ලවා පිළිතුරු කවි ලියවා ගැනීමෙන් වූන් ‍වීමේ මහඟු අවස්ාව මෙයයි. සමහරවිට ඇයගේ ම සඳවතගෙන් ගෙන් පිළිතුරු කවියක් සජීවිණී නොලද්දොත් පුදුමයක් නොවේ.

උතුම් සකි ඔබය, ඔව්! ඔබ පමණ....... ඔව් එය රත්නේට උතුම් ය. ඔහුගේ භාවිතාව තුළ අනෙක් ප්‍රතිවිරුද්ද කෙළවරේම සිටි වෙඩිවර්ධන වැන්නෙකුගෙන් ආරාධනා කවියක් ලැබීම..ම ඔහුට උතුම් නොවන්නේ කෙළෙසද


කිවුව වෙලාව- 2010-08-30 22:03:49
සජීවනී කස්තුරිඅාරච්චි මෙහෙම කියනවා :
අාතුර ෙනාවී මැඩ කළු පෑ නුඹ යහන
ෙරා්ගී සද පලුව ලප කැළලින් ගහන
පෑදී දියක් ෙස් ෙගන සුදු සද පහන
පායා ඒෙතාත් ෙහට බග සද ඒදුම පමන

ගහක් ගලක් ෙමන් ෙලව් පපුකම් ෙනාමැතී
ඉරක් නම් රැදුරැ කිසිෙවක් ලං ෙනාෙවතී
දුකක් මුත් මටත් නුඹටත් කුරිරැ ගතී
නුඹත් ඒෙහම ෙවනවාටයි මං කැමතී

ගගනත දුලන තරැ ෙගන සදක් තැනුවැකී
පිඹ පිඹ කටින් ෙමලැවුව ඒය ම ෙබාරැවකී
තරැවට සදැයි කීවද සැබෑ ෙනාකළැකී
ඔබමය ඒකම සදවත ඔබම   පමණකී

කවිෙයකි පිෙයකි ගුරැ තරැෙවකි මුදු සිෙතකී
මිනිෙසකි පුදට නිසි අමතක කළ ෙනාහැකී
ඔබ ලිවු පදම හැර මට ෙවන වචන නැතී
ඔබමය ඒකම සදවත ඔබම පමණකී


කිවුව වෙලාව- 2010-08-28 10:10:11
කබුකි මෙහෙම කියනවා :
උපැස් මොටද උගසට දුන් ඇස් දෙකට
නිලමැස්සනි රෝසකිඩාරම් උපමා තව කුමට
හෙළුවෙන් පෙරහරේ රජු ඇතු පිට යන බවට
බාල ළමා හූ හඩ කීව්වේ රටට


කිවුව වෙලාව- 2010-08-28 07:30:55
Lanka මෙහෙම කියනවා :
OW
Rathna Sri
obatama pamani
me wage
mihirata
kaleking hamuwuna wage perani mithurek
ane thawath liyanna


කිවුව වෙලාව- 2010-08-26 08:24:46
Gampola, Raygamaya මෙහෙම කියනවා :
You scratch my back, and I scratch yours!

කිවුව වෙලාව- 2010-08-26 03:05:05
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රත්න ශ්‍රී විජේසිංහගෙන් තවත් වියමන්
කවි
පියාපත
කවි
වස්සානය
කවි
පින්කෙත
කවි
ප්‍රේමය හෙවත් ඒ උතුම් දෙය
කවි
නෙළුම
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook