Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
"සෙක්ස් අඩස්සියෙන්" පීඩා විඳින ලෝකයේ විනීතම රට
බූන්දි, 00:07:41
ලිංගික උත්තේජනය ලබාදෙන ඖෂධ භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පහුගිය දිනෙක වෛද්‍යවරයෙකු පවසා තිබුණා. "ලිංගිකත්වය" කියන වචනය සදාචාර විරෝධී වචනයක් බවට නාමකරණය වෙමින් පවතින විට අනෙක් අතට ලිංගිකත්වය සමාජය තුළ පිළිඹිඹු වන්නේ එක්තරා විකෘති මෙන්ම සාහසික ස්වභාවයකින් කියන එකට උදාහරණ ඕනෑ තරම් අපේ සමාජය ඇතුලේ අහන්න දකින්න ලැබෙනවා. මර්ධනය කර යටපත්කර තිබෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ ලිංගික ජීවිතයේ විකෘතියට හසුවූ අලුත්ම බිල්ල මාතර ප්‍රදේශයේ දස හැවිරිදි පාසැල් සිසුවියක්. රාජ්‍ය සේවයේ වගකීම් රහිත ස්වභාවයත් සමගින් සිද්ධ වූ මේ අවාසනාවන්ත සිද්ධියේ සැකකාර හිටපු නාවික හමුදා සෙබළා කිසියම් (අ)හේතුවක් මත පොලිස් අත්අඩංගුවේ සිට මිය යෑමට පෙර, ඔහු තනියෙන් වගකිව නොයුතු අපේ සමාජ වටපිටාව හා ලිංගිකත්වය පිළිබදව යම් නිරීක්ෂනයක් කරමු.

ඒබ්‍රහම් මාස්ලෝගේ සුප්‍රකට අවශ්‍යතා ධූරාවලියේ මිනිසාගේ ප්‍රාථමික අවශ්‍යතාවක් ලෙස හදුනාගෙන ඇති කෑම, ජලය, වාසස්ථාන, වාතය වැනි දෑ අතරට ලිංගිකත්වයත් ඇතුලත්. ඒ අනුව ලිංගික හැගීමක් ඇතිවෙන එක හරි, ලිංගික සම්බන්ධයක් පවත්වන එක හරි පිරිමියෙක්ට විතරක් නෙවෙයි ගැහැණියකටත් පොදු ස්වභාවික සංසිද්ධියක්. එතකොට ලංකාවෙදි "ලිංගිකත්වය" කියන එකට මධ්‍යම පාන්තික සමාජයේ දැවැන්ත සදාචාර බැම්මක් පැවතීම සොබාදහමට විරුද්ධව යාමක්ද? සිංහල බෞද්ධ මතවාද මූලිකත්වයෙන් ගොඩනැගුණු මේ සදාචාර බැම්ම නීතිගත කරන වත්මන් ආණ්ඩුව විසින් අසභ්‍ය වෙබ් අඩවි තහනම, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වාරණය ගෙන ආවා වගේම පහුගිය ‍කාලේ නව යොවුන් විය හා ලිංගිකත්වය ගැන වාර්තා වැඩසටහනක් කරපු නිෂ්පාදිකාවක් වැඩතහනමකට පවා ලක්වුනා.

දැන් ලංකාවේ මධ්‍යම පාන්තික ජනසමාජය තුළ පවතින ලිංගිකත්වය පිළිබද සදාචාරමය විරෝධය කොතරම් දුරකට එය යටපත් කර ඇතිද යන්න ප්‍රශ්ණයක්. එක පැත්තකින් තද කරගෙන ඉන්නකොට තවත් පැත්තකින් එය ඉස්මතුවීම සිදුවන්නේ එක්තරා ආකාරයක විනාශකාරී, විකෘතිමය, සාහසිකමය, හාස්‍යමය, ශිෂ්ඨ සම්පන්න නොවූ ආකාර වලින්. එවැනි උදාහරණ කිහිපයක් සලකා බලමු.

ලංකාවේ සිට ඉතාලියේ රැකියාවට ගිය තරුණයින් එරට පොදු ප්‍රවාහන බස්රථයකට නැංගොත් එරට කාන්තාවන් ඒ බස් රථයෙන් බැස යන බවට හාස්‍ය ජනක විදිහට පැවසුවේ මගේ මිතුරෙක්. ලංකාවේ කාන්තාවන්ට වෙනමම බස් රථ වෙන්කරන්න වෙන්නෙත්, දුවලගේ ආරක්ෂාවට අම්මලට බස් එකේ යන්න වෙන්නෙත් ලංකාවේ මේ කියන විකෘති කාමය සහිත වූවන් නිසා. තවත් කෙනෙකුගේ ශරීරයට අනවසරයෙන් අතතැබීම කොතරම් අශිෂ්ඨ දෙයක් වුවත් වසර දෙදහසක් බුදුදහමින් පෝෂිත ලංකාවේ තමයි වැඩිම බස් ජැක්කරුවන් ඉන්නේ. මේ තත්ත්වය සමාජයක පුරවැසියන් ලෙස අප කොපමණ ලැජ්ජාවට පත්විය යුතු තත්ත්වයක්ද?

ලිංගිකත්වය පිළිබදව ලාංකික ජන සමාජයට ඇති පීඩනය පෙනෙන තවත් තැනක් තමයි සිංහල වෙබ් අඩවි. ඒවායේ දැන්වීම් ලෙස පළකර ඇති වැකි නිරීක්ෂනය කළහොත් එකී ප්‍රාථමිකත්වය දැකගන්න පුළුවන්.

"කියන ගාන නෙවෙයි, කාමරේට ගියාම තව ගාණක් - ගණිකාවෝ රෑට අටවන උගුල්"
"සැලීනා ඛාන් දූෂණයට - නිරුවත් වෙයි, පූනම් පාණ්ඩේ නොකරාට මමනම් කරනවා - සැලීනා"
"කෙල්ලෝ නාන තැන් වල වීඩියෝ"
"ලංකාවේ ප්‍රසිද්ධ නිළියකගේ පස්ස පැත්ත ෆේස් බුක් එකේ"
"කෙල්ල කකුල උස්සයි, කොල්ලන්ට ආතල්"
"නිළියගේ රහස් ප්‍රදේශය වීඩියෝ කළ කැමරාශිල්පියා මාට්ටු- වීඩියෝ සහිතයි"
"වැල්ලවත්ත බීච් එකේ කෙල්‍ ලෝ නාන ගමන් කරපු ෆැෂන්"


මෙවැනි ආකාරයේ දැන්වීම් මගින් ජනප්‍රියත්වයක් ලබාගැනීමට ආදාළ වෙබ් අඩවි වලට හැකියාව ලැබී ඇත්තේ ඊට සරිලන ආකාරයේ ‍පාඨක පිරිසක් ලංකාවේ සිටින නිසා.

ලංකාවේ අනියම් ප්‍රේම සම්බන්ධතා ගැන තවත් ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ දුම්රිය. උදේ හවස දුම්රියෙන් රැකියාවට යන එන පිරිස් අතර සිටින පිරිමි හා කාන්තාවන් විසින් දුම්රියට පමණක් සීමාවූ ආදර සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට අසුනක් වෙන්කර ගැනීමේ සිට ආදර බස් දෙඩීම, කෑම කැවීම, ඔඩොක්කුවේ තබාගෙන යාම, අවස්ථාවක් ලද විට කැමැත්තෙක් සිදුකරන ස්පර්ෂ තමයි මේ සම්බන්ධ වල ලක්ෂණ. සතියේ දිනවල දුම්රියේ සහකරු හෝ සහකාරිය ද සති අන්තයේ දිනවල සිය සැබෑ සහකරු හෝ සහකාරියද සමග දුම්රියේ යෑම සුලබ සිදුවීමක්.

ගුරුවරයා අතින් සිසුවිය දූෂණය වෙන එකත්, ආගමික නායකයෙකු අතින් සිය දායිකාවක දූෂණය වන එකත්, සිය පියා අතින් දියණිය දූෂණය වෙන එකත් පිළිබදව උදාහරණ ඕන තරං දෙන්න පුළුවන්. ලිංගිකත්වය පිළිබදව මෙතරම් සදාචාරමය සීමා බන්ධන වශයෙන් ගොඩනගා ඇති පරිසරයක ඒවා සිදුවීම ඇතුලේ මේ පොදු සමාජ පිළිගැනීම් තව දුරටත් කොතරම් වලංගු ද කියන එක සලකල බලන්න අපිව පොළඹවනවා.



ලිංගිකත්වය අමුතු දෙයක් බවට පත්වෙන්නේ ගෑණු ළමයෙක් වැඩිවියට පත්වුනු ගමන්මයි. එතන ඉදලා සාම්ප්‍රදායික ගැණූ පිරිමි ලිංගිකත්වය මැජික් එකක් කරන අතරේ බොහෝම නූතන විදිහට ලිංගිකත්වය මොඩර්න් මැජික් එකක් වෙන්නේ ගෑණු පිරිමි වෙන වෙනම පාසැල් වලට යවන ෆැෂන් එකත් එක්කයි. කෙල්ලෝ කොල්ලොන්ගෙන් බේරගෙන, කොල්ලෝ කෙල්ලොන්ගෙන් බේරගෙන අනාගත ලෝකයට හරියන රොබෝවරයා නිර්මාණය කරන කොට සම්, මස්, ඇට, හැගීම්, දැනීම් වලින් හැදිලා ඉන්න මේ ජීවියගේ ලිංගිකත්වය විකෘති වෙන එක අහන්නත් දෙයක්ද?

ලංකාවේ ලිංගිකත්වය ගැන සාපේක්ෂව විවෘත භාවයක් ඇති තැනක් තමයි විශ්ව විද්‍යාල කියන්නේ. එක්තරා විදියට එහි වන උපසංස්කෘතිය හා බැදුණු වටපිටාවක් මත සාපේක්ෂව විවෘත භාවයක් එහි දකින්න පුළුවන්. ඒ පවතින ස්වභාවය ගැන යටි හිතින් ඇති කැමැත්ත උඩට සදාචාර සළුපිළි අන්දලා විනය නීති හැටියට ක්‍රියාත්මක කරන්න දරණ උත්සාහයන් කොළඹ, ජයවර්ධනපුර වගේම, කැළණියටත් ළගදිම දකින්න පුළුවන්.

‍ලිංගිකත්වය පිළිබදව වන අපේ සමාජයේ ආකල්ප ප්‍රශ්ණ කෙරෙන සාකච්ඡාව ඉතා පැතිරුණු එකක්. මොකද ඒක සමාජයේ මුල් බැසගත් සංස්කෘතික කාරණයක් වගේම, පරිපාලන, නීතිය වගේ දිශාවන්ට විහිදුනු ව්‍යූහමය එකක්. මාතර සිසුවිය දූෂණය වීම කියන්නේ මේ සමස්ත සමාජ ව්‍යූහයේම තවත් එක විකෘති සාහසික සිදුවීමක් මිස හුදු එක මිනිසෙක් නොහික්මුණු ක්‍රියාවක් නෙවෙයි. සමාජයේ තියෙන පීඩනයන් සියල්ල මේ සිදුවීමත් සමග එකී සැකකරුවා මත පටවලා ඔහුගේ මරණයෙන් මිනිස්සුන්ගේ හිත් සනසවා ගන්න පුරුදු වුනාට මෙවැනි සිදුවීම් වල අවසානයක් ඒ මගින් බලාපොරොත්තු වෙන්න බැහැ.

සුපුරුදු ලෙස හැඟීම්බරව මේ සිදුවීමේදී ක්‍රියාකරනවා ද නොඑසේ නම් මේ සමාජයේ නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නොවීමට ක්‍රියාත්මක වනවා ද යන්න තීරණය කරන්නේ අපේම ඔළුගෙඩිය. කණගාටුවට කරුණ නම් එවැනි බුද්ධිමය වෙනසකට අවශ්‍ය සිතීමකට අපව සංස්කෘතිකවම හුරු පුරුදු වී නොමැති කමයි.

"විවාහයට බාහිරව පැවති ලිංගික සම්බන්ධතාවය අනිකුත් ඕනෑම සමාජ ආයතනයක් මෙන්ම ඒවාට සමාන වූවකි. පුරුෂයාට පක්ෂව ලිංගික ස්වාධිනත්වය දිගටම ගෙයන සම්ප‍්‍රදායකි. ඇත්ත වශයෙන්ම මෙයට විරුද්ධ නොවූවා පමණක් නොව, විශේෂයෙන්ම පාලක පංතිය විසින් මහත් වූ උනන්දුවකින් මෙය ප‍්‍රගුණ කරනු ලැබේ. එහෙත් එය වචනයෙන් පමණක් ඔවුහු හෙළා දකිති. කෙසේ වුවද මේ හෙළාදැකීම නිසා පීඩා විදින්නේ එයින් තෘප්තියට පත්වන පිරිමින් නොවේ. ස්ත‍්‍රීන් පමණකි. ඔවුන් සමාජයෙන් නෙරපා ගෝත‍්‍රයෙන් පිටමං කරනුයේ පුරුෂ වර්ගයා ස්ත‍්‍රී වර්ගයා මත සම්පූර්ණ ආධිපත්‍ය පතුරුවා තිබෙන බව සහ එය සමාජයේ මූලික නීතියක් බව නැවත වරක් ප‍්‍රකාශ කිරීම සදහාය."

පවුල, පෞද්ගලික දේපොළ හා රජය ඇතිවූ හැටි
-එංගල්ස් 69 පිටුව
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- An essay on Sexuality in Sri Lanka
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Roshen මෙහෙම කියනවා :
මගේ නම රොශේන්...මම මළේ කටුනායකදි...ටික කලකට ඉස්සල්ල පලු පෑලෙන්න මට ගරු බුහුමන් කල උන්ට දැන් මම කියල එකෙක් හිටියද කියල වත් මතක නැත. මට පණ දෙන්න කතා කල උන් මගේ ගෙදර උන් දැන් කනවද බොනවද කියලවත් බලන්නේ නැත...පිකටින් යන මොඩ හරකුනේ තොපිටත් වෙන්නේ මට යන කල දසාවම තමයි...

කිවුව වෙලාව- 2012-01-11 08:34:22
-වික්ස්- මෙහෙම කියනවා :
අපි පටන්ගමු වැඩේ... තමන්ගේ දුවට පුතාට, මල්ලිට නංගිට තමන් දන්න දේ ගැන කියා දෙන්න පුළුවන් නම් ආයෙ කවුරු කළත් නොකළත් කමක් නෑ නේද? අනික එහෙම කියා දෙන දේවල් වඩා විශ්වාසවන්ත මූලාශ්‍රය නේද? ඒ හින්දා මම හිතන්නේ ආණ්ඩුව හෝ අධ්‍යාපන බලධාරීන් මේ ඔක්කොම කවද හරි කියල දෙනකල් කියලා අපේ පුංචි එවුවො ටික අමාරුවේ වැටෙන හැටි බල බලා ඉන්නවාට වඩා අපි දන්න ටික දන්න විදියට කියල දුන්නොත් වැඩේ ගොඩ... කොහොම වුණත් අපි කවුරු කවුරුත් අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම් වගේ ඉතා අත්‍යවශ්‍ය සරල දේවල් ගැන තව එකෙකුට කියා දෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවනේ.. හැබැයි අම්මලා දුවලාට තාත්තලා දුවලට කියා දෙන එක සංස්කෘතියට විරුද්ධයි කියලා කියන කවුරු හරි ඉන්නව නම් ඒ අයට ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත විවේචනය කරන්නත් සදාචාරාත්මක අයිතියක් නැහැ කියලත් මට හිතෙනවා....

කිවුව වෙලාව- 2012-01-11 02:45:19
chatta මෙහෙම කියනවා :
ලන්කවෙ තියන පත්තර වලින් අපරඩ,දුශන,වන්චා විස්තර අයින් කරන්න පුලුවන්නම් ලොකු වෙනසක් කරන්න පුලුවන්,එහෙම නෑත්නම් එවා නෑති පත්තරක් හදන්න පුලුවන්නම්.උදෙම හුගක් මිනිස්සු පත්තරෙ ගත්ත ගමන් හොයන්නෙ කුනු රසය,එකට දෑන් මනස හෑඩගහිල ,ඔලුවෙ කුනු පුරවගෙන යන්නෙ,එහෙම නෑත්නම් ඉරිදා පත්තරෙන් දගත්ත කුනු,ඔය ජරා විස්තර දෑන ගත්තකියල මොකක්ද හොදෙ වෙන,මනස සිතෙන සිතුවිලි වල වෙනසක් තුලින් විතරයි සමජ වෙනසක් වෙන්නෙ,

කිවුව වෙලාව- 2011-10-09 00:23:26
ප්‍රියන්ත මෙහෙම කියනවා :
විශිෂ්ට රචනයක්!

කිවුව වෙලාව- 2011-10-04 05:40:07
Sur මෙහෙම කියනවා :
මෙම කරුන ගෙන කතා කරන්න ගියාම බොහො දෙ තියෙනව කෙටියෙන් කීවොත් ලන්කාවෙ බොහො දෙවල් නීතියෙන් තහනම් කරනව නරක දෙවල් කියල. එම දෙවල් පාලකයො, නයකයො, නීති රකින අය බොහොම ජයට කරනව. ජනතාව එ අයට බොහොම ගරු කරනව, අඩු ගනෙ පහත් කරල කත කරන්නෙවත් නෙහ ප් (උන්චි මිනිහෙක් කලොත් එයට තටු (පියපත්) එනව දියුනු රටවල් වල මෙම දෙවල් තහනම් නෙහ සාමන්ය මිනිහට කරන්න පුලුවන් එ උනට නයකොයො පලකයො ටිකක් හො වෙරදි විදිහට හෙසිරුනොත් එයව බලයෙන්( තනතුරෙන්) එලවන්න එයම එති ඉතලියෙ වල ජනපති. ලොක බෙන්කුවෙ ලොක්ක ඔයවගෙ කරුනු ඔන තරම් තියෙනව, ලන්කවෙ එකෙ අනිත් පෙත්ත (ලොක්කො කොලොත්, හරි ප්‍රසන්ශ කරනව, සොක්කො කොලොත් හිරෙ යවනව

කිවුව වෙලාව- 2011-09-17 08:34:02
Chaminda R මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-16 20:47:39
sanjeewa මෙහෙම කියනවා :
how can you say thing like that compering with what you see out side///////

කිවුව වෙලාව- 2011-09-16 01:59:42
sANHINDA මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-15 04:40:00
Kasun මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-14 23:52:31
Sandun Priyankara Vithanage මෙහෙම කියනවා :
මේ පවතින තත්වය බව සැබෑ මුත් මෙසේ සිදුවීමට හේතු පිළිබදව තවදුරටත් ගැඹුරින් සංවාද කළ යුතු බවයි මගේ හැගීම....ලිංගිකත්වය පමණක් නෙවෙයි බොහෝ දේවල් වර්තමාන‍යේ වැඩිදුර තහනම් වන විට මතු වන තත්වය හා ඒ පිළිබද අදහස් ප්‍රමාණයක් මහේෂ් මුණසිංහ මහතා විසින් රාවය පුවත්පතේ (රාජපක්ෂ ආණ්ඩුවේ තහනමක් නැති තහනමෙහි අතිරික්ත ප්‍රමෝදය) යනුවෙන් ,ලිපියක්(මගේ මතකය නිවැරදි නම්) පල කර තිබුණා...එහි හොද විග්‍රහයක් අඩංගුයි...එය බූන්දියේ පල කල හැකිනම් අගෙයි.

කිවුව වෙලාව- 2011-09-14 04:00:03
මම මෙහෙම කියනවා :
කතාව ඇත්ත..!

කිවුව වෙලාව- 2011-09-13 20:47:33
Liyanage Amarakeerthi මෙහෙම කියනවා :
very thought-provoking! great!

කිවුව වෙලාව- 2011-09-13 07:05:55
saman මෙහෙම කියනවා :
yes its not easy but we must think i can no we can and organize ought. we can mak a good and butiful sociti.we do it.


කිවුව වෙලාව- 2011-09-13 05:22:29
nihanda මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-13 04:49:40
Vindya මෙහෙම කියනවා :
i agreed with the ideas. but its not easy to change the attitudes of the society towards sex.it should come from the family, as well as from the primary education system. but same time, there should be properly implemented laws in the country.

කිවුව වෙලාව- 2011-09-13 01:43:30
kal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-13 01:38:36
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුමුදු තිවංක ගමගේගෙන් තවත් වියමන්
අදහස්
ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්
අදහස්
නවක වදය- දේශපාලනික කියවීමක්
වෙසෙස්
"සංහාරයේ අපායෙන් ජීවිතයේ දෙව්ලොවට"- සමූලඝාතනයන්ගෙන් දිවි ගලවා ගත්තවුන්ගේ කතා තුනක්.
වෙසෙස්
වේල් ගෝනීම්- අරාබි වසන්තයේ කසකරුවා පිටුවහලේ
වෙසෙස්
හා හා බලාගෙනයි...!
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ඊ.ඩබ්. අදිකාරම් ලියයි- "පරමාර්ථය සහ මාර්ගය"
දම්වැලක එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධව පවත්නාක් මෙන්ම පරමාර්ථයක් දෙසට යන ගමනක සෑම පියවරක්ම ඊළඟ පියවරට සම්බන්ධව පවතියි. පරමාර්ථය යනු මාර්ගය නැමති දම්වැලේ අවසාන පුරුකය.... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook