Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
මිතුරා සහ වැළලූ කවි සිත
බූන්දි, 18:38:43
තෙතක් නැති කොළඹට
කළුවර පිරෙන රෑ කල
හිස්ම හිස් මගෙ සිත
සියවසක් ඉපැරැණි
බිතු සිතුවමක් මෙන්
නිසල වේ...

අළුවන් වළාකුළු
උරිහෙන් තල්ලු කරගෙන
බටහිර සුළං රැළි
වැඩ ඇරුණු තාත්තෙකු මෙන්
වැනි වැනී ගෙට එයි...

ඒ වන් නිහඬ රෑ කල
කළබල අකුරු පැළවුණ
ඔබේ දිගු ලියුමන්
හෙමිහිට ඇද වැටෙන
සිනිඳු වැස්සක් වී
යාළුවේ...
මගේ හිත පුරා වැතිරේ....

“.....එකෝම එකමත් කාලෙක
උඹෙ කවි සිත
රැළි පිට රැළි සරැළි නඟන
ගලා ගලා ගලා බසින
ගඟක් වුණි....

ඇයි පිය මිත
ඒ කවි සිත
දිගු මුනිවත
විද පිරිපත...”


සූ විසි වැදෑරුම්
වියරණ විධින් මඟ හැර
නුඹ ලියූ අත’කුරු
රෑ මැද නැගිට කියවමි....

හිස්ම හිස මගෙ සිත
සියවසක් ඉපැරැණි
බිතු සිතුවමක් මෙන්
නිසල වේ....

දුක සැප දෙකෙහි පැවැතී
මා පිය මිතුරු සඳුනී
වියවුල් සිතින් නොනිදා
මේ රෑ නුඹට ලියමි...

හිතක් පපුවක් නැති
ගිනිගත් බොරැල්ලේ
නගරය පලා නැඟගත්
අරලියා ගසක් යට
යළි ගොඩ නොගනු රිසියෙන්
මගෙ දුප්පත් කවි සිත
සිව් වසරකට එපිටින්
සිත් කළකිරුණු දවසක
මා’තින්ම වැළලීමි....

ඉඳහිට යනෙ’න බසයක
තදබදව පිපිරෙන
රළු නිසරු වචන මඟහැර
ඒ අරලියා ගස යට
පරමල් වැටී හැඩි වුණ
සියක් පා වලින් පෑගුණ
මගේ කවි සිත් සොහොන
පෑරුණු සිතින් නරඹමි....

අගනුවර වීදි අතරේ
ගිනිගත් සුසුම් ඇවිදින
බොහෝ සාගිනි සෘතුවල
ඒ අරලියා ගස් මත
මල් වී පිපෙන්නේ
වැළලූ මගේ කවි සිත
වගුරන දිළිඳු කවි බව
මිතුරේ නුඹට විතරක්
රහසින් ලියා දන්වමි.....

1996 ජූනි - ‘හිරු’ සඟරාව
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
සුදර්ශන සමරවීර මෙහෙම කියනවා :
දනෙන කවියක්..

කිවුව වෙලාව- 2011-08-29 00:02:34
වර්ෂා මෙහෙම කියනවා :
අපූරුයි...

කිවුව වෙලාව- 2011-08-18 13:42:28
kapila jayavilal herath මෙහෙම කියනවා :
පරන වුනත් මරු

කිවුව වෙලාව- 2011-08-17 06:13:04
Unknown මෙහෙම කියනවා :
ඉOග්‍රීසි බසින් යුත් සදහනෙහි කවියාගේ නම අබේවර්ධන ලෙස නිවැරදි විය යුතුය.
විජය නන්දන


කිවුව වෙලාව- 2011-08-16 22:41:42
වසන්ත සිරි වටගොඩ මෙහෙම කියනවා :
දෙනෝ දාහක් හති දමාගෙන
තරගයට දිව ඇදෙන ඒ මග...
පයට පෑගී රිදෙන්නට පෙර..
එකම එක අරලිය මලක් හෝ
ඇහිද ගන්නට එන්ට නොහැකිව
හූල්ලන එක අමුතු දවසක...
නුඹ එවූ කවි හසුන ලැබුණා...


කිවුව වෙලාව- 2011-08-16 02:49:11
Damith මෙහෙම කියනවා :
රහයි

කිවුව වෙලාව- 2011-08-16 02:21:52
kaamare මෙහෙම කියනවා :
මාර ලස්සනයි.
මේක භාශනගෙ හතරෑස් භාශාවෙන්ම ලියවිල තියෙන හින්ද අපිට පුරුදු පුසුබ වෑතිරිල තියෙනව.


කිවුව වෙලාව- 2011-08-15 23:23:08
නිර්මාල් මෙහෙම කියනවා :
දිගම දිගු හුස්මක් ගනිමි
හිස් බැල්මක් අවටට හෙලමි
මසිතද සොහෙන් ගත කර
දැන් ටික දෙහෙකි
එහෙත් සබදේ
ඔබේ ලිපිය බැලීමි


කිවුව වෙලාව- 2011-08-15 22:18:28
Ayesha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-15 20:26:29
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රෝහිත භාෂණ අබේවර්ධනගෙන් තවත් වියමන්
පොත්
'මළ දූපත': මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවීම
අදහස්
මගේ නොවැම්බරය
අදහස්
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ සමූහ ඝාතන
කතා-බස්
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
අදහස්
රයිනෝසිරස්ලා.....!
තවත් කවි බූන්දි
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook