Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
අම්මා
බූන්දි, 01:48:10
ඔබා දෙදණ නිල් උඳුපියලි බිම මත
වැන්දේ ය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට;
පිපිලා තිබුණු එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේ ය ඔහු එමල නමා හිස.
''දස මසක් කුස තුළෙහි දරා සිට
මා ලොවට වැදූ අම්මා ඔබ ය.
කෙළවරක් නොමැති දුක් දරා විඳ
මා ලොවට හැදූ අම්මා ඔබ ය:

අඩන විට මා කුඩා අවදියෙහි බඩගිනි ව
තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් ගා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබ ය.

උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දූ අම්මා ඔබ ය.

ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය.

ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන් හිරිය පන් කොළ
යොදා කුකුල් සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට
කියා දුන් අම්මා ඔබ ය.

නො දත්තෙමි මම එකල
අම්මේ, ඔබ වත කැටපතක් බව;
මෙකල මා සිත පිළිබිඹු කරන
ගිලී යට ගිය ඇස් කුහර තුළ
නො දුටුවෙමි කිසි විටක සතුටක්
නො දුටුවෙමි කිසි විටක දුකකුත්.
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවා ද ඔබ සිතෙහි සාමයක්?
ඉපයුවෙමි මම මුදල්
ඉපයුවෙමි කිතු යසස්
වී ය මන්දිර යාන වාහන.
එහෙත් ඒ කිසිවකිනුත්
නො ලදිමි සිත් සැනසුමක්.
වටහා ගෙන සිටියා ද ඔබ ඒ සත්‍යය
නො ලබා ම ඔබ ඒ කිසිවක්?''

[ප්‍රබුද්ධ- 1977]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Prabudda- 1977
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
විචිත්‍ර මෙහෙම කියනවා :
@Student
ඒක දැනගෙන හිටියේ නෑ.ඇයගේ තවත් කවි කියවන්න කැමතියි.මේක අහම්බෙන් ලැබුණු කවියක්.


කිවුව වෙලාව- 2011-08-29 05:47:47
Student මෙහෙම කියනවා :
@ vichithra Bhagya m. herath kiyanne kaleka indan kavi liyana kenek. eya pasal sisyawak kiyana thanata lagu nokaranna.

කිවුව වෙලාව- 2011-08-29 04:31:21
විචිත්‍ර මෙහෙම කියනවා :
මේ සේකර‍ගේ කවිය කියවා පාසල් ශිෂ්‍යාවක් ලියූ කවියක්..

සේකර නොදුටු අම්මා ඔබය,
අඩන විට මා කුඩා අවදියෙහි බඩගිනි ව
සාදා ක්ෂනික නූඩ්ල්ස් - සෝස් ඉස කවා
බඩගිනි නිවූ අම්මා ඔබය

උදයෙන් නැගිට ගොස් කාර්යාලයෙහි
ලබා ඉන් ලැබෙන වැටුප
ත්‍රී ක්වාටර් ඇන්දූ අම්මා ඔබය

ගල්වා හිසෙහි ජෙල් යහමින්
එල්වා කරෙහි පොත් ගෝනිය
අල්ලාගෙන අතින් මා
පාසල් රථයට ගොඩ කල
උපාධිය ලත් අම්මා ඔබය

ඇවිද යෙහෙළියන්ගේ නිවෙස්වල
රෑ‍ගෙන විත් ඕපාදූප
යොදා ලුණු ඇඹුල්
බෙදා දුරකථනයෙන්
විකාරයක් බව ජීවිතය කියා දුන් අම්මා ඔබය

කියවූ දා සේකරගේ ප්‍රබුද්ධ
මා අතින් ලියැවුණු කවිය
කියවන්නට වෙලාවක් නොවූ
සේකර නොදුටු අම්මා ඔබය

භාග්‍යා.එම්.හේරත්


කිවුව වෙලාව- 2011-08-29 01:19:32
janaka samaranatha මෙහෙම කියනවා :
ADA 2011 02 28 ITN WALA SANHINDA PROGARAM EKA BALUWA.E ANUWA SEKARATA KARA ATHI ASADARANAYATA YAMAK KARANNA ME LOKE KAWURUTHMA UTHSAHA KARALANADDA KIYALA MATA SITHUNA .
MAGE PARIGANAKA HAKIYAWA ADUWUWATH OHU GANA INTERNRT THULINHO YAMAK KARANNA KAWURUTH HITHALA NADDA KIYALA NIKAMATA WAGE ‘MAHAGAMA SEKARA NAMA TYPE KARA BALUWA ETHTHATAMA MATA GODAK SATHTU HITUNA MEMA WEB PITU DEKEEMEN.
MAMA THAWA DURATATH OBA SAMAGA RENDEE SITIMI .STHUTHI!

Comment by janaka samaranatha | February 27, 2011 |


කිවුව වෙලාව- 2011-02-27 20:48:12
ranchagoda මෙහෙම කියනවා :
අහෝ.......................
ඔබට ලැබුනේ එකම ප්‍රතිචාරයද?


කිවුව වෙලාව- 2011-01-14 19:19:33
Leela මෙහෙම කියනවා :
lassanai arthawath poem ekkak.

amma waruni amma waruni
samma sum budu amma waruni
daruwan ge duk kadulu pisana da
suralowa sita athapa
e kadulal niwana.


කිවුව වෙලාව- 2011-01-05 06:08:26
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහගම සේකරගෙන් තවත් වියමන්
කවි
(ඔබ හිනැහෙන විට)
කවි
පෙම් යුවළ
ගී
තට්ටු දෙකේ බස්
කවි
මගෙ කවියෙන් ඔබ දකින්න
කවි
සිද්ධාර්ථ!
තවත් කවි බූන්දි
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook