Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර දෝසි
පෝලෝ සහ දඟකාර නැගණිය
පරිවර්තනය-
Muthu Paba | මුතු පබා
බූන්දි, 03:39:40
සීතල නමුත් පැහැදිලි උදෑසනක වැලන්ටිනා තම අයියා පෝලෝව අවදි කළා.

‘ඇහෙනවද? ඇහෙනවද? පෝලෝ ඔයාට ඇහෙනවද කුරුල්ලෙක් සිංදු කියනවා....? මට ඒ කුරුල්ලව හොයන්න යන්න ඕනෑ..’

‘මොනවද ඔයා කියන්නේ වැලන්ටිනා? කුරුල්ලෙක්? කොහෙද?’ තවමත් නිදිමතෙන් හිටිය පෝලෝ ඇස් පොඩි කරමින් ඇහුවා.

‘වැලන්ටිනා.... ඒ පාර ඔයා කොහෙද යන්නෙ..?’
ගුහාවෙන් එළියට යන සිය නැගණිය දුටු පෝලෝ ඇසුවා.

‘ඇයි ඔයා ගුහාව ඇතුලෙ ඉන්නෙ නැත්තෙ? අම්මා ළඟ උණුසුමයි.. එන්න ඇතුළට’

‘ඔයත් එන්නකො එළියට..’ ගහක් උඩට නගින් ගමන් වැලන්ටිනා අයියාට කතා කළා.

‘බලාගෙන වැලන්ටිනා ඔය ගහට නගින්නේ..’ පෝලෝ කනස්සල්ලෙන් සිය නැගණියට අවවාද කළා.

ඒත් ඇහුම්කන් නොදුන් වැලන්ටිනා ගහෙන් බිමට වැටී, හිම බෝලයක් මෙන් කැරකි කැරකී පල්ලම පහළටම ඇදුණා.

පින්ග් සහ පින්ගා; පුංචි පෙන්ගුවින් දෙදෙනා වැලන්ටිනාට නැගිටින්නට උදව් කළා.

‘පෝලෝ.. අපිට උදව් කරන්නකෝ!’ පෙන්ගුවින් දෙදෙනා ඒ වෙනකොටත් එතැනට එමින් හිටිය පොලෝට කීවා.



‘ඔයා නම් හරිම නරක ළමයෙක් වැලන්ටිනා..’ පොලෝ නැගණියට දොස් පැවරුවා.

‘මට පෙන්ගුවින්ලා එක්ක සෙල්ලම් කරන්න ඕනෑ....’ වැලන්ටිනා තමාගේ ඇස් වලයි, නහය උඩයි, ඔළුවෙයි ගෑවිලා තියෙන හිම පිහදාන අයියාට කීවා.

‘ඔයා දන්නවාද පෙන්ගුවින්ලා අපිට වඩා වෙනස් කියලා..?’ වැලන්ටිනා පොලෝගෙන් ඇහුවා.. ‘එයාලා සීත කාලෙට නිදා ගන්නෙ නෑ..’



‘මම ඒක දන්නවා වැලන්ටිනා.. මම ඔයාගෙ ලොකු අයියනේ..’

‘මම යනවා මාළු අල්ලන්න..’ පින්ග් කීවා.. ‘වැලන්ටිනා ලෑස්ති නම් අපිට පුළුවන් අයිස් වල කෙළවරටම යන්න..’

‘ඔව්..ඔව්.. මමත් එනවා ඔයාලා එක්ක මාළු අල්ලන්න යන්න..’ යැයි කීව වැලන්ටිනා, අයිස් කෙළවරට ඉක්මණින් දුවන්න පටන් ගත්තා.
වැලන්ටිනාට ඕනෑ වුණේ අනෙක් අයට පෙර අයිස් කෙළවරට යන්නයි.



‘වැලන්ටිනා.... මම එනකල් ඉන්න.... ඔයා කවදාවත් අයිස් උඩ ඉඳන් මාළු අල්ලලා නැහැ..’ පෝලෝ දුවගෙන යන නැගණියට කෑගැහුවා.

‘අපි මෙතැන හිටගෙන ඉන්න එක නුවණට හුරු මදි..’ බිලීපිත්ත ලෑස්ති කරන ගමන් පින්ගා කීවා.
‘මෙතැන අයිස් ශක්තිමත් මදි නිසා කොයිවෙලේ හරි කැඩෙන්න පුළුවන්..’



‘නෑ.. නෑ.. පින්ගා.. මට මෙතැන හොඳයි.. පාට පාට මාළු ගොඩක් මට පේනවා. කෝ ඉන්න ඒ මාළුවෝ මම ඔයාලට අල්ලලා දෙන්න..’ යැයි කියා, වතුරට පාත්වුණ වැලන්ටිනාගේ කකුල් ගාවින් අයිස් කැටේ කැඞී වෙන්වුණා. වෙන්වුණ අයිස් කෑල්ල දියරැලි නිසා වේගයෙන් ඈතට ගහගෙන ගියා.

‘අනේ....! මාව තනියෙන් යවන්න එපා..’ වැලන්ටිනා බයෙන් කෑගැහුවා.

හොඳ වෙලාවට සිද්ද වුණ හැමදේම දුටු මුහුදුසිංහයෝ රංචුවක් හනික ඇවිදින්, වැලන්ටිනා උන් අයිස් කෑල්ල අල්ලගත්තා.

‘අයියෝ....! මාව ගහගෙන යනවා.. මට පීනන්නත් බෑ..’ වැලන්ටිනා හොඳටම ඇඬුවා. ‘පෝලෝ... ඔයා මට උදව් කරනවා නේද?’



වතුරට පැන්න පෝලෝ ඉක්මණින් නැගණියට ළඟට පීනුවා. ‘මට නම් තේරෙන්නෙ නෑ වැලන්ටිනා, ඔයා කොහොමද හැම වෙලේම අවුලකට කොටුවෙන්න දන්නෙ කියලා..’ ගොඩට පීනන ගමන් පෝලෝ කීවා. ‘නුසුදුසු තැන නුසුදුසු වෙලාවට ඔයා හැම වෙලේම ඉන්නවා.. ඔයා නම් හරිම දඟකාර නංගියෙක්..’

සීතල නිසාත් ගොඩක් බය වී සිටි නිසාත් වැලන්ටිනාට මෙදාපාර නම් කිසිම දෙයක් කියා ගන්නට බැරි වුණා.

‘ගොඩට ආව පෝලෝ නැගණියව තුරුල් කරගෙන අස්වැස්සුවා. පින්ග් වැලන්ටිනාව උණුසුම් කරන්න තැත් කළා.’

‘මම පොරොන්දු වෙනවා මීට පස්සෙ හොඳට ඇහුම්කන් දෙනව කියලා.. මෝඩ වැඩත් මම ටිකක් අඩුවෙන් කරන්නම්....’
වැලන්ටිනා හිමිහිට කීවා.



‘ඒක හොඳයි වැලන්ටිනා.. අපි එහෙනම් දැන් ගෙදර යමුද?’ පෝලෝ ඇසුවා. පෝලෝ සහ වැලන්ටිනා ඔවුන් වෙසෙන බිම් පෙදෙසට පැමිණි පසු, පෙන්ගුවින් දෙදෙනාගෙන් සමුගත්තා.

‘මම අම්මට කියනවා ඔයා මාව බේරගත්ත විදිහ..’ වැලන්ටිනා මිමිණුවා.

‘එපා.. අම්මට කිසිම දෙයක් කියන්න එපා.... අම්මා හොඳටම බයවෙයි.. අපි මේ සිදුවීම අපි දෙන්නා අතරෙ විතරක් තියාගමු.. එතකොට ඒක අපේ රහසක්..’ ගුහාවට ගිය පෝලෝ සද්ද කරන්න එපායි ඇඟිල්ලක් කටට තියා නංඟිට පෙන්නුවා.



තවමත් නිදාගෙන උන් අම්මා ළඟට ගිය පෝලෝ සහ වැලන්ටිනා හිමින් සීරුවේ අම්මා ළඟින්ම වැතිරුණා.

‘හොඳට නිදාගන්න වැලන්ටිනා.. ඔයා නම් හරිම දඟකාර නංගියෙක්.... ඒ වුණත් මගේ නංගියා මට හොඳයි..’ පෝලෝ රහසින් වැලන්ටිනාට කීවා.

නෝරීස් කෙරන් සහ ජීන් බැප්ටයිස්ට් බැරෝනියන් ලියූ කතන්දරයක්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kids Stories
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Nishanka මෙහෙම කියනවා :
මුන්ට පිස්සු...

කිවුව වෙලාව- 2011-07-08 03:04:40
chathu... මෙහෙම කියනවා :
අනේ! මටත් පෝලෝ වගෙ අය්යා කෙනෙක් හිටියනම්......

කිවුව වෙලාව- 2011-01-29 07:04:38
seelawathi මෙහෙම කියනවා :
Dish, man oyage nangi wennam.

කිවුව වෙලාව- 2011-01-13 03:48:32
Anu මෙහෙම කියනවා :
CHA(MODI)-Valentina is the sister nt brother.Hw evr I feel tht oyath mama wage ayyata aadare (danga-e mama< ඔයා නම් හරිම දඟකාර නංගියෙක්.... ඒ වුණත් මගේ නංගියා මට හොඳයි>)nangiyek kyla

කිවුව වෙලාව- 2010-12-31 06:56:49
CHAMODI මෙහෙම කියනවා :
Velantina is just like my own brother.I AM PROUD TO BE HIS SISTER.

කිවුව වෙලාව- 2010-12-31 01:21:56
Anu මෙහෙම කියනවා :
එපා.. අම්මට කිසිම දෙයක් කියන්න එපා.... අම්මා හොඳටම බයවෙයි.. අපි මේ සිදුවීම අපි දෙන්නා අතරෙ විතරක් තියාගමු.. එතකොට ඒක අපේ රහසක්.oya mata mehema kochchara nam kiyala adda?thamath kiyanawane.mama e 1 deyak wath katawath thama kiyala na.I'm proud to be ur nangiya!

කිවුව වෙලාව- 2010-12-30 23:32:15
Dish මෙහෙම කියනවා :
මටත් නන්ගියෙක් හිටියනම්........

කිවුව වෙලාව- 2010-12-09 04:14:57
Samanmali මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-09 21:04:11
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතන්දර දෝසි
ගල් වඩුවා ('හූමිටි කතා')
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
එඩිසන් කියයි.
මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි. අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook