Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
"බණ"....: වෙළඳ භාණ්ඩයක් ලෙස....!
බූන්දි, 02:09:23
ඉස්සර අපි පාසැල් යනකාලේ උදේට පන්සිල් ගන්නකොට කියන්න කැමතිම කෑල්ල ”සා...දු” ”සා..දු” ”සා......දු” කියා කියන කෑල්ලටයි. උදේට පන්සිල් ගන්න එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදු කිරීම අනිවාර්ය දෙයක් වුනත් ”සා...දු” ”සා..දු” ”සා......දු” කියන්නේ අවසානයට වීමත්, හොඳට කට ඇරලා හිරි අරිමින් එය කියන්නට පුළුවන් වීමත් ඒකට හේතුවක්. ඒත් මේ ළඟදි මොඩර්න් බණක් කියපු හාමුදුරු නමක් ”සාදු” කිව්වේ අමුතු තාලයකට. ඒක නිකං සිංදුවක් කියනව වගේ, හරිම පරිස්සමෙන්, ආදරෙන් ”සාදු” කියලා කිව්වා. පස්සෙ වෙලාවක කල්පනා කරද්දි තමයි තේරුණේ, මේ හාමුදුරුවන් තමන්ගේ බණ වඩාත් ආකර්ශණය කරන්න මේ වගේ නමස්කාරය, පන්සිල් වගේම අනෙකුත් ගාථාවන් සම්ප‍්‍රදායික භාවිතාවෙන් අයින් වෙලා වෙනම තාලයකට කියන්න පුරුදු වෙලා. සරලවම කිව්වොත් තමන්ගේ බණ මාකට් කිරීම සඳහා උපක‍්‍රමයක් යොදලා.

”බණ” වගේ බොහෝම ගෞරවණීය වචනයක් එක්ක ”මාකට්” කියන වෙළඳ වචනය දැක්ක ගමන් අපේ ඈයෝන්ගේ ලේ රත් වෙන්න ගන්නවා. ඒත් මං ඒ වචනේ භාවිතා කරේ මේ වෙද්දි අපිට හොඳට දකින්න පුළුවන් සිද්ධි ගණනාවක් නිසයි. සියළු දේ මාකට් වෙන අතරේ ”බණ” මාකට් වීම ගැන සාමාන්‍ය විදිහට දකින පිරිසක් හිටියත්, වෙළඳ භාණ්ඩයක් බවට පත්වීම ඇතුලේ ආගම විසින් සිදුකළ යුතු වෙනස්කම් ගැනත් සළකා බලන්න වෙනවා.

”මාකට් වීම” කියන දේ ඇතුලේ ආර්ථික වටිනාකමක් ඇතුළත් වෙලා තියෙනවා කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ. වෙළඳ පොළේ පවතින භාණ්ඩ අතරේ වැඩි තරගකාරීව අලෙවිය ඉහළ දමා ගන්නට ”මාකටින්” හෙවත් අලෙවිකරණ උපක‍්‍රම භාවිතා කරනවා වගේම එමඟින් තමන්ගේ භාණ්ඩයේ මිල ඉහළ නංවා ගැනීමත් කරන්න පුළුවන් දෙයක්. සන්නාම නාම භාවිතය වගේම ප‍්‍රචාරණය හා සපයනු ලබන සේවාවේ පවතින අනන්‍යතාවයේ ගුණාත්මක බව මඟින් එකම වර්ගයේ භාණ්ඩ අතර වුණත් මිල ප‍්‍රමාණය වෙනස් කළ හැකි බව වෙළඳපොළ න්‍යායේ සඳහන් වූවක්. ”බණ” යනු වෙළඳ භාණ්ඩයක් ලෙසට සැළකුවොත් මෙකී න්‍යායයන් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වී ඇති අකාරයට අවශ්‍ය තරම් උදාහරණ සපයාගන්න පුළුවන්.

”බණ” වෙළඳ භාණ්ඩය ඇතුලේ ඇතිවුණු සංසිද්ධියක් මේ දවස්වල මාධ්‍ය වලින් හොඳට බලා ගන්න පුළුවන්.

බෞද්ධ පිරිත් දේශණා සහ බණ එක්තරා ආකෘතියක් තුළ සිරවීම තුළ ජනතාව අතර ජනප‍්‍රියතාව අඩුවෙමින් පවතින යුගයක ඒකට වෙළඳ අගයක් එකතු කරේ නෙත් එෆ් එම් ගුවන් විදුලියයි. ඒකේ හොඳ සහ නරක වෙනමම කතා කළ යුතු වුණත් ගමටම ඇහෙන්න ගාථා ඇහෙන්න සැලැස්සුවම තමං කරන පව් හෝදගන්න පුළුවන් කියලා හිතන කට්ටිය රටටම ඇහෙන්න හවසට නෙත් එෆ් දාන එක පුරුද්දක් කරගත්තු පිරිසක් නම් බිහිවුණා. මේ නිසාම නෙත් එෆ්එම් තමන් ජාතියේ (සිංහල බෞද්ධ ජාතියේ) නාළිකාව බවට පත්වුණා විතරක් නෙවෙයි එෆ්එම් නාළිකා අතර රේටින්ග්ස් වලින් ඉදිරියට එන්න සමත් වුණා.

එක නාළිකාවක් ටාර්සන් බාප්පා හඳුන්වලා දුන්නම තව එකක් දාසන් බාප්පා කියලා ඒක කොපි කරා වගේ, එක් නාළිකාවක් රියැලිටි වැඩසටහනක් කරන කොට අනෙක් නාළිකා ඒක කොපි කරනවා වගේ (මේවායේ ප‍්‍රථම නිර්මාණය ඉදිරිපත් කළ නාළිකාව කුමක්ද යන්න පැහැදිලි නැත) බෞද්ධ පිරිත්, ගාථා, බණ වලට මාකට් හැදෙන විට අනෙකුත් නාළිකාවන්ද ඒවා කොපි කළා. උදේටයි හවසටයි තරගෙට බණ, පිරිත්, ගාථා කියන්න පටන් ගත්තා.

පොදුවේ ”භාණ්ඩය” කියන වචනයෙන් හැඳින්වුණත් ඇත්තටම ”බණ” වලට වෙළඳ වටිනාකමක් එක්කරාම ඒක අයත් වෙන්නේ ”සේවා” ඛාණ්ඩයටයි. සේවාවක් කියන්නේ නිෂ්පාදනය වන අවස්ථාවෙම පරිභෝජනය කරන අස්පෘශ්‍ය, නිෂ්පාදන දෙකක් අතර අනිවාර්ය අනන්‍යතාමය වෙනසක් ඇති දෙයක්. එක සමාන නිෂ්පාදන වුණත් වෙන වෙනම අනන්‍යතාවන් පවතින හින්දා ”බණ” කියන සේවාව සපයන චිවරධාරීන්ගේ අනන්‍යතාව මත ඊට වන ඉල්ලූම වෙනස් වෙනවා. මේ නිසා තමයි කොතරම් තරගකරුවන් ප‍්‍රමාණයක් හිටියත් සමහර සේවා සපයන ආයතන තමන්ගේ අනන්‍යතාව හොඳින් දියුණු කරගෙන සේවා ඒකාධිකාරයක් පවත්වගෙන යන්නේ. උදාහරණයක් ගත්තොත් ටාසන් බාප්පා වෙනුවට අනෙකුත් නාළිකා විසින් දාසන් මාමා, ටාසන් මාමා වැනි අනුකරණ ඉදිරිපත් කිරීම් සිදුකළත් ටාසන් බාප්පා වෙත පැවතුණු ඉල්ලූම නොවෙනස් වෙයි. (උපකල්පනයක් පමණයි)වෙළඳපොළ මත පවතින මේවගේ සේවා අනන්‍යතාව මත ඉල්ලූමක් ඇති වන විට සිදුකරන වෙළඳ උපක‍්‍රමය මෙකී බණ කියන චීවරධාරියා වෙතත් ඉදිරිපත් කරන්න එෆ්එම් නාළිකා ක‍්‍රියාත්මක වෙලා. සේවා වෙළඳපොළ මත මේක නිරතුරුව සිදු වෙන දෙයක්. කිසියම් ආයතනයක ගණුදෙණුකරුවන් මනාව ආකර්ෂණය කොට ගත් සේවකයෙක් (නිෂ්පාදකයෙක්, අලෙවිකරුවෙක් හෝ විශේෂඥයෙක් වැනි) සිටී නම් ඔහුව වැඩි මුදලකට මිලදී ගන්න වෙනත් ආයතන ඉදිරිපත් වෙනවා. එහිදී අදාළ සේවකයාට ඔහු සේවය ලබා දෙමින් සිටින ආයතනයට වඩා වැඩි වැටුප් හා අමතර පහසුකම් ලබා දෙන්න ඔහුව ඩැහැගන්න, මිලදී ගන්න ආයතනය කටයුතු කරනවා. වෙළඳ ලෝකයට සමීප ඔබට මේවා අමුතු දේවල් නොවේ.

”බණ” වෙළඳ භාණ්ඩයක් බවට පත්වන්නේ එකී සේවාව ලබාදෙන චීවරධාරියා මිල ක‍්‍රමය එෆ්එම් නාළිකා වෙළඳපොළ තුළ ඉල්ලූම් සැපයුම් න්‍යායට අනුව පාවෙන බව එළිපිට රඟ දැක්වෙන බැවින්. මේ දවස්වල තමන්ගේ අනන්‍යතාව මත අගයක් එකතුකරගත් හිමි නම තමන්ගේ බණ, ගාථා සහ පිරිත් දේශනා වෙනත් නාළිකාවකින් අහන්න කියලා තමන්ගේ ගණුදෙණුකරුවන්ට, (සමාවෙන්න වැරදීමක්) තමන් ගේ ශ‍්‍රාවකයින්ට ආරාධනා කරනවා. එක් පසෙකින් බෞද්ධ ආගමට මුලාවෙමින් ගෝත‍්‍රික අන්තවාදයක් ක‍්‍රියාවට නැංවෙන විට අනෙක් අතට බෞද්ධ ධර්මය හොඳ වෙළඳපොළක් බවට පත්වීමත් එක්තරා ආකාරයකට එකිනෙකට පරස්පරයි. ඒ වුණත් මිල ක‍්‍රමය මූලික වුණු අවස්ථාවාදීකමෙන් මෙහෙය වෙන කොට මේ පරස්පරයන් ගැටළුවක් වෙන්නේ නැහැ.

වැඩවසම් ලක්ෂණ පෙන්නන බෞද්ධ ශාසනය ධනේෂ්වර ක‍්‍රමයට පියමං කරනවා නම් ඒක සාපෙක්ෂව සුභවාදීයි. සාම්ප‍්‍රදායික, කුලවාදී, වැඩවසම් ක‍්‍රම ඇතුලේ හිරවෙලා තිබුණු ආගමක් කුලවාදී, වැඩවසම් ලක්ෂණ බිඳලා වෙනස් තාලයකට ගාථා කීම, සාම්ප‍්‍රදායික විශ්වාස ප‍්‍රශ්ණ කිරීම වගේ ප‍්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නේ බෞද්ධ ශාසනය ඇතුළෙම පීඩනයට පත්ව තිබුණු ආගමික කොටස් වලින් වීම වැදගත් ලක්ෂණයක්. නූතනත්වය කරා එළඹෙනු නොහැකිව කුලය, ජාතිය මත තවදුරටත් එල්ලෙමින් වැහැරෙන සාම්ප‍්‍රදායික ”බණ” ක‍්‍රමයෙන් ජනතාවගෙන් ඈත් වෙනවා. තුන්වන ලෝකයේ ධනේෂ්වර ආගමනයත් එක්ක එකට ගැට ගැහුණු ලක්ෂණයක් වූණු ”ජාතිවාදය” ලංකාවේ ප‍්‍රතිසංස්කරණීය ලක්ෂණ පෙන්වන ආගමක් තුළිනුත් එළියට එක තවත් විශේෂ ලක්ෂණයක්.

වැඩවසම් ක‍්‍රමය බිඳවැටිලා බිහිවන ධනේෂ්වර ක‍්‍රමයට එරෙහිව වමේ සටන ඇරඹෙන්නේ මීට කාලෙකට ඉස්සෙල්ලා. වැඩවසම් ක‍්‍රමයේ නිශේධනීය කොටස් පවා වඳව ගොස් නැතිව, ධනේෂ්වර ක‍්‍රමයේ නිශේධනීය දෑ බෝවෙමින් පවතින විට ආගම තුළත් ඒකම දෘෂ්‍යමාන වෙනවා. එක් පැත්තකට අළුත් මුහුණුවරකින් එන ගෝත‍්‍රික අන්තවාදයත්, සමාජයේ පවතින දැඩි අසහනය වෙළඳ පොල කොටගත් භාවනා පංති කර්මාන්තයත්, සමස්ත සමාජයේ වගේම මිළ ක‍්‍රමය තුළ පවතින්නා වූ සැබෑ මුහුණුවර මඟ හරවන ව්‍යාජ දෘෂ්ඨිවාදයක්. මිනිස්සුන්ගේ භක්තිය, අසහනය, සාම්ප‍්‍රදායික විශ්වාසය, මුල්බැස ගත් සංස්කෘතික හුරුවට මුවාවෙමින් ඔවුන්ට හූරා කන්නන් එළි කළ යුත්තේ එමඟින් සිද්ධ වෙන්නේ දියේ ගිළිණු මිනිස්සුන්ට ගොඩබිමක් පෙන්වා තව තවත් වතුරට ඇද දමන ව්‍යාපෘතියක් නිසයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Consumerism And Buddhism
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
sinner මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-16 11:49:50
saman මෙහෙම කියනවා :
maarai.... maru... hemotama kenti gihin. agama, desapalanaya, sadacaraya terum ganna ona mita vada gemburin. pudgala weradi nemei. system eke weredda. ekata awashya aya eke etulu hedenava. me athal ekata lankava heat wela pupurai. pudume eka wen neti eka.

කිවුව වෙලාව- 2011-07-28 23:31:30
kiri hodaa.. මෙහෙම කියනවා :
''හරක් බෑටලුවො වගෙ සහ්තු දක්කාගෙන තන පිටියට යන මනුස්සය උන්ට තන කන්ට දීල බලන් ඉන්නවලු'' උබලට තෙරෙනවද මේ මොකක්ද කියල??

කිවුව වෙලාව- 2011-06-25 19:02:58
THE ONE මෙහෙම කියනවා :
ඔව් ඉතින් ලන්කවෙදි \'කතිකවත\' කියන්නෙ තමන් විස්වස කරන දෑ බල ඉන්න අයගෙ ඔලුවලට බලෙන්ම දාන එකනෙ.

කිවුව වෙලාව- 2011-06-15 20:42:31
Koushalya Mahagedara මෙහෙම කියනවා :
\"Sathya Budu Dahama Soya Yana Kathikaawathak\" media kaarayekuta ehema ehenta kiyanda epa...
Heta udeta ae nama daala programme patan ganiyi....!!!
Meka ethule hema ekama wikinenawa. Wisandumak ne! Sihi Buddhiya pawathwa geneema witharai ekama wisanduma!


කිවුව වෙලාව- 2011-06-02 18:51:54
ජෝන් බාස් මෙහෙම කියනවා :
අර ගමින් ගමට දහම් සිසිලද මොකද්ද එක කරන කෙනා කවුද??? ආආආ අමිතා නන්දද කවුද කෙනා.එයා අපේ මාමලගේ ගෙදර බණ කියන්න 25000ක් ඉල්ලුවා. ලොලේ ලොල්ස්...... ඔන්න හාමුදුරුවරු! තව ඉන්නේ කවුද ආන්ඩුවට ආවඩන්නේ, අපිට පුකෙනුත් හිනා බන් මේ වගේ මිනිස්සු ඉද්දි.සෝ මම නම් කොහෙත්ම සත 5කට මායිම් කරන්නේ නෑ ඔය කාවවත්.ඔයා බෞද්ධයෙක් නම් ඔයා හොයාගෙන යන්න සැබෑ බුදු දහම..... බුදුන්ව විශ්වාස කරන්න. හොයාගෙන ගිහින් බුදුන්ගේ ක්‍රමය කරන්න.බුදු දහම ප්‍රායෝගිකයි.පසුව අත්විඳින්න!....

කිවුව වෙලාව- 2011-02-16 01:55:20
පියල් මෙහෙම කියනවා :
බණ hip pop ලගදිම එන්ඩත් බැරිනැ බොලව්...
තව ටික දවසකින් කොලන්ට කෙල්ලන්ට බණ අස්සනෙ
මෙහෙම වෙන්ඩත් බැරිනැ

(දෙව දත්ත feat තිසාගොතමී)
ජො ජො....awesome


කිවුව වෙලාව- 2011-01-28 00:50:21
aththa dakina kenek මෙහෙම කියනවා :
kavru kohama kivvath kiyana de hariyata ahanta.... vena kiyanta deyak na. eka ekkena kiyana moda katha passe yanta epa. thamanma kalpana karanta. kage hari modayekge hithe monvahari athivela anith ayavath e moda godata adala gantai balanne. aththa kiyanakota khmth galmul enva.

කිවුව වෙලාව- 2011-01-27 22:55:50
THE ONE මෙහෙම කියනවා :
විසදුම තමය් සෑබෑ බුදුදහම සොය යන කතිකවතක් ඈරබීම.

කිවුව වෙලාව- 2011-01-27 19:47:18
Tikiriliya මෙහෙම කියනවා :
Kattiyagema katha aththa.but kiyawana aya kahoma wataha ganiwida..?mewata wisdum kima.???

කිවුව වෙලාව- 2011-01-26 07:55:19
පිස්සෙක් ම තමයි! මෙහෙම කියනවා :
කොයි හාමුදුරුවො කියන බනත් කොමිට් තමයි ආයිබෝO.... එකම වෙනස් මුලට පන්සිල් දෙන එක....

කිවුව වෙලාව- 2011-01-26 02:55:27
පිස්ාසක් ද කොහෙද මෙහෙම කියනවා :
කවුද ඉතිං ඔය නම නොදන්න හිමි නම

කිවුව වෙලාව- 2011-01-26 02:49:06
THE ONE මෙහෙම කියනවා :
මම හිතන්නෙ වඩිපුරම මාර්කට් වෙන්නෙ කොමිට් බන තමය්.වෙන කාටද සීඩී ගහල බන විකුනන්න පුලුවන් වුනෙ.පිරුවනෙත් දන් කොමිට් බන තමය් උගන්නන්නෙ..

කිවුව වෙලාව- 2011-01-26 02:28:57
සහුර්දයා මෙහෙම කියනවා :
@ yasitha: මේකෙන් බුදු දහම ගැන වැරදි අවබෝධයක් එන්නෙ කොහොමද? ඇත්ත නම් අවුරුදු දෙදහස් පන්සීයක් පැරනි බුදු දහමට මේක අහු වෙන්නෙ නැති බවයි. කොටින්ම බුදු දහම තුල හෝ (වෙන කිසිම ආගමක් තුල හෝ ) මීට උත්තරයක් නැති බව පැහැදිලියි. නව විකල්ප දැනුමක් / ආගමට එහා ගිය විශ්ලේශනයක් අවශ්‍ය වෙන්නෙ ඒකයි. සුමුදු කියන දේ සම්පූර්න ඇත්ත.

කිවුව වෙලාව- 2011-01-23 21:19:37
Soosthi Almeda මෙහෙම කියනවා :
@yasitha

ithin ban ehema ewun sadakalika andure thiyana ekada wenda oone
mehema hari ewuwa pahadala dena ekada wenda one?


කිවුව වෙලාව- 2011-01-23 20:53:26
yasitha මෙහෙම කියනවා :
ත්‍රෙඩ් එක නම් හොදයි, එත් ඔකෙන් බුදු දහම ගෑන වෑරදි අවබොදයක් එන්න පුලුවන් මේක හරියට තේරුම් ගන්න බෑරි අයට

කිවුව වෙලාව- 2011-01-23 20:48:35
Soosthi Almeda මෙහෙම කියනවා :
පිටිදූවෙටත් කෙළවින.
උඩුවේ උපැවිදි වෙන්ට ලගය.
සාදු සාදු සා


කිවුව වෙලාව- 2011-01-23 20:46:59
සුධර්මා මෙහෙම කියනවා :
බහු සපත්තේ ලහති මුණ්ඩෝ සංඝාටිපාරුතෝ
ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ච..

හිස මුඩු කොට සිවුරු දරා සිටින ආහරපාන වස්ත්‍ර බොහෝ ලබන තැනත්තා බොහෝ සතුරන්ද ලබයි.

(ගෞතම බුදුන් වහන්සේ )


කිවුව වෙලාව- 2011-01-23 08:18:01
අධර්මේ මෙහෙම කියනවා :
@ ධර්මේ,
සුද්දෝ ඇඳලා විසිකරපු ජංගි පේමන්ට් එකේ දාලා විකුණලා පණරැකගන්න එක හොඳයි බං අහිංසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි හම්බකරනවට වඩා...ගෙවල් නැති එවුන් කීයකට ගෙවල් හදන්න පුළුවන්ද කිරිබත්ගොඩ ඥානානන්දගේ ‍ප්‍රාඩෝ එක විකුණලා. \"මහමෙව්නා\" මාළිගා ටික විකිණුව නං පොල්ගහවෙල එවුන්ට හොඳට කාලා ඇඳලා ඉන්න පුළුවන්. උඹලා වගේ එවුන් ඉන්නකං සිවුරත් හොඳ වෙළඳ බඩුවක් තමයි.


කිවුව වෙලාව- 2011-01-23 03:21:12
ධර්මෙ මෙහෙම කියනවා :
ලියුම හොඳා කට්ටිය ටිකත් රත් වෙයි...!

කොහොම වුනත් ජංගි නෙමෙයිනෙ මේ මාකට් කරන්නෙ බුදු බණනෙ බොලව්

බොලාල වුනත් ඔහෙ එහෙ මෙහෙ අස්ස කරත්ත වලින් යද්දි හැප්පිලා පණ යන මොහොතක ඔය මාකට් බණක් වුනත් කණ වැටුනොත් බොලාටමයි හොඳ .
බුදු බණ තේරුම් ගන්න බැරි එක වෙනම කතාවක්
ඒක ඉතින් පව වෙන්ඩ..!


කිවුව වෙලාව- 2011-01-23 01:26:41
කොලින් අල්ගම මෙහෙම කියනවා :
හැමදේම විකුනන් කන සමාජෙක මේ තත්වය අහම්බයක් නෙමෙයි අනිවාර්ය්‍ය දෙයක්.වටිනාකම තියෙන්නේ කවුරුත් කතා කරන්න පැකිලෙන නියම කෑල්ල සුමුදු සපර්ෂ කරපු එක.

කිවුව වෙලාව- 2011-01-22 09:16:23
Liyanage Amarakeerthi මෙහෙම කියනවා :
nice one. you should publish this in our newspapers like divina or lakbima so that you can reach the 'bana audience.

කිවුව වෙලාව- 2011-01-21 05:35:59
Lanka මෙහෙම කියනවා :
I agree with u.
This new trend is really disgusting. Our Genuine religious leaders sd do something about it.


කිවුව වෙලාව- 2011-01-21 04:46:56
Nikama මෙහෙම කියනවා :
හොද විස්ලෙශනයක්.සජිත් හිතන්නෙ ඔහු හම්බන්තොට කරන දෙවල් මුලු රටෙම කරන්න පුලුවන් කියලා.එක හරියාට ජෙ .වී පී එක තිස්ස්මහාරාම ප්‍රදෙශිය සබාව කරනවා වගේ මුලු රටම කරන්න පුලුවන් කියලා හිතන්නා වගේ වෑඩක්.

So. Good luck sajith and i dont see whay not JVP shuold link up with him to save their ass,


කිවුව වෙලාව- 2011-01-21 02:48:37
Scooby Doo මෙහෙම කියනවා :
lankeeya abhimanaye thenakin neda..

කිවුව වෙලාව- 2011-01-21 02:37:24
Aruna74 මෙහෙම කියනවා :
මේ දවස්වල තමන්ගේ අනන්‍යතාව මත අගයක් එකතුකරගත් හිමි නම තමන්ගේ බණ, ගාථා සහ පිරිත් දේශනා වෙනත් නාළිකාවකින් අහන්න කියලා තමන්ගේ ගණුදෙණුකරුවන්ට, (සමාවෙන්න වැරදීමක්) තමන් ගේ ශ‍්‍රාවකයින්ට ආරාධනා කරනවා.

patta pal aththa!


කිවුව වෙලාව- 2011-01-21 02:19:46
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුමුදු තිවංක ගමගේගෙන් තවත් වියමන්
අදහස්
ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්
අදහස්
නවක වදය- දේශපාලනික කියවීමක්
වෙසෙස්
"සංහාරයේ අපායෙන් ජීවිතයේ දෙව්ලොවට"- සමූලඝාතනයන්ගෙන් දිවි ගලවා ගත්තවුන්ගේ කතා තුනක්.
වෙසෙස්
වේල් ගෝනීම්- අරාබි වසන්තයේ කසකරුවා පිටුවහලේ
වෙසෙස්
හා හා බලාගෙනයි...!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
හර්මන් ගෝරිං (නියුරම්බර්ග් නඩුවේ දී) කියයි.
ස්වභාවිකවම සාමාන්‍ය මිනිසුන් යුද්ධයට අකමැතිය. මෙය රුසියාවටත්, එංගලන්තයටත් එසේම ජර්මනියටත් එකසේ අදාලය. මේ අපේ අවබෝධයයි. එසේ වුවත් අවසානයේ දී ප්‍රතිපත්තිමය තීරණ ඇත්තේ රටක නායකත්වය අත... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook