Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
සන්ධ්‍යා තීර්ථය
බූන්දි, 21:15:21
උදම් වෙයි මහ මුහුද වැතිර ඉන්නී වෙරළ
කොට්ටම්බ අතුපතර කණමැදිරි කෙළිමඩල
නොතකාම වට අවට ඝණ අඳුර කැලි කසල
පෙම්වත්තු සැරි සරති පටු අඳුරු මග අසල

හැරී ආ පසු බලමි මා පැමිණි පිය හසර
මැකී යයි අතීතය සුදෝ සුදු පෙණ වැළඳ
කොහේ හෝ නන්නාඳුනන බිමක දුරු කතර
ඔබත් ඇති මා වගෙම සිහින සිතිවිලි අතර

අත්ලිහී අත ඇඟිලි දුරස් වී යන අතර
හඬන්නට ආසන්න මලානික මුවමඩල
මට පෙනේ දෙබෑ කොට හඬ නඟන රළ පතර
මැකී යනු නැත කැරලි ගැසූවත් මහ මුහුද

අයිති කරගෙන නැතිදු සදාකල් ඔවුනොවුන
වැළඳ ඉන්නේ නොවෙද අහස හා මහමුහුද
සිතිජයේ තනි ඇඳක කොටු මදුරු දැල් නැතිව
නිදන උන් වටා මුරකරයි නෙත් දස දහස

ප්‍රදීපාගාරයේ කවුළුවෙන් බිම වැටෙන
පාලමකි දේදුන්න ඔබ හිඳින ලෝකයට
එතෙර හෝ මෙතෙර ගැන කිසි හැඟීමක් නැතිව
රැඳෙන්නට වරම් දෙන්නේ කවුද මගියෙකුට

ඔබ ඈත ආකහේ චන්ද්‍ර බිම්බය වෙන්න
හෙමන් හොර රහසේම ඉහ උඩින් පායන්න
දැල්වේවි අප වටා තාරකා සෑහෙන්න
එතකොටම හැමෝටම මතක් වෙයි රෑ වෙන්න

අඳුර නම් අඳුරමය කියා එදවස කීවද
එය එසේ නොවන වග දැනෙයි රැය අභියසට
මට මගේ අඳුර අඳුරක් නොවන බව කියන
ඔබ ඉන්න දැල්වෙමින් අහසේම තරු අතර

[සන්ධ්‍යා තීර්ථය| 2010]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sandya Theerthaya- 2010
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Podiappuhami මෙහෙම කියනවා :
ආරියරත්න කියල කොමෙන්ට් දාපු එකා රත්න ශ්‍රී එක්ක චම්පිකව ගේ නම එකට දාපු ගමන් වම දකුණ මාරු වෙලා.. පෙර ගමන් තරුවව පිළිකුල් වෙලා..ඒක නෙ කියන්නේ මේකෙ ඉන්න උන් පට්ට මී හරක් කියල...

කිවුව වෙලාව- 2011-06-18 05:22:14
sun මෙහෙම කියනවා :
නියම කවියක්. ජීවිතය හා එහිසුන්දරල්වය විතරක් නෙවෙයි. අපි නොදන්නාවූ ගොඩක් දේවල් මේ කිවියෙන් කියවෙනවා. වසන්තය තුළ හුදෙක් සුනදරත්වය විතරක් නෙවෙයි අසුන්දරත්වයත් තියනෙවා ගිම්හානය තුළ හුදෙක් අසුන්දරත්වයත් තියනවා. ඒකයි මේ නිවයෙන් කියවෙන ලස්සන සත්‍ය. අතිවිශිෂ්ටයි.නියම කවියක්. ජීවිතය හා එහිසුන්දරල්වය විතරක් නෙවෙයි. අපි නොදන්නාවූ ගොඩක් දේවල් මේ කිවියෙන් කියවෙනවා. වසන්තය තුළ හුදෙක් සුනදරත්වය විතරක් නෙවෙයි අසුන්දරත්වයත් තියනෙවා ගිම්හානය තුළ හුදෙක් අසුන්දරත්වයත් තියනවා. ඒකයි මේ නිවයෙන් කියවෙන ලස්සන සත්‍ය. අතිවිශිෂ්ටයි.

කිවුව වෙලාව- 2011-06-17 21:14:32
kasun මෙහෙම කියනවා :
ප්‍රදීපාගාරයේ කවුළුවෙන් බිම වැටෙන
පාලමකි දේදුන්න ඔබ හිඳින ලෝකයට
එතෙර හෝ මෙතෙර ගැන කිසි හැඟීමක් නැතිව
රැඳෙන්නට වරම් දෙන්නේ කවුද මගියෙකුට


කිවුව වෙලාව- 2011-05-16 02:15:55
Nirasha Gunasekera මෙහෙම කියනවා :
The best lines out of all of this poem to me is,

කොහේ හෝ නන්නාඳුනන බිමක දුරු කතර
ඔබත් ඇති මා වගෙම සිහින සිතිවිලි අතර


කිවුව වෙලාව- 2011-05-10 17:44:43
Isurika මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-05-10 04:03:39
ලිලන්ත මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-05-04 10:41:14
Ariyarathne මෙහෙම කියනවා :
@sumana මා මේ ගෑන කිසිවක් දන්නේ නෑ. විස්තර සෑලකරන්න. කරුනු සෑබෑ නම් පිලිකුල් සහගතයි

කිවුව වෙලාව- 2011-05-03 04:22:18
@Ariyarathne මෙහෙම කියනවා :
ඔය පෙරමග තරුව තම චම්පික රනවක කියන වසලටට මග කියලා සින්දු ලියන්නෙත් මහත්තයෝ...

sumana


කිවුව වෙලාව- 2011-05-02 05:31:40
Ariyarathne මෙහෙම කියනවා :
ඔබයි නූතන ලාන්කීය කවියේ පෙර මග තරුව !

කිවුව වෙලාව- 2011-05-02 04:10:27
Prasad මෙහෙම කියනවා :
රත්න ශ්‍රී ඇයි මෙහෙම කළේ......?
[Clik on link]
@FB


කිවුව වෙලාව- 2011-05-01 23:32:46
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රත්න ශ්‍රී විජේසිංහගෙන් තවත් වියමන්
කවි
පියාපත
කවි
වස්සානය
කවි
පින්කෙත
කවි
ප්‍රේමය හෙවත් ඒ උතුම් දෙය
කවි
නෙළුම
තවත් කවි බූන්දි
ස්වර්ණ - සංවත්සරය දා
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook