Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
රුහුණු කුමාරිට - පටකුඩ මොකටද
බූන්දි, 10:05:40
රුහුණු කුමාරිට
පටකුඩ මොකටද
අතමිට හිඟකොට
ගාට ගාට මේ
මාතර යනවට

බේරේ වැව්තෙර
තෙරපි තෙරපි අර
වැඩ බලන්න මෙන්
ඉස්සෙන පොරකන
පුංචි ගෙවල් ගොඩ
සිහින විමානය

කළුදුම් දාගෙන
දුම්රිය ආයෙය
මිනිස්සු මිනිස්සු
මිනිස්සු රැස්කති
දිලීර ජාලයක් මෙන්
එකටම බැඳුණෝය
බැක්ටීරියා මෙන්
හුදකලාවූවෝය
අන්තිම ක්ෂුද්‍ර ප්‍රාණියාත්
අයිතිය විශ්වයට

කොහි යෙති ද ඔවුහු මියගොස්?

වේදිකාවේ නිදන සිඟන්නා
නො දනීද ඔහු හතරවට
මීටර ගණනක දුරින්
ඇති මහා බැංකු ගැන
මේ මධ්‍යාහ්නයේදිත්
අහනු දකිනු ඇති සිහින
නිල් දිය පිරි ගෙදිගුවිල්
පීනන සුදු හංසයින්
දුම්රිය පළේ සිටිමින්.

වලකා ද කවරකු නම්?

නා නා තරා තිරමේ
සිහින තුළ කෝෂ ගත වූ
මගී දන අතර ම,
දුම්රියෙහි තැන තැන
හිඳගත් පෙම්වතුන් විණ.

ගුගුරන දුම්රිය ම
වස්සාන මේ ගැජුම විය
නැගි කළු දුම් කඳ ම
මහා මේඝය විය
වියොජනන් සියොජනන් කළ
අරුම සෘතුවකි දුම්රිය
"සොඳුර තෝ කවරෙහි-
හිමි අපි පෙම්වත්තු වෙමු"

සරසවි ශිෂ්‍ය පිරිසක්
දුම්රියේ හිඳ සිටිත්
ප්‍රේමය පිළිබඳව
විවිධ මත පළකරත්

"නිල්පියාපත් සලන
ආතුර භෘංගරාජය,
කොටුවුණ පසුව මී මැසි පෙට්ටියට
ප්‍රේමයක් ඉතිරිවෙද,
රැජිණට කරන බැලමෙහෙ
වැඩකාර මැස්සෙකි නුඹ"

"මහා ජලකඳ හික්මවා
එකලු කොට විදුලියෙන් මුළු රට
බබලවන්නට ශිල්ප දත් නුඹ
තනි කළා නම් අන්ධකාරේ
නීති පීඨයෙ මිණිපහන් යුග
හරි අපූරුය!"

"ගරාජය තුළ රිදී මල් ගොමුවේ
පෙම් ගීත ගයනා
මජං ගා ගත් තරුණ වන බමරා
අත මිටියකට තැලී ගිය දා
දිව විකාගෙන උහුලගෙන හිටියා

ග්‍රීස් ගෑවුණ කමිස අතකින්
මෙදා නුඹ ඇස් පිසින්නේ කිමදා,
බිඳුණු ඈ හද පාස්සන්නට
වෑල්ඩින් පහනකට බැරිවග
නොදත්තෙ ද බමරා"

කොක්සන් හඬ ගලන
දුම්රිය මැදිරි ඇතුළත
සරසවියක් ම බඳු විය
පාඨමාලා සියයෙක......

[තරු ලකුණ - 1997]
[8 වන කොටසින් ගත් උපුටනයකි. පිටු 84-87]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Tharu Lakuna - 1997
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ranchagoda මෙහෙම කියනවා :
@නිරාශ....මම ඔයගේ පලමු පොත කියවලා තියෙනවා....අර ගී පොත....සමාවෙන්න....මට නම දැන් හරියටම මතක නෑ. බඹරු........ එහෙම කොටසක් නමේ තියෙනවද....? කොහොම වුනත් ඒ පොත මම ගොඩාක් රස වින්ද බව මට මතකයි....

කිවුව වෙලාව- 2011-02-23 06:04:26
nihal මෙහෙම කියනවා :
මෙලොව සුන්දරම
අහස ඇත්තේ ගමට ඉහළිනි
අම්මා නිදන තැන
ඇගේ සොහොනට උඩිනි.

puduma wachana pelak mithurani!


කිවුව වෙලාව- 2011-02-21 21:57:02
Nirasha Gunasekera මෙහෙම කියනවා :
@රන්චාගොඩ

වෙන්න ඈති. මා ළගත් \'තරු ලකුන\' තිබුණට ලගදි කියවන්න බෑරිවුන නිසා හරියට මතක තිබ්බෙ නෑහෑ. ඔයා මතක් කළ එක හොදයි.

මට වෑඩිපුරම මතක තිබුනෙ \'ලස්සනම අහස හා මතක සිතිවිලි\' පොතේ තිබ්බ එක. මොකද පොතේ නමත් එකමනේ.

ඒ පරිච්චේදය කියවද්දි කදුළු එනව ඈස් වලට.... ඒ අදහසම මුල් කරගෙන මම ලියපු නිර්මනයක් තියෙනව \'ලස්සනම අහස\' කියල මගෙ දෙවෙනි පොතේ (හිමි සද නෑති අදුර - ගොඩගේ ප්‍රකාශනයකි )


කිවුව වෙලාව- 2011-02-21 01:01:35
ranchagoda මෙහෙම කියනවා :
@නිරාශ ගුනසේකර.මිතුර,ඔබට බොහෝම ස්තූතියි.ඔබ යමක් පෙන්වා දෙන්නේ,ඉදිරිපත් කරන්නේ බොහෝම නිවුන විදිහට.මධ්‍යස්ථව.අනුන්ගෙ මතද ඉවසමින්.ඒක කොච්චර වටිනවද?පරිනතද?
තරු ලකුනේ 95 පිටුවේත් එම අදහස තිබේ.....
\"මෙලොව සුන්දරම
අහස ඇත්තේ ගමට ඉහළිනි
අම්මා නිදන තැන
ඇගේ සොහොනට උඩිනි.\"


කිවුව වෙලාව- 2011-02-18 05:35:49
Kapila Jayavilal Herath මෙහෙම කියනවා :
අතීතය හීනයකි

කිවුව වෙලාව- 2011-02-18 04:30:18
Nirasha Gunasekera මෙහෙම කියනවා :
@රන්චාගොඩ

ඒක තිබුනෙ රත්න ශ්‍රි ගෙ 'ලස්සනම අහස හා මතක සිතිවිලි' කියන පොතේ

මාත් කෑමතිම අදහසක් ඒ.....


කිවුව වෙලාව- 2011-02-16 23:19:58
disa මෙහෙම කියනවා :
කවුරු හරි මට කියල දෙනවද "වියොජනන් සියොජනන් කළ" කියන ලයින් එකේ තෙරුම?

කිවුව වෙලාව- 2011-02-14 20:09:18
ranchagoda මෙහෙම කියනවා :
මෙලොව සුන්දරම අහස ඇත්තේ
අම්මා නිදන තැනට ඉහලිනි....... මෙහෙම කොටසක් (මට හරියටම වචන මතක නෑ.සමාවෙන්න )තරු ලකුනේ තිබුනා මතකයි.මමත් හිතන විදිහට රත්න ස්‍රී තමයි ලන්කාවේ එක.


කිවුව වෙලාව- 2011-02-14 06:17:49
Wasantha මෙහෙම කියනවා :
"ගුගුරන දුම්රිය ම
වස්සාන මේ ගැජුම විය
නැගි කළු දුම් කඳ ම
මහා මේඝය විය
වියොජනන් සියොජනන් කළ
අරුම සෘතුවකි දුම්රිය"

me tika kiyawaddi mama gal gehuna... deyyane... oba maha puduma kawiyek


කිවුව වෙලාව- 2011-02-14 00:57:49
Nadee Wijesingha මෙහෙම කියනවා :
Superb. sekaragen passe lankawata bihiwechcha kawiya rathnasri kiyana eka aththa.

කිවුව වෙලාව- 2011-02-14 00:53:45
මහින්ද මෙහෙම කියනවා :
මහා කවියකි

කිවුව වෙලාව- 2011-02-13 23:39:48
hudeejana මෙහෙම කියනවා :
Excellent

කිවුව වෙලාව- 2011-02-13 21:30:05
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රත්න ශ්‍රී විජේසිංහගෙන් තවත් වියමන්
කවි
පියාපත
කවි
වස්සානය
කවි
පින්කෙත
කවි
ප්‍රේමය හෙවත් ඒ උතුම් දෙය
කවි
නෙළුම
තවත් කවි බූන්දි
ස්වර්ණ - සංවත්සරය දා
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook