Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
"යොවුන් පාර්ලිමේන්තුව!" කාගෙද? කාටද? මොකටද? කොයිබටද?
බූන්දි, 21:13:16
වත්මන් තරුණ කටයුතු ඇමතිවරයාගේ සහ වර්තමාන රජයේ මූලිකත්වයෙන් ලාංකික තාරුණ්‍යය මුහුණ දී තිබෙන ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් සොයා ගැනීමට සුදුසු යාන්ත්‍රණයක් ඉදිරිපත් කර ඇත. යොවුන් පාර්ලිමේන්තුව නමින් නම් කර ඇති මෙහි සභිකයින් තෝරාගැනීම සඳහා දීපව්‍යාප්ත මැතිවරණයක් ද පසුගිය දා පවත්වන්නට යෙදුණි. තාරුණ්‍යය යනු කුමක්දැයි නිශ්චිතව අර්ථ දක්වා නොමැති මෙහි ඡන්දදායකයෙකු ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට තරුණයෙක් හෝ තරුණියක යැයි සිතන ඔබටත් අවස්ථාව නොලැබුණි නම් ඊට දළ පිළිතුරක් මේ ලිපිය කියවා අවසානයේදී ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි.

තරුණ පාර්ලිමේන්තුව පිළිබඳව අදහස් දක්වන ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාට අනුව මෙය මඟින් සමස්ත තරුණ පරපුර එකට අත්වැල් බැඳගෙන සාමූහිකව තමන්ගේ පමණක් නොව මුළු රටේම හා සමාජයේ ප්‍රශ්න පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත. එමඟින් තාරුණ්‍යයට පමණක් නොව සමස්ත රටටම සෞභාග්‍ය උදා වේයයි ඔහු විශ්වාස කරයි.

රටට සමාජයට සෞභාග්‍ය උදා කරලීමට නම් කළයුත්තේ කුමක්දැයි ඩලස් ඇමතිවරයා නොදනිතැයි කිව නොහැක. පසුගියදා ගංවතුරට පාර්ලිමෙන්තුව යටවූ දිනයේදී "අපරාදේ තවත් ටිකක් යට වුනානං...සුද්ද වෙලාම යන්න" යැයි බොහෝ දෙනාගේ හිත්වලට නැ‍ඟුණේ මේ නිසාය. සෞභාග්‍යය කෙසේ වෙතත් "යොවුන් පාර්ලිමෙන්තුව" මඟින් කරන්නට යන ව්‍යූහාත්මක දේශපාලන වෙනස පිළිබඳව කාටවත් හංඟා ගැසිය යුතු නැත.

ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකේ ප්‍රාදේශීය නායකත්වයේ සිට ඉහළ පෙළ නායකත්වය දක්වාම සිටින බහුතරය "සරම උස්සන්" මන්නයක් ගෙන වලියට එන ජාතියේ චන්ඩින් හෝ පාතාලයින් බව අමුතුවෙන් කිව යුතු නැත. පවුල් බලයෙන් හෝ නායකත්වය සමඟ වන සෘජු සම්බන්ධතා නොවන්නට සමාජය තුළින් මතුවන අවර ගණයේ චන්ඩින් හා පාතාලයින් අතට දේශපාලන නායකත්වය යෑම රටේ දේශපාලන සංස්කෘතියේම ලක්ෂණයක් මිස පුදුමයට කරුණක් නොවේ. පවුල් බලයෙන් දේශපාලනයට එන පිරිස ද සිය පාරම්පරික අත්දැකීම් මඟින් පාතාලය හා සෘජු සම්බන්ධතා ගොඩනඟා ගැනීම සාර්ථක දේශපාලන ගමනකට අත්‍යවශ්‍ය කරුණක් බව කියවෙන වැඩිහිටි අවවාද අකුරටම පිළිපදිති.

කල්ප කාලයක් රට පරිභෝජනයට සූදානමින් සිටින ආණ්ඩුව විසින් ඩලස් ඇමතිවරයාට භාරදී ඇත්තේ රටේ තරුණ පිරිස නිසා ඔහු විසින් තරුණ පිරිස වෙනුවෙන් කරන්නට යන දේ "යොවුන් පාර්ලිමේන්තුව" මඟින් පැහැදිලි කර ගත හැක. ගුටි බැට ඇණ ගැනීම හැරුණු කොට අන් දෙයක් නොදත් සිය පසුපෙළ නායකත්වය දැනුවත් කිරීමත්, ගම් නියම් ගම්වලින් තමන්ගේ පක්ෂයට ශක්තිමත් කේඩරයක් නිර්මාණය කරගැනීමත් මෙහි මුඛ්‍ය අරමුණ වේ.

ශ්‍රීලනිපයට මෙන්ම එජාපයට ද තමන්ගේ දේශපාලන පක්ෂය වෙනුවෙන් පොදු යහපත වෙනුවෙන් පෙනී සිටින තරුණ පෙළක් නිර්මාණය කරගැනීමේ දැඩි අවශ්‍යතාව පසුගිය කාලය පුරාවට දක්නට ලැබුණි. ජාතික යොවුන් පෙරමුණ බිහිවන්නේත්, "තාරුණ්‍යයට හෙටක්" ගම් වලින් පිරිස් බඳවාගන්නේත් මේ නිසාය. ආණ්ඩු වෙනසක් සමඟ සිය පක්ෂය හැර නොයන, සරලව ගතහොත් ජවිපෙ පූර්ණ කාලීනයන් වැනි පිරිසක් පිළිබඳ සිහිනයක් මේ සංකල්පය පිටුපස ඇත. රට පුරා සිය පක්ෂය වෙනුවෙන් පෝස්ටර් ගැසිය හැකි, විවිධ වැඩසටහන් සංවිධානය කළ හැකි, මහජනතාව අතර සිටින පිරිසක් සිටීම දේශපාලන පක්ෂයකට ශක්තිය‍ක් නොවේද? පසුගිය කාලයේ "ජනසභා ලේකම්" ලෙස පැමිණි මේ සංකල්පය දැන් "යොවුන් පාර්ලිමේන්තුව" වශයෙන් යළිත් කළ එළි දක්වා ඇත.

තරුණ සේවා සභාව යනු කලෙක ලංකාවේ තරුණ පිරිස වෙනුවෙන් සැළකිය යුතු දායකත්වයක් දැක්වූ ආයතනයක් බව සැබෑය. එමඟින් ලංකාවේ ‍ක්‍රීඩාව, සෞන්දර්ය, වෘත්තීය පුහුණු, යනාදී විවිධාකාර ක්ෂේත්‍ර ආවරණය වන පරිද්දෙන් කටයුතු කරනු ලැබිණි. එහෙත් මේ "යොවුන් පාර්ලිමෙන්තුවේ" සැබෑ නියෝජනය ලංකාවේ තාරුණ්‍යය ද යන්න මොනවට පැහැදිලි වන සිදුවීම් යොවුන් පාර්ලිමෙන්තු මැතිවරණයේදී අහන්නට ලැබිණි. යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරයාගේම ප්‍රකාශයකට අනුව ඇහැළියගොඩ හා හොරොව්පොතාන ප්‍රදේශ වල පැවැත්වූ ඡන්ද ප්‍රකාශකිරීම් අවලංගු කර ඇත. රජය විසින් දක්වනු ලබන සාමූහිකත්වය ගොඩනැඟීම, අනාගත දේශපාලන නායකත්වයේ ආදර්ශය මෙයද? සැබැවින්ම වත්මන් ආණ්ඩුව විසින් (පැවතුණු සියළුම රජයයන් පවා) තාරුණ්‍යය මෙහෙයවන දිශාව මෙයයි. පුද්ගල හෝ කණ්ඩායම් බලපුළුවන්කාරකම් වලින් කෙසේ හෝ බලය ලබාගැනීමත් ඊළඟ පියවර වශයෙන් වංචා දූෂණ අක්‍රමිතා මඟින් මඩිය තරකර ගැනීමත්ය. අනාගත ලංකාවේ සෞභාග්‍යය එයයි.

ජනාධිපතිවරයා විසින් මෙය අපක්ෂපාතී ආයතනයක් ලෙස පැවැත්වීමට කටයුතු කරනවා යැයි කීවද ‍යොවුන් පාර්ලිමෙන්තුවේ පළමු සභාවාරය තමන්ගේම මූලිකත්වයෙන්ම ආරම්භ කිරීම මත පක්ෂග්‍රාහී වීමක් සිදුවීම ඔහුටම අවබෝධ නොවිම ඛේදජනක විහිළුවකි. රටේ සමස්තය ගැන ඔහු සිතනවාක් මෙන්ම "පක්ෂග්‍රාහීවීම" යන යෙදුම ජනාධිපතිවරයා ‍නියෝජනය නොවන දෙයක් යැයි විටෙක ඔහු හිතනවා ඇත. ආරම්භයේදීම මෙතරම් විකෘති තත්ත්වයන්ට මුහුණදී‍ම මඟින් පෙන්නුම් කෙරෙන්නේ රටේ ජනතාවගේ දේශපාලන සංවේදීතාවයේ තරම මිස අන් කවරක්ද?

ලෝකයේ සාර්ථක ලෙස යොවුන් පාර්ලිමෙන්තු ආකෘතියක් පවත්වාගෙන යන එක්සත් රාජධානියේ යොවුන් පාර්ලිමෙන්තුව යොවුන් පාර්ලිමෙන්තුවක හැඩය පිළිබඳ මනා අදහසක් ලබා දෙන්නකි. (ukyouthparliament.org.uk) ස්වාධීන බව සහ තාරුණ්‍යය නියෝජනය කරමින් ඊට අනන්‍ය ප්‍රශ්න, ගැටළු සාකච්ඡා කිරීම, තරුණ සංහිදියාව, අධ්‍යයනය, විචාරශීලී බව, නැවුම් බව ආදී ආකර්ෂණීය මෙන්ම වැඩදායී ලක්ෂණ ගණනාවකින් එය සමන්විතය. නාමයක් ලෙස "යොවුන් පාර්ලිමේන්තුව" නම විකුණමින් සිදුකරන්නට යන මගඩියේ තවත් පැහැදිලි වෙනස් කමක් මෙසේය. ලංකාවේ ‍යොවුන් පාර්ලිමෙන්තු ඡන්දයේදී තරුණයින් ලෙස නියෝජනය කළ හැකි වන්නේ වයස අවුරුදු 18ත් 39ත් අතර වන පුද්ගලයින්ටය. නමුත් එංගලන්තයේදී එය 11-18 ත් අතර වේ. සමාජ පරිණත භාවය සැළකිල්ලට ගෙන බැලුවද වයස අවුරුදු 39ක් යනු තරුණ ගණයට අයත් වූවෙක් යැයි සැළකිය නොහැක. විශේෂයෙන් තරුණයින්ට පමණක් සීමාවූ ආයතනයකට එය නොගැලපෙන්නක් බව බැලූ බැල්මට වුවද පෙනේ. මෙහි සැඟවුණු කරුණ නම් මවිසින් මුලින් සඳහන් කළ පටු පක්ෂ දේශපාලනයේදී නම් 39 ක් යනු තරුණ වයසක් වීමයි. ඒ අනුව මෙය තරුණයින්ගේ සංවර්ධනය උදෙසා වන ආයතනයක් නොව තමන්ගේ දේශපාලන පක්ෂය ගොඩනඟාගැනීම සඳහා වන යාන්ත්‍රණයක් බව තව දුරටත් පැහැදිලිය.

තරුණ දේශපාලන නියෝජනය වෙනුවෙන් පළාත් පාලන ආයතන සඳහා මෙතෙක් වෙන් කර තිබූ 40%ක අනිවාර්ය කෝටාවද නව පණත මඟින් ‍ඉවත් කොට ඇත. ඒ වෙනුවට තරුණ හා කාන්තා යන දෙපාර්ශවයටම ලබා දී ඇත්තේ 25%ක කෝටාවකි. එයද අනිවාර්ය කොට නොමැත. මෙකී සංශෝධනය වනාහි තමන්ට නිශ්චිත පගා ගැසීම් මඟ හැරෙන නිසා උසස් වීම් නොඉල්ලන පොලිස් කොස්තාපල්වරු මෙන් ප්‍රාදේශීය වශයෙන් වවාගෙන කෑමේ නියුතු වූවන්ගේ ඉල්ලීමකට ලද ප්‍රතිචාරයක් යැයි උපකල්පනය කළාට වරදක් නැත. තරුණ ජවය ගැන, තරුණ කුසලතා ගැන හා එමඟින් තිරසාර සමාජ වෙනසක් අපෙක්ෂා කිරීමට රටේ නායකයා බලාපොරොත්තු‍ වේ නම් "යොවුන් පාර්ලිමේන්තුව" කෙසේ වෙතත් අඩුම තරමින් තරුණ කෝටාව වත් පළාත් පාලන ආයතන වලට ලබා දිය යුතුව තිබුණි.

පාර්ලිමේන්තුවක ආකෘතියෙන් ක්‍රියාත්මක වීමට නියමිත ‍යොවුන් පාර්ලිමෙන්තුවට අගමැතිවරයෙක්, විපක්ෂ නායකවරයෙක් මෙන්ම ඇමතිවරු ද ඉදිරියේදී පත්වීමට නියමිතව ඇත. කටයුතු නිසි ආකාරයෙන් සිදුවේ දැයි නිරීක්ෂණය කොට යොවුන් පාර්ලිමෙන්තුවේ අනාගත සුභ සිද්ධිය උදෙසා නොබෝ දිනකින්ම ජනාධිපතිවරයා විසින් සිය විධායක බලතල යොදවා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව රටේ සමස්ත තරුණයින්‍ නියෝජනය කරන "යොවුන් පාර්ලිමේන්තුවේ" විධායක ජනපති පුටුවට පත්කරලීම ගැන තරුණ ඔබ කලබල විය යුතු නැත. මන්ද ඔබටත් ඒ පිළිබඳ තරහවක්, විරෝධාකල්පයක් වැනි අනිසි හැඟිමක් දැනේ නම් ඔබ "ලංකාවේ තරුණ" යැයි හැඳින්වෙන ගණයට අයත් නොවන නිසාය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Youth Parliament, Sri Lankan Politics, Dalas Alahapperuma, Namal Rajapaksha, Mahinda Rajapaksha
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Asiri මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-12-08 03:15:24
Nithusha මෙහෙම කියනවා :
තිත්ත ඇත්තක්...සුදු වෑන් කරක් ගහන අද වගේ කාලෙක රිජුව ඔබේ අදහස් ප්‍රකශ කිරීම අගය කරමි.

කිවුව වෙලාව- 2010-12-04 21:25:56
Hasitha Gunasinghe මෙහෙම කියනවා :
ආහ් 18 ට අඩු අයටත් ඡන්දෑඅ දාන පුලුවන් වුනා මට මතක විදිහට. අවුරුදු 15 තමා මට මතක විදිහට තිබ්බේ

කිවුව වෙලාව- 2010-12-02 05:15:00
Hasitha Gunasinghe මෙහෙම කියනවා :
18-39 නෙමෙයි 18-29 තමා වයස් පරාසය වුනේ. අපේ යෞවන සමාජයේ ඉන්න වයස් වුරුදු 33 වෙන අයියා කෙනෙක්ට ඡන්දය භාවිතාක් කරන්න නොලැබුණු නිසායි මම වගකීමෙන් කියන්නේ

කිවුව වෙලාව- 2010-12-02 05:13:57
Manik මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-12-02 04:29:54
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුමුදු තිවංක ගමගේගෙන් තවත් වියමන්
අදහස්
ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්
අදහස්
නවක වදය- දේශපාලනික කියවීමක්
වෙසෙස්
"සංහාරයේ අපායෙන් ජීවිතයේ දෙව්ලොවට"- සමූලඝාතනයන්ගෙන් දිවි ගලවා ගත්තවුන්ගේ කතා තුනක්.
වෙසෙස්
වේල් ගෝනීම්- අරාබි වසන්තයේ කසකරුවා පිටුවහලේ
වෙසෙස්
හා හා බලාගෙනයි...!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
නිකෝස් කසන්සාකිස් කියයි.
සැබෑ ගුරුවරු නම් තම සිසුන් තරණය කළ යුතු යයි සිතන දේ හරහා යාමට තමන් ම පාලම් බවට හැරවෙන්නෝ ය. තරණයට උදව් කළ පසු සතුටින් බිඳ... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook