Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
Hair India | මිත්‍යාව ලාභය බවට පෙරැලීමේ ඉන්දියානු පෙළහර
බූන්දි, 01:51:45
සිය නිරෝගිමත් හිසකෙස් සලමින් එන සුරූපී හොලිවුඩ් නිළියකි. සිය සුරූපී බව තීව්‍ර කර දක්වමින්, තමන් සතුවන හිසකෙස් දෙසට සියළු දෙනාගේ අවධානය යොමු කර ගනී. වෙළඳ දැන්වීම නරඹන ප්‍රේක්ෂකයා සිය සරාගී හැසිරීමත්, අඟපසඟ දෙසත් වශීකෘතව සිටින බවට ස්ථිරව දැනගෙන මෙන් ඇය විසින් තමන්ගේ අළුත් ‍කොණ්ඩා විලාසිතාව ගැන කරුණු දක්වයි. අන් අය පුදුමයට පත්ව බලා සිටින තමන් සතු කෙස්කළඹ නිරතුරුව නඩත්තු නොකළ යුතු බවත්, ඊටම විශේෂ වූ ආහාර පාන ගැනීම ගැන වද නොවිය යුතු බවත් ඇය පවසයි. ඉතා කෙටි කලක් තුළ තමන්ගේ කෙස් කළඹේ දිග අඩි කිහිපයකින්-

දිගු කළ බවත්, නැවතත් අවශ්‍යනම් එය කොට කිරීමට හෝ වෙනස් විලාසිතාවක් යොදාගත හැකි බවත් පවසයි. මේ ආකාරයෙන් ගලා යන වෙළඳ දැන්වීම තවත් ෂැම්පු වර්ගයක්, හිසතෙල් වර්ගයක්, හිසට පෝෂණය ගෙන දෙන ඹෟෂධ වර්ග‍ හෝ ආහාර වර්ගයක් පිළිබඳව නොව ඉන්දියාවේ දේවස්ථාන වලින් ලබාගත් හිසකෙස් වලින් නිෂ්පාදිත කෘත්‍රිම හිසකෙස් දිගුකිරීම් (Hair Extensions) වර්ගයක් පිළිබඳවය.

ඉන්දියාවේ ජීවත් වන විවිධාකාරයේ ආගමික කණ්ඩායම් අතර පූජාවක් ලෙස දේවස්ථානයේ දී හිස බූ ගෑම ඉතා සුලබව සිදුවන්නකි. දෙවියන් ඉදිරියේ හිස බූ ගෑම තුළින් තමන් ‍වෙත දේව කැමැත්තක් ඇති කරගැනීමටත්, එමඟින් තමන්‍ පෙළන පාප කඳ දුරු වන බවත් මෙම ආගම් භක්තිකයින් විශ්වාස කරති.

එසේ දේව පූජාව වෙනුවෙන් බූ ගානු ලබන හිසකෙස් ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වන කෘතීම හිසකෙස් පළඳනා බවට පත්වීම දක්වා එක්තරා කතාන්තරයක් ඇත. මෙකී කතාව වාර්තා චිත්‍රපටයක් බවට පරිවර්තනය කළේ Raffaele Brunetti නම් නිර්මාණකරුවා විසිනි. අල් ජසීරා රූපවාහිනී නාළිකාව විසින් මෙම චිත්‍රපටය විකාශනය කරන ලදී.

සත්‍ය සිදුවීම් මෙන්ම ඒ හා සම්බන්ධ සත්‍ය පුද්ගලයින් පමණක්ම සම්බන්ධ දර්ශන ඇසුරින් දිගහැරෙන මෙම රූපාවලිය පර්යේෂණාත්මක වාර්තා චිත්‍රපටයක මහඟු ස්වරූපය කියා පානු ලබයි. අසමතුලිත සංවර්ධනය, නූතනත්වයට පිවිසියා වුවද තවමත් ජනමනස අරක්ගත් මිත්‍යාමත, ආගමික විශ්වාසයන් ප්‍රයෝජනයට ගනිමින් එකී ලබ්ධිකයින් සූරාකෑම සහ දැවැන්ත ආර්ථික ප්‍රතිලාභ අත්පත්කරගැනීමේ තිරයෙන් පිටුපස කතා රාශියක් එක්තැන් ‍කරගත් වාර්තාමය කතාංගයක් Hair India ඔස්සේ දිගහැරෙනු ලබයි.



එකිනෙකට සමාන්තරව දිවෙන සිද්ධිදාමයන් කිහිපයක් ඇසුරින් පැවසෙන කතාන්දරයේ සාරාංශය මෙවැන්නක්.

වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය පළුදු වූ බටහිර බෙංගාලයේ මුචිපාරා (Muchipara in West Bengal) නම් ප්‍රදේශයේ ජීවත්වන පවුලක් සිය පවුලට ඇති දුක්කරදර වලින් නිදහස් වීමට ආගමික පූජාවක් සිදුකිරිමට තීරණය කරයි. එනම් සිංහාචලම් (Simachalam temple) නම් කෝවිලට ගොස් සිය පවුලේ සාමාජිකයින්ගේ හිස බූ ගෑමයි. හිස බූ ගෑම සඳහා එකඟ වන පවුලේ සිටින නව යොවුන් වියේ සිටින තරුණිය සහ ඇගේ මව අතර සංවාදයක් ඇති වෙයි.

මිනිසුන්ගෙන් කපාගත් හිසකෙස් වලින් නිපදවනු ලබන කෘත්‍රිම හිසකෙස් පළඳනා සඳහා වන ඉල්ලුම පිළිබඳව දැනගන්නා මයූර් ස්වභාවික හිසකෙස් අපනයනය කිරීම සඳහා තැරැව්කාරකම් කරයි. ඔහු හිසකෙස් මිලදී ගැනීම සඳහා කෝවිලට ගොස් මිල ගණන් කතා කරන අතරම ඒවා අපනයනය සඳහා Great Lengths නම් සමාගමේ අයිතිකරු වන Thomas Gold සමග සම්බන්ධීකරණය කරයි. Great Lengths සමාගම ඉන්දියාවෙන් ගෙන එනු ලබන ස්වභාවික හිසකෙස් කෘත්‍රිම හිස් පළඳනා බවට පෙරළයි.

අල්ජසීරා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව තුළදී Raffaele Brunetti විසින් තමන්ගේ පර්යේෂණයේ තොරතුරු ඉදිරිපත් කරනු ලබයි. [මෙතනින් බලන්න.] ඒ අනුව ඉන්දියාවේ ස්වභාවික හිසකෙස් සඳහා වඩාත් වැඩි ඉල්ලුමක් තිබෙනුයේ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව ඇති විශ්වාසය නිසා යැයි කියවේ. ඉන්දියානු ගම්බද කාන්තාවන් ඔවුන්ගේ හිසකෙස් විවිධ රසායනික දියර භාවිතා නොකර වැවෙන්නට සැලැස්වීමත්, ඔවුන් තමන්ගේ කොණ්ඩයට හොඳින් සාත්තු කිරීමත්, හිසකෙස් සඳහා පොල් තෙල් පමණක් භාවිතා කිරීමත් මෙකී ගුණාත්මකබව ඇති වීමෙහි ලා බලපාන හේතූන් ය.

‍මුදල් යනු භෞතික ලෝකයේ මිම්මකි. භෞතික ලෝකයෙන් එහා ලෝකයක් පිළිබඳව කතා කරන ආගමික මෙහෙයවීම් තුළ භෞතික අගයන් සඳහා ලැබෙනුයේ අල්ප වටිනාකමකි. ලෝකය, ජීවය, මිනිසා වැනි සංකල්පය නිර්වචනයේදී පාරභෞතික දෑ මූලික කොට සලකන නිසා පාපය, කර්මය, දෙවියන් වහන්සේ, පින, ‍මරණින් පසු ජීවිතය, වැනි දෑ පිළිබඳව අදාළ ආගමික භක්තිකයින් මූලිකව සලකයි. එම නිසා මූල්‍යමය අග‍‍යෙන් ඉහළ වුවද ආගම ඉදිරි‍යේදී එකී සියළු දෑ අත්හරින ආගම් භක්තිකයින් ලාංකික සමාජ‍යේ වුවද ‍සුලභව දක්නට ලැබෙයි.

කුමන තත්ත්වයක් මත වුවද, තම තමන්ගේ ආර්ථික පදනම් මත තමන් විසින් එළැඹ සිටින ආගමික විශ්වාසයේ ස්වභාවය මත සිය කැමැත්තෙන් යුතුව සිදුකරන යම් යම් ආර්ථික දායකත්වයන් පිළිබඳව තීරණය ඒ පුද්ගල කැමැත්ත මත සිදුවිය යුතුය. එහෙත් කිසියම් ආගමික ආයතනයක් හෝ ආගමික සංස්ථාවක් විසින් තමන් ගේ ආගම අදහන්නාවූ ආගමික ලබ්ධිකයින් රැවටීමට ලක්කර ඔවුන්ගෙන් ආර්ථික වාසි ගෙන තමන් විසින් දේශනා කරන්නාවූ ආගමික හරයන්ට ප්‍රායෝගික වෙනස් ජීවන රටාවක් අනුගමනය කරන්නේ නම් එය මෙකී "භක්තිවන්තයන්"ගේ අවධානයට පාත්‍ර විය යුතු, විරෝධයට ලක් විය යුතු කිසිවකි.

සරල බව, අත්හැරීම, තණ්හාවනැසීම වැනි කාරණා මූලික කොට ගෙන දේශනා පවත්වන සුප්‍රසිද්ධ බෞද්ධ හිමිවරුන් විසින් ගතකරන සුඛෝපභෝගි ජීවන රටා ගැන අමුතුවෙන් මතක් කළ යුතු නැත. සමහරක් වෙහෙර විහාර ඇතුළු විවිධ සිද්ධස්ථාන (සෑම ආගමකටම අයත්) තුළින් දිස්වන සුපිරිබව මෙන්ම ඒවා මඟින් පවත්වාගෙන යන සුඛෝපභෝගී ජීවන රටාව වෙනුවෙන් වැයකර ඇති එමෙන්ම ඉදිරියේදී වැයකිරීමට නියමිත ධනස්කන්ධයේ මූලයන් මොනවාද යන්න ප්‍රශ්ණ කළ යුතුව ඇත.

දූෂණයට එරෙහිවෙමින් පසුගිය දිනවල ඉන්දියාවේ උපවාස කළ බාබා රාම්දෙව් ගුරු නැමැති යෝගාචාර්යවරයාට පිළිබඳව ප්‍රශ්ණ නැඟූ ඉන්දියාවේ සිවිල් ක්‍රියාකරුවන් ප්‍රශ්න කළේ බාබා රාම්දෙව් සතුව පවතින අතිවිශාල ධනස්කන්දයේ ප්‍රමාණය හෙළි කරන ලෙසත්, ඒවා ගේ මූලාශ්‍ර හෙළිකරන ලෙසත්ය. ඔහු සතු මුළු ධනස්කන්ධය ඩොලර් මිලියන 40ක් පමණ වේ යැයි කියනු ලැබේ. තමන් විසින් ඉදිරිපත් කරන ආගමික කරුණු කොන්දේසි විරහිතව පිළිගන්නා සිය ආගම් භක්තියකින්ගෙන් අත්පත් කරගන්නා ධනය අනිසි ලෙස පරිහරණය කිරීම තමන් විසින්ම දේශනා කරන අපාය, නිරය, පාපය වෙත තමන්වම රැගෙන යන්නක් නොවේද?ඒ අනුව තමන් විසින් ඉදිරිපත් කරන පාරභෞතික කාරණා වල නිරවද්‍යතාව පිළිබඳව විශ්වාසයක් එම ආගම් වල නියෝජිතයින් වත් දරන බවක් නොපෙනේ.





Hair India හි දක්වන ආකාරයට ඉන්දියාවෙන් රැගෙන යන හිසකෙස් Great Lengths සමාගම මඟින් සකස්කිරීමෙන් අනතුරුව නැවතත් ඉන්දියාවේ විලාසිතාගාර වෙත ආනයනය කරයි. ඉන්දියානුවන් මේ පිළිබඳ දැන සිටින බව පවසන නමුත්, Raffaele Brunetti මේ සමස්ත ක්‍රියාවලිය ගැන විනිශ්චයක් හෝ අදහසක් පළ කිරීමක් මග හරියි. එසේ වුවද සත්‍යය නම් ඉන්දියාවේ අහිංසක දුප්පත් මිනිස්සුන් සිය භක්තිමත්භාවය මත ලබාදෙන හිසකෙස් අඩුමුදලට එකී කෝවිල විසින් (ඔවුන්ට එහි අලාභයක් නැත!) විකිණීමත්, එමඟින් කෝටි ගණනක මූල්‍යමය ලාභයක් වෙනත් බාහිර සමාගමක් මඟින් අත්පත්කරගැනීමත්ය.

මානව ශිෂ්ඨාචාරය රේඛීය වූවක් නොවේ. එසේම මානව සමාජය තුළ ද ඇති එකම සමානත්වය එහි ඇති විවිධත්වයයි. එක් මිනිසෙකුට ත‍වකෙක් සමාන නොවන්නා සේම මානව සමාජ සංස්කෘතික තත්ත්වයන් ද එසේමය. එසේ වුවද සමස්ත සමාජය හසුරුවන තීරක බලවේගයන් තුළ දුර්වලයා නිරතුරුව පරාජයට පත්වීම, රැවටීමට පත්වීම තවදුරටත් එසේමය. ගෝලීයකරණය, ධනවාදයේ ව්‍යාප්තිය තුළ අසාධාරණයට ලක්වන පිරිස් ඉන්නා සේම, පැරණි සංකල්ප මත ඇලී ගැලී සිටීම මත සූරාකෑමට ලක්වීම ද සිදුවේ. කැලෑ නිතිය මානව සමාජය තුළින් ඉවතට තල්ලුකොට සදාචාරය, ශිෂ්ඨත්වය පවත්වාගැනීම සඳහා නිර්මිත ආගම වැනි සමාජ සංවිධාන මඟින්ද අවසාන වශයෙන් දිරිදෙන්නේ එක්තරා කැලෑ නීතියක් පවත්වාගෙන යාම සඳහාද?
වෙනත් සබැඳි |
Hair India (2008) | IMDB Information
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Raffaele Brunetti, Marco Leopardi, Hair India (2008)
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුමුදු තිවංක ගමගේගෙන් තවත් වියමන්
අදහස්
ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්
අදහස්
නවක වදය- දේශපාලනික කියවීමක්
වෙසෙස්
"සංහාරයේ අපායෙන් ජීවිතයේ දෙව්ලොවට"- සමූලඝාතනයන්ගෙන් දිවි ගලවා ගත්තවුන්ගේ කතා තුනක්.
වෙසෙස්
වේල් ගෝනීම්- අරාබි වසන්තයේ කසකරුවා පිටුවහලේ
වෙසෙස්
හා හා බලාගෙනයි...!
තවත් Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
BoondiLets
මරා කියයි.
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook